UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Fussilat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


حمٓ

හා. මීම්
Surah Fussilat, Verse 1


تَنزِيلٞ مِّنَ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

අසීමිත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුත්තා (වන අල්ලාහ්) විසින් පහළ කරන ලදී
Surah Fussilat, Verse 2


كِتَٰبٞ فُصِّلَتۡ ءَايَٰتُهُۥ قُرۡءَانًا عَرَبِيّٗا لِّقَوۡمٖ يَعۡلَمُونَ

(මෙය, කුර්ආනය නමැති) ධර්මය වන්නේය. බුද්ධිමත් ජනතාව වෙනුවෙන් (පහළ කරන ලද) අරාබි කුර්ආනය වන මෙහි, ආයාවන් (අරාබි බසින් පැහැදිලිව) විවරණය කර ඇත්තේය
Surah Fussilat, Verse 3


بَشِيرٗا وَنَذِيرٗا فَأَعۡرَضَ أَكۡثَرُهُمۡ فَهُمۡ لَا يَسۡمَعُونَ

(හොඳ අයට මෙය) සුභාරංචි පවසන්නක් වශයෙන්ද, (පාපතරයන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නක් වශයෙන්ද ඇත්තේය. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) ප්‍රතික්ෂේප කරන්නාහ. තවද ඔවුන් (මෙයට) සවන් දෙන්නේ නැත
Surah Fussilat, Verse 4


وَقَالُواْ قُلُوبُنَا فِيٓ أَكِنَّةٖ مِّمَّا تَدۡعُونَآ إِلَيۡهِ وَفِيٓ ءَاذَانِنَا وَقۡرٞ وَمِنۢ بَيۡنِنَا وَبَيۡنِكَ حِجَابٞ فَٱعۡمَلۡ إِنَّنَا عَٰمِلُونَ

තවද “ඔබ කුමක් දෙසට අපව ආරාධනා කරන්නෙහුද, (එය අවධානය කරන්නට නොහැකි වන පරිදි) අපගේ හෘදයන් තිර වලින් ආවරණය කරනු ලැබ ඇත්තේය. (ඔබ පවසන දැයට සවන් දීමට නොහැකි වන පරිදි) අපගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. අපටත් ඔබටත් අතරේ තිරයක් (දමා වළක්වා) දමනු ලැබ ඇත්තේය. එබැවින් ඔබ (කැමති දැයක්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපද (කැමති දැයම) කරමින් සිටින්නෙමු” යයිද (මෙය ප්‍රතික්ෂේප කරන්නන්) පවසන්නාහ
Surah Fussilat, Verse 5


قُلۡ إِنَّمَآ أَنَا۠ بَشَرٞ مِّثۡلُكُمۡ يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞ فَٱسۡتَقِيمُوٓاْ إِلَيۡهِ وَٱسۡتَغۡفِرُوهُۗ وَوَيۡلٞ لِّلۡمُشۡرِكِينَ

එබැවින් (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තෙන්ම මා ඔබ මෙන් මිනිසෙකි. (එහෙත්) ඔබගේ දෙවියන් එකම එක් කෙනෙකි යයි මා හට වහී මගින් දැනුම් දෙනු ලැබ ඇත්තේය. එබැවින් ඔහු දෙසටම ඔබ ස්ථීරව සිටිනු. ඔහු වෙතින් ඔබ සමාවද ඉල්ලා සිටිනු. (ඔහුට) සමානයන් තබන්නන්ට විනාශයයි”
Surah Fussilat, Verse 6


ٱلَّذِينَ لَا يُؤۡتُونَ ٱلزَّكَوٰةَ وَهُم بِٱلۡأٓخِرَةِ هُمۡ كَٰفِرُونَ

“(තවද) සකාත් නොගෙවූ අයටද පරලොව ප්‍රතික්ෂේප කළ අයටද, (විනාශයයි)”
Surah Fussilat, Verse 7


إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ

“(එහෙත්) කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට නියත වශයෙන්ම (කිසි කලෙක) අවසානයක් නැති (ස්ථීර වූ) ඵලවිපාක ඇත”
Surah Fussilat, Verse 8


۞قُلۡ أَئِنَّكُمۡ لَتَكۡفُرُونَ بِٱلَّذِي خَلَقَ ٱلۡأَرۡضَ فِي يَوۡمَيۡنِ وَتَجۡعَلُونَ لَهُۥٓ أَندَادٗاۚ ذَٰلِكَ رَبُّ ٱلۡعَٰلَمِينَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(මෙතරම් විශාල) භූමිය දින දෙකකදීම උත්පාදනය කළ අයව ඔබ ප්‍රතික්ෂේප කර දමා (අන් දැය) ඔහුට සමානයන් වශයෙන් තබන්නෙහුද? ඔහුම (සකල) ලෝකයන්ම උත්පාදනය කර පෝෂණය කරන්නාය”
Surah Fussilat, Verse 9


وَجَعَلَ فِيهَا رَوَٰسِيَ مِن فَوۡقِهَا وَبَٰرَكَ فِيهَا وَقَدَّرَ فِيهَآ أَقۡوَٰتَهَا فِيٓ أَرۡبَعَةِ أَيَّامٖ سَوَآءٗ لِّلسَّآئِلِينَ

“ඔහුම ඒ මත ඉතාමත් උස කඳු නිර්මාණය කර, ඒ මත (සියලූ අන්දමේ) භාග්‍යයන්ද පහළ කළේය. තවද එහි (වාසය කරන්නන්ට අවශ්‍ය) ආහාරද දවස් හතරකදී සැලසුම් කළේය. (එයද හොඳ අය, නපුරු අය යන භේදයෙන් තොරව) ඉල්ලා සිටි අය (ඉල්ලා නොසිටි අය යන සියල්ලන්ට)ම සමාන වශයෙන් (ලැඛෙන සේ) සැලැස්සුවේය”
Surah Fussilat, Verse 10


ثُمَّ ٱسۡتَوَىٰٓ إِلَى ٱلسَّمَآءِ وَهِيَ دُخَانٞ فَقَالَ لَهَا وَلِلۡأَرۡضِ ٱئۡتِيَا طَوۡعًا أَوۡ كَرۡهٗا قَالَتَآ أَتَيۡنَا طَآئِعِينَ

පසුව දුමාරයක් වශයෙන් තිබූ අහස දෙසට හැරී (එය උත්පාදනය කර) එයද භූමියද දෙස ඔහු බලා “ඔබ කැමති වුවද, අකමැති වුවද (අවනත වී මා වෙත) පැමිණෙනු” යයි පැවසුවේය. එයට ඒවා “(මෙන්න!) අපි කැමැත්තෙන්ම පැමිණියෙමු” යයි පැවසුවේය
Surah Fussilat, Verse 11


فَقَضَىٰهُنَّ سَبۡعَ سَمَٰوَاتٖ فِي يَوۡمَيۡنِ وَأَوۡحَىٰ فِي كُلِّ سَمَآءٍ أَمۡرَهَاۚ وَزَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَحِفۡظٗاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ

පසුව ඔහු ඒවා දින දෙකකදී අහස් හතක් වශයෙන් සැලසුම් කර, සෑම අහසකටම නියමිත විවිධ යුතුකම් දැනුම් දුන්නේය. පසුව (මෙතරම් දැයක් කළ) අපිම (භූමියට සමීපයෙන්) පහතින්ම ඇති අහසෙහි (තාරකා නම් වූ) පහන් මගින් අලංකාරවත් කර, (එය) ආරක්ෂා සහිතවද පත් කළෙමු. මේ සියල්ල, (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකු (වන අප)ගේම සැලසුමකි
Surah Fussilat, Verse 12


فَإِنۡ أَعۡرَضُواْ فَقُلۡ أَنذَرۡتُكُمۡ صَٰعِقَةٗ مِّثۡلَ صَٰعِقَةِ عَادٖ وَثَمُودَ

(එබැවින් නබියේ! මෙතරම් දුරට දැනුම් දුන්) පසුවත් ඔවුන් (විශ්වාස නොකර) ප්‍රතික්ෂේප කළහොත් ඔබ මෙසේ පවසනු: “ආද්, සමූද් (නමැති ජනතාවන්ට) ඇති වූ හෙණ හඞ වැනි හෙණ හඞක්ම, මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි”
Surah Fussilat, Verse 13


إِذۡ جَآءَتۡهُمُ ٱلرُّسُلُ مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ وَمِنۡ خَلۡفِهِمۡ أَلَّا تَعۡبُدُوٓاْ إِلَّا ٱللَّهَۖ قَالُواْ لَوۡ شَآءَ رَبُّنَا لَأَنزَلَ مَلَـٰٓئِكَةٗ فَإِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ

ඔවුන් වෙත (අපගේ) දූතයින් ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් පැමිණ (ඔවුන්ට) “අල්ලාහ් හැර (අන්) කිසිවක් ඔබ නොනමදිනු” (යයි පැවසීමට) ඔවුන් “අපගේ දෙවියන් (ඇත්තෙන්ම අපට දූතයෙකු යැවීමට) අදහස් කළේ නම්, ඔහු මලායිකාවරුන්වම (දූතයින් වශයෙන්) පහළ කරන්නට ඉඩ තිබුණි. එබැවින් නියත වශයෙන්ම අපි ඔබ ගෙන ආ දූත මෙහෙවර ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූහ
Surah Fussilat, Verse 14


فَأَمَّا عَادٞ فَٱسۡتَكۡبَرُواْ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّ وَقَالُواْ مَنۡ أَشَدُّ مِنَّا قُوَّةًۖ أَوَلَمۡ يَرَوۡاْ أَنَّ ٱللَّهَ ٱلَّذِي خَلَقَهُمۡ هُوَ أَشَدُّ مِنۡهُمۡ قُوَّةٗۖ وَكَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ

ආද් (නමැති ජනතාව නම්) භූමියෙහි අසාධාරණයේ අහංකාර වී “අපට වඩා ශක්තිවන්තයින් කවුරුන්ද?”යි පැවසූහ. ඔවුන්ව උත්පාදනය කළ අල්ලාහ් නියත වශයෙන්ම ඔවුන්ට වඩා බලසම්පන්නයෙකි යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (එහෙත්) ඔවුන් අපගේ (මෙවැනි) සාධකයන්ද, (තර්ක කර) ප්‍රතික්ෂේප කරමින්ම සිටියහ
Surah Fussilat, Verse 15


فَأَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِيٓ أَيَّامٖ نَّحِسَاتٖ لِّنُذِيقَهُمۡ عَذَابَ ٱلۡخِزۡيِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَخۡزَىٰۖ وَهُمۡ لَا يُنصَرُونَ

එබැවින් අපි ඔවුන් කෙරෙහි (පැමිණි දඬුවමේ) නපුරු දිනයන්හි දරුණු සුළි සුළඟක් යවා අවමන් ගෙනදෙන දඬුවම මෙලොව ජීවිතයේදීම ඔවුන් විඳින ලෙසට සැලැස්සුවෙමු. (ඔවුන්ට) පරලොවදී ඇති දඬුවම නම්, (මෙයට වඩා) ඉතාමත් අවමන් ගෙන දෙන්නක් වන්නේය. (එහිදී කිසිවෙකුටත්) ඔවුන්ට උදව් කරනු නොලබන්නාහ
Surah Fussilat, Verse 16


وَأَمَّا ثَمُودُ فَهَدَيۡنَٰهُمۡ فَٱسۡتَحَبُّواْ ٱلۡعَمَىٰ عَلَى ٱلۡهُدَىٰ فَأَخَذَتۡهُمۡ صَٰعِقَةُ ٱلۡعَذَابِ ٱلۡهُونِ بِمَا كَانُواْ يَكۡسِبُونَ

සමූද් (නමැති ජනතාව නම්), ඔවුන්ටද අපි (අපගේ දූතයාව යවා) ඍජු මාර්ගය දැනුම් දුන්නෙමු. එහෙත් ඔවුන්ද ඍජු මාර්ගයට වඩා අන්ධභාවයම කැමති වූහ. එබැවින් ඔවුන් සොයා ගත් (නපුරු) විපතේ හේතුවෙන් අවමන් ගෙන දෙන දඬුවමෙන් යුතු හෙණ හඞ ඔවුන්ව අල්ලා ගත්තේය
Surah Fussilat, Verse 17


وَنَجَّيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ

නමුත් (ඔවුන්ගෙන්) විශ්වාසය තබා (පාපයන්ගෙන් ඈත් වී අල්ලාහ්ට) බිය වී කටයුතු කළ අයව අපි බේරා ගත්තෙමු
Surah Fussilat, Verse 18


وَيَوۡمَ يُحۡشَرُ أَعۡدَآءُ ٱللَّهِ إِلَى ٱلنَّارِ فَهُمۡ يُوزَعُونَ

අල්ලාහ්ගේ සතුරන්ව නිරය දෙසට දක්කා ගෙන යනු ලබන දිනදී (එහි අසළට පැමිණි වහාම) ඔවුන් (විනිශ්චය සදහා හොඳ අයගෙන්) වෙන් කර සිටුවා තබනු ලබන්නාහ
Surah Fussilat, Verse 19


حَتَّىٰٓ إِذَا مَا جَآءُوهَا شَهِدَ عَلَيۡهِمۡ سَمۡعُهُمۡ وَأَبۡصَٰرُهُمۡ وَجُلُودُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ

ඒ අසළට පැමිණි වහාම (පාපයන් කළ) ඔවුන්ට විරුද්ධව ඔවුන්ගේ කණ්ද, ඔවුන්ගේ ඇස්ද, ඔවුන්ගේ (මස් වලින් යුත්) හම්ද, ඒවා කළ දැය ගැන සාක්ෂි කියනු ඇත
Surah Fussilat, Verse 20


وَقَالُواْ لِجُلُودِهِمۡ لِمَ شَهِدتُّمۡ عَلَيۡنَاۖ قَالُوٓاْ أَنطَقَنَا ٱللَّهُ ٱلَّذِيٓ أَنطَقَ كُلَّ شَيۡءٖۚ وَهُوَ خَلَقَكُمۡ أَوَّلَ مَرَّةٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ

එයට ඔවුන් තමන්ගේ (මස් වලින් යුත්) හම් වලට “අපට විරුද්ධව ඔබ කුමක් නිසා සාක්ෂි කියන්නෙහුද?”යි විමසනු ඇත. එයට ඒවා “සියලූ වස්තූන්ම කතා කරන්නට සලස්වන අල්ලාහ්ම අපවද කතා කරන ලෙසට පත් කළේය. ඔහුම ඔබව පළමු අවස්ථාවේදීද උත්පාදනය කළේය. (මරණයට පත් වූ) පසුද ඔබව ඔහු වෙතම ගෙන එනු ලැබ ඇත්තේය” යයි පවසනු ඇත
Surah Fussilat, Verse 21


وَمَا كُنتُمۡ تَسۡتَتِرُونَ أَن يَشۡهَدَ عَلَيۡكُمۡ سَمۡعُكُمۡ وَلَآ أَبۡصَٰرُكُمۡ وَلَا جُلُودُكُمۡ وَلَٰكِن ظَنَنتُمۡ أَنَّ ٱللَّهَ لَا يَعۡلَمُ كَثِيرٗا مِّمَّا تَعۡمَلُونَ

“ඔබගේ කණ්ද, ඔබගේ ඇස්ද, ඔබගේ (මාංශ වලින් යුත්) හම්ද, ඔබට විරුද්ධව සාක්ෂි නොකියා සිටීමට, ඔබ (ඔබගේ පාපයන් ඒවාට) සඟවා ගැනීමට නොහැකි විය. එහෙත් ඔබ කරන දැයෙහි බොහෝ දැය ඇත්තෙන්ම අල්ලාහ් දැන ගන්නේ නැත යයි ඔබ අදහස් කරමින් සිටියෙහුය”
Surah Fussilat, Verse 22


وَذَٰلِكُمۡ ظَنُّكُمُ ٱلَّذِي ظَنَنتُم بِرَبِّكُمۡ أَرۡدَىٰكُمۡ فَأَصۡبَحۡتُم مِّنَ ٱلۡخَٰسِرِينَ

“ඔබ, ඔබගේ දෙවියන් ගැන අදහස් කළ ඔබගේ මෙම (වැරදි) සිතුවිල්ලම, ඔබව විනාශ කර දැමුවේය. එබැවින් ඔබ පරාජිතයින් බවට පත් වූවෙහුය” (යයිද ඒවා පවසනු ඇත)
Surah Fussilat, Verse 23


فَإِن يَصۡبِرُواْ فَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡۖ وَإِن يَسۡتَعۡتِبُواْ فَمَا هُم مِّنَ ٱلۡمُعۡتَبِينَ

එබැවින් ඔවුන් (කිසිවක් කතා නොකර අමාරුකම්) විඳ දරාගෙන සිටියා වුවද, ඔවුන්ට (නිරා) ගින්නම රැඳී සිටින ස්ථානය වන්නේය. ඔවුන් සමාව ඉල්ලා සිටියා වුවද, ඔවුන්ට සමාව දෙනු නොලබන්නාහ
Surah Fussilat, Verse 24


۞وَقَيَّضۡنَا لَهُمۡ قُرَنَآءَ فَزَيَّنُواْ لَهُم مَّا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡ وَحَقَّ عَلَيۡهِمُ ٱلۡقَوۡلُ فِيٓ أُمَمٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهِم مِّنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِۖ إِنَّهُمۡ كَانُواْ خَٰسِرِينَ

ඔවුන්ට ඉදිරියෙන් හා පසුපසින් ඇති (නපුරු කාරණාවන්) සියල්ල ඔවුන්ට අලංකාරවත් කර පෙන්වමින් සිටි (කිසිදා වෙන් නොවන නපුරු) මිතුරන්ව අපි ඔවුන්ට එක්කාසු කර හැරියෙමු. එබැවින් මොවුන්ට පෙර ඉකුත්ව ගිය සමූහයන්ගෙන් වූ මිනිසුන් වුවද, ජින්වරුන් වුවද, ඔවුන් කෙරෙහි (දඬුවමට යටත් වන්නෙහු යන) අපගේ පොරොන්දුව ස්ථීර වී ගියේය. නියත වශයෙන්ම මොවුන් (සියල්ලන්ම) පරාජයම අත් කර ගත්හ
Surah Fussilat, Verse 25


وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَا تَسۡمَعُواْ لِهَٰذَا ٱلۡقُرۡءَانِ وَٱلۡغَوۡاْ فِيهِ لَعَلَّكُمۡ تَغۡلِبُونَ

ප්‍රතික්ෂේප කරන්නන් (අන් අයට) “ඔබ මෙම කුර්ආනය (ඔබගේ කණ් වලින්ද) නොඅසනු. (කවුරුන් එය සමුදීරණය කළා වුවද, ඔබ ඒ අවස්ථාවේදී ශබ්ද නගා) එහි ආරවුල් ඇති කරනු. එමගින් ඔබ ජයග්‍රහණය කරන්නෙහුය” යයිද පැවසූහ
Surah Fussilat, Verse 26


فَلَنُذِيقَنَّ ٱلَّذِينَ كَفَرُواْ عَذَابٗا شَدِيدٗا وَلَنَجۡزِيَنَّهُمۡ أَسۡوَأَ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ

එබැවින් නියත වශයෙන්ම මෙම ප්‍රතික්ෂේප කරන්නන් දරුණු දඬුවම විඳින සේ අපි සලස්වන්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කරමින් සිටි නපුරු විපත් වලට (දඬුවමම) ඵලවිපාක වශයෙන් ඔවුන්ට ලබා දෙන්නෙමු
Surah Fussilat, Verse 27


ذَٰلِكَ جَزَآءُ أَعۡدَآءِ ٱللَّهِ ٱلنَّارُۖ لَهُمۡ فِيهَا دَارُ ٱلۡخُلۡدِ جَزَآءَۢ بِمَا كَانُواْ بِـَٔايَٰتِنَا يَجۡحَدُونَ

මෙවැනි ඵලවිපාකම අල්ලාහ්ගේ සතුරන්ට අයත් දැය වන්නේය. එනම් නිරයයි. අපගේ ආයාවන් ඔවුන් (මෙසේ) ප්‍රතික්ෂේප කරමින් සිටීමට ඵලවිපාක වශයෙන් මොවුන්ට ස්ථීර වූ නිවස එහිම (ඇත්තේය)
Surah Fussilat, Verse 28


وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ رَبَّنَآ أَرِنَا ٱلَّذَيۡنِ أَضَلَّانَا مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ نَجۡعَلۡهُمَا تَحۡتَ أَقۡدَامِنَا لِيَكُونَا مِنَ ٱلۡأَسۡفَلِينَ

ප්‍රතික්ෂෙප කරන්නන් (එදිනදී දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපව මාර්ගය වැරද යාමට සැලැස්වූ මිනිසුන්වද, ජින්වරුන්වද අපට ඔබ පෙන්වනු. ඔවුන්ව අවමානයට ලක් කිරීම පිණිස, අපි ඔවුන්ව අපගේ කකුල් වලට යටින් තබා පාගා දමන්නෙමු” යයි පවසනු ඇත
Surah Fussilat, Verse 29


إِنَّ ٱلَّذِينَ قَالُواْ رَبُّنَا ٱللَّهُ ثُمَّ ٱسۡتَقَٰمُواْ تَتَنَزَّلُ عَلَيۡهِمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَلَّا تَخَافُواْ وَلَا تَحۡزَنُواْ وَأَبۡشِرُواْ بِٱلۡجَنَّةِ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ

(එහෙත්) නියත වශයෙන්ම කවුරුන් “අපගේ දෙවියන් අල්ලාහ්ය” යයි පවසා (ඒ මත) ස්ථීරව සිටියෙහුද, ඔවුන් වෙත මලායිකාවරුන් පැමිණ (ඔවුන්ට) “ඔබ (කිසි දැයකට) බිය නොවනු. දුක් නොවනු. ඔබට පොරොන්දු දෙන ලද ස්වර්ගය මගින් සතුටු වනු”
Surah Fussilat, Verse 30


نَحۡنُ أَوۡلِيَآؤُكُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَلَكُمۡ فِيهَا مَا تَشۡتَهِيٓ أَنفُسُكُمۡ وَلَكُمۡ فِيهَا مَا تَدَّعُونَ

“අපි මෙලොව ජීවිතයෙහිද ඔබට උදව්කරුවන් වශයෙන් සිටියෙමු. පරලොවදීද (ඔබට උදව්කරුවන්ය). ස්වර්ගයෙහි ඔබගේ මනස කැමති වන ඕනෑම දැයක් ඔබට ඇත. එහි ඔබ ඉල්ලන ඕනෑම දැයක් ඔබට ලැඛෙණු ඇත”
Surah Fussilat, Verse 31


نُزُلٗا مِّنۡ غَفُورٖ رَّحِيمٖ

“(පාපයන්ට) සමාව දී කරුණාව දක්වන්නා වෙතින් සංග්‍රහයක් වශයෙන් ලැඛෙණු ඇත” යයි (මලායිකාවරුන්) පවසනු ඇත
Surah Fussilat, Verse 32


وَمَنۡ أَحۡسَنُ قَوۡلٗا مِّمَّن دَعَآ إِلَى ٱللَّهِ وَعَمِلَ صَٰلِحٗا وَقَالَ إِنَّنِي مِنَ ٱلۡمُسۡلِمِينَ

කවුරුන් අල්ලාහ් දෙසට (ජනයාව) කැඳවා, (තමන්ද) දැහැමි ක්‍රියාවන් කර, “නියත වශයෙන්ම මා (අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වූ) මුස්ලිම්වරුන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි’ යයිද පවසන්නේද, ඔහුට වඩා අලංකාරවත් වදන් පවසන්නා කවරෙක්ද?”
Surah Fussilat, Verse 33


وَلَا تَسۡتَوِي ٱلۡحَسَنَةُ وَلَا ٱلسَّيِّئَةُۚ ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ فَإِذَا ٱلَّذِي بَيۡنَكَ وَبَيۡنَهُۥ عَدَٰوَةٞ كَأَنَّهُۥ وَلِيٌّ حَمِيمٞ

පින් පව් (දෙක) සමාන වන්නේ නැත. (එබැවින් නබියේ! පාපය) ඔබ පිනක් මගින්ම වළක්වා ගනු. එසේ වුවහොත්, ඔහුටත් ඔබටත් අතරේ ඇති වෛරය වෙනස් වී ඔබගේ (දරුණු) සතුරා (ඒ අතරම) ඔබගේ සත්‍යය (ඉතාමත් සමීප) මිතුරෙකු බවට පත් වනු ඇත
Surah Fussilat, Verse 34


وَمَا يُلَقَّىٰهَآ إِلَّا ٱلَّذِينَ صَبَرُواْ وَمَا يُلَقَّىٰهَآ إِلَّا ذُو حَظٍّ عَظِيمٖ

ඉවසිලිවන්තයින් හැර, (අනිත්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේ නැත. තවද ඉමහත් භාග්‍යවන්තයින් හැර, (අන්) කිසිවෙකුත් මෙය අත් කර ගන්නේද නැත
Surah Fussilat, Verse 35


وَإِمَّا يَنزَغَنَّكَ مِنَ ٱلشَّيۡطَٰنِ نَزۡغٞ فَٱسۡتَعِذۡ بِٱللَّهِۖ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

(නබියේ!) ෂෙයිතාන්ගේ යම්කිසි හොල්මන් කිරීමක් (නපුරු කාරණාවන් කරන මෙන්) ඔබව පොළඹවන විට, (ඔබව එයින්) බේරා ගන්නා මෙන් අල්ලාහ් වෙතින් ඔබ ඉල්ලා සිටිනු මැනව! නියත වශයෙන්ම ඔහු (සියල්ල) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු ඔබව බේරා ගනු ඇත)
Surah Fussilat, Verse 36


وَمِنۡ ءَايَٰتِهِ ٱلَّيۡلُ وَٱلنَّهَارُ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُۚ لَا تَسۡجُدُواْ لِلشَّمۡسِ وَلَا لِلۡقَمَرِ وَٱسۡجُدُواْۤ لِلَّهِۤ ٱلَّذِي خَلَقَهُنَّ إِن كُنتُمۡ إِيَّاهُ تَعۡبُدُونَ

“රාත්‍රියද, දහවලද, සූර්යයාද, චන්ද්‍රයාද, (දෙවියන් ගැන දැනුම් දිය හැකි) ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. එබැවින් ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වම නමදින්නන් වශයෙන් සිටින්නෙහු නම්, සූර්යයාටද (සුජූද් නොකරනු). චන්ද්‍රයාටද සුජූද් නොකරනු. මේවා උත්පාදනය කළේ කවුරුන්ද, ඔහුටම සුජූද් කරනු” (යයිද නබියේ! ඔබ පවසනු මැනව)
Surah Fussilat, Verse 37


فَإِنِ ٱسۡتَكۡبَرُواْ فَٱلَّذِينَ عِندَ رَبِّكَ يُسَبِّحُونَ لَهُۥ بِٱلَّيۡلِ وَٱلنَّهَارِ وَهُمۡ لَا يَسۡـَٔمُونَ۩

(නබියේ!) නැවතත් මොවුන් උඞඟූ (වී දෙවියන්ට නොනැමද ඈත්) වන්නන් වුවහොත් (ඔවුන්ගෙන් ඔහුට කිසිම පාඩුවක්ද නැත). ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙහි සිටින්නන් (වන මලායිකාවරුන්) රාත්‍රියේ හා දහවලේද (සුවිශුද්ධ කරමින්) ප්‍රශංසා කරමින්ම සිටින්නාහ. (මෙහි) ඔවුන් ආයාසයට පත් වන්නේම නැත
Surah Fussilat, Verse 38


وَمِنۡ ءَايَٰتِهِۦٓ أَنَّكَ تَرَى ٱلۡأَرۡضَ خَٰشِعَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡۚ إِنَّ ٱلَّذِيٓ أَحۡيَاهَا لَمُحۡيِ ٱلۡمَوۡتَىٰٓۚ إِنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

(නබියේ! අස්වනු දැවී වියළී) භූමිය පාළු වී තිඛෙණු ඔබ දැකීමද, ඇත්තෙන්ම ඔහුගේ සාධකයන්ගෙන් ඇති දැය වන්නේය. ඒ මත අපි වර්ෂාව වැසීමට සැලැස්සුවහොත් එහි (මොටැයි මතුවී) සශ්‍රීකව වැඩෙන්නේය. (මෙසේ මැරී ගිය) භූමියට කවුරුන් පණ දෙන්නේද, ඔහු මරණයට පත් වූවන්ටද, ඇත්තෙන්ම පණ දෙන්නේය. නියත වශයෙන්ම ඔහු සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකි
Surah Fussilat, Verse 39


إِنَّ ٱلَّذِينَ يُلۡحِدُونَ فِيٓ ءَايَٰتِنَا لَا يَخۡفَوۡنَ عَلَيۡنَآۗ أَفَمَن يُلۡقَىٰ فِي ٱلنَّارِ خَيۡرٌ أَم مَّن يَأۡتِيٓ ءَامِنٗا يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ ٱعۡمَلُواْ مَا شِئۡتُمۡ إِنَّهُۥ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ

නියත වශයෙන්ම කවුරුන් (තමන්ගේ නපුරු ක්‍රියාවන්ට සාක්ෂි වශයෙන් අපගේ ආයාවන්හි වැරදි අර්ථකතනයන් ගොතන්නෝද, ඔවුන්ගේ ක්‍රියාවන්හි (කිසිවක්) අපට සැඟවෙන්නේ නැත. (විනිශ්චය දිනදී) නිරයට වීසි කර දමනු ලබන්නේ හොඳ අයද? නැතහොත් විනිශ්චය දිනදී කිසිම බියක් සැකක් නැතිව පැමිණෙන්නා (උසස්) අයද? (මිනිසුනේ!) ඔබ කැමති දැය කරමින් සිටිනු. ඔබ කරන දැය නියත වශයෙන්ම ඔහු අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය
Surah Fussilat, Verse 40


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ بِٱلذِّكۡرِ لَمَّا جَآءَهُمۡۖ وَإِنَّهُۥ لَكِتَٰبٌ عَزِيزٞ

නියත වශයෙන්ම කවුරුන් තමන් වෙත හොඳ ඔවදන් පැමිණෙන විට, ප්‍රතික්ෂේප කරන්නෝද, (ඔවුන් විනිශ්චය දිනදී තමන්ගේ තත්වය වටහා ගනු ඇත. මන්දයත්) නියත වශයෙන්ම මෙය ඉමහත් ගෞරවණීය ධර්මයක් වන්නේය
Surah Fussilat, Verse 41


لَّا يَأۡتِيهِ ٱلۡبَٰطِلُ مِنۢ بَيۡنِ يَدَيۡهِ وَلَا مِنۡ خَلۡفِهِۦۖ تَنزِيلٞ مِّنۡ حَكِيمٍ حَمِيدٖ

මීට කළින් හෝ මීට පසුව හෝ (පරිශුද්ධ වූ කුර්ආනය වන) මෙයට බොරු (කිසි සේත්) ළඟා වීමට නොහැකිය. ඉතාමත් ප්‍රශංසාවට අයත් කෙනා හා ඥානවන්තයා විසින් (මෙය) පහළ කරන ලදී
Surah Fussilat, Verse 42


مَّا يُقَالُ لَكَ إِلَّا مَا قَدۡ قِيلَ لِلرُّسُلِ مِن قَبۡلِكَۚ إِنَّ رَبَّكَ لَذُو مَغۡفِرَةٖ وَذُو عِقَابٍ أَلِيمٖ

(නබියේ!) ඔබ පෙර පැමිණි දූතයින් කුමක් පවසනු ලැබුවේද, එයම මිස, (වෙන කිසිවක්) ඔබට පවසනු ලැබුවේ නැත. (එබැවින් මොවුන් පවසන අවමානයන් ගැන ඔබ කණගාටු නොවනු). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (හොඳ අයව) ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, (නපුරු අයව) වේදනා කර දඬුවම් කරන්නෙකු වශයෙන්ද සිටින්නේය
Surah Fussilat, Verse 43


وَلَوۡ جَعَلۡنَٰهُ قُرۡءَانًا أَعۡجَمِيّٗا لَّقَالُواْ لَوۡلَا فُصِّلَتۡ ءَايَٰتُهُۥٓۖ ءَا۬عۡجَمِيّٞ وَعَرَبِيّٞۗ قُلۡ هُوَ لِلَّذِينَ ءَامَنُواْ هُدٗى وَشِفَآءٞۚ وَٱلَّذِينَ لَا يُؤۡمِنُونَ فِيٓ ءَاذَانِهِمۡ وَقۡرٞ وَهُوَ عَلَيۡهِمۡ عَمًىۚ أُوْلَـٰٓئِكَ يُنَادَوۡنَ مِن مَّكَانِۭ بَعِيدٖ

මෙම කුර්ආනය අරාබි නොවන භාෂාවකින් අපි පහළ කර තිබුණේ නම්, (මෙම මක්කාවාසීන්) “මෙහි ආයාවන් (අපගේ අරාබි භාෂාවෙන්) විවරණය කර පවසා තිබිය යුතු නොවේද? මෙය නම් අරාබි නොවන භාෂාවකි. අපි නම් (එය නොදන්නා) අරාබිවරුන්ය” යයි නියත වශයෙන්ම පවසනු ඇත. (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙය (ඔවුන්ගේ අරාබි භාෂාවෙන් තිඛෙන අතර) විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගයක් වශයෙන්ද, (උසස්) නිවාරණයක් වශයෙන්ද ඇත්තේය. කවුරුන් විශ්වාස නොකළෝද, ඔවුන්ගේ කණ්වල බිහිරිභාවය ඇත්තේය. (ඔවුන් සම්බන්ධයෙන් නම්), එය (ඔවුන්ගේ) ඇස් පෙණුම වසා ගන්නා තිරයක් වශයෙන් ඇත්තේය. ඔවුන් (ඔබ අසළ සිටියා වුවද), ඉතාමත් ඈත එපිට සිට ආරාධනා කරන්නාක් (මෙන් ඇත්තේය)
Surah Fussilat, Verse 44


وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ فَٱخۡتُلِفَ فِيهِۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ لَقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّهُمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ

නියත වශයෙන්ම අපි මූසාට එක් ධර්මයක් දී තිබුනෙමු. (ඔහුගේ ජනතාව) එහි භේද බින්න වූවෙහුය. (ඔවුන්ගෙන් විනිශ්චය කර තීන්දු දීම විනිශ්චය දිනදීය යයි) ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව කළින් සිදු නොවී තිබුණේ නම්, ඔවුන් අතරේ (මේ වන විටත්) තීන්දු දී තිඛෙන්නට ඉඩ තිබුණි. නියත වශයෙන්ම මොවුන්ද, ඒ කාරණාවෙහි ඉමහත් සැකයෙහිම ගැලී සිටින්නෙහුය
Surah Fussilat, Verse 45


مَّنۡ عَمِلَ صَٰلِحٗا فَلِنَفۡسِهِۦۖ وَمَنۡ أَسَآءَ فَعَلَيۡهَاۗ وَمَا رَبُّكَ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ

කවුරුන් හෝ පින් දහම් කළහොත් (එය) ඔහුටම හොඳය. කවුරුන් හෝ පාපයන් කළහොත් (එය) ඔහුටම නපුරක් වන්නේය. ඔබගේ දෙවියන් (තම) වහලූන්ට (කිසි සෙත්) නපුරක් කරන්නේ නැත. (ඔවුන් තමන්ට තමන්ම නපුරක් කර ගන්නාහ)
Surah Fussilat, Verse 46


۞إِلَيۡهِ يُرَدُّ عِلۡمُ ٱلسَّاعَةِۚ وَمَا تَخۡرُجُ مِن ثَمَرَٰتٖ مِّنۡ أَكۡمَامِهَا وَمَا تَحۡمِلُ مِنۡ أُنثَىٰ وَلَا تَضَعُ إِلَّا بِعِلۡمِهِۦۚ وَيَوۡمَ يُنَادِيهِمۡ أَيۡنَ شُرَكَآءِي قَالُوٓاْ ءَاذَنَّـٰكَ مَامِنَّا مِن شَهِيدٖ

(නබියේ! “විනිශ්චය කිරීමේ කාලය වන විනිශ්චය දිනය කවදා එන්නේද?”යි ඔවුන් විටින් විට ඔබගෙන් විමසන්නාහ. එයට ඔබ මෙසේ පවසනු: විනිශ්චය) කාලය ගැන වූ ඥානය ඔහු වෙතම අත්හැර දමනු ලැබ ඇත්තේය. (එබැවින් ඒ ගැන අපිට කියන්නට දැයක් නැත). ඔහු නොවදැනුවත්ව පලතුරු වලින් කිසිවක් එහි කෝෂයෙන් ඉකුත් වන්නේ නැත. කිසිම ගැහැනියක් ගැබ් ගන්නේද නැත. ප්‍රසූත කරන්නේද නැත. (එබැවින් ඒවා සියල්ල ඔහුම හොඳින් දන්නේය. විනිශ්චය කාලය වන) එදිනදී (ඔහු “ඔබ) සමානයන් වශයෙන් තැබූ දැය (වන බොරු දෙවිවරුන්) කොහේද?”යි ඔවුන්ගෙන් විමසනු ඇත. එයට ඔවුන් “අපගෙන් (එයට) සාක්ෂි දරණ්නන් කිසිවෙකුත් (අද දින) නැතැයි (අපගේ දෙවියනේ!) අපි ඔබට දැනුම් දෙන්නෙමු” යයි පවසන්නාහ
Surah Fussilat, Verse 47


وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَدۡعُونَ مِن قَبۡلُۖ وَظَنُّواْ مَا لَهُم مِّن مَّحِيصٖ

මීට පෙර ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරමින් සිටි දැය සියල්ල ඔවුන්ගෙන් ඈත් වී සැඟවී යනු ඇත. තමන්ට බේරීමට කිසිම මාර්ගයක් නැතැයි යන්නද ඔවුන් දැන ගන්නාහ
Surah Fussilat, Verse 48


لَّا يَسۡـَٔمُ ٱلۡإِنسَٰنُ مِن دُعَآءِ ٱلۡخَيۡرِ وَإِن مَّسَّهُ ٱلشَّرُّ فَيَـُٔوسٞ قَنُوطٞ

(ප්‍රාර්ථනා කර) හොඳ දැයම ඉල්ලීමෙහි මිනිසා (කිසි කලෙකත්) වෙහෙසට පත් වන්නේ නැත. එහෙත් ඔහුට (පොඩියක් හෝ) විපතක් ළඟා වුවහොත් ඔහුගේ මනස බිඳී විශ්වාසය සුන් කර ගන්නේය
Surah Fussilat, Verse 49


وَلَئِنۡ أَذَقۡنَٰهُ رَحۡمَةٗ مِّنَّا مِنۢ بَعۡدِ ضَرَّآءَ مَسَّتۡهُ لَيَقُولَنَّ هَٰذَا لِي وَمَآ أَظُنُّ ٱلسَّاعَةَ قَآئِمَةٗ وَلَئِن رُّجِعۡتُ إِلَىٰ رَبِّيٓ إِنَّ لِي عِندَهُۥ لَلۡحُسۡنَىٰۚ فَلَنُنَبِّئَنَّ ٱلَّذِينَ كَفَرُواْ بِمَا عَمِلُواْ وَلَنُذِيقَنَّهُم مِّنۡ عَذَابٍ غَلِيظٖ

ඔහුව අල්ලාගෙන තිබූ අමාරුකමෙන් පහ වී ගිය පසු, අපගේ වරප්‍රසාදය විඳින ලෙසට අපි සැලැස්සුවා වුවද, “එය මට උරුමව (පැමිණිය යුතුව තිබූ දැයම පැමිණියේය. විනිශ්චය) කාලය ඇති වනු ඇතැයි මා විශ්වාස කළේම නැත. (එසේ විනිශ්චය දිනය ඇති වී) මගේ දෙවියන් වෙත මා ගෙන යනු ලැබූවද, ඔහු වෙතද නියත වශයෙන්ම මට හොඳක්ම ලැඛෙනු ඇත” යයි පවසන්නේය. නමුත් කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන් කළ (නපුරු) කාරණාවන් (එදිනදී) අපි නියත වශයෙන්ම ඔවුන්ට පැහැදිලිව ගෙනහැර දක්වන්නෙමු. තවද දරුණු දඬුවම ඔවුන්ට විඳින ලෙසටද නියත වශයෙන්ම අපි සලස්වන්නෙමු
Surah Fussilat, Verse 50


وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ فَذُو دُعَآءٍ عَرِيضٖ

මිනිසාට අපි (යම්කිසි) වරප්‍රසාදයක් ලබා දුන්නහොත් ඔහු (අපට කෘතඥ වීම වෙනුවට අපවද, අපගේ නියෝගයන්ද) ප්‍රතික්ෂේප කර දමා ඈත් වන්නේය. ඔහු වෙත (යම්කිසි) විපතක් පැමිණියහොත් නම්, ඉතාමත් දිග (පළලින් යුත්) ප්‍රාර්ථනාවන් කර, (එය පහ කරන මෙන් ඉල්ලා) සිටින්නේය.”
Surah Fussilat, Verse 51


قُلۡ أَرَءَيۡتُمۡ إِن كَانَ مِنۡ عِندِ ٱللَّهِ ثُمَّ كَفَرۡتُم بِهِۦ مَنۡ أَضَلُّ مِمَّنۡ هُوَ فِي شِقَاقِۭ بَعِيدٖ

(නබියේ!) ඔබ මෙසේ විමසනු: “(මෙම ධර්මය) අල්ලාහ්ගේ සන්නිධානයෙන් පැමිණ තිබියදී මෙය ඔබ ප්‍රතික්ෂේප කළහොත් (මෙසේ) ප්‍රසිද්ධියේම (ඔහුට) විරුද්ධ වන්නාට වඩා දුර්මාර්ගිකයා කවරෙක්ද යන්න ඔබ අවධානය කළෙහුද?”
Surah Fussilat, Verse 52


سَنُرِيهِمۡ ءَايَٰتِنَا فِي ٱلۡأٓفَاقِ وَفِيٓ أَنفُسِهِمۡ حَتَّىٰ يَتَبَيَّنَ لَهُمۡ أَنَّهُ ٱلۡحَقُّۗ أَوَلَمۡ يَكۡفِ بِرَبِّكَ أَنَّهُۥ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ

නියත වශයෙන්ම (කුර්ආනය වන) මෙය සත්‍යයකි යයි ඔවුන්ට පැහැදිලි වන තුරු අපගේ සාධකයන් (ලොවෙහි) විවිධ ප්‍රදේශයන්හිද, ඔවුන් ඇතුළුව ඉතා ඉක්මනින් අපි ඔවුන්ට පෙන්වන්නෙමු. (නබියේ!) ඔබගේ දෙවියන් නියත වශයෙන්ම සියල්ල බලමින් සිටින්නේය යන්න ඔබව සෑහීමට පත් කළේ නැද්ද
Surah Fussilat, Verse 53


أَلَآ إِنَّهُمۡ فِي مِرۡيَةٖ مِّن لِّقَآءِ رَبِّهِمۡۗ أَلَآ إِنَّهُۥ بِكُلِّ شَيۡءٖ مُّحِيطُۢ

නියත වශයෙන්ම ඔවුන් තමන්ගේ දෙවියන්ව හමු වීම ගැනද සැකයෙන් සිටින බවද (නබියේ! ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු සියලූ කාරණාවන්ද (තම ඥානයෙන්) වටකරගෙන (දැන) ගෙනද සිටින්නේය යන්නද දැන ගනු (මැනව)
Surah Fussilat, Verse 54


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 40
>> Surah 42

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai