UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Muhammad - Sinhala Translation by Www.islamhouse.com


ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ أَضَلَّ أَعۡمَٰلَهُمۡ

ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු (අල්ලාහ්) නැතිකර දැමීය
Surah Muhammad, Verse 1


وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَءَامَنُواْ بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٖ وَهُوَ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡ كَفَّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡ وَأَصۡلَحَ بَالَهُمۡ

තවද විශ්වාස කොට යහකම් සිදු කොට මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි
Surah Muhammad, Verse 2


ذَٰلِكَ بِأَنَّ ٱلَّذِينَ كَفَرُواْ ٱتَّبَعُواْ ٱلۡبَٰطِلَ وَأَنَّ ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّبَعُواْ ٱلۡحَقَّ مِن رَّبِّهِمۡۚ كَذَٰلِكَ يَضۡرِبُ ٱللَّهُ لِلنَّاسِ أَمۡثَٰلَهُمۡ

එයට හේතුව නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය
Surah Muhammad, Verse 3


فَإِذَا لَقِيتُمُ ٱلَّذِينَ كَفَرُواْ فَضَرۡبَ ٱلرِّقَابِ حَتَّىٰٓ إِذَآ أَثۡخَنتُمُوهُمۡ فَشُدُّواْ ٱلۡوَثَاقَ فَإِمَّا مَنَّۢا بَعۡدُ وَإِمَّا فِدَآءً حَتَّىٰ تَضَعَ ٱلۡحَرۡبُ أَوۡزَارَهَاۚ ذَٰلِكَۖ وَلَوۡ يَشَآءُ ٱللَّهُ لَٱنتَصَرَ مِنۡهُمۡ وَلَٰكِن لِّيَبۡلُوَاْ بَعۡضَكُم بِبَعۡضٖۗ وَٱلَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ ٱللَّهِ فَلَن يُضِلَّ أَعۡمَٰلَهُمۡ

එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් නුඹලා (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අභිභවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින්ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැක. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුන්ගෙන් ඔහුම විපාකඵලය ගනු ඇත. නමුත් (ඔහු එසේ සිදු නොකළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත
Surah Muhammad, Verse 4


سَيَهۡدِيهِمۡ وَيُصۡلِحُ بَالَهُمۡ

ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත
Surah Muhammad, Verse 5


وَيُدۡخِلُهُمُ ٱلۡجَنَّةَ عَرَّفَهَا لَهُمۡ

ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත
Surah Muhammad, Verse 6


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِن تَنصُرُواْ ٱللَّهَ يَنصُرۡكُمۡ وَيُثَبِّتۡ أَقۡدَامَكُمۡ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථාවර කරනු ඇත
Surah Muhammad, Verse 7


وَٱلَّذِينَ كَفَرُواْ فَتَعۡسٗا لَّهُمۡ وَأَضَلَّ أَعۡمَٰلَهُمۡ

තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නැතිකර දැමීය
Surah Muhammad, Verse 8


ذَٰلِكَ بِأَنَّهُمۡ كَرِهُواْ مَآ أَنزَلَ ٱللَّهُ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය
Surah Muhammad, Verse 9


۞أَفَلَمۡ يَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَيَنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۖ دَمَّرَ ٱللَّهُ عَلَيۡهِمۡۖ وَلِلۡكَٰفِرِينَ أَمۡثَٰلُهَا

මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබලන්නෝද? අල්ලාහ් ඔවුන් මුළුමණින්ම විනාශ කළේය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට ද ඒ හා සමානය
Surah Muhammad, Verse 10


ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ مَوۡلَى ٱلَّذِينَ ءَامَنُواْ وَأَنَّ ٱلۡكَٰفِرِينَ لَا مَوۡلَىٰ لَهُمۡ

එය, විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන්ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ
Surah Muhammad, Verse 11


إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ وَٱلَّذِينَ كَفَرُواْ يَتَمَتَّعُونَ وَيَأۡكُلُونَ كَمَا تَأۡكُلُ ٱلۡأَنۡعَٰمُ وَٱلنَّارُ مَثۡوٗى لَّهُمۡ

විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (දඬුවම) භුක්ති විඳිති. තවද (මොලොව භුක්ති විඳින්නන්) ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි
Surah Muhammad, Verse 12


وَكَأَيِّن مِّن قَرۡيَةٍ هِيَ أَشَدُّ قُوَّةٗ مِّن قَرۡيَتِكَ ٱلَّتِيٓ أَخۡرَجَتۡكَ أَهۡلَكۡنَٰهُمۡ فَلَا نَاصِرَ لَهُمۡ

නුඹ ව පිටමං කළ ඔබේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නොවීය
Surah Muhammad, Verse 13


أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٖ مِّن رَّبِّهِۦ كَمَن زُيِّنَ لَهُۥ سُوٓءُ عَمَلِهِۦ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُم

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා, තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද
Surah Muhammad, Verse 14


مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ فِيهَآ أَنۡهَٰرٞ مِّن مَّآءٍ غَيۡرِ ءَاسِنٖ وَأَنۡهَٰرٞ مِّن لَّبَنٖ لَّمۡ يَتَغَيَّرۡ طَعۡمُهُۥ وَأَنۡهَٰرٞ مِّنۡ خَمۡرٖ لَّذَّةٖ لِّلشَّـٰرِبِينَ وَأَنۡهَٰرٞ مِّنۡ عَسَلٖ مُّصَفّٗىۖ وَلَهُمۡ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَمَغۡفِرَةٞ مِّن رَّبِّهِمۡۖ كَمَنۡ هُوَ خَٰلِدٞ فِي ٱلنَّارِ وَسُقُواْ مَآءً حَمِيمٗا فَقَطَّعَ أَمۡعَآءَهُمۡ

බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය නම්, එහි පල් නොවන ජලයෙන් යුත් ගංගා ද, එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද, පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද, පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද, ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි
Surah Muhammad, Verse 15


وَمِنۡهُم مَّن يَسۡتَمِعُ إِلَيۡكَ حَتَّىٰٓ إِذَا خَرَجُواْ مِنۡ عِندِكَ قَالُواْ لِلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ مَاذَا قَالَ ءَانِفًاۚ أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ طَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡ

තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිට ව ගිය විට මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?යි ඥානය දෙනු ලැබූවනට ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහුමය
Surah Muhammad, Verse 16


وَٱلَّذِينَ ٱهۡتَدَوۡاْ زَادَهُمۡ هُدٗى وَءَاتَىٰهُمۡ تَقۡوَىٰهُمۡ

තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනමනු ඇත
Surah Muhammad, Verse 17


فَهَلۡ يَنظُرُونَ إِلَّا ٱلسَّاعَةَ أَن تَأۡتِيَهُم بَغۡتَةٗۖ فَقَدۡ جَآءَ أَشۡرَاطُهَاۚ فَأَنَّىٰ لَهُمۡ إِذَا جَآءَتۡهُمۡ ذِكۡرَىٰهُمۡ

අවසන් හෝරාව එසැණින් ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත ඔවුන්ගේ උපදෙස පැමිණි විට කෙසේ නම් ඔවුනට (ඵලක්) වෙත් ද
Surah Muhammad, Verse 18


فَٱعۡلَمۡ أَنَّهُۥ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ وَٱسۡتَغۡفِرۡ لِذَنۢبِكَ وَلِلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَٱللَّهُ يَعۡلَمُ مُتَقَلَّبَكُمۡ وَمَثۡوَىٰكُمۡ

එහෙයින් දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබේ පාපයන්ටත් දේව විශ්වාසකරන්නන් හා දේව විශ්වාසකරන්නියන්හටත් සමාව අයැදිනු. තවද අල්ලාහ් නුඹලාගේ ක්‍රියාකාරකම් හා නුඹලාගේ නවාතැන දනී
Surah Muhammad, Verse 19


وَيَقُولُ ٱلَّذِينَ ءَامَنُواْ لَوۡلَا نُزِّلَتۡ سُورَةٞۖ فَإِذَآ أُنزِلَتۡ سُورَةٞ مُّحۡكَمَةٞ وَذُكِرَ فِيهَا ٱلۡقِتَالُ رَأَيۡتَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ يَنظُرُونَ إِلَيۡكَ نَظَرَ ٱلۡمَغۡشِيِّ عَلَيۡهِ مِنَ ٱلۡمَوۡتِۖ فَأَوۡلَىٰ لَهُمۡ

(යුද්ධය සම්බන්ධ ව) සූරතයක් (පරිච්ඡේදයක්) පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක සූරතයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ වෙත ඔවුහු බලති. එහෙයින් ඔවුනට (විනාශය) වඩාත් යෝග්‍යය
Surah Muhammad, Verse 20


طَاعَةٞ وَقَوۡلٞ مَّعۡرُوفٞۚ فَإِذَا عَزَمَ ٱلۡأَمۡرُ فَلَوۡ صَدَقُواْ ٱللَّهَ لَكَانَ خَيۡرٗا لَّهُمۡ

(නබිවරය!) අවනතභාවය හා යහපත් ප්‍රකාශය ඔවුනට සුදුසුය. එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ් ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත
Surah Muhammad, Verse 21


فَهَلۡ عَسَيۡتُمۡ إِن تَوَلَّيۡتُمۡ أَن تُفۡسِدُواْ فِي ٱلۡأَرۡضِ وَتُقَطِّعُوٓاْ أَرۡحَامَكُمۡ

නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද
Surah Muhammad, Verse 22


أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ فَأَصَمَّهُمۡ وَأَعۡمَىٰٓ أَبۡصَٰرَهُمۡ

අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය
Surah Muhammad, Verse 23


أَفَلَا يَتَدَبَّرُونَ ٱلۡقُرۡءَانَ أَمۡ عَلَىٰ قُلُوبٍ أَقۡفَالُهَآ

එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත ඒවාට අගුලු දමා තිබේද
Surah Muhammad, Verse 24


إِنَّ ٱلَّذِينَ ٱرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَٰرِهِم مِّنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَى ٱلشَّيۡطَٰنُ سَوَّلَ لَهُمۡ وَأَمۡلَىٰ لَهُمۡ

ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම ඔවුන්ගේ පසුපස මත හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එසේ හැරී යාම) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට මනෝ ආශාවන් ඇති කළේය
Surah Muhammad, Verse 25


ذَٰلِكَ بِأَنَّهُمۡ قَالُواْ لِلَّذِينَ كَرِهُواْ مَا نَزَّلَ ٱللَّهُ سَنُطِيعُكُمۡ فِي بَعۡضِ ٱلۡأَمۡرِۖ وَٱللَّهُ يَعۡلَمُ إِسۡرَارَهُمۡ

එය, අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුන් හමුවෙහි " (මේ) කරුණු අතුරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු" යැයි නියත වශයෙන්ම ඔවුන් පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී
Surah Muhammad, Verse 26


فَكَيۡفَ إِذَا تَوَفَّتۡهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ يَضۡرِبُونَ وُجُوهَهُمۡ وَأَدۡبَٰرَهُمۡ

නමුත් ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වීද
Surah Muhammad, Verse 27


ذَٰلِكَ بِأَنَّهُمُ ٱتَّبَعُواْ مَآ أَسۡخَطَ ٱللَّهَ وَكَرِهُواْ رِضۡوَٰنَهُۥ فَأَحۡبَطَ أَعۡمَٰلَهُمۡ

මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේය
Surah Muhammad, Verse 28


أَمۡ حَسِبَ ٱلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ أَن لَّن يُخۡرِجَ ٱللَّهُ أَضۡغَٰنَهُمۡ

එසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නොකරන්නේම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද
Surah Muhammad, Verse 29


وَلَوۡ نَشَآءُ لَأَرَيۡنَٰكَهُمۡ فَلَعَرَفۡتَهُم بِسِيمَٰهُمۡۚ وَلَتَعۡرِفَنَّهُمۡ فِي لَحۡنِ ٱلۡقَوۡلِۚ وَٱللَّهُ يَعۡلَمُ أَعۡمَٰلَكُمۡ

තවද අප අභිමත කරන්නේ නම් අපි නුඹට ඔවුන් පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ඇත. සැබැවින්ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී
Surah Muhammad, Verse 30


وَلَنَبۡلُوَنَّكُمۡ حَتَّىٰ نَعۡلَمَ ٱلۡمُجَٰهِدِينَ مِنكُمۡ وَٱلصَّـٰبِرِينَ وَنَبۡلُوَاْ أَخۡبَارَكُمۡ

තවද නුඹලා අතුරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප හඳුනා ගනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන්ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු
Surah Muhammad, Verse 31


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ وَشَآقُّواْ ٱلرَّسُولَ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلۡهُدَىٰ لَن يَضُرُّواْ ٱللَّهَ شَيۡـٔٗا وَسَيُحۡبِطُ أَعۡمَٰلَهُمۡ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නොහැක්කේමය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත
Surah Muhammad, Verse 32


۞يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَطِيعُواْ ٱللَّهَ وَأَطِيعُواْ ٱلرَّسُولَ وَلَا تُبۡطِلُوٓاْ أَعۡمَٰلَكُمۡ

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නොගනු
Surah Muhammad, Verse 33


إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّواْ عَن سَبِيلِ ٱللَّهِ ثُمَّ مَاتُواْ وَهُمۡ كُفَّارٞ فَلَن يَغۡفِرَ ٱللَّهُ لَهُمۡ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසු ව ප්‍රතික්ෂේපකයින් ලෙසින්ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නොදෙන්නේමය
Surah Muhammad, Verse 34


فَلَا تَهِنُواْ وَتَدۡعُوٓاْ إِلَى ٱلسَّلۡمِ وَأَنتُمُ ٱلۡأَعۡلَوۡنَ وَٱللَّهُ مَعَكُمۡ وَلَن يَتِرَكُمۡ أَعۡمَٰلَكُمۡ

එහෙයින් නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නොකරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමගය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නොකරන්නේමය
Surah Muhammad, Verse 35


إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ

නියත වශයෙන්ම මෙලොව ජීවිතය කෙළි සෙල්ලමකි, විනෝදජනකයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි
Surah Muhammad, Verse 36


إِن يَسۡـَٔلۡكُمُوهَا فَيُحۡفِكُمۡ تَبۡخَلُواْ وَيُخۡرِجۡ أَضۡغَٰنَكُمۡ

ඔහු නුඹලාගෙන් එය (ධනය) ඉල්ලා බල කරන්නේ නම් නුඹලා මසුරු වන්නෙහුය. තවද නුඹලාගේ ක්‍රෝධය ඔහු හෙළි කරන්නේය
Surah Muhammad, Verse 37


هَـٰٓأَنتُمۡ هَـٰٓؤُلَآءِ تُدۡعَوۡنَ لِتُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ فَمِنكُم مَّن يَبۡخَلُۖ وَمَن يَبۡخَلۡ فَإِنَّمَا يَبۡخَلُ عَن نَّفۡسِهِۦۚ وَٱللَّهُ ٱلۡغَنِيُّ وَأَنتُمُ ٱلۡفُقَرَآءُۚ وَإِن تَتَوَلَّوۡاْ يَسۡتَبۡدِلۡ قَوۡمًا غَيۡرَكُمۡ ثُمَّ لَا يَكُونُوٓاْ أَمۡثَٰلَكُم

අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන්ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන්ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. නමුත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය. තවද නුඹලා දිළින්දෝය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නොවනු ඇත
Surah Muhammad, Verse 38


Author: Www.islamhouse.com


<< Surah 46
>> Surah 48

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai