Surah Al-Qamar - Sinhala Translation by Www.islamhouse.com
ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ
අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත
Surah Al-Qamar, Verse 1
وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ
තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුවද, ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති
Surah Al-Qamar, Verse 2
وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ
තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි
Surah Al-Qamar, Verse 3
وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ
තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත
Surah Al-Qamar, Verse 4
حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ
එහි ගැඹුරු ප්‍රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය
Surah Al-Qamar, Verse 5
فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ
එහෙයින් (නබිවරය) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි
Surah Al-Qamar, Verse 6
خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ
ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති
Surah Al-Qamar, Verse 7
مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ
කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති
Surah Al-Qamar, Verse 8
۞كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ
ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය
Surah Al-Qamar, Verse 9
فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ
එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය
Surah Al-Qamar, Verse 10
فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ
එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු
Surah Al-Qamar, Verse 11
وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ
තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය
Surah Al-Qamar, Verse 12
وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ
තවද ලෑලිවලින්ද, ඇනවලින්ද සකස්කරන ලද දෑ (නැව) මත උසුළා ( නූහ් සහ ඔහුගේ ජනයා ආරක්ෂාකර) ගත්තෙමු
Surah Al-Qamar, Verse 13
تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ
ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්‍රා විය
Surah Al-Qamar, Verse 14
وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද සැබැවින්ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 15
فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද
Surah Al-Qamar, Verse 16
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 17
كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අනතුරු ඇඟවීම කෙසේ වී ද
Surah Al-Qamar, Verse 18
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ
අභාග්‍යයමත් දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් අඛණ්ඩව එව්වෙමු
Surah Al-Qamar, Verse 19
تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ
නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමීය
Surah Al-Qamar, Verse 20
فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද
Surah Al-Qamar, Verse 21
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 22
كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ
සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය
Surah Al-Qamar, Verse 23
فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ
අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු
Surah Al-Qamar, Verse 24
أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ
“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”
Surah Al-Qamar, Verse 25
سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ
ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත
Surah Al-Qamar, Verse 26
إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ
නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු
Surah Al-Qamar, Verse 27
وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ
නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර ලිඳේ ඇති) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි
Surah Al-Qamar, Verse 28
فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ
එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන ( ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේය
Surah Al-Qamar, Verse 29
فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ
එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද
Surah Al-Qamar, Verse 30
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ
Surah Al-Qamar, Verse 31
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද අල් කුර්ආනය අවවාද ලබා ගැනීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් අවවාද ලබා ගන්නා කිසිවකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 32
كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ
ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය
Surah Al-Qamar, Verse 33
إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ
නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු
Surah Al-Qamar, Verse 34
نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ
(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
Surah Al-Qamar, Verse 35
وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ
තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය
Surah Al-Qamar, Verse 36
وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ
ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු)
Surah Al-Qamar, Verse 37
وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ
තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය
Surah Al-Qamar, Verse 38
فَذُوقُواْ عَذَابِي وَنُذُرِ
එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු
Surah Al-Qamar, Verse 39
وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 40
وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ
තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය
Surah Al-Qamar, Verse 41
كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ
ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු
Surah Al-Qamar, Verse 42
أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَـٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ
(මක්කා වැසියෙනි) නුඹලා අතර සිටින දේව ප්‍රතික්ෂේපකයින් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද
Surah Al-Qamar, Verse 43
أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ
එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද
Surah Al-Qamar, Verse 44
سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ
මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත
Surah Al-Qamar, Verse 45
بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ
නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය
Surah Al-Qamar, Verse 46
إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ
නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිද, තවද (නිරා ගින්නේ) වේදනාවෙහිද සිටින්නාහ
Surah Al-Qamar, Verse 47
يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ
එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ නිරා ගින්නේ ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ)
Surah Al-Qamar, Verse 48
إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ
නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්‍රමාණයකින් යුතු ව මැව්වෙමු
Surah Al-Qamar, Verse 49
وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ
තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි
Surah Al-Qamar, Verse 50
وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ
තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද
Surah Al-Qamar, Verse 51
وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ
තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත
Surah Al-Qamar, Verse 52
وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ
තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය
Surah Al-Qamar, Verse 53
إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَنَهَرٖ
නියත වශයෙන්ම බිය බැතිමතුන් ( ස්වර්ග) උයන්හි හා (එහි) ගඟ අතර සිටින්නෝය
Surah Al-Qamar, Verse 54
فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ
සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය
Surah Al-Qamar, Verse 55