UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Qamar - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


ٱقۡتَرَبَتِ ٱلسَّاعَةُ وَٱنشَقَّ ٱلۡقَمَرُ

විනිශ්චය දිනය ළඟා විය. (එයට සළකුණක් වශයෙන්) චන්ද්‍රයාද පැළී ගියේය
Surah Al-Qamar, Verse 1


وَإِن يَرَوۡاْ ءَايَةٗ يُعۡرِضُواْ وَيَقُولُواْ سِحۡرٞ مُّسۡتَمِرّٞ

එහෙත් ඔවුන් එම සාධකය දුටුවා වුවද, (එය) ප්‍රතික්ෂේප කර “මෙය දිගටම පැවත එන සූනියමකි” යයි පවසන්නාහ
Surah Al-Qamar, Verse 2


وَكَذَّبُواْ وَٱتَّبَعُوٓاْ أَهۡوَآءَهُمۡۚ وَكُلُّ أَمۡرٖ مُّسۡتَقِرّٞ

තවද එය බොරු කර, තමන්ගේ (ශරීර) ආශාවන්ම අනුගමනය කරන්නාහ. (මෙසේ ඔවුන් එය ප්‍රතික්ෂේප කළා වුවද, පැමිණිය යුතු) සෑම කාරණාවක්ම (එහි කාලය තුළ පැමිණ) ස්ථීර වී යනු ඇත
Surah Al-Qamar, Verse 3


وَلَقَدۡ جَآءَهُم مِّنَ ٱلۡأَنۢبَآءِ مَا فِيهِ مُزۡدَجَرٌ

මොවුන්ට ප්‍රමාණවත් පාඩමක් ලබා දිය හැකි බොහොමයක් කාරණාවන් (මීට පෙරද) නියත වශයෙන්ම ඔවුන් වෙත පැමිණම ඇත්තේය
Surah Al-Qamar, Verse 4


حِكۡمَةُۢ بَٰلِغَةٞۖ فَمَا تُغۡنِ ٱلنُّذُرُ

(ඒවා ඔවුන්ට) පූරණ ඥානයක් ලබා දිය හැකි දැයයි. එහෙත් (එවා මගින්) බියගන්වා අනතුරු ඇඟවීම (මොවුන්ට) ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත
Surah Al-Qamar, Verse 5


فَتَوَلَّ عَنۡهُمۡۘ يَوۡمَ يَدۡعُ ٱلدَّاعِ إِلَىٰ شَيۡءٖ نُّكُرٍ

එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. මොවුන් පිළිකුල් කරන (එම ප්‍රශ්න ගණනය කිරීමේ) කාරණාව වෙනුවෙන් (ඉස්රාෆීල් යයි) හඳුන්වනු ලබන්නා, ආරාධනා කරන දිනදී
Surah Al-Qamar, Verse 6


خُشَّعًا أَبۡصَٰرُهُمۡ يَخۡرُجُونَ مِنَ ٱلۡأَجۡدَاثِ كَأَنَّهُمۡ جَرَادٞ مُّنتَشِرٞ

ඔවුන් පහත හෙලු බැල්මෙන් යුතුව සොහොන්වලින් ඉකුත් වී විසිරී සිටින පළඟැටියන් මෙන් කැඳවන්නා වෙත වේගයෙන් දිව එන්නාහ
Surah Al-Qamar, Verse 7


مُّهۡطِعِينَ إِلَى ٱلدَّاعِۖ يَقُولُ ٱلۡكَٰفِرُونَ هَٰذَا يَوۡمٌ عَسِرٞ

‘මෙය ඉතාමත් අමාරුකමෙන් යුත් දිනයකි’ යයිද එම ප්‍රතික්ෂේපකයන් (ඒ අවස්ථාවේදී) පවසනු ඇත
Surah Al-Qamar, Verse 8


۞كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ فَكَذَّبُواْ عَبۡدَنَا وَقَالُواْ مَجۡنُونٞ وَٱزۡدُجِرَ

(මේ අන්දමටම) මොවුන්ට පෙර සිටි නුහුගේ ජනයාද (එම දිනය) බොරු කරමින් සිටියහ. එබැවින් ඔවුන් (ඒ ගැන අනතුරු ඇඟවූ) අපගේ (දූතයා වන) වහලාව බොරුකාරයා කළ අතර (ඔහුව) පිස්සෙකු යයි පවසා (වේදනා කර) එළවා දැමූහ
Surah Al-Qamar, Verse 9


فَدَعَا رَبَّهُۥٓ أَنِّي مَغۡلُوبٞ فَٱنتَصِرۡ

එබැවින් ඔහු තම දෙවියන්ට “නියත වශයෙන්ම මා (පරදවා, මොවුන් විසින්) ජයග්‍රහණය අත්කර ගනු ලැබූහ. ඔබ මට උදව් කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා කළේය
Surah Al-Qamar, Verse 10


فَفَتَحۡنَآ أَبۡوَٰبَ ٱلسَّمَآءِ بِمَآءٖ مُّنۡهَمِرٖ

එබැවින් අහස්හි ෙදාරටු විවර කර දමා දාරානිපාත වර්ෂාව වසින්නට අපි සැලැස්සුවෙමු
Surah Al-Qamar, Verse 11


وَفَجَّرۡنَا ٱلۡأَرۡضَ عُيُونٗا فَٱلۡتَقَى ٱلۡمَآءُ عَلَىٰٓ أَمۡرٖ قَدۡ قُدِرَ

තවද භූමියෙහි උල්පත්ද (උතුරා) ගලා බසින්නට සැලැස්සුවෙමු. එබැවින් නියමිත ප්‍රමාණයකට ජලයන් (දෙකම) කළවම් වී (ඉහළ නගින්නට) විය
Surah Al-Qamar, Verse 12


وَحَمَلۡنَٰهُ عَلَىٰ ذَاتِ أَلۡوَٰحٖ وَدُسُرٖ

අපි ඔහුව (ද, ඔහුව විශ්වාස කළ අයවද) ලෑලිවලින්ද, ඇනවලින්ද තනන ලද (ලී) වල්ලමක් මත උසුළා ගත්තෙමු
Surah Al-Qamar, Verse 13


تَجۡرِي بِأَعۡيُنِنَا جَزَآءٗ لِّمَن كَانَ كُفِرَ

එය අපගේ ඇස් ඉදිරියේම (වල්ලමේ පාවී) ගියේය. (අන් අය නම්, ගිලී මැරී ගියහ. මොහු විසින්) ප්‍රතික්ෂේප කරනු ලැබූ අයට ඵලවිපාක වශයෙන් (මෙසේ දඬුවම් කරන ලදී)
Surah Al-Qamar, Verse 14


وَلَقَد تَّرَكۡنَٰهَآ ءَايَةٗ فَهَلۡ مِن مُّدَّكِرٖ

නියත වශයෙන්ම අපි මෙය (පසුකාලීන අයට) එක් පාඩමක් වශයෙන් කර හැරියෙමු. (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගත හැකි අය කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 15


فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

මගේ දඬුවමද, (මගේ) බියගන්වා දැනුම් දීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද)
Surah Al-Qamar, Verse 16


وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

මිනිසුන් හොඳ වැටහීමක් ලබා ගැනීම පිණිසම මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 17


كَذَّبَتۡ عَادٞ فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

ආද් (නමැති (ජනයා)ද (මේ අන්දමටම අපගේ දූතයාව) බොරු කරමින් සිටියහ. එහෙත් (ඔවුන්ට ඇති වූ) මගේ දඬුවමද (මගේ) අනතුරු ඇඟවීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද)
Surah Al-Qamar, Verse 18


إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ رِيحٗا صَرۡصَرٗا فِي يَوۡمِ نَحۡسٖ مُّسۡتَمِرّٖ

නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි (කවදත්) ස්ථීර වූ අභාග්‍යවන්ත දිනදී ඉතාමත් දරුණු සුළි සුළඟක් යැව්වෙමු
Surah Al-Qamar, Verse 19


تَنزِعُ ٱلنَّاسَ كَأَنَّهُمۡ أَعۡجَازُ نَخۡلٖ مُّنقَعِرٖ

එය මුල් නැති ඉඳි ගස් මෙන් මිනිසුන්ව උදුරා (වීසි) කර දැමුවේය
Surah Al-Qamar, Verse 20


فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

මගේ දඬුවමද, බිය ගැන්වීමද, කෙසේ වූයේද (යන්න අවධානය කරයිද)
Surah Al-Qamar, Verse 21


وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

(මිනිසුන්) හොඳ වැටහීමක් ලබා ගනු පිණිසම මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 22


كَذَّبَتۡ ثَمُودُ بِٱلنُّذُرِ

(මෙසේම) සමූද් (නමැති ජනයා)ද, සාලිහ් නබි (තමන්ට) බියගන්වා අනතුරු ඇඟවූ දැය බොරු කළහ
Surah Al-Qamar, Verse 23


فَقَالُوٓاْ أَبَشَرٗا مِّنَّا وَٰحِدٗا نَّتَّبِعُهُۥٓ إِنَّآ إِذٗا لَّفِي ضَلَٰلٖ وَسُعُرٍ

(තවද) “අපගෙන් වූ මිනිසෙකුවද අපි අනුගමනය කරන්නේ? අනුගමනය කළහොත් නියත වශයෙන්ම අපි දුර්මාර්ගයෙහි ගොස්, පිස්සන් බවට පත් වී යන්නෙමු” යයි පැවසූහ
Surah Al-Qamar, Verse 24


أَءُلۡقِيَ ٱلذِّكۡرُ عَلَيۡهِ مِنۢ بَيۡنِنَا بَلۡ هُوَ كَذَّابٌ أَشِرٞ

(තවද) “අප තුළ (අප කෙරෙහි හැර), මොහු කෙරෙහිද ධර්මය පහළ කරනු ලැබුවේ? නොඑසේය. මොහු ඉමහත් බොරු කියන දෙබිඩි පිළිවෙතකින් යුත්තෙකි” (යයිද පැවසූහ)
Surah Al-Qamar, Verse 25


سَيَعۡلَمُونَ غَدٗا مَّنِ ٱلۡكَذَّابُ ٱلۡأَشِرُ

නියත වශයෙන්ම හෙට දිනම බොරු කියන දෙබිඩි පිළිවෙතින් වූ අය කවුරුන්දැයි ඔවුන් දැන ගනු ඇත
Surah Al-Qamar, Verse 26


إِنَّا مُرۡسِلُواْ ٱلنَّاقَةِ فِتۡنَةٗ لَّهُمۡ فَٱرۡتَقِبۡهُمۡ وَٱصۡطَبِرۡ

“(එබැවින්) ඔවුන්ව පිරික්සනු ලබනු පිණිස, ඇත්තෙන්ම එක් ඔටු-දෙනකු අපි යැව්වෙමු. “(ඕ සාලිහ් නබි!) ඔබ ඉවසිල්ලෙන් යුතුව සිටිමින් ඔවුන්ව අවධානය කරමින් සිටිනු
Surah Al-Qamar, Verse 27


وَنَبِّئۡهُمۡ أَنَّ ٱلۡمَآءَ قِسۡمَةُۢ بَيۡنَهُمۡۖ كُلُّ شِرۡبٖ مُّحۡتَضَرٞ

(ඒ ගමේ ඇති උල්පත්) ජලය ඔවුන්ටද (එම ඔටුවාටද) අතරේ ඛෙදනු ලැබිය යුතුය. ‘සෑම කෙනෙකුම නියම අන්දමට බීමට පැමිණිය හැකිය’ යයිද ඔවුන්ට දැනුම් දෙනු” (යයිද අපි කීවෙමු)
Surah Al-Qamar, Verse 28


فَنَادَوۡاْ صَاحِبَهُمۡ فَتَعَاطَىٰ فَعَقَرَ

එහෙත් ඔවුන් (සමිඳු යයිම) තමන්ගේ මිතුරාට ආරාධනා කළහ. ඔහු (කඩුවක් අතැතිව) අත දිගු කර උගේ කකුලේ නහර කපා හැරියේය
Surah Al-Qamar, Verse 29


فَكَيۡفَ كَانَ عَذَابِي وَنُذُرِ

එබැවින් මගේ දඬුවමද, (මගේ) අනතුරු ඇඟවීමද, කෙසේ වූයේද (යන්න මොවුන් අවධානය කරයිද)
Surah Al-Qamar, Verse 30


إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ صَيۡحَةٗ وَٰحِدَةٗ فَكَانُواْ كَهَشِيمِ ٱلۡمُحۡتَظِرِ

නියත වශයෙන්ම අපි ඔවුන් කෙරෙහි එකම එක (හෙණ හඞක්) ශබ්දයක්ම යැව්වෙමු. එබැවින් ඔවුන් වැට බඳින්නන්ගේ (උදුරා වීසි කරන ලද) පඞරැල් මෙන් බවට පත් වූහ
Surah Al-Qamar, Verse 31


وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

(මිනිසුන්) හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, නියත වශයෙන්ම අපි මෙම කුර්ආනය ඉතාමත් පහසු කර තබා ඇත්තෙමු. එබැවින් හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 32


كَذَّبَتۡ قَوۡمُ لُوطِۭ بِٱلنُّذُرِ

ලුත්ගේ ජනයාද (අපගේ) අනතුරු ඇඟවීම බොරු කළහ
Surah Al-Qamar, Verse 33


إِنَّآ أَرۡسَلۡنَا عَلَيۡهِمۡ حَاصِبًا إِلَّآ ءَالَ لُوطٖۖ نَّجَّيۡنَٰهُم بِسَحَرٖ

ලුත්ගේ පවුලේ උදවිය හැර, අන් අය කෙරෙහි අපි ඇත්තෙන්ම ගල් වරුසාවක් වැසීමට සැලැස්සුවෙමු. අළුයම් කාලයේදී අපි ඔහු(ගේ පවුලේ අය)ව බේරා ගත්තෙමු
Surah Al-Qamar, Verse 34


نِّعۡمَةٗ مِّنۡ عِندِنَاۚ كَذَٰلِكَ نَجۡزِي مَن شَكَرَ

(මෙය) අපගේ වරප්‍රසාදයක් වන්නේය. මේ අන්දමටම කෘතඥ වන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු
Surah Al-Qamar, Verse 35


وَلَقَدۡ أَنذَرَهُم بَطۡشَتَنَا فَتَمَارَوۡاْ بِٱلنُّذُرِ

අපගේ (ද`ඩුවම්) ග්‍රහණය ගැන නියත වශයෙන්ම ඔහු, ඔවුන්ට අනතුරු ඇ`ගවූවේය. එහෙත් එම අනතුරු ඇ`ගවීම ගැන ඔවුන් තර්ක කිරීමට ආරම්භ කළහ
Surah Al-Qamar, Verse 36


وَلَقَدۡ رَٰوَدُوهُ عَن ضَيۡفِهِۦ فَطَمَسۡنَآ أَعۡيُنَهُمۡ فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

තවද ඔහුගේ අමුත්තන්වද නියත වශයෙන්ම (නපුරු කාරණාව සඳහා) ඔහුගෙන් ඉල්ලාගෙන යාමට සැරසුනාහ. එබැවින් ඔවුන්ගේ ඇස් අපි පිසදමා (අන්ධ කර) දමා “මගේ දඬුවමද, මගේ අනතුරු ඇඟවීමද, දැන් විඳ බලනු” (යයි කීවෙමු)
Surah Al-Qamar, Verse 37


وَلَقَدۡ صَبَّحَهُم بُكۡرَةً عَذَابٞ مُّسۡتَقِرّٞ

එබැවින් අළුයමදී ස්ථීර වූ දඬුවම නියත වශයෙන්ම ඔවුන් වෙත පැමිණ සේන්දු විය
Surah Al-Qamar, Verse 38


فَذُوقُواْ عَذَابِي وَنُذُرِ

“එබැවින් මගේ දඬුවමද, (මගේ) බියගැන්වීමද ඔබ විඳ බලනු” (යයි කීවෙමු)
Surah Al-Qamar, Verse 39


وَلَقَدۡ يَسَّرۡنَا ٱلۡقُرۡءَانَ لِلذِّكۡرِ فَهَلۡ مِن مُّدَّكِرٖ

මිනිසුන් හොඳ වැටහීමක් ලබා ගනු පිණිස, මෙම කුර්ආනය නියත වශයෙන්ම අපි ඉතාමත් පහසු කර තබා ඇත්තෙමු. එබැවින් (මෙමගින්) හොඳ වැටහීමක් ලබා ගන්නන් කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 40


وَلَقَدۡ جَآءَ ءَالَ فِرۡعَوۡنَ ٱلنُّذُرُ

නියත වශයෙන්ම ෆිර්අව්න්ගේ සමූහය වෙත (බොහොමයක්) අනතුරු ඇඟවීම් පැමිණියේය
Surah Al-Qamar, Verse 41


كَذَّبُواْ بِـَٔايَٰتِنَا كُلِّهَا فَأَخَذۡنَٰهُمۡ أَخۡذَ عَزِيزٖ مُّقۡتَدِرٍ

එහෙත් අපගේ ප්‍රාතිහාර්යයන් සියල්ල ඔවුන් බොරු කළහ. එබැවින් සර්වබල ශක්තියෙන් පිරි බලසම්පන්නයෙකු අල්ලා ගන්නාක් මෙන් අපි ඔවුන්ව අල්ලා ගත්තෙමු
Surah Al-Qamar, Verse 42


أَكُفَّارُكُمۡ خَيۡرٞ مِّنۡ أُوْلَـٰٓئِكُمۡ أَمۡ لَكُم بَرَآءَةٞ فِي ٱلزُّبُرِ

(ඕ මක්කාවාසීනී!) ඔබගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන් (විනාශ වී ගිය) මොවුන්ට වඩා උසස් අයද? නැතහොත් (ඔබව දඬුවම් කරනු නොලබන්නේය යයි) ඔබට (දඬුවම) පහ කිරීම ගැන සාධකයන් කිසිවක් ධර්මයන්හි ඇත්තේද
Surah Al-Qamar, Verse 43


أَمۡ يَقُولُونَ نَحۡنُ جَمِيعٞ مُّنتَصِرٞ

නැතහොත් (නබියේ!) “අපි ජයග්‍රහණය පළඳවන (ඉමහත්) සමූහයක් (නිසා අපට කිසිම බියක්ද නැත)” යයිද මොවුන් පවසන්නෙහුද
Surah Al-Qamar, Verse 44


سَيُهۡزَمُ ٱلۡجَمۡعُ وَيُوَلُّونَ ٱلدُّبُرَ

ඉතාමත් ඉක්මනින් මොවුන්ගේ සමූහය සී සීකඩ කරනු ලැබ, (පරාජයට පත් වී මොවුන්) පසුපස හරවා යනු ඇත
Surah Al-Qamar, Verse 45


بَلِ ٱلسَّاعَةُ مَوۡعِدُهُمۡ وَٱلسَّاعَةُ أَدۡهَىٰ وَأَمَرُّ

එපමණක් නොව (පරලොවම) මොවුන්ට පොරොන්දු වන ලද (පිරික්සුම්) කාලයයි. එම කාලය මොවුන්ට (මෙලොව පිරික්සුම් කාලයට වඩා ඉතාමත් තිගැස්සෙන සුළු හා ඉතාමත් අමිහිරි රසයෙන් යුක්ත වශයෙන්ද තිඛෙනු ඇත)
Surah Al-Qamar, Verse 46


إِنَّ ٱلۡمُجۡرِمِينَ فِي ضَلَٰلٖ وَسُعُرٖ

(එහෙත්) නියත වශයෙන්ම මෙම වැරදිකරුවන් දුර්මාර්ගයෙහිද, සිහි බුද්ධිය සිඳීද සිටින්නාහ
Surah Al-Qamar, Verse 47


يَوۡمَ يُسۡحَبُونَ فِي ٱلنَّارِ عَلَىٰ وُجُوهِهِمۡ ذُوقُواْ مَسَّ سَقَرَ

මොවුන්ව නිරයට මුණින් අතට දමා ඇදගෙන යනු ලබන දින මොවුන්ට “(ඔබව) නිරා ගින්න දවා හැරීම විඳ බලනු” (යයි කියනු ලැබේ)
Surah Al-Qamar, Verse 48


إِنَّا كُلَّ شَيۡءٍ خَلَقۡنَٰهُ بِقَدَرٖ

නියත වශයෙන්ම අපි සෑම වස්තුවක්ම (නියමිත) ප්‍රමාණයකට අනුවම නිර්මාණය කර ඇත්තෙමු
Surah Al-Qamar, Verse 49


وَمَآ أَمۡرُنَآ إِلَّا وَٰحِدَةٞ كَلَمۡحِۭ بِٱلۡبَصَرِ

(කිසිම වස්තුවක් හෝ අපි උත්පාදනය කිරීමට අදහස් කළහොත්) ඇස් පිය හෙළනවාක් මෙන් එක් වචනයක් (කියන සැණින්) අපගේ අණ සිදු වන්නේය
Surah Al-Qamar, Verse 50


وَلَقَدۡ أَهۡلَكۡنَآ أَشۡيَاعَكُمۡ فَهَلۡ مِن مُّدَّكِرٖ

(මක්කාවාසීනී!) ඔබ වැනි (පාපයන් කරමින් සිටි) කොපමණදෝ) සමූහයන්ව ඇත්තෙන්ම අපි විනාශ කර ඇත්තෙමු. එබැවින් (ඔබගෙන්) හොඳ වැටහීමක් ලබන්නන් කවුරුන් හෝ ඇත්ද
Surah Al-Qamar, Verse 51


وَكُلُّ شَيۡءٖ فَعَلُوهُ فِي ٱلزُّبُرِ

ඔවුන් කරන සෑම කාරණාවක්ම (ඔවුන්ගේ) සටහන් පිටුවල ඇත්තේය
Surah Al-Qamar, Verse 52


وَكُلُّ صَغِيرٖ وَكَبِيرٖ مُّسۡتَطَرٌ

කුඩා හෝ ලොකු හෝ සියල්ලම (එහි) සටහන් කරනු ලැබ ඇත්තේය
Surah Al-Qamar, Verse 53


إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَنَهَرٖ

නියත වශයෙන්ම භය භක්තියෙන් යුත් අය ස්වර්ගයන්හිද, (එහි ඇති) දිය දහරාවන්හිද, සිටිනු ඇත
Surah Al-Qamar, Verse 54


فِي مَقۡعَدِ صِدۡقٍ عِندَ مَلِيكٖ مُّقۡتَدِرِۭ

(එය ඇත්තෙන්ම) ඉතාමත් ගෞරවයෙන් පිරි වාසස්ථානයකි. (එය) ඉමහත් ශක්තිසම්පන්න රජ්ජුරුවන් වෙත ඇත්තේය
Surah Al-Qamar, Verse 55


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 53
>> Surah 55

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai