UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah An-Najm - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


وَٱلنَّجۡمِ إِذَا هَوَىٰ

(දිස්වී) සැඟවෙන තාරකාවන් මත සත්තකින්ම
Surah An-Najm, Verse 1


مَا ضَلَّ صَاحِبُكُمۡ وَمَا غَوَىٰ

(අපගේ දුතයා වන) ඔබගේ මිතුරා, මාර්ගය වැරද ගියේද නැත. දුර්මාර්ගයෙහි ගියේද නැත
Surah An-Najm, Verse 2


وَمَا يَنطِقُ عَنِ ٱلۡهَوَىٰٓ

ඔහු තම කැමැත්තට අනුව (කිසිවක්) පවසන්නේ නැත
Surah An-Najm, Verse 3


إِنۡ هُوَ إِلَّا وَحۡيٞ يُوحَىٰ

මෙය ඔහුට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයක් මිස, වෙන කිසිවක් නොව
Surah An-Najm, Verse 4


عَلَّمَهُۥ شَدِيدُ ٱلۡقُوَىٰ

(ජිබ්රීල් නමැති) තේජවන්තයාම මෙය ඔහුට උගන්වා දෙන්නේය
Surah An-Najm, Verse 5


ذُو مِرَّةٖ فَٱسۡتَوَىٰ

ඔහු ඉතාමත් (ආත්ම) ශක්තියෙන් යුත්තෙකි. (තම ස්වාභාවික හැඩරුවෙන් අපගේ නබි ඉදිරියේ) ඔහු දිස්වූවේය
Surah An-Najm, Verse 6


وَهُوَ بِٱلۡأُفُقِ ٱلۡأَعۡلَىٰ

ඔහු උස් වූ (අහසේ) ක්ෂිතිජයෙන් (බැස)
Surah An-Najm, Verse 7


ثُمَّ دَنَا فَتَدَلَّىٰ

සමීප වී, පසුව අසළට පැමිණියේය
Surah An-Najm, Verse 8


فَكَانَ قَابَ قَوۡسَيۡنِ أَوۡ أَدۡنَىٰ

(නැවුන) දුන්නේ දෙකෙළවර මෙන් හෝ නැතහොත් ඊටත් වඩා සමීපයෙන් ඔහු ළං වූවේය
Surah An-Najm, Verse 9


فَأَوۡحَىٰٓ إِلَىٰ عَبۡدِهِۦ مَآ أَوۡحَىٰ

(අල්ලාහ්) ඔහුට දැනුම් දුන් සියල්ල ඔහු, ඔහුගේ (නබිවරයා වන) වහලාට වහී මගින් දැනුම් දුන්නේය
Surah An-Najm, Verse 10


مَا كَذَبَ ٱلۡفُؤَادُ مَا رَأَىٰٓ

(නබිගේ) හෘදය, තමන් දුටු දැය ගැන බොරු කීවේ නැත
Surah An-Najm, Verse 11


أَفَتُمَٰرُونَهُۥ عَلَىٰ مَا يَرَىٰ

ඔහු දුටු දැය ගැන ඔබ (සැක සිතා) ඔහු සමග තර්ක කරන්නෙහුද
Surah An-Najm, Verse 12


وَلَقَدۡ رَءَاهُ نَزۡلَةً أُخۡرَىٰ

නියත වශයෙන්ම ඔහු තවත් වරක්ද (ජිබ්රීල් වන ඔහු මිහ්රාජ්) පහළ වනු දැක ඇත්තේය
Surah An-Najm, Verse 13


عِندَ سِدۡرَةِ ٱلۡمُنتَهَىٰ

සිද්රතුල් මුන්තහා නමැති ගසේ සීමාවෙහි
Surah An-Najm, Verse 14


عِندَهَا جَنَّةُ ٱلۡمَأۡوَىٰٓ

එහි සමීපයෙහිම (හොඳ වහලූන්) රැෙඳන ස්වර්ගය ඇත්තේය
Surah An-Najm, Verse 15


إِذۡ يَغۡشَى ٱلسِّدۡرَةَ مَا يَغۡشَىٰ

එම ගස වටකර ගත යුතු දැය එය (සම්පූර්ණයෙන්ම) වට කර ගත්තේය
Surah An-Najm, Verse 16


مَا زَاغَ ٱلۡبَصَرُ وَمَا طَغَىٰ

(එයින් ඔහුගේ) බැල්ම ඈත් වූයේද නැත. පසු කළේද නැත
Surah An-Najm, Verse 17


لَقَدۡ رَأَىٰ مِنۡ ءَايَٰتِ رَبِّهِ ٱلۡكُبۡرَىٰٓ

ඔහු තම දෙවියන්ගේ අති විශාල ප්‍රාතිහාර්යයන් (සියල්ල) ඇත්තෙන්ම දුටුවේය
Surah An-Najm, Verse 18


أَفَرَءَيۡتُمُ ٱللَّـٰتَ وَٱلۡعُزَّىٰ

(ඔබ ආරාධනා කරන) ලාත්, උස්සා (නමැති පිළිරූ) ගැනද
Surah An-Najm, Verse 19


وَمَنَوٰةَ ٱلثَّالِثَةَ ٱلۡأُخۡرَىٰٓ

අනිත් එකක් වන තුන්වන මනාත් (නමැති ගැහැණු පිළිමය) ගැනද ඔබ අවධානය කළෙහුද? (ඒවාට කුමක් හෝ ශක්තියක් ඇත්ද)
Surah An-Najm, Verse 20


أَلَكُمُ ٱلذَّكَرُ وَلَهُ ٱلۡأُنثَىٰ

කිමෙක්ද! ඔබට පිරිමි (දරුවන්)ද. ඔහුට ගැහැණු (දරුවන්)ද
Surah An-Najm, Verse 21


تِلۡكَ إِذٗا قِسۡمَةٞ ضِيزَىٰٓ

එසේ නම්, එය ඉතාමත් අසාධාරණ පංගු ඛෙදීමකි
Surah An-Najm, Verse 22


إِنۡ هِيَ إِلَّآ أَسۡمَآءٞ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٍۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَمَا تَهۡوَى ٱلۡأَنفُسُۖ وَلَقَدۡ جَآءَهُم مِّن رَّبِّهِمُ ٱلۡهُدَىٰٓ

මේවා සියල්ල ඔබත්, ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා) කිසිවක් නැත. ඒ වෙනුවෙන් (දෙවිවරුන් යන්නට) අල්ලාහ් (ඔබට) කිසියම් සාධකයක් (පෙර තිබූ කුමක් හෝ ධර්මයක) පහළ කළේ නැත. ඔවුන් (තමන්ගේ) මනසේ ආශාවන්ද, (පුහු) සැකයන්ද අනුගමනය කරනවා මිස, වෙන කිසිවක් නැත. නියත වශයෙන්ම ඔවුන් දෙවියන් වෙතින් ඔවුන්ට ඍජු මාර්ගය පැමිණම ඇත්තේය. (එහෙත් එය ඔවුන් අනුගමනය කරන්නේ නැත)
Surah An-Najm, Verse 23


أَمۡ لِلۡإِنسَٰنِ مَا تَمَنَّىٰ

මිනිසා කැමති සියල්ල ඔහුට ලැබේවිද
Surah An-Najm, Verse 24


فَلِلَّهِ ٱلۡأٓخِرَةُ وَٱلۡأُولَىٰ

මන්දයත් මෙලොවද, පරලොවද අල්ලාහ්ටම අයත්ය! (ඔහු කැමති අයටම ඒවායේ භාග්‍යය ලබා දෙන්නේය)
Surah An-Najm, Verse 25


۞وَكَم مِّن مَّلَكٖ فِي ٱلسَّمَٰوَٰتِ لَا تُغۡنِي شَفَٰعَتُهُمۡ شَيۡـًٔا إِلَّا مِنۢ بَعۡدِ أَن يَأۡذَنَ ٱللَّهُ لِمَن يَشَآءُ وَيَرۡضَىٰٓ

අහස්හි කොපමණදෝ මලායිකාවරුන් සිටින්නාහ. (කිසිවෙකුටත්) ඔවුන් මැදිහත් වී කතා කිරීම, කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත. එහෙත් අල්ලාහ් කැමති වී කවුරුන් ගැන හෝ සෑහීමට පත් වී, ඔහු අනුමැතිය ලබා දෙන්නේද, ඔහු හැර. (එවැන්නන් මැදිහත් වී කතා කිරීමෙන් ප්‍රයෝජනයක් අත් වන්නේය)
Surah An-Najm, Verse 26


إِنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ لَيُسَمُّونَ ٱلۡمَلَـٰٓئِكَةَ تَسۡمِيَةَ ٱلۡأُنثَىٰ

නියත වශයෙන්ම කවුරුන් පරලොව ගැන විශ්වාස නොකළෝද, ඔවුන් මලායිකාවරුන්ට ගැහැනුන්ගේ නම් තබන්නාහ
Surah An-Najm, Verse 27


وَمَا لَهُم بِهِۦ مِنۡ عِلۡمٍۖ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّۖ وَإِنَّ ٱلظَّنَّ لَا يُغۡنِي مِنَ ٱلۡحَقِّ شَيۡـٔٗا

මේ ගැන ඔවුන්ට කිසිම ඥානයක් නැත. (සාක්ෂීන් නැති පුහු) සිතුවිල්ලක් මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. (පුහු) සිතුවිලි හා සත්‍යයට පටහැනි කිසිවක් ස්ථීර කරන්නේ නැත
Surah An-Najm, Verse 28


فَأَعۡرِضۡ عَن مَّن تَوَلَّىٰ عَن ذِكۡرِنَا وَلَمۡ يُرِدۡ إِلَّا ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

(නබියේ!) කවුරුන් අපගේ මතක් කිරීම ප්‍රතික්ෂේප කර, මෙලොව ජීවිතය හැර, (පරලොව) කැමති නොවී සිටින්නේද, ඔහුව ඔබ ප්‍රතික්ෂේප කර දමනු
Surah An-Najm, Verse 29


ذَٰلِكَ مَبۡلَغُهُم مِّنَ ٱلۡعِلۡمِۚ إِنَّ رَبَّكَ هُوَ أَعۡلَمُ بِمَن ضَلَّ عَن سَبِيلِهِۦ وَهُوَ أَعۡلَمُ بِمَنِ ٱهۡتَدَىٰ

මොවුන්ගේ අධ්‍යාපන ඥානය මෙපමණ දුර පමණක් යන්නේය! (මීට එහාට යන්නේ නැත). නියත වශයෙන්ම ඔබගේ දෙවියන් තමන්ගේ මාර්ගයෙන් වැරද ගිය අය කවුරුන්ද යන්නද හොඳින් දන්නේය. ඍජු මාර්ගයෙහි යන්නා කවුරුන්ද යන්නද ඔහු හොඳින් දන්නේය
Surah An-Najm, Verse 30


وَلِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ لِيَجۡزِيَ ٱلَّذِينَ أَسَـٰٓـُٔواْ بِمَا عَمِلُواْ وَيَجۡزِيَ ٱلَّذِينَ أَحۡسَنُواْ بِٱلۡحُسۡنَى

අහස් හා භූමියෙහි ඇති දැය සියල්ල අල්ලාහ්ටම අයත් දැයයි. එබැවින් නපුර කළ අයට ඔවුන්ගේ (නපුරු) ක්‍රියාවන්ට සරිලන සේ (නපුරම) ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය. දැහැමි දැය කළ අයට හොඳක්ම ඵලවිපාක වශයෙන් ලබා දෙන්නේය
Surah An-Najm, Verse 31


ٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ إِلَّا ٱللَّمَمَۚ إِنَّ رَبَّكَ وَٰسِعُ ٱلۡمَغۡفِرَةِۚ هُوَ أَعۡلَمُ بِكُمۡ إِذۡ أَنشَأَكُم مِّنَ ٱلۡأَرۡضِ وَإِذۡ أَنتُمۡ أَجِنَّةٞ فِي بُطُونِ أُمَّهَٰتِكُمۡۖ فَلَا تُزَكُّوٓاْ أَنفُسَكُمۡۖ هُوَ أَعۡلَمُ بِمَنِ ٱتَّقَىٰٓ

(පින් ඇති දැය කරන) ඔවුන් (නොදැනුවත්ව සිදු වන) අල්ප වැරදි මිස, අනිත් විශාල පාපයන්ගෙන්ද, අවමන් ගෙන දෙන කාරණාවන්ගෙන්ද ඈත් වී සිටිනු ඇත. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් සමාව දීමෙහි ඉතාමත් අප්‍රමාණවත්ය. ඔබව පස්වලින් නිර්මාණය කළ අවස්ථාවේදී ඔබගේ (ගති ගුණයන්) ඔහු හොඳින් දන්නේය. ඔබ, ඔබ මවගේ කුසෙහි (මාංශ පිණ්ඩයක් වශයෙන්) සැඟවී තිබූ අවස්ථාවෙහිද, (ඔබව ඔහු හොඳින් දන්නේය). එබැවින් ඔබ, ඔබව පරිශුද්ධවන්තයින් යයි (ආරෝපණය) කර නොගනු. (ඔබගෙන්) පරිශුද්ධවන්තයින් කවුරුන්ද යන්න ඔහුම හොඳින් දන්නේය
Surah An-Najm, Verse 32


أَفَرَءَيۡتَ ٱلَّذِي تَوَلَّىٰ

(නබියේ! ඔබව) ප්‍රතික්ෂේප කළ අයව ඔබ අවධානය කළෙහිද
Surah An-Najm, Verse 33


وَأَعۡطَىٰ قَلِيلٗا وَأَكۡدَىٰٓ

ඔහු (පොරොන්දු දුන් දැයෙන්) ඉතාමත් සුළු දැයක්ම දුන්නේය. පසුව (විශාල කොටසක් නොදී) තද කර ගත්තේය
Surah An-Najm, Verse 34


أَعِندَهُۥ عِلۡمُ ٱلۡغَيۡبِ فَهُوَ يَرَىٰٓ

(පොරොන්දුවට පටහැනිව කටයුතු කරන) ඔහු වෙතින් සැඟවුණු (කාරණාවෙහි) ඥානය (තමන්ගේ අවසානය එහි) තිබී, ඔහු බැලූවෙහිද
Surah An-Najm, Verse 35


أَمۡ لَمۡ يُنَبَّأۡ بِمَا فِي صُحُفِ مُوسَىٰ

නැතහොත් මූසාගේ ධර්මයෙහි ඇති දැය ඔහුට දැනුම් දෙනු ලැබුවේ නැද්ද
Surah An-Najm, Verse 36


وَإِبۡرَٰهِيمَ ٱلَّذِي وَفَّىٰٓ

(නැතහොත් දෙවියන්ගේ නියෝගයන්) පූරණ වශයෙන් ඉටු කළ ඉබ්රාහිම්(ගේ කාරණාවන් හෝ ඔහු නොදන්නේද)
Surah An-Najm, Verse 37


أَلَّا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰ

(නබියේ!) කෙනෙකුගේ පාපයන්ගේ බර අන් කෙනෙකු උසුළන්නේ නැත (යන්න ඔබ දැන ගනු මැනව)
Surah An-Najm, Verse 38


وَأَن لَّيۡسَ لِلۡإِنسَٰنِ إِلَّا مَا سَعَىٰ

මිනිසාට ඔහු කළ අපරාධය මිස, වෙන කිසිවක් ලැඛෙන්නේ නැත
Surah An-Najm, Verse 39


وَأَنَّ سَعۡيَهُۥ سَوۡفَ يُرَىٰ

නියත වශයෙන්ම ඔහුගේ අපරාධයම අවධානය කරනු ලැබේ
Surah An-Najm, Verse 40


ثُمَّ يُجۡزَىٰهُ ٱلۡجَزَآءَ ٱلۡأَوۡفَىٰ

පසුව ඔහුගේ අපරාධයන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන් දෙනු ලබන්නේය
Surah An-Najm, Verse 41


وَأَنَّ إِلَىٰ رَبِّكَ ٱلۡمُنتَهَىٰ

(නබියේ!) නියත වශයෙන්ම (ඔබ සියල්ලන්ම) අවසාන වශයෙන් ගොස් සේන්දු වන්නේ ඔබගේ දෙවියන් වෙතයි
Surah An-Najm, Verse 42


وَأَنَّهُۥ هُوَ أَضۡحَكَ وَأَبۡكَىٰ

නියත වශයෙන්ම ඔහුම ඔබව සිනාසෙන්නට සලස්වන්නේය. හඞන්නටද සලස්වන්නේය
Surah An-Najm, Verse 43


وَأَنَّهُۥ هُوَ أَمَاتَ وَأَحۡيَا

නියත වශයෙන්ම ඔහුම (ඔබව) මරණයට පත් වන්නටද සලස්වන්නේය. (නැවතත්) පණ දෙන්නේය
Surah An-Najm, Verse 44


وَأَنَّهُۥ خَلَقَ ٱلزَّوۡجَيۡنِ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰ

නියත වශයෙන්ම ඔහුම ඔබව පිරිමි, ගැහැනු ජෝඩු වශයෙන් උත්පාදනය කරන්නේය
Surah An-Najm, Verse 45


مِن نُّطۡفَةٍ إِذَا تُمۡنَىٰ

(ගර්භයෙහි) ඇතුළු කරනු ලබන එක් ඉන්ද්‍රිය බිඳක් මගින්ම (ඔබව උත්පාදනය කරන්නේය)
Surah An-Najm, Verse 46


وَأَنَّ عَلَيۡهِ ٱلنَّشۡأَةَ ٱلۡأُخۡرَىٰ

නියත වශයෙන්ම (මරණයට පත් වූ පසු) නැවත වරක් පණ දී නැගිට්ටවීමද, ඔහු වෙත අනිවාර්යය යුතුකමක් වශයෙන් ඇත්තේය
Surah An-Najm, Verse 47


وَأَنَّهُۥ هُوَ أَغۡنَىٰ وَأَقۡنَىٰ

වස්තුව ලබා දී (එය ඔබ එක්කාසු කර) ධනවතෙකු බවට පත් කරන්නාද, නියත වශයෙන්ම ඔහුය
Surah An-Najm, Verse 48


وَأَنَّهُۥ هُوَ رَبُّ ٱلشِّعۡرَىٰ

තවද ෂිඃරා (සයිරියස් නමැති ඉමහත් වූ තාරකාවේ) දෙවියන්ද නියත වශයෙන්ම ඔහුය
Surah An-Najm, Verse 49


وَأَنَّهُۥٓ أَهۡلَكَ عَادًا ٱلۡأُولَىٰ

(එම තාරකාව නමදිමින් සිටි) පෙර සිටි ආද් (නමැති ජනයාව) විනාශ කර දැමූ අයද නියත වශයෙන්ම ඔහුය
Surah An-Najm, Verse 50


وَثَمُودَاْ فَمَآ أَبۡقَىٰ

සමූද් (නමැති ජනයා)වද (විනාශ කර දැමු අය, ඔහුය. ඔවුන්ගෙන් කිසිවෙකුවත්) ඔහු බේරීමට ඉඩ දුන්නේ නැත
Surah An-Najm, Verse 51


وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ هُمۡ أَظۡلَمَ وَأَطۡغَىٰ

මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාවද (විනාශ කළ කෙනා ඔහුය). නියත වශයෙන්ම මොවුන් (සියල්ලන්ම) ඉමහත් අපරාධකාරයින් වශයෙන්ද, සීමාව ඉක්මවා ගිය අය වශයෙන්ද සිටියහ
Surah An-Najm, Verse 52


وَٱلۡمُؤۡتَفِكَةَ أَهۡوَىٰ

(ලුත්ගේ ජනයාගේ) පෙරළී ගිය නගරයන් උඩු යටිකුරු කර පෙරළා දැමූ අයද ඔහුය
Surah An-Najm, Verse 53


فَغَشَّىٰهَا مَا غَشَّىٰ

(ඔවුන් විනාශ වන අවස්ථාවේදී) ඔවුන්ව වට කර ගත යුතු (දඬුවම) නම්, (සම්පූර්ණයෙන්ම) ඔවුන්ව වට කර ගත්තේය
Surah An-Najm, Verse 54


فَبِأَيِّ ءَالَآءِ رَبِّكَ تَتَمَارَىٰ

(එබැවින් මිනිසුනේ!) ඔබ, ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් සැක සිතන්නෙහුද
Surah An-Najm, Verse 55


هَٰذَا نَذِيرٞ مِّنَ ٱلنُّذُرِ ٱلۡأُولَىٰٓ

(අපගේ දූතයා වන) මොහුද බියගන්වා අනතුරු අඟවන්නෙකි! (මොහුට) පෙර (මිනිසුන්ට) බියගන්වා අනතුරු ඇඟවූ (අය මෙන්) කෙනෙකි
Surah An-Najm, Verse 56


أَزِفَتِ ٱلۡأٓزِفَةُ

පැමිණිය යුතු (යුග අවසාන කාලය) ළඟා විය
Surah An-Najm, Verse 57


لَيۡسَ لَهَا مِن دُونِ ٱللَّهِ كَاشِفَةٌ

අල්ලාහ් හැර, වෙන කිසිවෙකු විසින් හෝ එය වැළැක්විය නොහැක
Surah An-Najm, Verse 58


أَفَمِنۡ هَٰذَا ٱلۡحَدِيثِ تَعۡجَبُونَ

මෙම පුවත ගැන ඔබ පුදුම වන්නෙහුද
Surah An-Najm, Verse 59


وَتَضۡحَكُونَ وَلَا تَبۡكُونَ

ඔබ සිනහසෙන්නෙහුද? හැඬිය යුතු නොවේද
Surah An-Najm, Verse 60


وَأَنتُمۡ سَٰمِدُونَ

(මේ ගැන දුක් නොවී) ඔබලා සෙල්ලමින් විනෝදවෙන්නේහුද
Surah An-Najm, Verse 61


فَٱسۡجُدُواْۤ لِلَّهِۤ وَٱعۡبُدُواْ۩

එබැවින් ඔබ අල්ලාහ්ට හිස බිම තබා සුජූද් කර, (ඔහුවම) නමදිනු මැනව
Surah An-Najm, Verse 62


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 52
>> Surah 54

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai