UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ar-Rahman - Sinhala Translation by Www.islamhouse.com

ٱلرَّحۡمَٰنُ

අපරිමිත දයාන්විතයාණෝ
Surah Ar-Rahman, Verse 1

عَلَّمَ ٱلۡقُرۡءَانَ

ඔහු අල් කුර්ආනය ඉගැන්වීය
Surah Ar-Rahman, Verse 2

خَلَقَ ٱلۡإِنسَٰنَ

ඔහු මිනිසා ව මැව්වේය
Surah Ar-Rahman, Verse 3

عَلَّمَهُ ٱلۡبَيَانَ

ඔහු ඔහුට පැහැදිලිව කතා කිරීමට ඉගෙන්වූවේය
Surah Ar-Rahman, Verse 4

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ

හිරු හා සඳු නියමිත ගණන් විලාසයකට අනුව ගගනය කරයි
Surah Ar-Rahman, Verse 5

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ

තවද තරු හා ගස යන දෙක ඔහුට සුජූද් කරති
Surah Ar-Rahman, Verse 6

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ

තවද අහස ඔහු එය උස් කළේය. තවද (යුක්තියේ) තුලාව පිහිටුවේය
Surah Ar-Rahman, Verse 7

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ

යුක්තියේ තුලාව නුඹලා උල්ලංඝනය නොකරනු පිණිස
Surah Ar-Rahman, Verse 8

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ

තවද නුඹලා සාධාරණයෙන් යුතු ව තුලනය ක්‍රියාත්මක කරනු. තවද නුඹලා තුලාවෙහි අඩු නොකරනු
Surah Ar-Rahman, Verse 9

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ

තවද මහපොළොව එය සියලු ජීවීන් සඳහා (පහසුවෙන්) තැබුවේ ය
Surah Ar-Rahman, Verse 10

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ

එහි පලතුරු ද කොපු සහිත රටඉඳි ගස් ද ඇත
Surah Ar-Rahman, Verse 11

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ

තවද පොතු සහිත ධාන්‍ය ද සුවඳැති පැළෑටි ද ඇත
Surah Ar-Rahman, Verse 12

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 13

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ

වළන් මෙන් වියළි මැටියෙන් ඔහු මිනිසා මැව්වේය
Surah Ar-Rahman, Verse 14

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ

තවද ගින්නෙන් වූ දැල්ලෙන් ඔහු ජින් වර්ගයා මැව්වේය
Surah Ar-Rahman, Verse 15

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 16

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ

(ඔහු) නැගෙනහිරවල් දෙකෙහි හිමිපාණන් හා බටහිරවල් දෙකෙහි හිමිපාණන්ය
Surah Ar-Rahman, Verse 17

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 18

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ

ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරීය
Surah Ar-Rahman, Verse 19

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ

ඒ දෙක අබිබවා නොයන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය
Surah Ar-Rahman, Verse 20

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 21

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ

ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි
Surah Ar-Rahman, Verse 22

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 23

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ

තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත
Surah Ar-Rahman, Verse 24

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 25

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ

ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක්ය
Surah Ar-Rahman, Verse 26

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ

තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී
Surah Ar-Rahman, Verse 27

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයන් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 28

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ

අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ(තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරත ව සිටියි
Surah Ar-Rahman, Verse 29

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 30

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ

අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු
Surah Ar-Rahman, Verse 31

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 32

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ

අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ පැතිකඩ වලින් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත
Surah Ar-Rahman, Verse 33

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 34

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ

නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය (ඉන් ආරක්ෂා වන්නට) උදව් නොලබනු ඇත
Surah Ar-Rahman, Verse 35

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 36

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ

එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත
Surah Ar-Rahman, Verse 37

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 38

فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ

එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නොලබයි
Surah Ar-Rahman, Verse 39

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 40

يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ

වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණු වලින් හඳුනා ගනු ලබති. එවිට ඉදිරි නළල් කෙස් රොද හා පාද වලින් ග්‍රහණය කරනු ලබති
Surah Ar-Rahman, Verse 41

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 42

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ

වැරදි කරුවන් එය බොරු යැයි පවසන නිරය මෙය වේ
Surah Ar-Rahman, Verse 43

يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ

ඒ අතර හා දැඩි රශ්මීය ලෝදිය අතර ඔවුහු කැරකෙති
Surah Ar-Rahman, Verse 44

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 45

وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ

තම පරමාධිපතිගේ සන්නිධානයේ පෙනී සිටීමට බිය වූවන්ට (ස්වර්ග) උයන් දෙකක් ඇත
Surah Ar-Rahman, Verse 46

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 47

ذَوَاتَآ أَفۡنَانٖ

සාරවත් අතුවලින් යුක්ත (උයන්) දෙකකි
Surah Ar-Rahman, Verse 48

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 49

فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ

ඒ දෙකෙහි ගලා යන උල්පත් දෙකකි
Surah Ar-Rahman, Verse 50

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 51

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ

සෑම පලතුරකින්ම ජෝඩුවක් බැගින් ඒ දෙකහි ඇත
Surah Ar-Rahman, Verse 52

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 53

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ

ඇතිරිලි මත හාන්සි වන්නන් ලෙසිනි. එහි ඇතුළත (ඉස්තබ්රක් වර්ගයේ) සේද රෙද්දෙන් යුක්තය. එම උයන් දෙකෙහි පලතුරු සමීපයෙන් පිහිටයි
Surah Ar-Rahman, Verse 54

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 55

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ

ඒවායෙහි දමිත බැල්මැති පිරිසිදු කන්‍යා කුමරියන් වෙති. ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත
Surah Ar-Rahman, Verse 56

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 57

كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ

නියත වශයෙන්ම ඔවුහු මැණික් හා පබළු මෙන් වෙති
Surah Ar-Rahman, Verse 58

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 59

هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ

යහපතට යහපත මිස වෙනත් ප්‍රතිඵලයක් ඇත් ද
Surah Ar-Rahman, Verse 60

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 61

وَمِن دُونِهِمَا جَنَّتَانِ

ඒ දෙකට අමතරව (තවත්) උයන් දෙකකි
Surah Ar-Rahman, Verse 62

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 63

مُدۡهَآمَّتَانِ

(ඒ දෙක) තද කොළ පැහැයෙන් යුක්තය
Surah Ar-Rahman, Verse 64

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 65

فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ

ඒ දෙකෙහි උතුරා ගලා යන උල්පත් දෙකකි
Surah Ar-Rahman, Verse 66

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 67

فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ

ඒ දෙකෙහි පලතුරු ද රටඉඳි ද දෙළුම් ද ඇත
Surah Ar-Rahman, Verse 68

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 69

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ

රූමත් යහපත් කාන්තාවෝ ඒවායෙහි වෙති
Surah Ar-Rahman, Verse 70

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 71

حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ

කූඩාරම් තුළ සඟවා තබන ලද ලලනාවෝ වෙති
Surah Ar-Rahman, Verse 72

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 73

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ

ඔවුනට පෙර කිසිදු මිනිසෙකු හෝ ජින්නුවෙකු හෝ ඔවුන් ස්පර්ශ කර නැත
Surah Ar-Rahman, Verse 74

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 75

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ

කොළ පැහැති මෙට්ට මත ද අලංකාර බුමුතුරුණු මත ද හාන්සිවන්නන් ලෙස සිටිති
Surah Ar-Rahman, Verse 76

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙදෙනාගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් අතරින් කවරක් නුඹලා දෙදෙනා බොරු කරන්නෙහු ද
Surah Ar-Rahman, Verse 77

تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ

තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුත් නුඹගේ පරමාධිපතිගේ නාමය අති උත්කෘෂ්ට විය
Surah Ar-Rahman, Verse 78

Author: Www.islamhouse.com

<< Surah 54
>> Surah 56

Sinhala Translations by other Authors

Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel

Sinhala Translation By Www.islamhouse.com

Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai