Surah Az-Zukhruf - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
حمٓ
හා. මීම්
Surah Az-Zukhruf, Verse 1
وَٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ
පැහැදිලි මෙම ධර්මය මත සත්තකින්ම
Surah Az-Zukhruf, Verse 2
إِنَّا جَعَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ
(මක්කාවාසීනී!) ඔබ (පහසුවෙන්) දැන ගැනීම පිණිසම මෙම කුර්ආනය (ඔබ කතා කරන ඔබගේ) අරාබි භාෂාවෙන් සැලැස්සුවෙමු
Surah Az-Zukhruf, Verse 3
وَإِنَّهُۥ فِيٓ أُمِّ ٱلۡكِتَٰبِ لَدَيۡنَا لَعَلِيٌّ حَكِيمٌ
නියත වශයෙන්ම මෙය අප වෙත ඇති (ලව්හුල්මහ්ෆූල් නමැති) මව් ග්‍රන්ථයෙහි (සටහන් කරනු ලැබ) ඇත්තේය. (මෙය ධර්මයන්ගෙන්) ඉතාමත් උසස් හා ඥානයෙන් පිරි එකක් වන්නේය
Surah Az-Zukhruf, Verse 4
أَفَنَضۡرِبُ عَنكُمُ ٱلذِّكۡرَ صَفۡحًا أَن كُنتُمۡ قَوۡمٗا مُّسۡرِفِينَ
ඔබ සීමාව ඉක්මවා ගිය ජනතාවක් බවට පත් වූවෙහුය යන්න සඳහා (ඔබට හොඳ ඔවදන් දෙන ධර්මයෙහි) මතක් කිරීම ඔබගෙන් ඈත්ව අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර හරින්නෙමුද
Surah Az-Zukhruf, Verse 5
وَكَمۡ أَرۡسَلۡنَا مِن نَّبِيّٖ فِي ٱلۡأَوَّلِينَ
(ඔබ වැනි සීමාව ඉක්මවා ගිය ඔබගේ) පෙර විසූ අයගෙන්ද, අපි කොපමණදෝ නබිවරුන්ව යවා ඇත්තෙමු
Surah Az-Zukhruf, Verse 6
وَمَا يَأۡتِيهِم مِّن نَّبِيٍّ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
එහෙත් ඔවුන් වෙත කුමන නබිවරයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත
Surah Az-Zukhruf, Verse 7
فَأَهۡلَكۡنَآ أَشَدَّ مِنۡهُم بَطۡشٗا وَمَضَىٰ مَثَلُ ٱلۡأَوَّلِينَ
මොවුන්ට වඩා ඉතාමත් ශක්තිසම්පන්-නයන් වන ඔවුන් සියල්ලන්ම (ඔවුන්ගේ පාපයන්හි හේතුවෙන්) අපි විනාශ කර දැමුවෙමු. (මීට) පෙර ඉකුත්ව ගිය අයගෙන් (මෙවැනි) උදාහරණයන් (කළින්) ඉකුත්ව ගියේය
Surah Az-Zukhruf, Verse 8
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ خَلَقَهُنَّ ٱلۡعَزِيزُ ٱلۡعَلِيمُ
“අහස්ද, භූමියද උත්පාදනය කළේ කවරෙක්ද?”යි ඔබ ඔවුන්ගෙන් විමසන විට, (සියල්ලටම) ශ්‍රේෂ්ටයෙකු හා ඥානවන්තයෙකු (වන අල්ලාහ්)ම ඒවා උත්පාදනය කළේය යයි නියත වශයෙන්ම ඔවුන් (පිළිතුරු) දෙනු ඇත. (මෙය දැන සිටියදී ඔහුට වෙනස්කම් කරන්නාහ)
Surah Az-Zukhruf, Verse 9
ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ مَهۡدٗا وَجَعَلَ لَكُمۡ فِيهَا سُبُلٗا لَّعَلَّكُمۡ تَهۡتَدُونَ
ඔහුම භූමිය ඔබට යහනාවක් බවට පත් කර, එහි ඔබ (කැමති තැනකට) යනු පිණිස මාර්ගයන්ද නිර්මාණය කළේය
Surah Az-Zukhruf, Verse 10
وَٱلَّذِي نَزَّلَ مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَنشَرۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ تُخۡرَجُونَ
ඔහුම වලාකුළෙන් වර්ෂාව සීමා සහිත ප්‍රමාණයෙන් පහළ කරන්නේය. (මෙසේ කරන අල්ලාහ් වන) අපිම පසුව එමගින් මැරී වියළී ගිය භූමියට පණ දෙන්නෙමු. මෙසේම ඔබත් (මරණයට පත් වූ පසු සොහොන්වලින් පණ දී) ඉකුත් කරනු ලබන්නෙහුය
Surah Az-Zukhruf, Verse 11
وَٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا وَجَعَلَ لَكُم مِّنَ ٱلۡفُلۡكِ وَٱلۡأَنۡعَٰمِ مَا تَرۡكَبُونَ
ඔහුම සියලූ දැය (පිරිමි ගැහැනු මිශ්‍රව) ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කළේය. තවද නැව්ද ඔබ නැග යා හැකි සතුන්ද ඔබ වෙනුවෙන් නිර්මාණය කළේය
Surah Az-Zukhruf, Verse 12
لِتَسۡتَوُۥاْ عَلَىٰ ظُهُورِهِۦ ثُمَّ تَذۡكُرُواْ نِعۡمَةَ رَبِّكُمۡ إِذَا ٱسۡتَوَيۡتُمۡ عَلَيۡهِ وَتَقُولُواْ سُبۡحَٰنَ ٱلَّذِي سَخَّرَ لَنَا هَٰذَا وَمَا كُنَّا لَهُۥ مُقۡرِنِينَ
ඒවායේ පිට කොන්ද මත ඔබ (නැග) වාඩි වීම සඳහා, ඒ මත ඔබ (තෘප්තිමත්ව වන අන්දමට) වාඩි වුවහොත් ඔබගේ දෙවියන් පහළ කළ මෙම වරප්‍රසාදය මතක් කර, (මේ වෙනුවෙන් ඔබ ඔහුව නැමද) “මේ මත (නැගීමට) ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටි අපට මෙය වසඟ කර දුන් අය ඉතාමත් පරිශුද්ධවන්තයෙකි” යයිද
Surah Az-Zukhruf, Verse 13
وَإِنَّآ إِلَىٰ رَبِّنَا لَمُنقَلِبُونَ
“නියත වශයෙන්ම අපි අපගේ දෙවියන් වෙතම ආපසු යන්නෙමු” යයිද පවසනු මැනව
Surah Az-Zukhruf, Verse 14
وَجَعَلُواْ لَهُۥ مِنۡ عِبَادِهِۦ جُزۡءًاۚ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ مُّبِينٌ
(සමානයන් තබා නමදින) ඔවුන් ඔහුගේ වහලූන්ගෙන් (වූ මලායිකාවරුන්-ගෙන්) එක් පාර්ශවයක් ඔහුට (ගැහැනු දරුවන්) බවට පත් කරන්නාහ. නියත වශයෙන්ම (මෙසේ පවසන) මිනිසා ප්‍රසිද්ධියේම ඉමහත් ගුණමකු අය වන්නේය
Surah Az-Zukhruf, Verse 15
أَمِ ٱتَّخَذَ مِمَّا يَخۡلُقُ بَنَاتٖ وَأَصۡفَىٰكُم بِٱلۡبَنِينَ
(දෙවියන්) තමන් උත්පාදනය කළ (මලායිකාවරුන් වන) මොවුන්ව (තමන්ට) ගැහැනු දරුවන් වශයෙන් ඇර ගෙන (තමන්ට වඩා ඔබව ගෞරව කිරීම සඳහා) ඔබට පිරිමි දරුවන්ව ලබා දුන්නේද
Surah Az-Zukhruf, Verse 16
وَإِذَا بُشِّرَ أَحَدُهُم بِمَا ضَرَبَ لِلرَّحۡمَٰنِ مَثَلٗا ظَلَّ وَجۡهُهُۥ مُسۡوَدّٗا وَهُوَ كَظِيمٌ
රහ්මාන්ට ඔවුන් උපමා කරන දැය (ගැහැනු දරුවා) මගින් ඔවුන්ගෙන් කෙනෙකුට (ඉපදුණ බවට) සුභාරංචි කියනු ලැබුවහොත් (ගැහැනු දරුවන්ව අවමානයෙන් යුතුව අදහස් කරන) ඔහුට ඇති වන කෝපයෙන් ඔහුගේ මුහුණ කළු වී යන්නේය
Surah Az-Zukhruf, Verse 17
أَوَمَن يُنَشَّؤُاْ فِي ٱلۡحِلۡيَةِ وَهُوَ فِي ٱلۡخِصَامِ غَيۡرُ مُبِينٖ
කිමෙක්ද! තම කාරණාව පැහැදිලිව ගෙනහැර දැක්වීමට ශක්තියක් නැතිව ආභරණයෙන්ද, (හැඩ ගැන්වීමෙන්ද) වැඩී එන, (කාන්තාවන් වන) ඔවුන්වද (ඔහුට දරුවන් යයි පවසන්නේ)
Surah Az-Zukhruf, Verse 18
وَجَعَلُواْ ٱلۡمَلَـٰٓئِكَةَ ٱلَّذِينَ هُمۡ عِبَٰدُ ٱلرَّحۡمَٰنِ إِنَٰثًاۚ أَشَهِدُواْ خَلۡقَهُمۡۚ سَتُكۡتَبُ شَهَٰدَتُهُمۡ وَيُسۡـَٔلُونَ
තවද රහ්මාන්ගේ වහලූන් වන මලායිකාවරුන්ව කාන්තාවන් යයි පවසනවා නොවෙද! (අපි) ඔවුන්ව උත්පාදනය කරන අවස්ථාවේදී මොවුන් (අප සමග සිටිමින්) බලාගෙන සිටියෙහුද? මොවුන් (බොරුවට මනක්කල්පිත කර) පවසන මේ සියල්ල (අපගේ සටහන් පොතෙහි) ලියනු ලැබ (ඒ ගැන) ප්‍රශ්න කරනු ලබන්නාහ
Surah Az-Zukhruf, Verse 19
وَقَالُواْ لَوۡ شَآءَ ٱلرَّحۡمَٰنُ مَا عَبَدۡنَٰهُمۗ مَّا لَهُم بِذَٰلِكَ مِنۡ عِلۡمٍۖ إِنۡ هُمۡ إِلَّا يَخۡرُصُونَ
තවද “රහ්මාන් අදහස් කර තිබුනේ නම්, (ඔහු හැර) අපි ඔවුන්ව නැමද නොසිටින්නෙමු” යයිද ඔවුන් පවසන්නාහ. ඔවුන්ට මේ ගැන කිසිම දැනුමක් නැත. ඔවුන් පුහු මනක්කල්පිත කරන්නන් මිස, වෙන කිසිවක් නොව
Surah Az-Zukhruf, Verse 20
أَمۡ ءَاتَيۡنَٰهُمۡ كِتَٰبٗا مِّن قَبۡلِهِۦ فَهُم بِهِۦ مُسۡتَمۡسِكُونَ
නැතහොත් (ඔවුන් පවසන අන්දමට ඇති) කිසියම් ධර්මයක් මීට පෙර අපි ඔවුන්ට ලබා දී තිබී, එය ඔවුන් මෙයට සාධකයක් වශයෙන් තබාගෙන ඇත්තෙහුද
Surah Az-Zukhruf, Verse 21
بَلۡ قَالُوٓاْ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّهۡتَدُونَ
නැත. මොවුන් (තමන්ට සාධකයක් වශයෙන්) පවසන දැය නම්, “අපි අපගේ මුතුන් මිත්තන්ව එක් මාර්ගයක දුටුවෙමු. ඔවුන්ගේ පා සටහන් අනුගමනය කරමින්ම අපි ගමන් කරන්නෙමු” යනුවෙනි
Surah Az-Zukhruf, Verse 22
وَكَذَٰلِكَ مَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي قَرۡيَةٖ مِّن نَّذِيرٍ إِلَّا قَالَ مُتۡرَفُوهَآ إِنَّا وَجَدۡنَآ ءَابَآءَنَا عَلَىٰٓ أُمَّةٖ وَإِنَّا عَلَىٰٓ ءَاثَٰرِهِم مُّقۡتَدُونَ
මෙසේම ඔබට පෙරද අපි (අපගේ) දූතයාව කුමන රටවැසියන් වෙත යැව්වෙමුද, ඔවුන්ගෙන් සැප පහසුවෙන් ජීවත් වූ අය “නියත වශයෙන්ම අපි අපගේ මුතුන් මිත්තන්ව එක් මාර්ගයක දුටුවෙමු. නියත වශයෙන්ම ඔවුන්ගේ පා සටහන් ඔස්සේම අනුගමනය කරමින්ම යන්නෙමු” යයි නොකියා සිටියේ නැත
Surah Az-Zukhruf, Verse 23
۞قَٰلَ أَوَلَوۡ جِئۡتُكُم بِأَهۡدَىٰ مِمَّا وَجَدتُّمۡ عَلَيۡهِ ءَابَآءَكُمۡۖ قَالُوٓاْ إِنَّا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ كَٰفِرُونَ
(එයට එම දූතයින් ඔවුන්ට) “ඔබගේ මුතුන් මිත්තන් කුමක් මත සිටිනු ඔබ දුටුවෙහුද, ඊටත් වඩා ඍජු මාර්ගය මා ඔබ වෙත ගෙනැවිත් සිටියදීද, (ඔබගේ මුතුන් මිත්තන්ව ඔබ අනුගමනය කරන්නේ)?” යයි විමසූහ. එයට ඔවුන් “(එසේය! ඔවුන්වම අපි අනුගමනය කරන අතර) ඔබ ගෙන ආ දැයද නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පැවසූහ
Surah Az-Zukhruf, Verse 24
فَٱنتَقَمۡنَا مِنۡهُمۡۖ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ
එබැවින් අපි ඔවුන්ගෙන් පළි ගත්තෙමු. (නබියේ! අපගේ දූතයින්ව) බොරු කරමින් සිටි අයගේ අවසානය කෙසේ වූවේද යන්න ඔබ අවධානය කර බලනු
Surah Az-Zukhruf, Verse 25
وَإِذۡ قَالَ إِبۡرَٰهِيمُ لِأَبِيهِ وَقَوۡمِهِۦٓ إِنَّنِي بَرَآءٞ مِّمَّا تَعۡبُدُونَ
(නබියේ!) ඉබ්රාහීම් තමන්ගේ පියාටද, ජනයාටද, පැවසූ දැය ගැන සිතා බලනු. “නියත වශයෙන්ම මා ඔබ නමදින දැයෙන් ඈත්වූවෙමි”
Surah Az-Zukhruf, Verse 26
إِلَّا ٱلَّذِي فَطَرَنِي فَإِنَّهُۥ سَيَهۡدِينِ
“කවුරුන් මාව උත්පාදනය කළේද, ඔහු හැරය. (ඔහුවම මා නමදින්නෙමි). නියත වශයෙන්ම ඔහුම මා හට ඍජු මාර්ගය දැනුම් දෙනු ඇත” (යයිද පැවසුවේය)
Surah Az-Zukhruf, Verse 27
وَجَعَلَهَا كَلِمَةَۢ بَاقِيَةٗ فِي عَقِبِهِۦ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
එබැවින් (ඔහුගේ පරම්පරාවේ දරුවන් වන මෙම අරාබිවරුන්ද අප වෙතම) ආපසු එනු පිණිස, ඔහු තමන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් මෙය, (මෙම ප්‍රතිපත්තිය) ස්ථීර වූ පොරොන්දුවක් බවට පත් කළේය
Surah Az-Zukhruf, Verse 28
بَلۡ مَتَّعۡتُ هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ جَآءَهُمُ ٱلۡحَقُّ وَرَسُولٞ مُّبِينٞ
නමුත් (ඔහුගේ පරම්පරාවේ දරුවන් වන මෙම අරාබිවරුන් නම්, තමන්ගේ පියා වන ඉබ්රාහිම්ගේ හොඳ ඔවදන් අමතක කර, පිළිරූ ආරාධනාවෙහි යෙදුනාහ. එසේ තිබියදී) මොවුන් වෙත (මෙම ධර්මය වන) සත්‍යයද, පැහැදිලි (මගේ මෙම) දූතයාද පැමිණෙන තුරු මොවුන්වද, මොවුන්ගේ මුතුන් මිත්තන්වද, (දඬුවම් නොකර මෙලොවදී) සුවය විඳින ලෙසටම මා අත්හැර දැමුවෙමි
Surah Az-Zukhruf, Verse 29
وَلَمَّا جَآءَهُمُ ٱلۡحَقُّ قَالُواْ هَٰذَا سِحۡرٞ وَإِنَّا بِهِۦ كَٰفِرُونَ
මොවුන් වෙත මෙම සත්‍ය (ධර්මය) පැමිණි විට, මොවුන් “මෙය සුනියමකි. නියත වශයෙන්ම අපි මෙය ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පවසන්නාහ
Surah Az-Zukhruf, Verse 30
وَقَالُواْ لَوۡلَا نُزِّلَ هَٰذَا ٱلۡقُرۡءَانُ عَلَىٰ رَجُلٖ مِّنَ ٱلۡقَرۡيَتَيۡنِ عَظِيمٍ
තවද “(තායිෆ්, මක්කා ආදී) මෙම නගරයන් දෙකෙහි ඇති යම්කිසි ලොකු මිනිහෙකු වෙත මෙම කුර්ආනය පහළ කර තිබිය යුතු නොවේද? (එසේ වූවේ නම්, අපි එය විශ්වාස කර ඇත්තෙමු)” යයිද පවසන්නාහ
Surah Az-Zukhruf, Verse 31
أَهُمۡ يَقۡسِمُونَ رَحۡمَتَ رَبِّكَۚ نَحۡنُ قَسَمۡنَا بَيۡنَهُم مَّعِيشَتَهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَرَفَعۡنَا بَعۡضَهُمۡ فَوۡقَ بَعۡضٖ دَرَجَٰتٖ لِّيَتَّخِذَ بَعۡضُهُم بَعۡضٗا سُخۡرِيّٗاۗ وَرَحۡمَتُ رَبِّكَ خَيۡرٞ مِّمَّا يَجۡمَعُونَ
(නබියේ!) ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් ඛෙදා දෙන අය ඔවුන් වන්නෙහුද? මෙලොව ජීවිතයෙහි ඔවුන්ගේ ජීවනෝපායට අවශ්‍යතාවයන් ඔවුන් අතරේ අපිම ඛෙදා දී, ඔවුන්ගේ සමහරකගේ පදවීන් සමහරෙකුට වඩා අපිම උසස් කළෙමු. ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව (සේවකයින් වශයෙන්) එක්කාසු කර ගැනීම සඳහා (නබිත්වය යයිද), ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන් නම්, ඔවුන් එක්කාසු කර ඇති වස්තූන්ට වඩා ඉතා උසස්ය. (එය ඔහු කැමති තම වහලූන්ටම ලබා දෙන්නේය)
Surah Az-Zukhruf, Verse 32
وَلَوۡلَآ أَن يَكُونَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ لَّجَعَلۡنَا لِمَن يَكۡفُرُ بِٱلرَّحۡمَٰنِ لِبُيُوتِهِمۡ سُقُفٗا مِّن فِضَّةٖ وَمَعَارِجَ عَلَيۡهَا يَظۡهَرُونَ
(මෙම ප්‍රතික්ෂේප කරන්නන්ගේ වස්තු සම්පත් දැක, ආශාවෙන් තොර) මිනිසුන් (සියල්ලන්ම ඔවුන් මෙන් ප්‍රතික්ෂේප කරන) එකම කොට්ඨාශයක් බවට පත් වන්නෙහු යන්න නොවන්නේ නම්, (අල්ලාහ් වන) රහ්මාන්ව ප්‍රතික්ෂේප කරන්නන්ගේ ගෙවල්වල මුදුන් වහලයද ඒ මත ඔවුන් නැග ගන්නා පඩි පෙළවල් පවා අපි රිදියෙන් නිර්මාණය කර හරින්නෙමු
Surah Az-Zukhruf, Verse 33
وَلِبُيُوتِهِمۡ أَبۡوَٰبٗا وَسُرُرًا عَلَيۡهَا يَتَّكِـُٔونَ
ඔවුන්ගේ නිවෙස්වල ෙදාරටුද, ඔවුන් හාන්සි වී සිටින යහනාවන් පවා (රිදියෙන්) නිර්මාණය කර ඇත්තෙමු
Surah Az-Zukhruf, Verse 34
وَزُخۡرُفٗاۚ وَإِن كُلُّ ذَٰلِكَ لَمَّا مَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَٱلۡأٓخِرَةُ عِندَ رَبِّكَ لِلۡمُتَّقِينَ
(රිදියෙන් කිමෙක්ද! මේවා) රත්තරනින්ම අලංකාර කර දමන්නෙමු. මන්දයත් මේවා සියල්ල මෙලොව ජීවිතයෙහි ඇති (විනාශ වී ගිය හැකි අල්ප) සුවයන් (සැප සම්පත්) මිස, වෙන කිසිවක් නැත. ඔබගේ දෙවියන් වෙත ඇති පරලොව (ජීවිතය) නම්, (ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක් වන්නේය. එය දෙවියන්ට) බිය වී කටයුතු කරන්නන්ටම අයත් වන්නේය
Surah Az-Zukhruf, Verse 35
وَمَن يَعۡشُ عَن ذِكۡرِ ٱلرَّحۡمَٰنِ نُقَيِّضۡ لَهُۥ شَيۡطَٰنٗا فَهُوَ لَهُۥ قَرِينٞ
කවුරුන් රහ්මාන්ගේ හොඳ ඔවදනින් ඈත්ව ඇස් පියාගෙන සිටින්නේද, ඔහුට අපි එක් ෂෙයිතාන්වරයෙකුව (මිතුරෙකු වශයෙන්) නියම කර හරින්නෙමු. ඔහු, ඔහුට කිසිදාක ඈත් නොවන මිතුරෙකු බවට පත් වන්නේය
Surah Az-Zukhruf, Verse 36
وَإِنَّهُمۡ لَيَصُدُّونَهُمۡ عَنِ ٱلسَّبِيلِ وَيَحۡسَبُونَ أَنَّهُم مُّهۡتَدُونَ
නියත වශයෙන්ම (ෂෙයිතාන් වන) ඒවාම ඔවුන්ව ඍජු මාර්ගයෙන් වළක්වා හරින්නාහ. එහෙත් ඔවුන් නම්, තමන් ඍජු මාර්ගයෙහි සිටින්නෝය යයිම අදහස් කර ගන්නාහ
Surah Az-Zukhruf, Verse 37
حَتَّىٰٓ إِذَا جَآءَنَا قَالَ يَٰلَيۡتَ بَيۡنِي وَبَيۡنَكَ بُعۡدَ ٱلۡمَشۡرِقَيۡنِ فَبِئۡسَ ٱلۡقَرِينُ
(අප වෙත පැමිණෙන තුරුම එසේ අදහස් කරමින් සිටිනු ඇත). ඔවුන් අප වෙත පැමිණියහොත් නම්, (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) “මටත් ඔබටත් අතරේ නැගෙනහිරටත් බටහිරටත් ඇති දුර ප්‍රමාණය තිබුනා නම් අගනේය නොවෙද?” යයිද “(අපව මාර්ගය වැරද යැවූ අපගේ) මෙම මිතුරා ඉතාමත් නපුරු කෙනෙකි” යයිද පවසනු ඇත
Surah Az-Zukhruf, Verse 38
وَلَن يَنفَعَكُمُ ٱلۡيَوۡمَ إِذ ظَّلَمۡتُمۡ أَنَّكُمۡ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
(එයට ඔවුන්ට) “ඔබ (සීමාව ඉක්මවා) අපරාධ කළ හේතුවෙන් අද දින ඔබට (කිසිවක්) ප්‍රයෝජනවත් වන්නේ නැත. නියත වශයෙන්ම ඔබ දඬුවම විඳීමෙහි (එම ෂෙයිතාන්වරුන්ට) හවුල්කරුවන්ය” (යයිද කියනු ලැබේ)
Surah Az-Zukhruf, Verse 39
أَفَأَنتَ تُسۡمِعُ ٱلصُّمَّ أَوۡ تَهۡدِي ٱلۡعُمۡيَ وَمَن كَانَ فِي ضَلَٰلٖ مُّبِينٖ
(නබියේ!) ඔබ බිහිරෙකුට සවන් දෙන ලෙසට සලස්වන්නෙහිද? නැතහොත් අන්ධයාවද, (මනස විකෘතිව) ප්‍රසිද්ධියේම දුර්මාර්ගයෙහි සිටින්නාවද ඍජු මාර්ගයෙහි ඔබ ඇතුළු කරන්නෙහිද
Surah Az-Zukhruf, Verse 40
فَإِمَّا نَذۡهَبَنَّ بِكَ فَإِنَّا مِنۡهُم مُّنتَقِمُونَ
(නබියේ! ඔවුන් අතරින්) ඔබව අපි ඇර ගත්තා වුවද, නියත වශයෙන්ම අපි ඔවුන් වෙත අනිවාර්යයෙන්ම පළි ගන්නෙමු
Surah Az-Zukhruf, Verse 41
أَوۡ نُرِيَنَّكَ ٱلَّذِي وَعَدۡنَٰهُمۡ فَإِنَّا عَلَيۡهِم مُّقۡتَدِرُونَ
නැතහොත් අපි ඔවුන්ට පොරොන්දු වූ දැය (දඬුවම) ඔබ, (ඔබගේ දැසින්) දකින ලෙසට පත් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි බලය ඇත්තෙකු වශයෙන්ම සිටින්නෙමු
Surah Az-Zukhruf, Verse 42
فَٱسۡتَمۡسِكۡ بِٱلَّذِيٓ أُوحِيَ إِلَيۡكَۖ إِنَّكَ عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙන ලද දැය ශක්තිමත් ලෙස අල්ලා ගනු (මැනව!) නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගයෙහිම සිටින්නෙහිය
Surah Az-Zukhruf, Verse 43
وَإِنَّهُۥ لَذِكۡرٞ لَّكَ وَلِقَوۡمِكَۖ وَسَوۡفَ تُسۡـَٔلُونَ
නියත වශයෙන්ම මෙය ඔබටත් ඔබගේ ජනයාටත් එක් හොඳ ඔවදනක් වන්නේය. (මෙහි ඇති අන්දමට ඔබ කටයුතු කළෙහුද යන්න ගැන) පසුව ඔබගෙන් ප්‍රශ්න කරනු ලබන්නෙහුය
Surah Az-Zukhruf, Verse 44
وَسۡـَٔلۡ مَنۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رُّسُلِنَآ أَجَعَلۡنَا مِن دُونِ ٱلرَّحۡمَٰنِ ءَالِهَةٗ يُعۡبَدُونَ
(නබියේ!) ඔබට පෙර අපි යැවූ අපගේ දූතයින් ගැන ඔබ විමසනු. නැමදුම් කරනු ලැබීමට රහ්මාන් හැර වෙන දෙවියෙකු අපි නිර්මාණය කළෙමුද
Surah Az-Zukhruf, Verse 45
وَلَقَدۡ أَرۡسَلۡنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ إِلَىٰ فِرۡعَوۡنَ وَمَلَإِيْهِۦ فَقَالَ إِنِّي رَسُولُ رَبِّ ٱلۡعَٰلَمِينَ
නියත වශයෙන්ම මූසාව, අපි අපගේ (විවිධ) ප්‍රාතිහාර්යයන් සමග ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “නියත වශයෙන්ම මා ලෝකයන් සියල්ලෙහි දෙවියන් විසින් යවන ලද එක් දූතයෙකි” යයි කීවේය
Surah Az-Zukhruf, Verse 46
فَلَمَّا جَآءَهُم بِـَٔايَٰتِنَآ إِذَا هُم مِّنۡهَا يَضۡحَكُونَ
ඔහු ඔවුන් වෙත අපගේ ප්‍රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේදී ඔවුන් ඒවා (අවමන් කර) සරදම් කිරීමට ආරම්භ කළහ
Surah Az-Zukhruf, Verse 47
وَمَا نُرِيهِم مِّنۡ ءَايَةٍ إِلَّا هِيَ أَكۡبَرُ مِنۡ أُخۡتِهَاۖ وَأَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ لَعَلَّهُمۡ يَرۡجِعُونَ
අපි ඔවුන්ට පෙන්වූ සෑම ප්‍රාතිහාර්යයක්ම එකකට එකක් ඉතාමත් විශාලවම තිබුණි. නැවතත් ඔවුන් (පාපයන්) වළක්වා හැරීමට (ආරම්භයේදීම විනාශ කර නොදමා පහසු) දඬුවම් මගින් (පමණක්) අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු
Surah Az-Zukhruf, Verse 48
وَقَالُواْ يَـٰٓأَيُّهَ ٱلسَّاحِرُ ٱدۡعُ لَنَا رَبَّكَ بِمَا عَهِدَ عِندَكَ إِنَّنَا لَمُهۡتَدُونَ
ඒ අවස්ථාවේදී ඔවුන් (මූසාට) “ඕ සූනියම්කාරයා! (ඔබගේ ප්‍රාර්ථනාව බාර ගන්නා බවට) ඔහු ඔබට ලබා දුන් පොරොන්දුව මගින් (මෙම දඬුවම පහ කර), අපට (දයාව පහළ කිරීම) සඳහා ඔබ, ඔබගේ දෙවියන්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනව! (එසේ පහ කර හැරියහොත්) නියත වශයෙන්ම අපි (ඔබගේ) ඍජු මාර්ගයට පැමිණෙන්නෙමු” යයි පැවසූහ
Surah Az-Zukhruf, Verse 49
فَلَمَّا كَشَفۡنَا عَنۡهُمُ ٱلۡعَذَابَ إِذَا هُمۡ يَنكُثُونَ
(එසේ මූසාද ප්‍රාර්ථනා කර), අපි ඔවුන්ගේ දඬුවම පහ කළ අවස්ථාවේදී නැවතත් ඔවුන් (තමන්ගේ පොරොන්දුව) කඩ කර දැමූහ
Surah Az-Zukhruf, Verse 50
وَنَادَىٰ فِرۡعَوۡنُ فِي قَوۡمِهِۦ قَالَ يَٰقَوۡمِ أَلَيۡسَ لِي مُلۡكُ مِصۡرَ وَهَٰذِهِ ٱلۡأَنۡهَٰرُ تَجۡرِي مِن تَحۡتِيٓۚ أَفَلَا تُبۡصِرُونَ
පසුව, ෆිර්අව්න් අපගේ ජනයා වෙත “මගේ ජනතාවෙනි! (මෙම) මිසරය (ඊජිප්තු රටේ) රාජ්‍යය මගේ නොවෙද? (එහි ඇති) මෙම (නයිල්) නදියේ (මෝය), මගේ (පාදය) යටින් ගලා බසිනු ඔබ දුටුවේ නැද්ද?”යි ප්‍රකාශයක් කළේය
Surah Az-Zukhruf, Verse 51
أَمۡ أَنَا۠ خَيۡرٞ مِّنۡ هَٰذَا ٱلَّذِي هُوَ مَهِينٞ وَلَا يَكَادُ يُبِينُ
නැතහොත් “(මූසා වන) දීනවූ මොහුට වඩා මා උසස් කෙනෙකු නොවෙද? පැහැදිලිව කතා කරන්නටද ඔහුට නොහැකිය නොවෙද!” (යයිද)
Surah Az-Zukhruf, Verse 52
فَلَوۡلَآ أُلۡقِيَ عَلَيۡهِ أَسۡوِرَةٞ مِّن ذَهَبٍ أَوۡ جَآءَ مَعَهُ ٱلۡمَلَـٰٓئِكَةُ مُقۡتَرِنِينَ
“(ඔහු අපට වඩා උසස් වශයෙන් සිටියහොත් පරිත්‍යාග වශයෙන්) ඔහුට රණ් වළලූ පැළඳවිය යුතු නොවේද? නැතහොත් ඔහු සමග මලායිකාවරුන් (ඒකරාශී වී) සේවක පිරිසක් වශයෙන් පැමිණිය යුතු නොවේද?” (යයිද පවසා)
Surah Az-Zukhruf, Verse 53
فَٱسۡتَخَفَّ قَوۡمَهُۥ فَأَطَاعُوهُۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ
ඔහු තමන්ගේ ජනයාව රවටා දැමුවේය. එබැවින් ඔවුන්ද ඔහුට අවනත වූහ. මන්දයත් ඔවුන් නියත වශයෙන්ම පාපයන් කරන (ගති ගුණයන්ගෙන් යුත්) ජනතාවක් වශයෙන් සිටියහ
Surah Az-Zukhruf, Verse 54
فَلَمَّآ ءَاسَفُونَا ٱنتَقَمۡنَا مِنۡهُمۡ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ
(මෙසේ ඔවුන්) අපව කෝපයට පත් කළ විට, ඔවුන්ගෙන් අපි පළි ගත්තෙමු. තවද ඔවුන් සියල්ලන්වම ගිල්වා දැමුවෙමු
Surah Az-Zukhruf, Verse 55
فَجَعَلۡنَٰهُمۡ سَلَفٗا وَمَثَلٗا لِّلۡأٓخِرِينَ
තවත් ඔවුන්ව (විනාශ වී) ගිය ජනතාවක් බවට පත් කර, (ඔවුන්ගේ ඉතිහාසය) පසු කාලයක පැමිණෙන්නන්ට උදාහරණයක් බවට පත් කළෙමු
Surah Az-Zukhruf, Verse 56
۞وَلَمَّا ضُرِبَ ٱبۡنُ مَرۡيَمَ مَثَلًا إِذَا قَوۡمُكَ مِنۡهُ يَصِدُّونَ
(නබියේ!) මර්යම්ගේ පුතාව උදාහරණයක් බවට පවසනු ලැබූ අවස්ථාවේදී ඒ ගැන ඔබගේ ජනයා උසුළු විසුළු කිරීමට පටන් ගත්හ
Surah Az-Zukhruf, Verse 57
وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ
“අපගේ දෙවිවරුන් උසස්ද? නැතහොත් ඔහු උසස්ද?”යි විමසන්නට ඉදිරිපත් වූහ. (පුහු) වාද විවාද කිරීමට මිස, ඔබ වෙත ඔවුන් ඔහුව උදාහරණයකට ගත්තේ නැත. කිමෙක්ද! මොවුන් පුහු තර්ක කරන ජනතාවක් වශයෙන් සිටින්නාහ!”
Surah Az-Zukhruf, Verse 58
إِنۡ هُوَ إِلَّا عَبۡدٌ أَنۡعَمۡنَا عَلَيۡهِ وَجَعَلۡنَٰهُ مَثَلٗا لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ
(ඊසා නම් වූ) ඔහු නම් (අපගේ) වහලෙකි. (ඔහු දෙවියෙකුද නොව. අපගේ පුතාද නොව. ඔහු මෙසේ පැවසුවේද නැත. මෙය ප්‍රතික්ෂේප කර පවසා ඇත්තේය). ඔහු කෙරෙහි අපි දයාව පහළ කර, ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට ඔහුවද එක් ආදර්ශයක් බවට පත් කළෙමු
Surah Az-Zukhruf, Verse 59
وَلَوۡ نَشَآءُ لَجَعَلۡنَا مِنكُم مَّلَـٰٓئِكَةٗ فِي ٱلۡأَرۡضِ يَخۡلُفُونَ
අපි කැමති වුවහොත් ඔබ අතරේ භූමියෙහි මලායිකාවරුන්ව නිර්මාණය කර, (ඔබව විනාශ කර දමා, ඔබ වෙනුවට) ඔවුන්ව (අපගේ) නියෝජිතයින් බවට පත් කර හරින්නෙමු
Surah Az-Zukhruf, Verse 60
وَإِنَّهُۥ لَعِلۡمٞ لِّلسَّاعَةِ فَلَا تَمۡتَرُنَّ بِهَا وَٱتَّبِعُونِۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
නියත වශයෙන්ම ඔහු, (පැමිණීමට ඇති විනිශ්චය) කාලයට අයත් සාධකයක් වන්නේය. එබැවින් නියත වශයෙන්ම ඔබ මෙහි සැක නොසිතනු. මාවම අනුගමනය කර කටයුතු කරනු. මෙයම ඍජු මාර්ගය වන්නේය
Surah Az-Zukhruf, Verse 61
وَلَا يَصُدَّنَّكُمُ ٱلشَّيۡطَٰنُۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
ඔබව ෂෙයිතාන් වළක්වා (අයහපතක්) නොකෙරෙත්වා! නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය
Surah Az-Zukhruf, Verse 62
وَلَمَّا جَآءَ عِيسَىٰ بِٱلۡبَيِّنَٰتِ قَالَ قَدۡ جِئۡتُكُم بِٱلۡحِكۡمَةِ وَلِأُبَيِّنَ لَكُم بَعۡضَ ٱلَّذِي تَخۡتَلِفُونَ فِيهِۖ فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ
ඊසා (ප්‍රාතිහාර්යයන්ගෙන්) පැහැදිලි දැය ගෙන ආ අවස්ථාවේදී (තම ජනතාවට) “ඇත්තෙන්ම ඥානය මා ඔබට ගෙනැවිත් ඇත්තෙමි. ඔබ තර්ක කරමින් සිටින දැය ගැන සමහර දැය ඔබට විවිරණය කර පවසන්නෙමි. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වී මට අවනත වනු” යයිද
Surah Az-Zukhruf, Verse 63
إِنَّ ٱللَّهَ هُوَ رَبِّي وَرَبُّكُمۡ فَٱعۡبُدُوهُۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
“නියත වශයෙන්ම අල්ලාහ්ම මගේ දෙවියන්ද, ඔබගේ දෙවියන්ද වන්නේය. (මා දෙවියන් නොව). එබැවින් ඔහු (එක් කෙනෙකු)වම ඔබ නමදිනු. (මාව නොනමදිනු). මෙයයි ඍජු මාර්ගය” යයිද පැවසුවේය
Surah Az-Zukhruf, Verse 64
فَٱخۡتَلَفَ ٱلۡأَحۡزَابُ مِنۢ بَيۡنِهِمۡۖ فَوَيۡلٞ لِّلَّذِينَ ظَلَمُواْ مِنۡ عَذَابِ يَوۡمٍ أَلِيمٍ
එහෙත් (ඔහුගේ) සමුහය (ඔහු ගැන) තමන් තුළ (තර්ක කරමින්) වෙනස් වූහ. එබැවින් මෙම අපරාධකාරයින්ට වේදනා ගෙන දෙන දින දඬුවමේ විනාශයයි
Surah Az-Zukhruf, Verse 65
هَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗ وَهُمۡ لَا يَشۡعُرُونَ
මොවුන් නොදැනුවත් වන අන්දමට හදිසියේම මොවුන් වෙත (විනිශ්චය) කාලය පැමිණීම මිස, (වෙන කිසිවක්) මොවුන් බලාපොරොත්තු වන්නෙහුද
Surah Az-Zukhruf, Verse 66
ٱلۡأَخِلَّآءُ يَوۡمَئِذِۭ بَعۡضُهُمۡ لِبَعۡضٍ عَدُوٌّ إِلَّا ٱلۡمُتَّقِينَ
භය භක්තිකයින් මිස, (ප්‍රතික්ෂේප කරන්නන්ගේ) මිතුරන්ම එදිනදී කෙනෙකුට කෙනෙකු සතුරන් බවට පත් වනු ඇත
Surah Az-Zukhruf, Verse 67
يَٰعِبَادِ لَا خَوۡفٌ عَلَيۡكُمُ ٱلۡيَوۡمَ وَلَآ أَنتُمۡ تَحۡزَنُونَ
(එදිනදී භය භක්තිකයින්ට) “මගේ වහලූනි! අද දින ඔබට කිසිම බියක්ද නැත. ඔබ දුක් වන්නේද නැත” (යයි කියනු ලැබේ)
Surah Az-Zukhruf, Verse 68
ٱلَّذِينَ ءَامَنُواْ بِـَٔايَٰتِنَا وَكَانُواْ مُسۡلِمِينَ
මොවුන්ම අපගේ ආයාවන් විශ්වාස කර, (අපට සම්පූර්ණයෙන්ම අවනත වී කටයුතු) කරන මුස්ලීම්වරුන්ය
Surah Az-Zukhruf, Verse 69
ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ أَنتُمۡ وَأَزۡوَٰجُكُمۡ تُحۡبَرُونَ
(එබැවින් පරලොවදී මොවුන්ට) “ඔබද, ඔබගේ භාර්යයාවන්ද ඉතාමත් සතුටින් ස්වර්ගය තුළට ඇතුළු වනු” (යයි කියනු ලැබේ)
Surah Az-Zukhruf, Verse 70
يُطَافُ عَلَيۡهِم بِصِحَافٖ مِّن ذَهَبٖ وَأَكۡوَابٖۖ وَفِيهَا مَا تَشۡتَهِيهِ ٱلۡأَنفُسُ وَتَلَذُّ ٱلۡأَعۡيُنُۖ وَأَنتُمۡ فِيهَا خَٰلِدُونَ
(විවිධ වර්ගයේ ආහාරයන් හා පානයන්ගෙන්ද පිරි) රණ් බන්දේසිද, කුසලාණද, ඔවුන් වටා කැරෙකෙමින් තිඛෙණු ඇත. එහිදී ඔවුන් සිත් ඇලූම් කරන දැයද, ඔවුන්ගේ ඇස් පිනා යන දැයද ඔවුන්ට ලැඛෙනු ඇත. (ඔවුන්ට) “මෙහි සදාකල් ඔබ වාසය කරමින් සිටිනු” (යයිද කියනු ලැබේ)
Surah Az-Zukhruf, Verse 71
وَتِلۡكَ ٱلۡجَنَّةُ ٱلَّتِيٓ أُورِثۡتُمُوهَا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
“ඔබ කළ (පින් ඇති) දැයෙහි හේතුවෙන්ම මෙම ස්වර්ගය ඔබ උරුම කර ගත්තෙහුය”
Surah Az-Zukhruf, Verse 72
لَكُمۡ فِيهَا فَٰكِهَةٞ كَثِيرَةٞ مِّنۡهَا تَأۡكُلُونَ
“ඔබට ආහාරයට ගත හැකි (විවිධ වර්ගයේ) බොහෝ පලතුරු වර්ගද එහි ඔබට ඇත්තේය” (යයිද කියනු ලැබේ)
Surah Az-Zukhruf, Verse 73
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَٰلِدُونَ
(එහෙත් පාපයන් කළ) වැරදිකරුවන් නියත වශයෙන්ම නිරා දඬුවමෙහි සදාකල් රැඳී සිටිනු ඇත
Surah Az-Zukhruf, Verse 74
لَا يُفَتَّرُ عَنۡهُمۡ وَهُمۡ فِيهِ مُبۡلِسُونَ
ඔවුන්ගේ (දඬුවමෙහි) පොඩියක් හෝ අඩු කරනු ලබන්නේ නැත. එහි ඔවුන් විශ්වාසයද බිඳී යනු ලබන්නාහ
Surah Az-Zukhruf, Verse 75
وَمَا ظَلَمۡنَٰهُمۡ وَلَٰكِن كَانُواْ هُمُ ٱلظَّـٰلِمِينَ
අපි ඔවුන්ට කිසිම විපතක් කර දැමුවේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම විපත් කර ගත්හ
Surah Az-Zukhruf, Verse 76
وَنَادَوۡاْ يَٰمَٰلِكُ لِيَقۡضِ عَلَيۡنَا رَبُّكَۖ قَالَ إِنَّكُم مَّـٰكِثُونَ
(මෙසේ තිබියදී ඔවුන් නිරයේ අධිපතිට) “ඕ මාලික්! ඔබගේ දෙවියන් අපගේ කාරණාව අවසන් කර දමත්වා! (මරණය මගින් හෝ අපට නිදහස ලැබුනාදෙන්!)” යයි ශබ්ද නගන්නාහ. එයට ඔහු “(නොහැක), නියත වශයෙන්ම ඔබ (මේ තත්වයටම දඬුවම විඳිමින්ම නොමැරී) ස්ථීරව සිටිය යුතුය” යයි පවසනු ඇත
Surah Az-Zukhruf, Verse 77
لَقَدۡ جِئۡنَٰكُم بِٱلۡحَقِّ وَلَٰكِنَّ أَكۡثَرَكُمۡ لِلۡحَقِّ كَٰرِهُونَ
(මක්කාවාසී කාෆිර්වරුනි!) නියත වශයෙන්ම අපි ඔබ වෙත සත්‍යය වූ (ධර්මය) ගෙන ඒමට සැලැස්සුවෙමු. එහෙත් ඔබගෙන් වැඩි දෙනෙකු එම සත්‍යය පිළිකුල් කරන්නෙහුය
Surah Az-Zukhruf, Verse 78
أَمۡ أَبۡرَمُوٓاْ أَمۡرٗا فَإِنَّا مُبۡرِمُونَ
(නබියේ! ඔබට කුමන්ත්‍රණ කිරීමට) ඔවුන් කිසියම් තීරණයක් ගනිමින් සිටින්නෙහුද? එසේ නම්, (එයට අයත් පිළියම) අපිද තීරණය කර තබා ඇත්තෙමු
Surah Az-Zukhruf, Verse 79
أَمۡ يَحۡسَبُونَ أَنَّا لَا نَسۡمَعُ سِرَّهُمۡ وَنَجۡوَىٰهُمۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيۡهِمۡ يَكۡتُبُونَ
නැතහොත් ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා තබා ඇති දැයද, නැතහොත් (තමන් තුළ) රහසින් කතා කරන දැයද, නියත වශයෙන්ම අපට ළඟා නොවනු ඇතැයි ඔවුන් අදහස් කරමින් සිටින්නෙහුද? නැත. ඔවුන් වෙත ඇති අපගේ මලායිකාවරුන් (සෑම දැයක්ම) සටහන් කරමින්ම සිටින්නාහ
Surah Az-Zukhruf, Verse 80
قُلۡ إِن كَانَ لِلرَّحۡمَٰنِ وَلَدٞ فَأَنَا۠ أَوَّلُ ٱلۡعَٰبِدِينَ
“රහ්මාන්ට දරුවන් ඇති විට, (එය) නමදින්නන්ගෙන් මම ම පළමු වැන්නා වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව)
Surah Az-Zukhruf, Verse 81
سُبۡحَٰنَ رَبِّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ رَبِّ ٱلۡعَرۡشِ عَمَّا يَصِفُونَ
අහස් හා භූමියෙහි දෙවියන් වන ඔහු අර්ෂ්හි අයිතිකරුය. (මොවුන් පවසන) මෙවැනි (බොරු) වර්ණනාවන්ගෙන් ඉතාමත් පරිශුද්වන්තයෙකි
Surah Az-Zukhruf, Verse 82
فَذَرۡهُمۡ يَخُوضُواْ وَيَلۡعَبُواْ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي يُوعَدُونَ
එබැවින් (නබියේ!) මොවුන්ට පොරොන්දු වන ලද (දඬුවමෙහි) මා මොවුන්ව හමු වන තුරු පුහු තර්කයන්හි ගිලී සෙල්ලම් කරමින් සිටින ලෙස මොවුන්ව අත්හැර දමනු
Surah Az-Zukhruf, Verse 83
وَهُوَ ٱلَّذِي فِي ٱلسَّمَآءِ إِلَٰهٞ وَفِي ٱلۡأَرۡضِ إِلَٰهٞۚ وَهُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ
අහස්හිද ඔහුම දෙවියන්ය. භූමියෙහිද ඔහුම දෙවියන්ය. (ඊසා නොව). ඔහු නම්, ඉතාමත් ඥානවන්ත හා (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Az-Zukhruf, Verse 84
وَتَبَارَكَ ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَعِندَهُۥ عِلۡمُ ٱلسَّاعَةِ وَإِلَيۡهِ تُرۡجَعُونَ
අහස් හා භූමිය අතර ඇති දැයෙහි පාලනය (රහ්මාන් වන) ඔහුටම අයත්ය. ඔහු ඉමහත් භාග්‍යවන්තයෙකි. ඔහුගේ සන්නිධානයෙහිම පරලොව ඥානය ඇත්තේය. ඔහු වෙතම ඔබව ආපසු ගෙන යනු ලබන්නෙහුය
Surah Az-Zukhruf, Verse 85
وَلَا يَمۡلِكُ ٱلَّذِينَ يَدۡعُونَ مِن دُونِهِ ٱلشَّفَٰعَةَ إِلَّا مَن شَهِدَ بِٱلۡحَقِّ وَهُمۡ يَعۡلَمُونَ
(අල්ලාහ් වන) ඔහු හැර, කුමක් ඔවුන් (දෙවියන් යයි) ආරාධනා කරන්නෝද, ඒවා (මොවුන් වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කිරීමට ශක්තියක් නොමැත. එහෙත් කවුරුන් සත්‍යය දැන, එය ප්‍රසිද්ධියේම පවසන්නෝද ඔවුන් හැර. (ඔහුගේ අනුමැතිය ලැබුණහොත් ඔවුන් ඔහු වෙත මැදිහත් වී කතා කරනු ඇත)
Surah Az-Zukhruf, Verse 86
وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَهُمۡ لَيَقُولُنَّ ٱللَّهُۖ فَأَنَّىٰ يُؤۡفَكُونَ
(නබියේ!) ඔවුන්ව උත්පාදනය කළ අය කවුරුන්දැයි ඔවුන්ගෙන් විමසන්නේ නම්, (ඊසා නොව), අල්ලාහ් යයි නියත වශයෙන්ම පවසනු ඇත. එසේ නම්, (ඔහු හැර දමා) මොවුන් කොහේ නම් දුවන්නෙහුද
Surah Az-Zukhruf, Verse 87
وَقِيلِهِۦ يَٰرَبِّ إِنَّ هَـٰٓؤُلَآءِ قَوۡمٞ لَّا يُؤۡمِنُونَ
“මගේ දෙවියනේ! නියත වශයෙන්ම මොවුන් විශ්වාස නොකළ ජනතාවකි!” යයි (නබියේ! ඔබ) පැවසීමද (අපි දන්නෙමු)
Surah Az-Zukhruf, Verse 88
فَٱصۡفَحۡ عَنۡهُمۡ وَقُلۡ سَلَٰمٞۚ فَسَوۡفَ يَعۡلَمُونَ
එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා ‘සලාමුන්’ (ශාන්තිය හා සමාදානය) යයි පවසමින් සිටිනු. පසුව ඔවුන් (මෙහි ඇත්ත) දැන ගනු ඇත
Surah Az-Zukhruf, Verse 89