Surah Ar-Rahman - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
ٱلرَّحۡمَٰنُ
(නබියේ! ඔහු) අප්‍රමාණ දයාබරවන්තයෙකි
Surah Ar-Rahman, Verse 1
عَلَّمَ ٱلۡقُرۡءَانَ
මෙම කුර්ආනය (ඔහු ඔබට) උගන්වා දුන්නේය
Surah Ar-Rahman, Verse 2
خَلَقَ ٱلۡإِنسَٰنَ
ඔහුම මිනිසාව උත්පාදනය කළේය
Surah Ar-Rahman, Verse 3
عَلَّمَهُ ٱلۡبَيَانَ
ඔහුම මිනිසාට (පැහැදිලිව) කතා කිරීමටද ඉගැන්වූවේය
Surah Ar-Rahman, Verse 4
ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ
සූර්යයාද, චන්ද්‍රයාද, (ඒවා නිර්මාණය කරන ලද) සීමාවන් ප්‍රකාරම (ගමන් කරන්නේය)
Surah Ar-Rahman, Verse 5
وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ
පැලෑටි, ගස් කොළන් (වැල් ආදී සියල්ල අල්ලාහ්ට අවනත වී) සුජූද් කරන්නේය
Surah Ar-Rahman, Verse 6
وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ
ඔහුම අහස ඔසවා සමතුලනය කර ස්ථාවරවත් කළේය
Surah Ar-Rahman, Verse 7
أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ
එබැවින් ඔබ කිරුමෙහි සීමාව ඉක්මවා නොයා සිටිනු පිණිස
Surah Ar-Rahman, Verse 8
وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ
ඔබ සාධාරණ ලෙස කිරිනු. බර අඩු කර නොහරිනු
Surah Ar-Rahman, Verse 9
وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ
භූමිය-ජීවීන් වාසය කිරීමට පහසු වන අන්දමට එය ඔහුම නිර්මාණය කළේය
Surah Ar-Rahman, Verse 10
فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ
(තවද) එහි (විවිධ වර්ගයේ) පලතුරු වර්ගද, (වළු වලින් පිරි) අතුවලින් යුත් ඉඳි ගස්ද වැඩෙන්නේය
Surah Ar-Rahman, Verse 11
وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ
දහයියා වලින් වසන ලද ධාන්‍යද, සුවඳ පැළෑටි ගස් වැල්ද පැළවෙන්නේය
Surah Ar-Rahman, Verse 12
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් (මිනිසුන්, ජින්වරුන් වන) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 13
خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ
පුළුස්සන ලද බඳුන් මෙන් (තට්ටු කළහොත් ටං ටං ගාන) ශබ්දයක් ගෙන දෙන කිරි මැටියෙන් ඔහු (පළමු) මිනිසාව උත්පාදනය කළේය
Surah Ar-Rahman, Verse 14
وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ
ගිනි දැල්වලින් ඔහු ජින්වරුන්ව උත්පාදනය කළේය
Surah Ar-Rahman, Verse 15
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 16
رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ
නැගෙනහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය. බටහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය
Surah Ar-Rahman, Verse 17
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 18
مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ
එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය
Surah Ar-Rahman, Verse 19
بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ
එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත
Surah Ar-Rahman, Verse 20
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් (මිනිස් හා ජින්වරුනි!) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 21
يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ
ඒ දෙකෙන්ම මුතු, පබලූ (ආදිය) ඉකුත් වන්නේය
Surah Ar-Rahman, Verse 22
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 23
وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ
කඳු මෙන් උස් වූ මුහුදෙහි යාත්‍රා කරන නැව්ද ඔහුට අයත්ය
Surah Ar-Rahman, Verse 24
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 25
كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ
භූමියෙහි ඇති සියල්ල අනිවාර්යයෙන්ම විනාශ වී යන්නේය
Surah Ar-Rahman, Verse 26
وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
ඉතාමත් ගෞරවයද, ආඩම්බරයද රැඳුණු ඔබ දෙවියන් පමණක් (විනාශ නොවී) ස්ථීරව සිටින්නේය
Surah Ar-Rahman, Verse 27
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 28
يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ
අහස්හිද, භූමියෙහිද සිටින සියල්ලන්ම (තමන්ට අවශ්‍ය දැය) ඔහු වෙතම ඉල්ලා සිටින්නාහ. (ඔහු ක්‍රියා විරහිතව සිටියේ නැත). සෑම දිනකම (අළුත් අළුත් අන්දමට) සෑම තත්වයකම සිටින්නේය
Surah Ar-Rahman, Verse 29
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 30
سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ
දෙ-සමූහයිනි! නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අපි ඔබව අවධානය කරන්නට ඉදිරියට එන්නෙමු
Surah Ar-Rahman, Verse 31
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 32
يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ
මිනිස්, ජින් සමූහයිනි! ඔබ අහස් හා භූමියෙහි සීමාව ඉක්මවා තරනය කර යාමට ඔබ විසින් හැකි නම්, එසේ යනු. එහෙත් (ඒවා පාලනය කළ හැකි අති විශාල) බලසම්පන්නයා හැර, ඔබට යා නොහැකිය. (එවැනි පාලනයද, බලයද ඔබට නැත)
Surah Ar-Rahman, Verse 33
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 34
يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ
(ඔබ ඒවායෙන් පිටමං වීමට කැමති වී ගියහොත්) ඔබ කෙරෙහි ගිනි දහරාද, තදින් රත් කරන ලද තඹ (කාල-තුවක්කු උණ්ඩ වැනි දැය)ද වීසි කර (පහර දෙනු) ලැබේ. එය වලක්වා ගැනීමට ඔබට නොහැකිය
Surah Ar-Rahman, Verse 35
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 36
فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ
(යුග අවසානය සඳහා) අහස පැළී යන අවස්ථාවේදී, එය (සෙයිතූන්) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත් වනු ඇත
Surah Ar-Rahman, Verse 37
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 38
فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ
එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ)
Surah Ar-Rahman, Verse 39
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 40
يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ
වැරදිකරුවන්ව ඔවුන්ගේ මුහුණේ සළකුණු මගින්ම දැන ගනු ලබන්නාහ. ඔවුන්ගේ ඉදිරි කෙස් රොදින්ද, කකුල් වලින්ද අල්ලා ඇදගෙන එනු (ලැබ නිරයෙහි වීසි කරනු) ලැබේ
Surah Ar-Rahman, Verse 41
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 42
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ
මෙයයි වැරදිකරුවන් බොරු කරමින් සිටි නිරය
Surah Ar-Rahman, Verse 43
يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ
මෙයටද, උතුරණ ලෝදියටද අතරේ (දෙපැත්ත ගිනි ගත් දර කැබැල්ලක හසුවුනු කූඹීන් මෙන්) ඔවුන් ඒ මේ අත දුවන්නාහ
Surah Ar-Rahman, Verse 44
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 45
وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ
කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයට බිය වන්නේද, ඔහුට (ස්වර්ගයෙහි) උයන් වතු දෙකක් ඇත
Surah Ar-Rahman, Verse 46
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 47
ذَوَاتَآ أَفۡنَانٖ
මේ දෙකම අතුවලින් ගහනව (පිරී) පවතීයි
Surah Ar-Rahman, Verse 48
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 49
فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ
ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) මතු වී ගලා බසිමින්ම ඇත්තේය
Surah Ar-Rahman, Verse 50
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 51
فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ
ඒ දෙකේම සෑම පලතුරු වර්ගයක්ම (ඉදුණු හා අමු වශයෙන්) දෙවර්ගයක් ඇත
Surah Ar-Rahman, Verse 52
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 53
مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ
ඉස්තබ්රක් නමැති සේද මෙට්ටයන් (යහනාවන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. එම උයන් දෙකේ පලතුරු වර්ග (කඩා ගැනීමට) ළං වී තිඛෙනු ඇත
Surah Ar-Rahman, Verse 54
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 55
فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත
Surah Ar-Rahman, Verse 56
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 57
كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ
ඔවුන් රතු මිණි කැට මෙන්ද, පබළු මෙන්ද සිටිනු ඇත
Surah Ar-Rahman, Verse 58
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 59
هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ
හොඳට හොඳක්ම මිස, (වෙනත්) ඵලවිපාකයක් ඇත්ද
Surah Ar-Rahman, Verse 60
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 61
وَمِن دُونِهِمَا جَنَّتَانِ
මේ දෙක හැර, (ස්වර්ගයෙහි ඔවුන්ට තවත්) උයන් දෙකක් ඇත
Surah Ar-Rahman, Verse 62
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 63
مُدۡهَآمَّتَانِ
ඒ දෙකම තද කොළ වර්ණයෙන් යුක්තය
Surah Ar-Rahman, Verse 64
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 65
فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ
ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) උතුරා ඉකුත් වෙමින්ම සිටිනු ඇත
Surah Ar-Rahman, Verse 66
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 67
فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ
ඒ දෙකේම (විවිධ වර්ගයේ) පලතුරුද, ඉඳිද, දෙළුම්ද ඇත
Surah Ar-Rahman, Verse 68
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 69
فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ
ඒවායෙහි අලංකාරවත්, හොඳ ගුණවත් හා හොඳ හැඩරුවෙන් යුත් කන්‍යාවන්ද ඇත්තාහ
Surah Ar-Rahman, Verse 70
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 71
حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ
(ඔවුන්ම) හූර් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ය. ඔවුන් (මුතු, පබලූ වලින් නිමා කරන ලද) කූඩාරම්හි වාසය කරන්නාහ
Surah Ar-Rahman, Verse 72
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 73
لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ
මොවුන්ට පෙර ඔවුන්ව කිසිම මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත
Surah Ar-Rahman, Verse 74
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 75
مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ
(ස්වර්ගවාසීන්) උසස් කොළ වර්ණයෙන් යුත් මැණික් ඔබ්බන ලද ලෝම ඇතිරිල්ලෙහි (ආහාර) අනුභව කර, කොට්ට මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටින්නාහ
Surah Ar-Rahman, Verse 76
فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ
එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද
Surah Ar-Rahman, Verse 77
تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ
(නබියේ!) ඉතා උසස් හා ගෞරවයෙන් පිරි ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඉතාමත් භාග්‍යයෙන් යුක්තය
Surah Ar-Rahman, Verse 78