UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ad-Dukhan - Sinhala Translation by Www.islamhouse.com


حمٓ

හා මීම්
Surah Ad-Dukhan, Verse 1


وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

පැහැදිලි දේව ග්‍රන්ථය මත දිවුරමින්
Surah Ad-Dukhan, Verse 2


إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ

නියත වශයෙන්ම භාග්‍යමත් රාත්‍රියක අපි එය පහළ කළෙමු. නියත වශයෙන්ම අපි අවවාද කරන්නන් වූයෙමු
Surah Ad-Dukhan, Verse 3


فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ

එහි ප්‍රඥාවෙන් යුක්ත සෑම නියෝගයක්ම තීරණය කරනු ලබයි
Surah Ad-Dukhan, Verse 4


أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ

(එය) අප අබියසින් වූ ආඥාවක් වශයෙනි. නියත වශයෙන්ම අපි (දහම් දූතයින්) එවන්නන් වූයෙමු
Surah Ad-Dukhan, Verse 5


رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

(එය) ඔබේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයක් වශයෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය
Surah Ad-Dukhan, Verse 6


رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ

නුඹලා තරයේ විශ්වාස කරන්නන් ලෙස සිටියෙහු නම් (දැන ගනු. ඔහු) අහස්හි හා මහපොළවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය
Surah Ad-Dukhan, Verse 7


لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ

ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔහු ජීවත් කරවයි. තවද මරණයට පත් කරයි. නුඹලාගේ පරමාධිපතිය. තවද නුඹලාගේ ප්‍රාරම්භක මුතුන් මිත්තන්ගේ ද පරමාධිපතිය
Surah Ad-Dukhan, Verse 8


بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ

එසේ නොව ඔවුහු සැකයෙහි කෙළිදෙළෙන් ගත කරති
Surah Ad-Dukhan, Verse 9


فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ

එහෙයින් පැහැදිලි ව පෙනෙන දුමාරයකින් යුතු ව අහස පැමිණෙන දිනය (නබිවරය) ඔබ බලාපෙරොත්තුවෙන් සිටිනු
Surah Ad-Dukhan, Verse 10


يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ

එය මිනිසුන් ආවරණය කර ගනියි. මෙය වේදනීය දඬුවමකි
Surah Ad-Dukhan, Verse 11


رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ

“අපගේ පරමාධිපතියාණෙනි! එම දඬුවම අපගෙන් ඉවත් කරනු මැනව! නියත වශයෙන්ම අපි විශ්වාස කරන්නෝ වෙමු.” (යැයි ඔවුන් පවසති)
Surah Ad-Dukhan, Verse 12


أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ

ඔවුනට උපදෙස කෙසේ නම් වන්නේ ද? තවද සැබැවින්ම ඔවුන් වෙත පැහැදිලි දූතයකු පැමිණ ඇත
Surah Ad-Dukhan, Verse 13


ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ

පසු ව ඔවුහු ඔහුගෙන් හැරී ගොස් “(අන් අය විසින් මොහු) පුහුණු කරනු ලැබූ තැනැත්තා; උම්මත්තකයෙකි” යැයි ඔවුහු පැවසූහ
Surah Ad-Dukhan, Verse 14


إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ

නියත වශයෙන්ම අපි ස්වල්ප වශයෙන් දඬුවම ඉවත් කරන්නෝ වෙමු. (එවිට) නියත වශයෙන්ම නුඹලා නැවත හැරී යන්නෝය
Surah Ad-Dukhan, Verse 15


يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ

දැඩි ග්‍රහණයකින් අප ග්‍රහණය කරන දින නියත වශයෙන්ම අපි දඬුවම් කරන්නෝ වෙමු
Surah Ad-Dukhan, Verse 16


۞وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ

තවද ඔවුනට පෙර වූ ෆිර්අවුන්ගේ ජනයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද ඔවුන් වෙත ගෞරවනීය දහම් දූතයකු පැමිණියේය
Surah Ad-Dukhan, Verse 17


أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

“අල්ලාහ්ගේ ගැත්තන් මා වෙත නුඹලා භාර කරනු. නියත වශයෙන්ම මම නුඹලා සඳහා වූ විශ්වාසනීය දහම් දූතයකු වෙමි” (යැයි ඔහු පැවසීය)
Surah Ad-Dukhan, Verse 18


وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ

“තවද අල්ලාහ් වෙත නුඹලා හිතුවක්කාර නොවනු. නියත වශයෙන්ම මම නුඹලා වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවෙමි.”
Surah Ad-Dukhan, Verse 19


وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ

“තවද නුඹලා මා ගල් ගසා මැරීම සම්බන්ධයෙන් නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙතින්ද, එමෙන්ම නුඹලාගේ පරමාධිපති වෙතින්ද, ආරක්ෂාව පතමි.”
Surah Ad-Dukhan, Verse 20


وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ

“තවද නුඹලා මා විශ්වාස නොකළේ නම් එවිට නුඹලා මගෙන් ඉවත් ව සිටිනු.”
Surah Ad-Dukhan, Verse 21


فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ

(ඔවුන් කලහකම් කළහ) එවිට ඔහු ‘නියත වශයෙන්ම මොවුහු අපරාධකාරී පිරිසක්’ යැයි ඔහුගේ පරමාධිපතිට අමතා සිටියේය
Surah Ad-Dukhan, Verse 22


فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ

(ඔහුට මෙසේ පිළිතුරු ලැබුණි.) “එහෙයින් මාගේ ගැත්තන් සමඟ ඔබ රාත්‍රියේ ගමන් ගනු. නියත වශයෙන්ම නුඹලා ලුහුබඳිනු ලබන්නන්ය.”
Surah Ad-Dukhan, Verse 23


وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ

“මුහුද ඒ අයුරින්ම (පැළී විවර ව) තිබෙන්නට ඔබ හරිනු. නියත වශයෙන්ම ඔවුහු ගිල්වනු ලබන සේනාවකි.”
Surah Ad-Dukhan, Verse 24


كَمۡ تَرَكُواْ مِن جَنَّـٰتٖ وَعُيُونٖ

ඔවුහු උයන් වතු හා දිය උල්පත් කොපමණක් අතහැර දමා ගියෝ ද
Surah Ad-Dukhan, Verse 25


وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ

තවද කෙත්යායන් හා ගෞරවනීය ස්ථාන
Surah Ad-Dukhan, Verse 26


وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ

තවද එහි සතුටු විඳින්නන් ලෙස සිටි සැප සම්පත් (අතහැර දමා ගියෝ ද)
Surah Ad-Dukhan, Verse 27


كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ

එලෙසය ! තවද අපි වෙනත් පිරිසකට ඒවා උරුම කළෙමු
Surah Ad-Dukhan, Verse 28


فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ

එවිට අහස හා මහපොළොව ඔවුන් ගැන කඳුළු සැළුවේ නැත. තවද ඔවුහු කල් දෙනු ලබන්නන් නොවූහ
Surah Ad-Dukhan, Verse 29


وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ

තවද ඉස්රාඊල් දරුවන් නින්දිත දඬුවමින් සැබැවින්ම අපි මුදවා ගත්තෙමු
Surah Ad-Dukhan, Verse 30


مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ

ෆිර්අවුන්ගෙන් (අපි මුදවා ගත්තෙමු). නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා කටයුතු කරන්නන් අතුරින් උද්දච්ච ප්‍රධානියකු විය
Surah Ad-Dukhan, Verse 31


وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ

(එකල විසූ) ලෝවැසියනට දැනුවත් ව සැබැවින්ම අපි ඔවුන් තෝරා ගත්තෙමු
Surah Ad-Dukhan, Verse 32


وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَـٰٓؤٞاْ مُّبِينٌ

තවද සංඥාවන් අපි ඔවුනට පිරිනැමුවෙමු. එහි පැහැදිලි පරීක්ෂණයක් විය
Surah Ad-Dukhan, Verse 33


إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ

නියත වශයෙන්ම මොවුහු මෙසේ පවසති
Surah Ad-Dukhan, Verse 34


إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ

“මෙය අපගේ මුල් මරණය මිස නැත. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.”
Surah Ad-Dukhan, Verse 35


فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් අපගේ මුතුන් මිත්තන් නුඹලා නැවත ගෙන එනු.”
Surah Ad-Dukhan, Verse 36


أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ

ශ්‍රේෂ්ඨ වනුයේ ඔවුන් ද එසේ නැතහොත් තුබ්බඃ ජනයා හා ඔවුනට පෙර සිටියවුන් ද? අපි ඔවුන් විනාශ කළෙමු. නියත වශයෙන්ම ඔවුහු අපරාධකරුවන් වූහ
Surah Ad-Dukhan, Verse 37


وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ

තවද අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද කෙළි ලොල් සඳහා අපි නොමැව්වෙමු
Surah Ad-Dukhan, Verse 38


مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

ඒ දෙක සත්‍යයෙන් යුතු ව මිස අපි නොමැව්වෙමු. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති
Surah Ad-Dukhan, Verse 39


إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ

නියත වශයෙන්ම විනිශ්චය දිනය ඔවුන් සියලු දෙනාගේ නියමිත කාලයයි
Surah Ad-Dukhan, Verse 40


يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ

එදින කිසිදු සගයෙකුගෙන් සගයෙකුට කිසිවකින් ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු උදව් කරනු නොලබති
Surah Ad-Dukhan, Verse 41


إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

නමුත් අල්ලාහ් කරුණාව පෙන් වූ අය හැර. නියත වශයෙන්ම ඔහුමය සර්ව බලධාරී මහා කරුණාවන්ත වනුයේ
Surah Ad-Dukhan, Verse 42


إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ

නියත වශයෙන්ම zසක්කූම් ගස වනාහි
Surah Ad-Dukhan, Verse 43


طَعَامُ ٱلۡأَثِيمِ

පාපතරයින්ගේ ආහාරයයි
Surah Ad-Dukhan, Verse 44


كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ

(එය) එය උණු කළ තඹ මෙන්ය. එය උදර තුළ උණුවෙමින් පවතින්නේය
Surah Ad-Dukhan, Verse 45


كَغَلۡيِ ٱلۡحَمِيمِ

ලෝ දිය උතුරන්නාක් මෙනි
Surah Ad-Dukhan, Verse 46


خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ

(නිරයේ ආරක්ෂකයින් වන) නුඹලා ඔහු (අධර්මිෂ්ඨයා) හසු කරනු. පසු ව නුඹලා ඔහු නිරය මැදට ඇද ගෙන යනු
Surah Ad-Dukhan, Verse 47


ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ

පසු ව ඔහුගේ හිසට ඉහළින් නුඹලා වේදනාව ඇති කරන ලෝ දිය වක් කරනු
Surah Ad-Dukhan, Verse 48


ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ

ඔබ විඳිනු. නියත වශයෙන්ම ඔබ ගරුසරු ඇති බලධාරියෙකි
Surah Ad-Dukhan, Verse 49


إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ

නියත වශයෙන්ම මෙය නුඹලා කවර දෙයක් පිළිබඳ සැක කරමින් සිටියෙහු ද එයයි (යැයි කියනු ලැබේ)
Surah Ad-Dukhan, Verse 50


إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ

නියත වශයෙන්ම බිය බැතිමතුන් ආරක්ෂිත ස්ථානයක වෙති
Surah Ad-Dukhan, Verse 51


فِي جَنَّـٰتٖ وَعُيُونٖ

උයන් වතු හා දිය උල්පත් අතරය
Surah Ad-Dukhan, Verse 52


يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ

ඔවුහු සිනිඳු සේද හා ඝන සේද වලින් ඇඳ පැළඳ එකිනෙකා මුහුණලමින් සිටිති
Surah Ad-Dukhan, Verse 53


كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ

එලෙසය. තවද අපි ඔවුනට නෙත් පිනවන කුමරියන් විවාහ කර දෙමු
Surah Ad-Dukhan, Verse 54


يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ

ඔවුහු බියෙන් තොර වූවන් ලෙසින් සෑම පලතුරක්ම එහි පතති
Surah Ad-Dukhan, Verse 55


لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ

මුල් මරණය හැර (වෙනත්) මරණයක් ඔවුහු එහි නොවිඳිති. තවද නිරා ගින්නේ දඬුවමින් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත
Surah Ad-Dukhan, Verse 56


فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

(එය) ඔබේ පරමාධිපතිගේ භාග්‍යයක් ලෙසිනි. එයයි අතිමහත් ජයග්‍රහණය
Surah Ad-Dukhan, Verse 57


فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ

එහෙයින් ඔවුන් උපදෙස් ලැබිය හැකි වනු පිණිස අපි එය ඔබේ දිවට පහසු කළෙමු
Surah Ad-Dukhan, Verse 58


فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ

එහෙයින් ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුහු ද අපේක්ෂාවෙන් සිටින්නෝ වෙති
Surah Ad-Dukhan, Verse 59


Author: Www.islamhouse.com


<< Surah 43
>> Surah 45

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai