UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Najm - Sinhala Translation by Www.islamhouse.com


وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ

තවද වැටී (සැඟවී) යන තරු මත දිවුරමින්
Surah An-Najm, Verse 1


مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ

තවද නුඹලාගේ සහචරයා (වන මුහම්මද්) මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය
Surah An-Najm, Verse 2


وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ

තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි
Surah An-Najm, Verse 3


إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ

එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත
Surah An-Najm, Verse 4


عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ

අති බලවත් කෙනෙකු (වන ජිබ්රයීල්) එය ඉගැන්වීය
Surah An-Najm, Verse 5


ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ

(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග නබි ඉදිරියේ) දිස් වූවේය
Surah An-Najm, Verse 6


وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ

තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය
Surah An-Najm, Verse 7


ثُمَّ دَنَا فَتَدَلَّىٰ

පසු ව ඔහු පහළට පැමිණ (ඔහු) අසළටම පැමිණියේය
Surah An-Najm, Verse 8


فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ

එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය
Surah An-Najm, Verse 9


فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ

එවිට (අල්ලාහ්) ඔහුට හෙළි කළ දේ, ඔහු ඔහුගේ ගැත්තා ( වූ නබිවරයා) ට හෙළි කළේය
Surah An-Najm, Verse 10


مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ

ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය
Surah An-Najm, Verse 11


أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ

එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද
Surah An-Najm, Verse 12


وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ

තවද, නිසකවම ඔහු (නබිවරයා) තවත් වතාවක් ඔහු (ජිබ්රයීල්ව සිය සැබෑ ස්වරූපයෙන්) පහළ වනු දුටුවේය
Surah An-Najm, Verse 13


عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ

සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය
Surah An-Najm, Verse 14


عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ

ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය
Surah An-Najm, Verse 15


إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ

සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට
Surah An-Najm, Verse 16


مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ

බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය
Surah An-Najm, Verse 17


لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ

තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥාවන් කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය
Surah An-Najm, Verse 18


أَفَرَءَيۡتُمُ ٱللَّـٰتَ وَٱلۡعُزَّىٰ

ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද
Surah An-Najm, Verse 19


وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ

අනෙක් තුන්වැනියා මනාත්ය
Surah An-Najm, Verse 20


أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ

නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද
Surah An-Najm, Verse 21


تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ

එවිට එය අසාධාරණ බෙදීමකි
Surah An-Najm, Verse 22


إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ (හිස් අර්ථ) නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත
Surah An-Najm, Verse 23


أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ

එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද
Surah An-Najm, Verse 24


فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ

එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය
Surah An-Najm, Verse 25


۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ

අහස්හි මලක්වරුන් කොපමණදෝ සිටින්නාහ. ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස
Surah An-Najm, Verse 26


إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَـٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ

නියත වශයෙන්ම කව්රුන් මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නේද ඔවුන් මලක්වරුන්ට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති
Surah An-Najm, Verse 27


وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا

තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත
Surah An-Najm, Verse 28


فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු
Surah An-Najm, Verse 29


ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය
Surah An-Najm, Verse 30


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَـٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى

තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය
Surah An-Najm, Verse 31


ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී අප්‍රමාණය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය
Surah An-Najm, Verse 32


أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ

(සත්‍යය මාර්ගයෙන්) හැරී ගොස්
Surah An-Najm, Verse 33


وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ

ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද
Surah An-Najm, Verse 34


أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ

ඔහු දකින්නට නම්, ඔහු වෙත සැඟැවුණු ඥානය තිබේද
Surah An-Najm, Verse 35


أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ

එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද
Surah An-Najm, Verse 36


وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ

(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද
Surah An-Najm, Verse 37


أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ

එනම්, බර උසුලන්නා තවකෙකුගේ බර උසුළන්නේ නැත
Surah An-Najm, Verse 38


وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ

මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර වෙන කසිවක් නොමැත
Surah An-Najm, Verse 39


وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ

තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලැබේ
Surah An-Najm, Verse 40


ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ

පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබන්නේය. (යනුවෙන් මූසා හා ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ විය)
Surah An-Najm, Verse 41


وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ

තවද නියත වශයෙන්ම, අවසානයේදී (සියලු දෙනාගේ) නැවත හැරීයාම, නුඹගේ පරමාධිපති වෙතයි
Surah An-Najm, Verse 42


وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ

තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමටද සලස්වන්නේය
Surah An-Najm, Verse 43


وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا

තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද නැවත ප්‍රාණය දෙන්නේය
Surah An-Najm, Verse 44


وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ

නියත වශයෙන්ම ඔහු ස්ත්‍රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය
Surah An-Najm, Verse 45


مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ

නියත වශයෙන්ම ඔහු ශුක්‍රාණු බිඳුවකින් එය විදින විට ( නුඹලාව නිර්මාණය කරන්නේය)
Surah An-Najm, Verse 46


وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ

තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු කෙරෙහි (වූ වගකීමක්) ය
Surah An-Najm, Verse 47


وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ

තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පත් කරවන්නේය
Surah An-Najm, Verse 48


وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ

තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් වේ
Surah An-Najm, Verse 49


وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ

තවද නියත වශයෙන්ම පෙර විසූ ආද් ජනයා විනාශ කළේ ද ඔහුය
Surah An-Najm, Verse 50


وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ

තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය
Surah An-Najm, Verse 51


وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ

තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ
Surah An-Najm, Verse 52


وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ

තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය
Surah An-Najm, Verse 53


فَغَشَّىٰهَا مَا غَشَّىٰ

එවිට ආවරණය කළ දෑ (වේදනාව) එය ආවරණය කළේය
Surah An-Najm, Verse 54


فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද
Surah An-Najm, Verse 55


هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ

මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි
Surah An-Najm, Verse 56


أَزِفَتِ ٱلۡأٓزِفَةُ

සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත
Surah An-Najm, Verse 57


لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ

අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත
Surah An-Najm, Verse 58


أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ

එහෙයින් මෙම පුවත ගැන නුඹලා පුදුම වන්නෙහුද
Surah An-Najm, Verse 59


وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ

තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොහඬා සිටින්නෙහුය
Surah An-Najm, Verse 60


وَأَنتُمۡ سَٰمِدُونَ

නුඹලා නොසැලකිල්ලෙන් සිටිහුය
Surah An-Najm, Verse 61


فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩

එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට නැමදුම් කරනු
Surah An-Najm, Verse 62


Author: Www.islamhouse.com


<< Surah 52
>> Surah 54

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai