UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah At-tur - Sinhala Translation by Www.islamhouse.com


وَٱلطُّورِ

තූර් කන්ද මත දිවුරමින්
Surah At-tur, Verse 1


وَكِتَٰبٖ مَّسۡطُورٖ

ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්
Surah At-tur, Verse 2


فِي رَقّٖ مَّنشُورٖ

දිගු හරින ලද ලේඛණයෙහි
Surah At-tur, Verse 3


وَٱلۡبَيۡتِ ٱلۡمَعۡمُورِ

බයිතුල් මඃමූර් (හෙවත් සත් අහසට ඉහළින් ඇති මළක්වරුන්ගේ නැමැදුම් පළ) මත දිවුරමින්
Surah At-tur, Verse 4


وَٱلسَّقۡفِ ٱلۡمَرۡفُوعِ

ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්
Surah At-tur, Verse 5


وَٱلۡبَحۡرِ ٱلۡمَسۡجُورِ

ගිනි මොළවනු ලබන (රැලිවලින් යුත්) මුහුද මත දිවුරමින්
Surah At-tur, Verse 6


إِنَّ عَذَابَ رَبِّكَ لَوَٰقِعٞ

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ බරපතල දඬුවම සිදුවන්නක්මය
Surah At-tur, Verse 7


مَّا لَهُۥ مِن دَافِعٖ

එය වළක්වන කිසිවෙකු නැත
Surah At-tur, Verse 8


يَوۡمَ تَمُورُ ٱلسَّمَآءُ مَوۡرٗا

එදින අහස තදබල චලනයකින් චලනය වන දිනයයි
Surah At-tur, Verse 9


وَتَسِيرُ ٱلۡجِبَالُ سَيۡرٗا

තවද කඳු භයානක සලිතයකින් සලිත වෙයි
Surah At-tur, Verse 10


فَوَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

එහෙයින් බොරු කළවුනට එදින විනාශයයි
Surah At-tur, Verse 11


ٱلَّذِينَ هُمۡ فِي خَوۡضٖ يَلۡعَبُونَ

ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති
Surah At-tur, Verse 12


يَوۡمَ يُدَعُّونَ إِلَىٰ نَارِ جَهَنَّمَ دَعًّا

එදින නිරයේ ගින්න වෙත දක්කාගෙන යමින් වැරෙන් තල්ලු කරනු ලැබේ
Surah At-tur, Verse 13


هَٰذِهِ ٱلنَّارُ ٱلَّتِي كُنتُم بِهَا تُكَذِّبُونَ

“මෙය නුඹලා කවර ගින්නක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නයි.”
Surah At-tur, Verse 14


أَفَسِحۡرٌ هَٰذَآ أَمۡ أَنتُمۡ لَا تُبۡصِرُونَ

මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද
Surah At-tur, Verse 15


ٱصۡلَوۡهَا فَٱصۡبِرُوٓاْ أَوۡ لَا تَصۡبِرُواْ سَوَآءٌ عَلَيۡكُمۡۖ إِنَّمَا تُجۡزَوۡنَ مَا كُنتُمۡ تَعۡمَلُونَ

නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහාය
Surah At-tur, Verse 16


إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَنَعِيمٖ

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැපතෙහි සිටින්නෝය
Surah At-tur, Verse 17


فَٰكِهِينَ بِمَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡ وَوَقَىٰهُمۡ رَبُّهُمۡ عَذَابَ ٱلۡجَحِيمِ

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙස සිටින්නෝය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය
Surah At-tur, Verse 18


كُلُواْ وَٱشۡرَبُواْ هَنِيٓـَٔۢا بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.(යැයි පවසනු ලැබේ)
Surah At-tur, Verse 19


مُتَّكِـِٔينَ عَلَىٰ سُرُرٖ مَّصۡفُوفَةٖۖ وَزَوَّجۡنَٰهُم بِحُورٍ عِينٖ

පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු
Surah At-tur, Verse 20


وَٱلَّذِينَ ءَامَنُواْ وَٱتَّبَعَتۡهُمۡ ذُرِّيَّتُهُم بِإِيمَٰنٍ أَلۡحَقۡنَا بِهِمۡ ذُرِّيَّتَهُمۡ وَمَآ أَلَتۡنَٰهُم مِّنۡ عَمَلِهِم مِّن شَيۡءٖۚ كُلُّ ٱمۡرِيِٕۭ بِمَا كَسَبَ رَهِينٞ

තවද කව්රුන් විශ්වාස කළෝද, තවද ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන්ව අනුගමනය කරන්නේද, ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේය
Surah At-tur, Verse 21


وَأَمۡدَدۡنَٰهُم بِفَٰكِهَةٖ وَلَحۡمٖ مِّمَّا يَشۡتَهُونَ

ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු
Surah At-tur, Verse 22


يَتَنَٰزَعُونَ فِيهَا كَأۡسٗا لَّا لَغۡوٞ فِيهَا وَلَا تَأۡثِيمٞ

ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පොලඹවීමක් හෝ එහි නැත
Surah At-tur, Verse 23


۞وَيَطُوفُ عَلَيۡهِمۡ غِلۡمَانٞ لَّهُمۡ كَأَنَّهُمۡ لُؤۡلُؤٞ مَّكۡنُونٞ

තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති
Surah At-tur, Verse 24


وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති
Surah At-tur, Verse 25


قَالُوٓاْ إِنَّا كُنَّا قَبۡلُ فِيٓ أَهۡلِنَا مُشۡفِقِينَ

“මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති
Surah At-tur, Verse 26


فَمَنَّ ٱللَّهُ عَلَيۡنَا وَوَقَىٰنَا عَذَابَ ٱلسَّمُومِ

“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”
Surah At-tur, Verse 27


إِنَّا كُنَّا مِن قَبۡلُ نَدۡعُوهُۖ إِنَّهُۥ هُوَ ٱلۡبَرُّ ٱلرَّحِيمُ

“නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහු උපාකාරශීලී මහා කරුණාවන්තය.”
Surah At-tur, Verse 28


فَذَكِّرۡ فَمَآ أَنتَ بِنِعۡمَتِ رَبِّكَ بِكَاهِنٖ وَلَا مَجۡنُونٍ

එහෙයින් නුඹ උපදෙස් දෙනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ පේන කියන්නෙකු හෝ උම්මත්තකයකු හෝ නොවේ
Surah At-tur, Verse 29


أَمۡ يَقُولُونَ شَاعِرٞ نَّتَرَبَّصُ بِهِۦ رَيۡبَ ٱلۡمَنُونِ

“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද
Surah At-tur, Verse 30


قُلۡ تَرَبَّصُواْ فَإِنِّي مَعَكُم مِّنَ ٱلۡمُتَرَبِّصِينَ

“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු
Surah At-tur, Verse 31


أَمۡ تَأۡمُرُهُمۡ أَحۡلَٰمُهُم بِهَٰذَآۚ أَمۡ هُمۡ قَوۡمٞ طَاغُونَ

එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද
Surah At-tur, Verse 32


أَمۡ يَقُولُونَ تَقَوَّلَهُۥۚ بَل لَّا يُؤۡمِنُونَ

එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති
Surah At-tur, Verse 33


فَلۡيَأۡتُواْ بِحَدِيثٖ مِّثۡلِهِۦٓ إِن كَانُواْ صَٰدِقِينَ

ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය
Surah At-tur, Verse 34


أَمۡ خُلِقُواْ مِنۡ غَيۡرِ شَيۡءٍ أَمۡ هُمُ ٱلۡخَٰلِقُونَ

එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද
Surah At-tur, Verse 35


أَمۡ خَلَقُواْ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۚ بَل لَّا يُوقِنُونَ

එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති
Surah At-tur, Verse 36


أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَبِّكَ أَمۡ هُمُ ٱلۡمُصَۜيۡطِرُونَ

එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදානයන් තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද
Surah At-tur, Verse 37


أَمۡ لَهُمۡ سُلَّمٞ يَسۡتَمِعُونَ فِيهِۖ فَلۡيَأۡتِ مُسۡتَمِعُهُم بِسُلۡطَٰنٖ مُّبِينٍ

නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි ( අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත්ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා
Surah At-tur, Verse 38


أَمۡ لَهُ ٱلۡبَنَٰتُ وَلَكُمُ ٱلۡبَنُونَ

එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වීද
Surah At-tur, Verse 39


أَمۡ تَسۡـَٔلُهُمۡ أَجۡرٗا فَهُم مِّن مَّغۡرَمٖ مُّثۡقَلُونَ

එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද
Surah At-tur, Verse 40


أَمۡ عِندَهُمُ ٱلۡغَيۡبُ فَهُمۡ يَكۡتُبُونَ

එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද
Surah At-tur, Verse 41


أَمۡ يُرِيدُونَ كَيۡدٗاۖ فَٱلَّذِينَ كَفَرُواْ هُمُ ٱلۡمَكِيدُونَ

එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ
Surah At-tur, Verse 42


أَمۡ لَهُمۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يُشۡرِكُونَ

එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය
Surah At-tur, Verse 43


وَإِن يَرَوۡاْ كِسۡفٗا مِّنَ ٱلسَّمَآءِ سَاقِطٗا يَقُولُواْ سَحَابٞ مَّرۡكُومٞ

තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති
Surah At-tur, Verse 44


فَذَرۡهُمۡ حَتَّىٰ يُلَٰقُواْ يَوۡمَهُمُ ٱلَّذِي فِيهِ يُصۡعَقُونَ

එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන් අතහැර දමනු
Surah At-tur, Verse 45


يَوۡمَ لَا يُغۡنِي عَنۡهُمۡ كَيۡدُهُمۡ شَيۡـٔٗا وَلَا هُمۡ يُنصَرُونَ

එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති
Surah At-tur, Verse 46


وَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ عَذَابٗا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكۡثَرَهُمۡ لَا يَعۡلَمُونَ

තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ (ලොවේ දඬුවම) හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති
Surah At-tur, Verse 47


وَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ فَإِنَّكَ بِأَعۡيُنِنَاۖ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ حِينَ تَقُومُ

නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු
Surah At-tur, Verse 48


وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَإِدۡبَٰرَ ٱلنُّجُومِ

තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු
Surah At-tur, Verse 49


Author: Www.islamhouse.com


<< Surah 51
>> Surah 53

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai