UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Waqia - Sinhala Translation by Www.islamhouse.com


إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ

සිදු වන දෑ (එනම් නැගිටවනු දිනය) සිදු වූ විට
Surah Al-Waqia, Verse 1


لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ

එම සිදුවීම බොරුවක් නොවෙයි
Surah Al-Waqia, Verse 2


خَافِضَةٞ رَّافِعَةٌ

(එය අපරාධකරුවන්) පහත් කරවන්නකි. (දැහැමියන්) උසස් කරවන්නකි
Surah Al-Waqia, Verse 3


إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا

මහපොළොව කම්පනයකින් කම්පනය කරනු ලැබූ විට
Surah Al-Waqia, Verse 4


وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا

තවද කඳු සුනු විසුනු කිරීමෙන් සුනු විසුනු කරනු ලැබූ විට
Surah Al-Waqia, Verse 5


فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا

එවිට එය විසිරුණු දූවිලි බවට පත් වනු ඇත
Surah Al-Waqia, Verse 6


وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ

එවිට නුඹලා වර්ග තුනක් වන්නෙහුය
Surah Al-Waqia, Verse 7


فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

එනම් දකුණු පසට වූ ජනයා. එම දකුණු පසට වූ ජනයා යනු කවරෙක් ද
Surah Al-Waqia, Verse 8


وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

තවද වම් පසට වූ ජනයා. එම වම් පසට වූ ජනයා යනු කවරෙක් ද
Surah Al-Waqia, Verse 9


وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ

පෙරටුගාමීහු පෙරටු ගාමීහුය
Surah Al-Waqia, Verse 10


أُوْلَـٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ

ඔවුහු (අල්ලාහ්ට) සමීපතයෝ වෙති
Surah Al-Waqia, Verse 11


فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ

(ඔවුන්) සැපවත් උයන්හි සිටිති
Surah Al-Waqia, Verse 12


ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

මුල් අයගෙන් වූ පිරිසකි
Surah Al-Waqia, Verse 13


وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ

තවද පසු පැවත එන්නන්ගෙන් වූ ස්වල්පයකි
Surah Al-Waqia, Verse 14


عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ

(ඔවුන්) අලංකාර කරන ලද ඇඳන් මත සිටිති
Surah Al-Waqia, Verse 15


مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ

ඒ මත එකිනෙකාට මුහුණලමින් හාන්සිවන්නන් ලෙස සිටිති
Surah Al-Waqia, Verse 16


يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ

ළමා විය සදාතනික වූ ළමුන් ( සංග්‍රහ කිරීම සඳහා) ඔවුන් වටා යති
Surah Al-Waqia, Verse 17


بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ

දිය දහරාවෙන් පුරවනු ලැබූ ගුරු ලේත්තු, කේතල් හා කුසලාන සමග (ඔවුන් වටා යති)
Surah Al-Waqia, Verse 18


لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ

එයින් ඔවුනට හිසේ රුදාව ඇති නොවේ. තවද ඔවුන් මත් නොවෙති
Surah Al-Waqia, Verse 19


وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ

ඔවුන් තෝරා ගන්නා පරිදි පලතුරු සමග
Surah Al-Waqia, Verse 20


وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ

ඔවුන් ආශා කරන පරිදි කුරුලු මාංශ සමග
Surah Al-Waqia, Verse 21


وَحُورٌ عِينٞ

තවද දැකුම්කලු කන්‍යා කුමරියෝ ද වෙති
Surah Al-Waqia, Verse 22


كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ

(ඔවුන්) සඟවා තබන ලද මුතු වලට සමානය
Surah Al-Waqia, Verse 23


جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

ඔවුන් (මොලොවෙහි) සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙනි
Surah Al-Waqia, Verse 24


لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا

ඔවුහු එහි පුහු දැයකට හෝ පාපය ඇති කරන කතාවකට හෝ සවන් නොදෙති
Surah Al-Waqia, Verse 25


إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا

ශාන්තියයි ශාන්තියයි යනුවෙන් පවසනු ලැබීම මිස. (වෙන කිසිවකට සවන් නොදෙති)
Surah Al-Waqia, Verse 26


وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ

දකුණු පස ජනයා, දකුණු පස ජනයා යනු කවරෙක් ද
Surah Al-Waqia, Verse 27


فِي سِدۡرٖ مَّخۡضُودٖ

(ඔවුන්) කටු නොමැති මසන් ගස් අතරෙහිය
Surah Al-Waqia, Verse 28


وَطَلۡحٖ مَّنضُودٖ

තවද කැන් එල්ලෙන කෙසෙල් ගස් අතරය
Surah Al-Waqia, Verse 29


وَظِلّٖ مَّمۡدُودٖ

දිගු කරනු ලැබූ සෙවණැලි අතරය
Surah Al-Waqia, Verse 30


وَمَآءٖ مَّسۡكُوبٖ

ගලා යවනු ලබන ජලය අතරය
Surah Al-Waqia, Verse 31


وَفَٰكِهَةٖ كَثِيرَةٖ

බොහෝ පලතුරු අතරය
Surah Al-Waqia, Verse 32


لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ

කිසිදු කප්පාදුවක් නැත. එමෙන්ම කිසිදු තහනම් කිරීමක් ද නැත
Surah Al-Waqia, Verse 33


وَفُرُشٖ مَّرۡفُوعَةٍ

උස් ව තබන ලද ඇතිරිලි අතරය
Surah Al-Waqia, Verse 34


إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ

නියත වශයෙන්ම අපි ඔවුන් (අලංකාර) නිර්මාණයකින් නිර්මාණය කළෙමු
Surah Al-Waqia, Verse 35


فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا

අපි ඔවුන් කන්‍යා කුමරියන් බවට පත් කළෙමු
Surah Al-Waqia, Verse 36


عُرُبًا أَتۡرَابٗا

පෙම්බර සම වයසැති
Surah Al-Waqia, Verse 37


لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ

දකුණු පස ජනයා සඳහා (මේවා සූදානම් කර තිබේ)
Surah Al-Waqia, Verse 38


ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

(ඔවුන්) මුල් අයගෙන් වූ පිරිසකි
Surah Al-Waqia, Verse 39


وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ

තවද පසු පැවත එන්නන්ගෙන් වූ පිරිසකි
Surah Al-Waqia, Verse 40


وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ

තවද වම් පස ජනයා. වම් පස ජනයා යනු කවරෙක් ද
Surah Al-Waqia, Verse 41


فِي سَمُومٖ وَحَمِيمٖ

(ඔවුන්) ලෝ දිය හා ගිනි දැලි සුළං අතරය
Surah Al-Waqia, Verse 42


وَظِلّٖ مِّن يَحۡمُومٖ

කළු දුමාරයෙන් යුත් හෙවණ අතරය
Surah Al-Waqia, Verse 43


لَّا بَارِدٖ وَلَا كَرِيمٍ

තවද (එහි) කිසිදු සිසිලක් හෝ අලංකාර දර්ශනයක් හෝ නැත
Surah Al-Waqia, Verse 44


إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ

නියත වශයෙන්ම ඔවුහු එයට පෙර (මෙලොවෙහි) සැප විඳින්නන් ලෙස සිටියහ
Surah Al-Waqia, Verse 45


وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ

තවද ඔවුහු මහත් පාපයන් මත හිතුවක්කාර ලෙස රැඳී සිටින්නන් වූහ
Surah Al-Waqia, Verse 46


وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

තවද “අපි මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ පසු නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු දැ” යි ඔවුහු පවසමින් සිටියහ
Surah Al-Waqia, Verse 47


أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ

“අපගේ මූලාරම්භක මුතුන් මිත්තන් ද?” (යනුවෙන් ද පැවසූහ)
Surah Al-Waqia, Verse 48


قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ

“නියත වශයෙන්ම මූලාරම්භකයින් හා පසු පැවත එන්නන් (යන සියල්ලන්හට) (නබිවරය) නුඹ පවසනු
Surah Al-Waqia, Verse 49


لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ

නියමිත දිනක නියමිත වේලාවක එක් රැස් කරනු ලබන්නෝ වෙති
Surah Al-Waqia, Verse 50


ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ

ඉන් පසු: අහෝ බොරුකාරයන් වූ නොමග ගියවුනි! නිසකවම නුඹලාමය
Surah Al-Waqia, Verse 51


لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ

නියත වශයෙන්ම නුඹලා zසක්කූම් ගසින් අනුභව කරන්නෝ වෙති
Surah Al-Waqia, Verse 52


فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ

එවිට එයින් කුසවල් පුරවා ගන්නෝ වෙති
Surah Al-Waqia, Verse 53


فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ

ඒ මත ලෝ දියෙන් පානය කරන්නෝ වෙති
Surah Al-Waqia, Verse 54


فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ

පිපාසිත ඔටුවන් පානය කරන්නාක් මෙන් පානය කරන්නෝ වෙති
Surah Al-Waqia, Verse 55


هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ

මෙය විනිශ්චය දිනයේ ඔවුන්ගේ සංග්‍රහය වේ
Surah Al-Waqia, Verse 56


نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

අපය නුඹලා ව මැව්වේ. එහෙයින් ( නුඹලාව නැවත නැගිටුවන්නෙමු යනුවෙන්) නුඹලා සත්‍යය කළ යුතු නොවේ ද
Surah Al-Waqia, Verse 57


أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

නුඹලා ශුක්‍රාණු ලෙස පිට කරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද
Surah Al-Waqia, Verse 58


ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ

එය මැව්වේ නුඹලා ද එසේ නැතහොත් (එහි) මැවුම්කරුවෝ වන්නේ අප ද
Surah Al-Waqia, Verse 59


نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

නුඹලා අතර මරණය නිර්ණය කළේ අපය. අපව අභිබවා යාමට (කිසිවෙකුට) නොහැක
Surah Al-Waqia, Verse 60


عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

නුඹලාගේ හැඩරුව වෙනස් කිරීමටත් නුඹලා නොදන්නා ස්වරූපයක නුඹලා ව (යළි) බිහි කිරීමටත් (අපි ශක්තිය ලද්දෝ වෙමු)
Surah Al-Waqia, Verse 61


وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ

තවද මුල් මැවීම ගැන සැබැවින්ම නුඹලා දන්නෙහුය. එහෙයින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද
Surah Al-Waqia, Verse 62


أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

නුඹලා වපුරන දෑ ගැන නුඹලා සිතා බැලුවෙහු ද
Surah Al-Waqia, Verse 63


ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّـٰرِعُونَ

එය වගා කරනුයේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) වගාකරුවෝ අප ද
Surah Al-Waqia, Verse 64


لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

අපි අභිමත කරන්නේ නම් එය වියැළුණු ඉපැණිලි බවට පත් කරන්නට තිබුණි. එවිට නුඹලා පුදුමයට පත් වනු ඇත
Surah Al-Waqia, Verse 65


إِنَّا لَمُغۡرَمُونَ

“නියත වශයෙන්ම අපි ණය කාරයෝ වෙමු.”
Surah Al-Waqia, Verse 66


بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

“එසේ නොව අපි වළක්වනු ලැබූවෝ වෙමු.” යැයි පවසමින් (නුඹලා පුදුමයට පත් වනු ඇත)
Surah Al-Waqia, Verse 67


أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ

නුඹලා පානය කරන ජලය දෙස නුඹලා නිරීක්ෂා කොට බැලුවෙහු ද
Surah Al-Waqia, Verse 68


ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ

එය වලාකුළෙන් පහළ කළේ නුඹලා ද? එසේ නැතහොත් (එය) පහළ කරන්නෝ අපද
Surah Al-Waqia, Verse 69


لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ

අපි අභිමත කර ඇත්නම් එය ලුණු බවට පත් කරන්නට තිබුණි. එහෙයින් නුඹලා ගුණගරුක විය යුතු නොවේ ද
Surah Al-Waqia, Verse 70


أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ

නුඹලා දල්වන ගින්න විමසිල්ලෙන් බැලුවෙහු ද
Surah Al-Waqia, Verse 71


ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ

(එම ගින්න නිපද වන) ගස නිර්මාණය කළේ නුඹලා ද? එසේ නැතහොත් (එහි) නිර්මාණකරුවෝ අප ද
Surah Al-Waqia, Verse 72


نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ

අපි එය මෙනෙහි කිරීමක් ලෙසින් හා මගීන්ට (ප්‍රයෝජනවත්) භාණ්ඩයක් ලෙසින් පත් කළෙමු
Surah Al-Waqia, Verse 73


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එහෙයින් නුඹගේ අති මහත් පරමාධිපතියාණන්ගේ නාමයෙන් නුඹ සුවිශුද්ධ කරනු
Surah Al-Waqia, Verse 74


۞فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

එහෙයින් තාරකා රැඳෙන තැන් මත මම දිවුරමි
Surah Al-Waqia, Verse 75


وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

තවද නුඹලා දන්නෙහු නම් නියත වශයෙන්ම එය ඉමහත් දිවුරුමකි
Surah Al-Waqia, Verse 76


إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ

නියත වශයෙන්ම එය ගෞරවනීය කුර්ආනයකි
Surah Al-Waqia, Verse 77


فِي كِتَٰبٖ مَّكۡنُونٖ

ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහිය
Surah Al-Waqia, Verse 78


لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ

එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නොකරති
Surah Al-Waqia, Verse 79


تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි
Surah Al-Waqia, Verse 80


أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ

නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නොසලකා හරින්නන් ලෙස සිටිනුයේ එහෙයින් ද
Surah Al-Waqia, Verse 81


وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ

තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන්ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද
Surah Al-Waqia, Verse 82


فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ

(කෙනෙකුගේ ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට
Surah Al-Waqia, Verse 83


وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ

නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහුය
Surah Al-Waqia, Verse 84


وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ

තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් වෙමු. නමුත් නුඹලා නොදකිනු ඇත
Surah Al-Waqia, Verse 85


فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ

එහෙයින් නුඹලා වගකිව යුත්තන් නොවන්නෙහු නම්
Surah Al-Waqia, Verse 86


تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

(නුඹලා සිතන පරිදි) නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය නැවත ගෙන එනු
Surah Al-Waqia, Verse 87


فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ

එහෙයින් ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතුරින් වූයේ නම්
Surah Al-Waqia, Verse 88


فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ

සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද ඇත
Surah Al-Waqia, Verse 89


وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

ඔහු දකුණු පස ජනයා අතුරින් වූ කෙනෙකු වූයේ නම්
Surah Al-Waqia, Verse 90


فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

එසේ නම් දකුණු පස ජනයා අතුරින් වූ ඔබට ශාන්තියයි
Surah Al-Waqia, Verse 91


وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

ඔහු නොමග ගිය බොරු කරන්නන් අතුරින් වූයේ නම්
Surah Al-Waqia, Verse 92


فَنُزُلٞ مِّنۡ حَمِيمٖ

එවිට ලෝ දියෙන් වූ නවාතැනකි
Surah Al-Waqia, Verse 93


وَتَصۡلِيَةُ جَحِيمٍ

තවද නිරා ගින්නෙහි දැවීමකි
Surah Al-Waqia, Verse 94


إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ

ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන්ම මෙයමය
Surah Al-Waqia, Verse 95


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු
Surah Al-Waqia, Verse 96


Author: Www.islamhouse.com


<< Surah 55
>> Surah 57

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai