Surah Al-Hadid - Sinhala Translation by Www.islamhouse.com
سَبَّحَ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ
අහස්හි හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීය
Surah Al-Hadid, Verse 1
لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. ඔහු ප්‍රාණය දෙන්නේය. තවද මරණයට පත් කරන්නේය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය
Surah Al-Hadid, Verse 2
هُوَ ٱلۡأَوَّلُ وَٱلۡأٓخِرُ وَٱلظَّـٰهِرُ وَٱلۡبَاطِنُۖ وَهُوَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ
ඔහු ප්‍රාරම්භකයාය. අවසානයාය. විද්‍යාමානයාය. (අදෘෂ්‍යමාන) අභ්‍යන්තරයාය. තවද ඔහු සියලු දෑ පිළිබඳ සර්ව ඥානීය
Surah Al-Hadid, Verse 3
هُوَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ فِي سِتَّةِ أَيَّامٖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ يَعۡلَمُ مَا يَلِجُ فِي ٱلۡأَرۡضِ وَمَا يَخۡرُجُ مِنۡهَا وَمَا يَنزِلُ مِنَ ٱلسَّمَآءِ وَمَا يَعۡرُجُ فِيهَاۖ وَهُوَ مَعَكُمۡ أَيۡنَ مَا كُنتُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
ඔහු වනාහි අහස් හා මහපොළොව දින හයක් තුළ මවා අර්ෂ් මත ස්ථාපිත විය. මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට යන දෑ ද ඔහු දනී. තවද නුඹලා කොතැනක සිටිය ද ඔහු නුඹලා සමගය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය
Surah Al-Hadid, Verse 4
لَّهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ
අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යය ඔහු සතුය. තවද සියලු කරුණු යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙතය
Surah Al-Hadid, Verse 5
يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِۚ وَهُوَ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
ඔහු රාත්‍රිය දහවලෙහි ඇතුඵ කරයි. තවද දහවල රාත්‍රියෙහි ඇතුඵ කරයි. තවද ඔහු හදවත් තුළ පවතින දෑ පිළිබඳ සර්ව ඥානීය
Surah Al-Hadid, Verse 6
ءَامِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَأَنفِقُواْ مِمَّا جَعَلَكُم مُّسۡتَخۡلَفِينَ فِيهِۖ فَٱلَّذِينَ ءَامَنُواْ مِنكُمۡ وَأَنفَقُواْ لَهُمۡ أَجۡرٞ كَبِيرٞ
අල්ලාහ් හා ඔහුගේ දහම් දූතයාණන් පිළිබඳ නුඹලා විශ්වාස කරනු. තවද කවර විෂයයක නුඹලා ව (භාරකාර) නියෝජිතයින් බවට ඔහු පත් කළේ ද එවන් දැයින් නුඹලා වියදම් කරනු. එහෙයින් නුඹලා අතුරින් විශ්වාස කොට වියපැහැදම් කළවුන් වන ඔවුනට මහත් කුලියක් ඇත
Surah Al-Hadid, Verse 7
وَمَا لَكُمۡ لَا تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ لِتُؤۡمِنُواْ بِرَبِّكُمۡ وَقَدۡ أَخَذَ مِيثَٰقَكُمۡ إِن كُنتُم مُّؤۡمِنِينَ
නුඹලා විශ්වාස කරන්නවුන් නම්, නුඹලාගේ පරමාධිපති පිළිබඳ නුඹලා විශ්වාස කරනු පිණිස නුඹලා ව රසූල්වරයා ඇරයුම් කරමින් සිටිය දී හා නුඹලාගේ ප්‍රතිඥාව ඔහු ගෙන තිබිය දී, නුඹලා අල්ලාහ් ව විශ්වාස නොකිරීමට නුඹලාට කුමක් වීද
Surah Al-Hadid, Verse 8
هُوَ ٱلَّذِي يُنَزِّلُ عَلَىٰ عَبۡدِهِۦٓ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لِّيُخۡرِجَكُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۚ وَإِنَّ ٱللَّهَ بِكُمۡ لَرَءُوفٞ رَّحِيمٞ
ඔහු වනාහි නුඹලා ව අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස පැහැදිලි සංඥා තම ගැත්තා වෙත පහළ කරන්නේය. තවද නියත වශයෙන්ම අල්ලාහ් නුඹලාට සෙනෙහෙවන්තය. මහා කාරුණිකය
Surah Al-Hadid, Verse 9
وَمَا لَكُمۡ أَلَّا تُنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلِلَّهِ مِيرَٰثُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ لَا يَسۡتَوِي مِنكُم مَّنۡ أَنفَقَ مِن قَبۡلِ ٱلۡفَتۡحِ وَقَٰتَلَۚ أُوْلَـٰٓئِكَ أَعۡظَمُ دَرَجَةٗ مِّنَ ٱلَّذِينَ أَنفَقُواْ مِنۢ بَعۡدُ وَقَٰتَلُواْۚ وَكُلّٗا وَعَدَ ٱللَّهُ ٱلۡحُسۡنَىٰۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් නොකර සිටීමට නුඹලාට කුමක් වීද? අහස්හි හා මහපොළොවේ උරුමයන් අල්ලාහ්ට හිමිය. ජයග්‍රහණයට පෙර වියදම් කොට සටන් වැදුණවුන් (පසුගාමීන්ට) සමාන නොවේ. ඔවුහු ඉන් පසු ව වියදම් කොට සටන් වැදුණවුන්ට වඩා තරාතිරමින් අති මහත් වූවෝ වෙති. තවද සියල්ලන්ට අල්ලාහ් යහපත ප්‍රතිඥා කළේය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් අභිඥානවන්තය
Surah Al-Hadid, Verse 10
مَّن ذَا ٱلَّذِي يُقۡرِضُ ٱللَّهَ قَرۡضًا حَسَنٗا فَيُضَٰعِفَهُۥ لَهُۥ وَلَهُۥٓ أَجۡرٞ كَرِيمٞ
කවරෙකු අල්ලාහ්ට අලංකාර ණයක් පිරිනමන්නේ ද එවිට ඔහු එය ඔහුට ගුණ කර දෙනු ඇත. තවද ගෞරවණී ය කුලියක් ඔහුට හිමිය
Surah Al-Hadid, Verse 11
يَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّـٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
එදින ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණු පසින් ද, ඔවුන්ගේ ආලෝකය වේගයෙන් ගමන් කරන දේව විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් දකිනු ඇත. එදින නුඹලාගේ සුබ පැතුම “ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්ය. එහි සදාතනිකයින්ය. අතිමහත් ජයග්‍රහණය එයමය.”
Surah Al-Hadid, Verse 12
يَوۡمَ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُواْ ٱنظُرُونَا نَقۡتَبِسۡ مِن نُّورِكُمۡ قِيلَ ٱرۡجِعُواْ وَرَآءَكُمۡ فَٱلۡتَمِسُواْ نُورٗاۖ فَضُرِبَ بَيۡنَهُم بِسُورٖ لَّهُۥ بَابُۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحۡمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلۡعَذَابُ
එදින කුහක පිරිමින් හා කුහක කාන්තාවෝ විශ්වාස කළවුන් දෙස බලා “නුඹලා අප දෙස බලනු. නුඹලාගේ ආලෝකයෙන් යමක් අප ද ලබා ගන්නෙමු” යැයි පවසති. (එවිට) “නුඹලාගේ පසුපසට නුඹලා හැරී ගොස් නුඹලා ආලෝකය සොයා ගනු” යැයි කියනු ලැබේ. එවිට ඔවුන් අතර බිත්තියක් තබනු ලැබේ. එයට දොරක් ඇත. එහි අභ්‍යන්තරය, එතුළ කරුණාවයි. එහි පිටත, එහි ඉදිරිපසින් දඬුවමයි
Surah Al-Hadid, Verse 13
يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ
“අපි නුඹලා සමග නොසිටියෙමු දැයි” (පිටත සිටින) ඔවුහු ඔවුන් අමතති. “එසේය නමුත් නුඹලා නුඹලාටම අර්බුද ඇති කර ගත්තෙහුය. නුඹලා (විනාශය) බලාපොරොත්තු වූහ. තවද නුඹලා සැක කළෙහුය. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් එම ආශාවන් නුඹලා ව රවටා දැමීය. එමෙන්ම අල්ලාහ් සම්බන්ධයෙන් රවටාලන දෑ නුඹලාව රවටා දැමුවේය
Surah Al-Hadid, Verse 14
فَٱلۡيَوۡمَ لَا يُؤۡخَذُ مِنكُمۡ فِدۡيَةٞ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُواْۚ مَأۡوَىٰكُمُ ٱلنَّارُۖ هِيَ مَوۡلَىٰكُمۡۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ
එහෙයින් අද දින නුඹලාගෙන් හෝ ප්‍රතික්ෂේප කළවුන්ගෙන් හෝ කිසිදු වන්දියක් (නිදහස සඳහා) ගනු නොලැබේ. තවද නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. එය නුඹලාගේ භාරකරුය. තවද යොමු වන ස්ථානය නපුරු විය
Surah Al-Hadid, Verse 15
۞أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
අල්ලාහ් මෙනෙහි කිරීම හේතුවෙන් ද සත්‍යයෙන් පහළ වූ දෑ (මෙනෙහි කිරීම) හේතුවෙන් ද ඔවුන්ගේ හදවත් බියට පත් ව තැති ගන්නා මොහොත නොපැමිණියේ ද? මීට පෙර දේව ග්‍රන්ථ පිරිනමනු ලැබූ අය මෙන් ඔවුහු නොවිය යුතුය. ඔවුන් වෙත කාලය දිගු ව පැවතිණි. එවිට ඔවුන්ගේ හදවත් දරුණු විය. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා පාපතරයෝය
Surah Al-Hadid, Verse 16
ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
මහපොළොව මිය ගිය පසු ව නියත වශයෙන්ම අල්ලාහ් එය ප්‍රාණවත් කරන බව නුඹලා දැන ගනු. නුඹලා වටහා ගත හැකි වනු පිණිස නුඹලාට එම සාධක සැබැවින්ම අපි පැහැදිලි කළෙමු
Surah Al-Hadid, Verse 17
إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ
නියත වශයෙන්ම දන් දෙන්නන් හා දන් දෙන්නියන් ද අලංකාර ණයක් ලෙසින් අල්ලාහ්ට ණය දුන් අය ද වනාහි ඔවුනට එය ගුණ කර දෙනු ලැබේ. තවද ඔවුනට ගෞරවනීය ප්‍රතිඵල ඇත
Surah Al-Hadid, Verse 18
وَٱلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦٓ أُوْلَـٰٓئِكَ هُمُ ٱلصِّدِّيقُونَۖ وَٱلشُّهَدَآءُ عِندَ رَبِّهِمۡ لَهُمۡ أَجۡرُهُمۡ وَنُورُهُمۡۖ وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَآ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ
තවද අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් විශ්වාස කළවුන් වනාහි ඔවුහුමය සත්‍යවාදීහු. එමෙන්ම ඔවුන්ගේ පරමාධිපති අබියස සාක්ෂි කරුවෝ. ඔවුන්ගේ කුලිය හා ඔවුන්ගේ ආලෝකය ඔවුනට ඇත. තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් බොරුකළවුන් වනාහි ඔවුහුමය නිරා වාසීහු
Surah Al-Hadid, Verse 19
ٱعۡلَمُوٓاْ أَنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞ وَزِينَةٞ وَتَفَاخُرُۢ بَيۡنَكُمۡ وَتَكَاثُرٞ فِي ٱلۡأَمۡوَٰلِ وَٱلۡأَوۡلَٰدِۖ كَمَثَلِ غَيۡثٍ أَعۡجَبَ ٱلۡكُفَّارَ نَبَاتُهُۥ ثُمَّ يَهِيجُ فَتَرَىٰهُ مُصۡفَرّٗا ثُمَّ يَكُونُ حُطَٰمٗاۖ وَفِي ٱلۡأٓخِرَةِ عَذَابٞ شَدِيدٞ وَمَغۡفِرَةٞ مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٞۚ وَمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَآ إِلَّا مَتَٰعُ ٱلۡغُرُورِ
නියත වශයෙන්ම මෙලොව ජීවිතය වනාහි කෙළියකි. තවද විනෝදයකි. තවද අලංකාරයකි. තවද නුඹලා එකිනෙකා අතර පුරසාරම් දොඩන්නකි. තවද ධනය හා දරුවන් සම්බන්ධයෙන් (තරඟකාරී ලෙස) වැඩි කර ගන්නකි. (එය) වර්ෂාවක් මෙනි. එය පැළෑටි හට ගන්වා සාරවත් බවට පත් වීම (දෙවියන් ප්‍රතික්ෂේප කරන) ගොවියන් සතුටට පත් කළේය. පසු ව එය වියළී කහ පැහැ ගැන්වෙනු නුඹ දකිනු ඇත. නමුත් මතු ලොවෙහි දැඩි දඬුවමක් හා අල්ලාහ්ගෙන් වූ සමාව හා තෘප්තිය ඇත. මෙලොව ජීවිතය රවටාලන භාණ්ඩයක් මිස නැත
Surah Al-Hadid, Verse 20
سَابِقُوٓاْ إِلَىٰ مَغۡفِرَةٖ مِّن رَّبِّكُمۡ وَجَنَّةٍ عَرۡضُهَا كَعَرۡضِ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ أُعِدَّتۡ لِلَّذِينَ ءَامَنُواْ بِٱللَّهِ وَرُسُلِهِۦۚ ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
නුඹලාගේ පරමාධිපතිගෙන් වූ සමාව වෙත හා ස්වර්ගය වෙත නුඹලා පෙරටුගාමී වනු. එහි ප්‍රමාණය අහසෙහි හා මහ පොළොවෙහි ප්‍රමාණය මෙනි. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කළවුනට සූදානම් කරනු ලැබ ඇත. එය අල්ලාහ්ගේ අනුග්‍රහය වේ. ඔහු අභිමත කරන අයට එය පිරිනමයි. තවද අල්ලාහ් අතිමහත් අනුග්‍රහයෙන් යුක්තය
Surah Al-Hadid, Verse 21
مَآ أَصَابَ مِن مُّصِيبَةٖ فِي ٱلۡأَرۡضِ وَلَا فِيٓ أَنفُسِكُمۡ إِلَّا فِي كِتَٰبٖ مِّن قَبۡلِ أَن نَّبۡرَأَهَآۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ
මහපොළොවෙහි හෝ නුඹලා තුළ හෝ කවර විපතක් සිදු වුවද ඒවා මැවීමට පෙරම ග්‍රන්ථයේ ලියා තිබීමෙන් මිස (ඒවා) නැත. නියත වශයෙන්ම එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි
Surah Al-Hadid, Verse 22
لِّكَيۡلَا تَأۡسَوۡاْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا تَفۡرَحُواْ بِمَآ ءَاتَىٰكُمۡۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ مُخۡتَالٖ فَخُورٍ
නුඹලාට අතපසු වූ දෑ ගැන නුඹලා දුක් නොවනු පිණිසත් ඔහු නුඹලාට පිරි නැමූ දෑ ගැන නුඹලා සතුටු නොවනු පිණිසත්ය. තවද පුරසාරම් දොඩන සෑම කෙනෙකුව ම අල්ලාහ් ප්‍රිය නොකරයි
Surah Al-Hadid, Verse 23
ٱلَّذِينَ يَبۡخَلُونَ وَيَأۡمُرُونَ ٱلنَّاسَ بِٱلۡبُخۡلِۗ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ
ඔවුහු වනාහි මසුරුකම් පාමින් ජනයාට ද මසුරකම නියම කරන්නන් වෙති. තවද කවරෙකු හෝ (දේව විශ්වාසයෙන්) හැරෙන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය, ප්‍රශංසාලාභීය (යැයි දැනගනු)
Surah Al-Hadid, Verse 24
لَقَدۡ أَرۡسَلۡنَا رُسُلَنَا بِٱلۡبَيِّنَٰتِ وَأَنزَلۡنَا مَعَهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡمِيزَانَ لِيَقُومَ ٱلنَّاسُ بِٱلۡقِسۡطِۖ وَأَنزَلۡنَا ٱلۡحَدِيدَ فِيهِ بَأۡسٞ شَدِيدٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَلِيَعۡلَمَ ٱللَّهُ مَن يَنصُرُهُۥ وَرُسُلَهُۥ بِٱلۡغَيۡبِۚ إِنَّ ٱللَّهَ قَوِيٌّ عَزِيزٞ
සැබැවින්ම අපි අපගේ දහම් දූතවරුන් පැහැදිලි සාධක සමග එව්වෙමු. තවද ජනයා යුක්තිය ඉටු කරනු පිණිස ඔවුන් සමග දේව ග්‍රන්ථය හා තුලාව ද පහළ කළෙමු. තවද අපි යකඩ පහළ කළෙමු. එහි දැඩි ශක්තිය ද මිනිසුනට ප්‍රයෝජන ද ඇත. තවද අදෘශ්‍යමාන තත්ත්වයේ තමන් හා තම දූතවරුන්ට උදව් කරනුයේ කවුරුන් දැයි අල්ලාහ් දැන ගනු පිණිසය. නියත වශයෙන්ම අල්ලාහ් මහා බලවත් සර්ව බලධාරියාය
Surah Al-Hadid, Verse 25
وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحٗا وَإِبۡرَٰهِيمَ وَجَعَلۡنَا فِي ذُرِّيَّتِهِمَا ٱلنُّبُوَّةَ وَٱلۡكِتَٰبَۖ فَمِنۡهُم مُّهۡتَدٖۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
තවද සැබැවින්ම අපි නූහ් හා ඉබ්‍රාහීම් (දහම් දූතයින් ලෙස) එව්වෙමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුර තුළ දූත මෙහෙවර හා දේව ග්‍රන්ථය පත් කළෙමු. එවිට ඔවුන් අතුරින් මග ලබන්නන් වූහ. එමෙන්ම ඔවුන් අතුරින් බහුතරයක් දෙනා පාපතරයෝ වූහ
Surah Al-Hadid, Verse 26
ثُمَّ قَفَّيۡنَا عَلَىٰٓ ءَاثَٰرِهِم بِرُسُلِنَا وَقَفَّيۡنَا بِعِيسَى ٱبۡنِ مَرۡيَمَ وَءَاتَيۡنَٰهُ ٱلۡإِنجِيلَۖ وَجَعَلۡنَا فِي قُلُوبِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ رَأۡفَةٗ وَرَحۡمَةٗۚ وَرَهۡبَانِيَّةً ٱبۡتَدَعُوهَا مَا كَتَبۡنَٰهَا عَلَيۡهِمۡ إِلَّا ٱبۡتِغَآءَ رِضۡوَٰنِ ٱللَّهِ فَمَا رَعَوۡهَا حَقَّ رِعَايَتِهَاۖ فَـَٔاتَيۡنَا ٱلَّذِينَ ءَامَنُواْ مِنۡهُمۡ أَجۡرَهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ
පසු ව අපි ඔවුන්ගේ පිය සටහන් අනුගමනය කරවමින් අපගේ තවත් දූතවරුන් එව්වෙමු. තවද මර්යම්ගේ පුත් ඊසාවද අනුගමනය කරන්නට සැලැස්වූයෙමු. තවද අපි ඔහුට ඉන්ජීලය පිරිනැමුවෙමු. තවද ඔහු ව අනුගමනය කළවුන්ගේ හදවත් තුළ ආදරය හා කරුණාව ඇති කළෙමු. ඔවුහු (කිතුනු) ශ්‍රමණ වෘත්තියට පත්වීම අලුතින් ඇති කර ගත්තෝය. අල්ලාහ්ගේ තෘප්තිය සොයනු පිණිස මිස අපි ඔවුන් වෙත එය නියම නොකළෙමු. එහෙයින් ඔවුන් එය පිළිපැදිය යුතු නියම අයුරින් එය පිළිනොපැද්දෝය. එහෙයින් ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔවුන්ගේ කුලිය අපි පිරිනැමුවෙමු. තවද ඔවුන් අතුරින් බහුතරයක් දෙනා පාපතරයෝය
Surah Al-Hadid, Verse 27
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَءَامِنُواْ بِرَسُولِهِۦ يُؤۡتِكُمۡ كِفۡلَيۡنِ مِن رَّحۡمَتِهِۦ وَيَجۡعَل لَّكُمۡ نُورٗا تَمۡشُونَ بِهِۦ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද ඔහුගේ දූතයාණන් විශ්වාස කරනු. ඔහුගේ කරුණාවෙන් දෙගුණයක් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා එමගින් ගමන් කරන ආලෝකයක් ද ඔහු නුඹලාට ඇති කරයි. තවද ඔහු නුඹලාට සමාව දෙයි. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය
Surah Al-Hadid, Verse 28
لِّئَلَّا يَعۡلَمَ أَهۡلُ ٱلۡكِتَٰبِ أَلَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّن فَضۡلِ ٱللَّهِ وَأَنَّ ٱلۡفَضۡلَ بِيَدِ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ
අල්ලාහ්ගේ අනුග්‍රහයට වඩා කිසිවක් මත තමන් ශක්තිය නොදරන බවත් නියත වශයෙන්ම භාග්‍යය අල්ලාහ්ගේ අතෙහි ඇති බවත් ඔහු අභිමත කරන අයට එය පිරිනමන බවත් ආගම් ලත් ජනයා දැන ගනු පිණිසය. තවද අල්ලාහ් අතිමහත් භාග්‍යය සම්පන්නය
Surah Al-Hadid, Verse 29