UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ad-Dukhan - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


حمٓ

හා. මීම්
Surah Ad-Dukhan, Verse 1


وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

පැහැදිලි මෙම ධර්මය මත සත්තකින්ම
Surah Ad-Dukhan, Verse 2


إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةٖ مُّبَٰرَكَةٍۚ إِنَّا كُنَّا مُنذِرِينَ

නියත වශයෙන්ම අපි මෙය, ඉතාමත් භාග්‍යයෙන් පිරි (ලයිලතුල් කද්ර් නමැති) එක් රාත්‍රියකදී (පළමු වරට) පහළ කර, නියත වශයෙන්ම අපි (මෙමගින්) බිය ගන්වා අනතුරු අඟවන්නෙමු
Surah Ad-Dukhan, Verse 3


فِيهَا يُفۡرَقُ كُلُّ أَمۡرٍ حَكِيمٍ

බුද්ධියෙන් පිරි සියලූ (හේතූන්ද), කාරණාවන්ද එහිම අපගේ නියෝගයන්ට අනුව (විද්‍යාත්මක අන්දමට) නිර්මාණය කරනු ලැබ ඇත්තේය
Surah Ad-Dukhan, Verse 4


أَمۡرٗا مِّنۡ عِندِنَآۚ إِنَّا كُنَّا مُرۡسِلِينَ

(නබියේ!) නියත වශයෙන්ම අපි (ඔබව ඔවුන් වෙත අපගේ දූතයා වශයෙන්) යවන්නෙමු
Surah Ad-Dukhan, Verse 5


رَحۡمَةٗ مِّن رَّبِّكَۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡعَلِيمُ

(මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයක් වන්නේය. නියත වශයෙන්ම ඔහුම (සියල්ලම) සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Ad-Dukhan, Verse 6


رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ

ඔබ ඇත්තෙන්ම (සත්‍යය) විශ්වාස කරන්නන් වශයෙන් සිටියහොත් අහස් හා භූමියෙහිද, ඒවා මධ්‍යයෙහි ඇති දැයෙහිද අයිතිකරු ඔහුම (යන්න විශ්වාස කරනු)
Surah Ad-Dukhan, Verse 7


لَآ إِلَٰهَ إِلَّا هُوَ يُحۡيِۦ وَيُمِيتُۖ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ

ඔහු හැර වෙන හිමියෙකු නැත. ඔහුම පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. ඔහුම ඔබගේ පෝෂණය කරන්නා හා පෙර ඉකුත්ව ගිය අයගේ පෝෂණය කරන්නාද වන්නේය
Surah Ad-Dukhan, Verse 8


بَلۡ هُمۡ فِي شَكّٖ يَلۡعَبُونَ

එහෙත් ඔවුන් (මෙම කාරණාවෙහිද පුහු) සැකයෙහි සෙල්ලම් කරමින් සිටින්නාහ
Surah Ad-Dukhan, Verse 9


فَٱرۡتَقِبۡ يَوۡمَ تَأۡتِي ٱلسَّمَآءُ بِدُخَانٖ مُّبِينٖ

(නබියේ!) පැහැදිලි වූ දුමාරයක් අහසින් පැමිණෙන දින ඔබ බලාපොරොත්තු-වෙන් සිටිනු
Surah Ad-Dukhan, Verse 10


يَغۡشَى ٱلنَّاسَۖ هَٰذَا عَذَابٌ أَلِيمٞ

මිනිසුන්ව එය වට කර ගනු ඇත. එය වේදනා ගෙන දෙන දඬුවමක් වන්නේය
Surah Ad-Dukhan, Verse 11


رَّبَّنَا ٱكۡشِفۡ عَنَّا ٱلۡعَذَابَ إِنَّا مُؤۡمِنُونَ

(එදිනදී මිනිසුන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! අපගෙන් මෙම දඬුවම පහ කරනු. නියත වශයෙන්ම අපි (ඔබව) විශ්වාස කරන්නෙමු” (යයි ප්‍රාර්ථනා කරන්නාහ)
Surah Ad-Dukhan, Verse 12


أَنَّىٰ لَهُمُ ٱلذِّكۡرَىٰ وَقَدۡ جَآءَهُمۡ رَسُولٞ مُّبِينٞ

(ඒ අවස්ථාවේදී ඔවුන්ගේ හොඳ වැටහීම) කෙසේ නම් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවිද? නියත වශයෙන්ම (අපගේ) පැහැදිලි දූතයා (ඊට පෙර) ඔවුන් වෙත පැමිණම ඇත්තේය
Surah Ad-Dukhan, Verse 13


ثُمَّ تَوَلَّوۡاْ عَنۡهُ وَقَالُواْ مُعَلَّمٞ مَّجۡنُونٌ

එහෙත් ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර, (ඒ ගැන “මොහු) කවුරුන් විසින් හෝ උගන්වනු ලැබූ පිස්සෙකි” යයි පැවසූහ
Surah Ad-Dukhan, Verse 14


إِنَّا كَاشِفُواْ ٱلۡعَذَابِ قَلِيلًاۚ إِنَّكُمۡ عَآئِدُونَ

ඇත්තෙන්ම (ඔබ වැටහීමක් ගනු ඇතැයි) එම දඬුවමෙන් (පසුද) ටික (කලකට) පහ කර හැරියෙමු. (එහෙත්) නියත වශයෙන්ම ඔබ (පාපයන් කිරීමටම) නැවත උත්සාහ කරන්නෙහුය
Surah Ad-Dukhan, Verse 15


يَوۡمَ نَبۡطِشُ ٱلۡبَطۡشَةَ ٱلۡكُبۡرَىٰٓ إِنَّا مُنتَقِمُونَ

ඉතාමත් තදින් අපි අල්ලා ගනු ලබන එදිනදී නියත වශයෙන්ම (ඔවුන් වෙත) අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු
Surah Ad-Dukhan, Verse 16


۞وَلَقَدۡ فَتَنَّا قَبۡلَهُمۡ قَوۡمَ فِرۡعَوۡنَ وَجَآءَهُمۡ رَسُولٞ كَرِيمٌ

මොවුන්ට පෙරද ෆිර්අව්න්ගේ ජනයාව නියත වශයෙන්ම පිරික්සුවෙමු. ඔවුන් වෙත (අපගේ) ගෞරවණීය දූතයෙකු පැමිණියේය
Surah Ad-Dukhan, Verse 17


أَنۡ أَدُّوٓاْ إِلَيَّ عِبَادَ ٱللَّهِۖ إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

(පැමිණි ඔහු) “අල්ලාහ්ගේ වහලූන් (වන ඉස්රායීල පරම්පරාවේ දරුවන්)ව මා වෙත බාර දෙනු. නියත වශයෙන්ම මා (දෙවියන් වෙතින්) ඔබ වෙත පැමිණ ඇති විශ්වාසවන්ත දුතයෙකි
Surah Ad-Dukhan, Verse 18


وَأَن لَّا تَعۡلُواْ عَلَى ٱللَّهِۖ إِنِّيٓ ءَاتِيكُم بِسُلۡطَٰنٖ مُّبِينٖ

අල්ලාහ්ට ඔබ වෙනස්කම් නොකරනු. නියත වශයෙන්ම මා ඔබ වෙත පැහැදිලි සාධකයක් ගෙනැවිත් ඇත්තෙමි” (යයි පැවසුවේය. එයට ඔවුන් “අපි ඔබව ගල් වලින් ගසා මරා දමන්නෙමු” යයි පැවසූහ)
Surah Ad-Dukhan, Verse 19


وَإِنِّي عُذۡتُ بِرَبِّي وَرَبِّكُمۡ أَن تَرۡجُمُونِ

(එයට මූසා) “මාව ඔබ ගල්වලින් ගසා මරා නොදමන ලෙසට මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද (වන අල්ලාහ් වෙතින්) නියත වශයෙන්ම මා ආරක්ෂාව පතන්නෙමි” (යයි කීවේය)
Surah Ad-Dukhan, Verse 20


وَإِن لَّمۡ تُؤۡمِنُواْ لِي فَٱعۡتَزِلُونِ

“ඔබ මාව විශ්වාස නොකළහොත් මාව අත්හැර දමා ඈත් වනු” (යයිද පවසා)
Surah Ad-Dukhan, Verse 21


فَدَعَا رَبَّهُۥٓ أَنَّ هَـٰٓؤُلَآءِ قَوۡمٞ مُّجۡرِمُونَ

තම දෙවියන්ට “නියත වශයෙන්ම මොවුන් පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටින්නාහ” යයි පැවසූහ
Surah Ad-Dukhan, Verse 22


فَأَسۡرِ بِعِبَادِي لَيۡلًا إِنَّكُم مُّتَّبَعُونَ

(එයට දෙවියන්) “ඔබ (ඉස්රායීල්වරුන් වන) මගේ වහලූන්ව රාත්‍රියේදීම කැඳවාගෙන පිටත්ව යනු. එහෙත් නියත වශයෙන්ම ඔවුන් ඔබ පසුපස ලූහුබැඳ එනු ඇත
Surah Ad-Dukhan, Verse 23


وَٱتۡرُكِ ٱلۡبَحۡرَ رَهۡوًاۖ إِنَّهُمۡ جُندٞ مُّغۡرَقُونَ

(ඔබට යාම සඳහා දෙබෑ කරන ලද) මුහුද ඒසේ තිබියදීම (ඔබ මුහුද තරනය කර) හරිනු. නියත වශයෙන්ම ඔවුන්ගේ හමුදා (සියල්ල මුහුදෙහි) ගිල්වා දමනු ලබන්නාහ” (යයි පවසා, ගිල්වා දැමුවේය)
Surah Ad-Dukhan, Verse 24


كَمۡ تَرَكُواْ مِن جَنَّـٰتٖ وَعُيُونٖ

(ඔවුන්) කොපමණදෝ උයන් වතුද, දිය දහරාද
Surah Ad-Dukhan, Verse 25


وَزُرُوعٖ وَمَقَامٖ كَرِيمٖ

(කොපමණදෝ) ගොවිතැන්ද, උසස් ගෙවල්ද, අත්හැර දමා ගියහ
Surah Ad-Dukhan, Verse 26


وَنَعۡمَةٖ كَانُواْ فِيهَا فَٰكِهِينَ

ඔවුන් සුවය විඳිමින් තිබූ (කොපමණදෝ) සුඛෝපභෝගී වස්තූන්ද (අත්හැර දමා ගියහ)
Surah Ad-Dukhan, Verse 27


كَذَٰلِكَۖ وَأَوۡرَثۡنَٰهَا قَوۡمًا ءَاخَرِينَ

මේ අන්දමටම (සිදු විය). ඒවා වෙනත් ජනතාවන් උරුමක්කාරයන් බවට පත් කළෙමු
Surah Ad-Dukhan, Verse 28


فَمَا بَكَتۡ عَلَيۡهِمُ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ وَمَا كَانُواْ مُنظَرِينَ

(විනාශ වී ගිය) ඔවුන් ගැන අහස් හෝ භූමිය හෝ (කිසිවක් දුක් වී) හැඬුවේ නැත! (බේරීමටද) ඔවුන්ට අවකාශයක් ලබා දෙනු ලැබුවේ නැත
Surah Ad-Dukhan, Verse 29


وَلَقَدۡ نَجَّيۡنَا بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنَ ٱلۡعَذَابِ ٱلۡمُهِينِ

ෆිර්අව්න් දුන් අවමන් ගෙන දෙන දඬුවමෙන් ඉස්රායීල පරම්පරාවේ දරුවන්ව ඇත්තෙන්ම අපි බේරා ගත්තෙමු
Surah Ad-Dukhan, Verse 30


مِن فِرۡعَوۡنَۚ إِنَّهُۥ كَانَ عَالِيٗا مِّنَ ٱلۡمُسۡرِفِينَ

නියත වශයෙන්ම ඔහු නම්, සීමාව ඉක්මවා (වේදනා ගෙන දෙන්නෙකු) වශයෙන් සිටියේය
Surah Ad-Dukhan, Verse 31


وَلَقَدِ ٱخۡتَرۡنَٰهُمۡ عَلَىٰ عِلۡمٍ عَلَى ٱلۡعَٰلَمِينَ

(මෙසේ ෆිර්අව්න්ව ගිල්වා දැමූ පසු, ඉස්රායීල පරම්පරාවේ දරුවන් වන) ඔවුන්ව දැනගෙනම, ලෝකවාසී සියල්ලන්ගෙන්ම තෝරා ගත්තෙමු
Surah Ad-Dukhan, Verse 32


وَءَاتَيۡنَٰهُم مِّنَ ٱلۡأٓيَٰتِ مَا فِيهِ بَلَـٰٓؤٞاْ مُّبِينٌ

තවද ඔවුන්ට (මන්නු, සල්වා වැනි විවිධ) සාධකයන්ද අපි ලබා දුන්නෙමු. ඒවායෙන් ඔවුන්ට ඉමහත් පිරික්සුමක් තිබුණි
Surah Ad-Dukhan, Verse 33


إِنَّ هَـٰٓؤُلَآءِ لَيَقُولُونَ

(එහෙත්) නියත වශයෙන්ම (මක්කාවාසී කාෆිර්වරුන් වන) මොවුන් මෙසේ පැවසූහ
Surah Ad-Dukhan, Verse 34


إِنۡ هِيَ إِلَّا مَوۡتَتُنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُنشَرِينَ

“(මෙලොවදී) අපි මරණයට පත් වන මෙම මරණය හැර, වෙන කිසිවක් නැත. (මරණයට පත් වූ පසු) අපට පණ දී නැගිට්ටවනු නොලබන්නෙමු” (යයි පවසන අතර)
Surah Ad-Dukhan, Verse 35


فَأۡتُواْ بِـَٔابَآئِنَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

(විශ්වාසවන්තයි-න්ට) “ඔබ ඇත්ත කියන්නන් වන්නෙහු නම්, (මිය ගිය) අපගේ මුතුන් මිත්තන්ව ගෙන එනු” (යයි පැවසූහ)
Surah Ad-Dukhan, Verse 36


أَهُمۡ خَيۡرٌ أَمۡ قَوۡمُ تُبَّعٖ وَٱلَّذِينَ مِن قَبۡلِهِمۡ أَهۡلَكۡنَٰهُمۡۚ إِنَّهُمۡ كَانُواْ مُجۡرِمِينَ

(නබියේ!) මොවුන් උසස්වන්තයින්ද? නැතහොත් (දකුණු අරාබියාවේ ඇති යෙමන් රාජ වංශයේ වූ) තුබ්බඋ නමැති ජනතාවද, ඔවුන්ට පෙර විසූ අයද, උසස්වන්තයින් වන්නේ? ඔවුන්ව පවා අපි විනාශ කර දැමුවෙමු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන්නන් වශයෙන්ම සිටියහ
Surah Ad-Dukhan, Verse 37


وَمَا خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا لَٰعِبِينَ

අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයද, සෙල්ලමකට අපි උත්පාදනය කළේ නැත
Surah Ad-Dukhan, Verse 38


مَا خَلَقۡنَٰهُمَآ إِلَّا بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

(නියත වශයෙන්ම) නියමිත හේතුවක් සඳහාම මිස, මේවා අපි උත්පාදනය කළේ නැත. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත
Surah Ad-Dukhan, Verse 39


إِنَّ يَوۡمَ ٱلۡفَصۡلِ مِيقَٰتُهُمۡ أَجۡمَعِينَ

නියත වශයෙන්ම (සාධාරණ) විනිශ්චය දිනයම ඔවුන් සියල්ලන්ටම (නියමිත) කාල අවකාශය වන්නේය
Surah Ad-Dukhan, Verse 40


يَوۡمَ لَا يُغۡنِي مَوۡلًى عَن مَّوۡلٗى شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ

එදිනදී එක් මිතුරෙකු තවත් මිතුරෙකුට කිසිම (උදව්වක් කර) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. තවද ඔවුන් උදව් කරනු ලබන්නේද නැත
Surah Ad-Dukhan, Verse 41


إِلَّا مَن رَّحِمَ ٱللَّهُۚ إِنَّهُۥ هُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

(එහෙත්) කවුරුන් කෙරෙහි අල්ලාහ් දයාව පහළ කළේද, ඔවුන් හැර. (ඔවුන්ට සියලූ උදව් උපකාරද ලැඛෙනු ඇත). නියත වශයෙන්ම ඔහු (සියල්ලන්ටම වඩා) ශ්‍රේෂ්ඨයෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය
Surah Ad-Dukhan, Verse 42


إِنَّ شَجَرَتَ ٱلزَّقُّومِ

නියත වශයෙන්ම (නිරයෙහි ඇති) සක්කුම් නමැති ගසම
Surah Ad-Dukhan, Verse 43


طَعَامُ ٱلۡأَثِيمِ

පාපතරයින්ගේ ආහාරය වන්නේය
Surah Ad-Dukhan, Verse 44


كَٱلۡمُهۡلِ يَغۡلِي فِي ٱلۡبُطُونِ

(එය) උතුරා දිය වන තඹ මෙන් (ඔවුන්ගේ) කුසෙහි උතුරනු ඇත
Surah Ad-Dukhan, Verse 45


كَغَلۡيِ ٱلۡحَمِيمِ

උණු දිය උතුරන්නාක් මෙන් (එය පෙන මෙන් උතුරා යනු ඇත)
Surah Ad-Dukhan, Verse 46


خُذُوهُ فَٱعۡتِلُوهُ إِلَىٰ سَوَآءِ ٱلۡجَحِيمِ

“ඔවුන්ව අල්ලා ඇදගෙන නිරය මැදට ගෙන යනු
Surah Ad-Dukhan, Verse 47


ثُمَّ صُبُّواْ فَوۡقَ رَأۡسِهِۦ مِنۡ عَذَابِ ٱلۡحَمِيمِ

ඔවුන්ගේ හිසට උඩින් උතුරා (නටන) වතුර වත් කර දඬුවම් කරනු!” (යයි කියනු ලබන අතර, ඔවුන්ට සමච්චලයෙන්)
Surah Ad-Dukhan, Verse 48


ذُقۡ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡكَرِيمُ

“නියත වශයෙන්ම ඔබ ඉතාමත් ගෞරවණීය හා වැදගත් අයයි
Surah Ad-Dukhan, Verse 49


إِنَّ هَٰذَا مَا كُنتُم بِهِۦ تَمۡتَرُونَ

එබැවින් ඔබ (මෙම දඬුවම පොඩියක්) විඳ බලනු. නියත වශයෙන්ම මෙයම ඔබ සැක කරමින් සිටි දැයයි” (යයිද කියනු ලැබේ)
Surah Ad-Dukhan, Verse 50


إِنَّ ٱلۡمُتَّقِينَ فِي مَقَامٍ أَمِينٖ

භය භක්තිකයින් නම්, නියත වශයෙන්ම බියෙන් තොර ස්ථානයක, එයත් ස්වර්ගයන්හි
Surah Ad-Dukhan, Verse 51


فِي جَنَّـٰتٖ وَعُيُونٖ

(උද්‍යානයන්හි), උල්පත් අතරේද
Surah Ad-Dukhan, Verse 52


يَلۡبَسُونَ مِن سُندُسٖ وَإِسۡتَبۡرَقٖ مُّتَقَٰبِلِينَ

ඉතාමත් සිහින් හා ශක්තිමත් වූ (ඔවුන් කැමැත්තක් දක්වන) පට ඇඳුම් හැඳ, කෙනෙකුට කෙනෙකු මුහුණට මුහුණ ලා (වාඩි වී ඉතාමත් සතුටින් කතා බස් කරමින්) සිටිනු ඇත
Surah Ad-Dukhan, Verse 53


كَذَٰلِكَ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ

මෙසේම (සැකයෙන් තොරව සිදු වනු ඇත). තවද හූරුල්ඊන් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ද අපි ඔවුන්ට විවාහ කර තබන්නෙමු
Surah Ad-Dukhan, Verse 54


يَدۡعُونَ فِيهَا بِكُلِّ فَٰكِهَةٍ ءَامِنِينَ

බිය නොමැත්තන් වශයෙන් (ඔවුන් කැමති) පලතුරු වර්ගද, එහිදී ඉල්ලා (ගෙන අනුභව) කරමින්ද සිටින්නාහ
Surah Ad-Dukhan, Verse 55


لَا يَذُوقُونَ فِيهَا ٱلۡمَوۡتَ إِلَّا ٱلۡمَوۡتَةَ ٱلۡأُولَىٰۖ وَوَقَىٰهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ

පළමු මරණය මිස, එහි ඔවුන් වෙන කිසිම මරණයක් විඳින්නේ නැත. (එනම් නොමැරී සදාකල් ජීවත්ව සිටින්නාහ). එබැවින් ඔවුන්ව නිරා දඬුවමෙන් (දෙවියන්) බේරා ගත්තේය
Surah Ad-Dukhan, Verse 56


فَضۡلٗا مِّن رَّبِّكَۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

(නබියේ! මෙය) ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයකි. මෙය අති විශාල භාග්‍යයකි
Surah Ad-Dukhan, Verse 57


فَإِنَّمَا يَسَّرۡنَٰهُ بِلِسَانِكَ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ

(නබියේ!) ඔවුන් (දැනගෙන) හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිසම මෙය (මෙම ධර්මය), අපි ඔබගේ භාෂාවෙන් පහසු කර ඇත්තෙමු
Surah Ad-Dukhan, Verse 58


فَٱرۡتَقِبۡ إِنَّهُم مُّرۡتَقِبُونَ

(මෙමගින් ඔවුන් හොඳ වැටහීමක් ලබා නොගතහොත් ඔවුන්ට පැමිණිය හැකි විපත) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන්ද බලාපොරොත්තුවෙන්ම සිටිනු ඇත
Surah Ad-Dukhan, Verse 59


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 43
>> Surah 45

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai