UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Waqia - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


إِذَا وَقَعَتِ ٱلۡوَاقِعَةُ

(යුග අවසානය නමැති) අති විශාල සිද්ධිය සිදු වුවහොත්
Surah Al-Waqia, Verse 1


لَيۡسَ لِوَقۡعَتِهَا كَاذِبَةٌ

එම සිද්ධිය බොරු කරන්නන් කිසිවෙකුත් නැත
Surah Al-Waqia, Verse 2


خَافِضَةٞ رَّافِعَةٌ

එය (බොහොමයකගේ තත්වය) පහත හෙලා දමනු ඇත. (බොහොමයකගේ තත්වය) උසස් කර හරිනු ඇත
Surah Al-Waqia, Verse 3


إِذَا رُجَّتِ ٱلۡأَرۡضُ رَجّٗا

ඒ අවස්ථාවේදී ඉතාමත් බලසම්පන්න භූමි කම්පාවක් ඇති වී
Surah Al-Waqia, Verse 4


وَبُسَّتِ ٱلۡجِبَالُ بَسّٗا

කඳු (විනාශ වී එකකට එකක් ගැටී) සුණු විසුනු වී දූවිළි අනු බවට පත් වී
Surah Al-Waqia, Verse 5


فَكَانَتۡ هَبَآءٗ مُّنۢبَثّٗا

ඒවා (අහසෙහි) දූවිලි වශයෙන් පාවී යනු ඇත
Surah Al-Waqia, Verse 6


وَكُنتُمۡ أَزۡوَٰجٗا ثَلَٰثَةٗ

(එදිනදී) ඔබ කොටස් තුනකට ඛෙදී යන්නෙහුය
Surah Al-Waqia, Verse 7


فَأَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَيۡمَنَةِ

(පළමුව): දකුණු පාර්ශවයේ ඇති අයයි. දකුණු පාර්ශවයේ සිටින ඔවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? ඔවුන් ඉතාමත් භාග්‍යවන්තයින්ය)
Surah Al-Waqia, Verse 8


وَأَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ مَآ أَصۡحَٰبُ ٱلۡمَشۡـَٔمَةِ

(දෙවනුව): වම් පාර්ශවයේ සිටින අයයි. වම් පාර්ශවයේ සිටින මොවුන් කවුරුන්ද (යන්න ඔබ දන්නෙහුද? මොවුන් ඉතාමත් අභාග්‍යවන්තයින්ය)
Surah Al-Waqia, Verse 9


وَٱلسَّـٰبِقُونَ ٱلسَّـٰبِقُونَ

(තුන්වෙනුව): පෙර ඉකුත්ව ගිය අයයි. (මොවුන් දැහැමි කාරණාවන්හි අන් සියල්ලන්ටම වඩා) පෙර ඉකුත්ව ගිය අයයි
Surah Al-Waqia, Verse 10


أُوْلَـٰٓئِكَ ٱلۡمُقَرَّبُونَ

මොවුන්ම (තමන්ගේ දෙවියන්ට) ඉතාමත් සමීපවූ අයයි
Surah Al-Waqia, Verse 11


فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ

සුවය ගෙන දෙන ස්වර්ගයන්හි සිටින අයයි
Surah Al-Waqia, Verse 12


ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

(ස්වර්ගයන්හි) පළමු කොටසේ අයගෙන් එක් විශාල සමූහයක්ද
Surah Al-Waqia, Verse 13


وَقَلِيلٞ مِّنَ ٱلۡأٓخِرِينَ

(පෙර ඉකුත්ව ගිය) පසුව සිටින්නන්ගෙන් එක් සුළු ගණනයක්ද සිටින්නාහ
Surah Al-Waqia, Verse 14


عَلَىٰ سُرُرٖ مَّوۡضُونَةٖ

(රණ්, දියමන්ති වලින්) නිමාවූ උසස් සිංහාසනයන් මත
Surah Al-Waqia, Verse 15


مُّتَّكِـِٔينَ عَلَيۡهَا مُتَقَٰبِلِينَ

කෙනෙකුට කෙනෙකු මුහුණ ලා ඒ මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත
Surah Al-Waqia, Verse 16


يَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ

මේ වෙනුවට ලාබාල තරුණයින් (සේවය කිරීමට සෑම විටම) මොවුන් වටා කැරකෙමින්ම සිටින්නාහ
Surah Al-Waqia, Verse 17


بِأَكۡوَابٖ وَأَبَارِيقَ وَكَأۡسٖ مِّن مَّعِينٖ

මිහිරි පානයන්ගෙන් පිරි කුසලානයන්ද, කෙණ්ඩිද, බඳුන්ද ඔසවාගෙන (ඔවුන් වටා කැරකෙමින්ම සිටිනු ඇත)
Surah Al-Waqia, Verse 18


لَّا يُصَدَّعُونَ عَنۡهَا وَلَا يُنزِفُونَ

එමගින් (එම පානයන් පානය කිරීම මගින්) මොවුන්ට හිසරදයද ඇති නොවේ. මොවුන්ගේ සිහි බුද්ධියද වෙනස් නොවේ
Surah Al-Waqia, Verse 19


وَفَٰكِهَةٖ مِّمَّا يَتَخَيَّرُونَ

මොවුන් (කැමති වී) තෝරා ගන්නා පලතුරු (වර්ගයන්)ද
Surah Al-Waqia, Verse 20


وَلَحۡمِ طَيۡرٖ مِّمَّا يَشۡتَهُونَ

කැමති පක්ෂීන්ගේ මස්ද, (එම තරුණයින් උසුලාගෙන ඒ මේ අත සැරිසරනු ඇත)
Surah Al-Waqia, Verse 21


وَحُورٌ عِينٞ

(එහි මොවුන්ට) හූරුල් ඊන් (නමැති අලංකාරවත් කන්‍යාවන් වන භාර්යයාවන්)ද, සිටිනු ඇත
Surah Al-Waqia, Verse 22


كَأَمۡثَٰلِ ٱللُّؤۡلُوِٕ ٱلۡمَكۡنُونِ

(ඔවුන්) ආරක්ෂා කරනු ලබන මිණි මුතු මෙන් (සිටිනු ඇත)
Surah Al-Waqia, Verse 23


جَزَآءَۢ بِمَا كَانُواْ يَعۡمَلُونَ

(මේ සියල්ල) මොවුන් කළ (පින් ඇති) ක්‍රියාවන්ට ඵලවිපාක වශයෙන් ලැඛෙනු ඇත
Surah Al-Waqia, Verse 24


لَا يَسۡمَعُونَ فِيهَا لَغۡوٗا وَلَا تَأۡثِيمًا

එහි මොවුන් නපුරු වචනද, පුහු කතාබහද සවන් දෙනු නොලබන්නාහ
Surah Al-Waqia, Verse 25


إِلَّا قِيلٗا سَلَٰمٗا سَلَٰمٗا

එහෙත් සලාම්, සලාම් (ශාන්තිය හා සමාදානයද) යන ශබ්දය මිස, (වෙන කිසිවක් සවන් දෙනු නොලබන්නාහ)
Surah Al-Waqia, Verse 26


وَأَصۡحَٰبُ ٱلۡيَمِينِ مَآ أَصۡحَٰبُ ٱلۡيَمِينِ

දකුණු පාර්ශවයේ සිටින අය - දකුණු පාර්ශවයේ සිටින ඔවුන්
Surah Al-Waqia, Verse 27


فِي سِدۡرٖ مَّخۡضُودٖ

කටු නැති මසං ගස් යටද
Surah Al-Waqia, Verse 28


وَطَلۡحٖ مَّنضُودٖ

(අග සිට මුළ දක්වා) කැන් වශයෙන් එල්ලෙන (මල් නැති) කෙසෙල් ගස් යටද
Surah Al-Waqia, Verse 29


وَظِلّٖ مَّمۡدُودٖ

දිගු සෙවණෙහිද (සිටිනු ඇත)
Surah Al-Waqia, Verse 30


وَمَآءٖ مَّسۡكُوبٖ

(එහි සදාකල්) ගලා යමින් ඇති ජලයද
Surah Al-Waqia, Verse 31


وَفَٰكِهَةٖ كَثِيرَةٖ

බොහෝ පලතුරු වර්ගද (ඇත)
Surah Al-Waqia, Verse 32


لَّا مَقۡطُوعَةٖ وَلَا مَمۡنُوعَةٖ

ඒවායේ පලතුරු (අනුභව කිරීම) වළක්වනු ලබන්නේද නැත. (කැඩීම නිසා) අඩු වන්නේද නැත. (එකක් කැඩීමෙන් වෙනත් එකක් ඒ ස්ථානයේම දක්නට ලැබේ)
Surah Al-Waqia, Verse 33


وَفُرُشٖ مَّرۡفُوعَةٍ

උසින් පිහිටි උසස් ඇතිරිළි වල (වාඩි වී සිටිනු ඇත)
Surah Al-Waqia, Verse 34


إِنَّآ أَنشَأۡنَٰهُنَّ إِنشَآءٗ

(ඔවුන් සමග අති අලංකාරවත් කන්‍යාවන් වන හූරුල් ඊන් නමැති කන්‍යාවන්ද සිටිනු ඇත. ඔවුන් කිසිවෙකු විසින් ප්‍රසූත කරනු ලැබූවන් නොව). නියත වශයෙන්ම අපි ඔවුන්ටම (අයිති වන සේ මොවුන්ව අළුතින්ම) උත්පාදනය කර ඇත්තෙමු
Surah Al-Waqia, Verse 35


فَجَعَلۡنَٰهُنَّ أَبۡكَارًا

(කෙබඳු) කන්‍යාවන් වශයෙන් ඔවුන්ව උත්පාදනය කර ඇත්තෙමුද (යන්න ඔබ දන්නෙහුද)
Surah Al-Waqia, Verse 36


عُرُبًا أَتۡرَابٗا

(තම ස්වාමිපුරුෂයින්වම) ආදරය කළ හැකි යෞවන වියේ කන්‍යාවන් වන්නාහ
Surah Al-Waqia, Verse 37


لِّأَصۡحَٰبِ ٱلۡيَمِينِ

(කළින් වර්ණනා කරන ලද මේවා) දකුණු පාර්ශවයේ සිටින අය වෙනුවෙන් (පිළියෙල කර ඇත්තේය)
Surah Al-Waqia, Verse 38


ثُلَّةٞ مِّنَ ٱلۡأَوَّلِينَ

(මොවුන් සමග) පෙර සිටි අයගෙන් එක් සමූහයක්ද
Surah Al-Waqia, Verse 39


وَثُلَّةٞ مِّنَ ٱلۡأٓخِرِينَ

පසුව සිටි අයගෙන් එක් සමූහයක්ද, සිටිනු ඇත
Surah Al-Waqia, Verse 40


وَأَصۡحَٰبُ ٱلشِّمَالِ مَآ أَصۡحَٰبُ ٱلشِّمَالِ

වම් පාර්ශවයේ සිටින්නන් නම්- වම් පාර්ශවයේ සිටින්නන්ගේ (අභාග්‍යසම්පන්න තත්වය) දන්නෙහුද
Surah Al-Waqia, Verse 41


فِي سَمُومٖ وَحَمِيمٖ

(ඔවුන්) දරුණු උණුසුම් සුළෙඟහිද, උතුරණ ලෝදියෙහිද
Surah Al-Waqia, Verse 42


وَظِلّٖ مِّن يَحۡمُومٖ

ඝන අඳුරු දුමාරයෙහිද සිටිනු ඇත
Surah Al-Waqia, Verse 43


لَّا بَارِدٖ وَلَا كَرِيمٍ

(එහි) ශීතයක්ද නොතිඛෙනු ඇත. සැනසුමක්ද නොලබන්නාහ
Surah Al-Waqia, Verse 44


إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُتۡرَفِينَ

මීට පෙර මොවුන් නියත වශයෙන්ම ඉමහත් සැප සම්පත්හි සිටියහ
Surah Al-Waqia, Verse 45


وَكَانُواْ يُصِرُّونَ عَلَى ٱلۡحِنثِ ٱلۡعَظِيمِ

එහෙත් වශාල පාපයන් කිරීමෙහි ස්ථීරව සිටියහ
Surah Al-Waqia, Verse 46


وَكَانُواْ يَقُولُونَ أَئِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

තවද “කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇටසැකිළි බවටද පත් වූ පසු ඇත්තෙන්ම අපි පණ දී නැගිටවනු ලබන්නෙමුද
Surah Al-Waqia, Verse 47


أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ

(එසේම) පෙර ඉකුත්ව ගිය අපගේ පියවරුන්වද (නැගිටුවනු ලබන්නෙහුද?)” යයි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියහ
Surah Al-Waqia, Verse 48


قُلۡ إِنَّ ٱلۡأَوَّلِينَ وَٱلۡأٓخِرِينَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම ඔබගෙන් වූ පෙර සිටියවුන් වුවද කම් නැත, පසුව සිටියවුන් වුවද කම් නැත
Surah Al-Waqia, Verse 49


لَمَجۡمُوعُونَ إِلَىٰ مِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ

(ඔබ සියල්ලන්ම) නියමිත දිනකදී (නොවැරදී පණ දී නැගිට්ටවනු ලැබ) ඒකරාශී කරනු ලබන්නෙහුය
Surah Al-Waqia, Verse 50


ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ

ඉන්පසුව (මෙදින) බොරු කළ දුර්මාර්ගිකයිනි! නියත වශයෙන්ම ඔබ
Surah Al-Waqia, Verse 51


لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ

සක්කුම් නමැති ගසම අනුභව කරන්නෙහුය
Surah Al-Waqia, Verse 52


فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ

එමගින්ම (ඔබගේ) කුස පුරවා ගන්නෙහුය
Surah Al-Waqia, Verse 53


فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ

පසුව උතුරණ ලෝදියම බොන්නෙහුය”
Surah Al-Waqia, Verse 54


فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ

(එයද හදිසි හදිසියෙන්ම) පිපාසයට පත් ඔටුවන් බොන්නාක් මෙන් ඔවුන් පානය කරනු ඇත
Surah Al-Waqia, Verse 55


هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ

ඵලවිපාක දෙන දිනදී ඔවුන්ට අයත් සංග්‍රහය මෙයයි
Surah Al-Waqia, Verse 56


نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

(දුර්මාර්ගිකයිනි!) අපිම ඔබව (පළමු වරට) උත්පාදනය කර ඇත්තෙමු. (එබැවින් නැවත වරක් ඔබව පණ ගැන්වීම) සත්‍යය යයි ඔබ විශ්වාස කළ යුතු නොවේද
Surah Al-Waqia, Verse 57


أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

ඔබ ඇතුළු කරන ඉන්ද්‍රිය (බිඳ) අවධානය කළෙහුද
Surah Al-Waqia, Verse 58


ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ

එය (දරුවෙකු බවට) ඔබ උත්පාදනය කරන්නෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද
Surah Al-Waqia, Verse 59


نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

අපිම ඔබ අතරේ (විවිධ අන්දමට) මරණය ඇති කරන්නෙමු. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් අපට ඉහළින් යා නොහැක
Surah Al-Waqia, Verse 60


عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

(තවද) අපි ඔබගේ හැඩරුවම වෙනස් කර, ඔබ නොදන්නා එක් හැඩරුවකින් ඔබව නිර්මාණය කර හැරීමට (නොහැකි කෙනෙකු නොව)
Surah Al-Waqia, Verse 61


وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ

පළමු වාරයේදී (ඔබව) උත්පාදනය කිරීම නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නවා නොවෙද! (මෙමගින්) ඔබ හොඳ දැනුමක් ලබා ගත යුතු නොවේද? (මෙසේම පරලොවෙහිද අපි ඔබව පණ දී නැගිට්ටවන්නෙමු)
Surah Al-Waqia, Verse 62


أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

ඔබ භූමියෙහි ගොවිතැන් කරන දැය ගැන අවධානය කළෙහුද
Surah Al-Waqia, Verse 63


ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّـٰرِعُونَ

එය ඔබ (පැළ කර) අස්වැන්න බවට පත් කරන්නෙහුද? නැතහොත් අපි අස්වැන්න බවට පත් කරන්නෙමුද
Surah Al-Waqia, Verse 64


لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

අපි කැමති වුවහොත් එය (පැළ නොවන) බොල් බවට පත් කරන්නෙමු. ඒ අවස්ථාවේදී ඔබ විමතියට පත් වී
Surah Al-Waqia, Verse 65


إِنَّا لَمُغۡرَمُونَ

“නියත වශයෙන්ම අපි පාඩුව අත් කර ගත්තෙමු”
Surah Al-Waqia, Verse 66


بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

“තවද අපට කිසිවක් නොලැබී ගියේය” (යයිද පවසමින් සිටින්නෙහුය)
Surah Al-Waqia, Verse 67


أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ

ඔබ බොන වතුර අවධානය කළෙහුද
Surah Al-Waqia, Verse 68


ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ

වලාකුළෙන් ඔබ එය වසින්නට සලස්වන්නෙහුද? නැතහොත් අපි වසින්නට සලස්වන්නෙමුද
Surah Al-Waqia, Verse 69


لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ

අපි කැමති වුවහොත් එය (ඔබට බොන්නට නොහැකි) ලූණු ජලය බවට පත් කර හැර ඇත්තෙමු. (මෙයට) ඔබ කෘතඥ විය යුතු නොවේද
Surah Al-Waqia, Verse 70


أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ

ඔබ (ලිපෙහි) මොළවන ගින්නද අවධානය කළෙහුද
Surah Al-Waqia, Verse 71


ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ

එහි දර ලී ඔබ උත්පාදනය කළෙහුද? නැතහොත් අපි උත්පාදනය කරන්නෙමුද
Surah Al-Waqia, Verse 72


نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ

(නිරා ගින්න ඔබට) මතක් කර දීම පිණිසද, මැගියන්ට ප්‍රයෝජනවත් වනු පිණිසද, එය අපිම ඇති කළෙමු
Surah Al-Waqia, Verse 73


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එබැවින් (නබියේ! මේවාට කෘතඥ වන සේ) ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Al-Waqia, Verse 74


۞فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

තාරකාවන්ගෙන් පිහිටි ස්ථානයන් මත මා දිව්රන්නෙමි
Surah Al-Waqia, Verse 75


وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

(ඔබට) බුද්ධියක් ඇත්නම් නියත වශයෙන්ම මෙය ඉමහත් වූ දිව්රුමක් යන්න දැන ගන්නෙහුය
Surah Al-Waqia, Verse 76


إِنَّهُۥ لَقُرۡءَانٞ كَرِيمٞ

නියත වශයෙන්ම මෙය ඉතාමත් ගෞරවයෙන් පිරි කුර්ආනය වන්නේය
Surah Al-Waqia, Verse 77


فِي كِتَٰبٖ مَّكۡنُونٖ

(මෙය ලව්හුල් මව්ෆූල් නමැති) ආරක්ෂා කරන ලද ග්‍රන්ථයෙහි (ලියනු ලැබ ඇත්තේය)
Surah Al-Waqia, Verse 78


لَّا يَمَسُّهُۥٓ إِلَّا ٱلۡمُطَهَّرُونَ

පරිශුද්ධවන්තයින් මිස, (වෙන කිසිවෙකුත්) මෙය ස්පර්ශ කරන්නේ නැත
Surah Al-Waqia, Verse 79


تَنزِيلٞ مِّن رَّبِّ ٱلۡعَٰلَمِينَ

සියලූ ලෝකයන්හි දෙවියන් විසින් මෙය පහළ කරන ලදී
Surah Al-Waqia, Verse 80


أَفَبِهَٰذَا ٱلۡحَدِيثِ أَنتُم مُّدۡهِنُونَ

එබැවින් මෙහි ඇති කාරණාවන්ද, (ගණන් නොගෙන) සුළුකොට සළකන්නෙහුද
Surah Al-Waqia, Verse 81


وَتَجۡعَلُونَ رِزۡقَكُمۡ أَنَّكُمۡ تُكَذِّبُونَ

නැතහොත් බොරු කිරීමම ඔබ, ඔබගේ ජීවනෝපාය බවට පත් කරගෙන ඇත්තෙහුද
Surah Al-Waqia, Verse 82


فَلَوۡلَآ إِذَا بَلَغَتِ ٱلۡحُلۡقُومَ

(ඔබගෙන් මරණයට පත් වන කෙනෙකුගේ පණ) උගුරු දණ්ඩ අත් කර ගතහොත්
Surah Al-Waqia, Verse 83


وَأَنتُمۡ حِينَئِذٖ تَنظُرُونَ

ඒ අවස්ථාවේදී ඔබ (මරණයට පත් වන අයට සමීපව සිටියද, ඔබට කිසිවක් කර කියා ගත නොහැකිව) උඩ ගොස් බිම වැටෙන්නෙහුය
Surah Al-Waqia, Verse 84


وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنكُمۡ وَلَٰكِن لَّا تُبۡصِرُونَ

එහෙත් අපි ඔහුට, ඔබට වඩා ඉතාමත් සමීපව සිටින්නෙමු. එහෙත් ඔබ (අපව) දකින්නේ නැත
Surah Al-Waqia, Verse 85


فَلَوۡلَآ إِن كُنتُمۡ غَيۡرَ مَدِينِينَ

ඔබ කිසිවෙකුටත් එක්කාසු නොවී (පූරණ නිදහස ඇත්තෙකු වශයෙන්) සිටිමින්
Surah Al-Waqia, Verse 86


تَرۡجِعُونَهَآ إِن كُنتُمۡ صَٰدِقِينَ

ඇත්තෙන්ම ඔබ (මෙහි) සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, එය (මරණයට පත් වූ ඔහුගේ පණ) ඔබ බේරා ගන්නවා නොවෙද
Surah Al-Waqia, Verse 87


فَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُقَرَّبِينَ

(මරණයට පත් වූ අය පරිශුද්ධවන්තයින් වශයෙන් හිඳ, දෙවියන්ට) සමීප වූවන්ගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටින්නෙහි නම්
Surah Al-Waqia, Verse 88


فَرَوۡحٞ وَرَيۡحَانٞ وَجَنَّتُ نَعِيمٖ

ඔහුට ශරීර සොෟඛ්‍යයද, තෘප්තියද ඇත. සතුට ගෙන දෙන ස්වර්ගයද ඇත
Surah Al-Waqia, Verse 89


وَأَمَّآ إِن كَانَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

(එයිනුත්) ඔහු දකුණු පාර්ශවයේ වූ අය වශයෙන් සිටින්නෙහි නම්
Surah Al-Waqia, Verse 90


فَسَلَٰمٞ لَّكَ مِنۡ أَصۡحَٰبِ ٱلۡيَمِينِ

(ඔහුට) “ඕ දකුණු පාර්ශවයේ සිටින්නෙනි! ඔබට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි කියනු ලැබේ)
Surah Al-Waqia, Verse 91


وَأَمَّآ إِن كَانَ مِنَ ٱلۡمُكَذِّبِينَ ٱلضَّآلِّينَ

තවද ඔහු මාර්ගය වැරද ගොස් (මෙම ධර්මය) බොරු කරන්නන්ගෙන් වූ අය වශයෙන් සිටියහොත
Surah Al-Waqia, Verse 92


فَنُزُلٞ مِّنۡ حَمِيمٖ

උතුරණ ලෝදියම (ඔහුට) සංග්‍රහ කරනු ලබන අතර
Surah Al-Waqia, Verse 93


وَتَصۡلِيَةُ جَحِيمٍ

නිරයෙහිද තල්ලූ කරනු ලබන්නේය
Surah Al-Waqia, Verse 94


إِنَّ هَٰذَا لَهُوَ حَقُّ ٱلۡيَقِينِ

නියත වශයෙන්ම මෙය සැකයෙන් තොර සත්‍යයක් යන්න ස්ථීරය
Surah Al-Waqia, Verse 95


فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

එබැවින් (නබියේ!) ඔබ ඉමහත් වූ ඔබ දෙවියන්ගේ ශුද්ධ වු නාමය (පවසා) සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Al-Waqia, Verse 96


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 55
>> Surah 57

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai