UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Mumtahana - Sinhala Translation by Www.islamhouse.com


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

අහෝ විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද අල්ලාහ් මැනවින් දන්නාය. තවද නුඹලා අතුරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය
Surah Al-Mumtahana, Verse 1


إِن يَثۡقَفُوكُمۡ يَكُونُواْ لَكُمۡ أَعۡدَآءٗ وَيَبۡسُطُوٓاْ إِلَيۡكُمۡ أَيۡدِيَهُمۡ وَأَلۡسِنَتَهُم بِٱلسُّوٓءِ وَوَدُّواْ لَوۡ تَكۡفُرُونَ

ඔවුන් නුඹලාව ජයගත්තේ නම් නුඹලාට ඔවුහු සතුරන් වන්නේය. තවද නපුරකම් කරමින් තම අත් හා තම දිවවල් නුඹලා වෙත දිගු කරන්නෝය. තවද නුඹලා ප්‍රතික්ෂේප කරන්නේ නම් යැයි ඔවුහු ප්‍රිය කරති
Surah Al-Mumtahana, Verse 2


لَن تَنفَعَكُمۡ أَرۡحَامُكُمۡ وَلَآ أَوۡلَٰدُكُمۡۚ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يَفۡصِلُ بَيۡنَكُمۡۚ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ ඥාතීන් හෝ නුඹලාගේ දරුවන් හෝ නුඹලාට ප්‍රයෝජනවත් නොවන්නේමය. (එදින) ඔහු නුඹලා අතර විනිශ්චය කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය
Surah Al-Mumtahana, Verse 3


قَدۡ كَانَتۡ لَكُمۡ أُسۡوَةٌ حَسَنَةٞ فِيٓ إِبۡرَٰهِيمَ وَٱلَّذِينَ مَعَهُۥٓ إِذۡ قَالُواْ لِقَوۡمِهِمۡ إِنَّا بُرَءَـٰٓؤُاْ مِنكُمۡ وَمِمَّا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ كَفَرۡنَا بِكُمۡ وَبَدَا بَيۡنَنَا وَبَيۡنَكُمُ ٱلۡعَدَٰوَةُ وَٱلۡبَغۡضَآءُ أَبَدًا حَتَّىٰ تُؤۡمِنُواْ بِٱللَّهِ وَحۡدَهُۥٓ إِلَّا قَوۡلَ إِبۡرَٰهِيمَ لِأَبِيهِ لَأَسۡتَغۡفِرَنَّ لَكَ وَمَآ أَمۡلِكُ لَكَ مِنَ ٱللَّهِ مِن شَيۡءٖۖ رَّبَّنَا عَلَيۡكَ تَوَكَّلۡنَا وَإِلَيۡكَ أَنَبۡنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ

ඉබ්‍රාහීම් හා ඔහු සමග වූවන් තුළ අලංකාර ආදර්ශයන් සැබැවින්ම නුඹලාට විය. ඔවුහු ඔවුන්ගේ ජනතාවට ‘නියත වශයෙන්ම අපි නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නැමඳුම් කරන දැයින් ද අපි ඉවත් වූවන් වෙමු. අපි නුඹලා ප්‍රතික්ෂේප කළෙමු. අල්ලාහ් වන ඔහු ව පමණක් නුඹලා විශ්වාස කරන තෙක් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඉස්මතු වී ඇත.’ නමුත් ‘මම ඔබ වෙනුවෙන් සමාව අයැදිමි. අල්ලාහ්ගෙන් කිසිවක් (ලබා දීම) මා සතු නැත’ යැයි ඉබ්‍රාහීම් තම පියාණන්ට කළ ප්‍රකාශය හැර. ( අනිකුත් කරුණුවල ආදර්ශයක් ඇත්තේය. තවද ඉබ්‍රාහීම්) “අපගේ පරමාධිපතියාණෙනි! ඔබ වෙත අපි (සියල්ල) භාර කළෙමු. තවද ඔබ වෙතම අපි යොමු වූයෙමු. තවද නැවත යොමු වන ස්ථානය ද ඇත්තේ ඔබ වෙතය.”
Surah Al-Mumtahana, Verse 4


رَبَّنَا لَا تَجۡعَلۡنَا فِتۡنَةٗ لِّلَّذِينَ كَفَرُواْ وَٱغۡفِرۡ لَنَا رَبَّنَآۖ إِنَّكَ أَنتَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

“අපගේ පරමාධිපතියාණෙනි! ප්‍රතික්ෂේප කළවුනට පරීක්ෂණයක් ලෙසින් අප පත් නොකරනු මැනව! තවද අපට සමාව දෙනු මැනව! අපගේ පරමාධිපතියාණෙනි! නියත වශයෙන්ම නුඹ සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය
Surah Al-Mumtahana, Verse 5


لَقَدۡ كَانَ لَكُمۡ فِيهِمۡ أُسۡوَةٌ حَسَنَةٞ لِّمَن كَانَ يَرۡجُواْ ٱللَّهَ وَٱلۡيَوۡمَ ٱلۡأٓخِرَۚ وَمَن يَتَوَلَّ فَإِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ

අල්ලාහ් හා මතු ලොව අපේක්ෂා කරන අයට අලංකාර (යහපත්) ආදර්ශයක් සැබැවින්ම ඔවුන් තුළ නුඹලාට විය. තවද කවරෙකු පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අවශ්‍යතාවන්ගෙන් තොරය. ප්‍රසංශාලාභීය
Surah Al-Mumtahana, Verse 6


۞عَسَى ٱللَّهُ أَن يَجۡعَلَ بَيۡنَكُمۡ وَبَيۡنَ ٱلَّذِينَ عَادَيۡتُم مِّنۡهُم مَّوَدَّةٗۚ وَٱللَّهُ قَدِيرٞۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ

නුඹලා අතර හා නුඹලා සමග සතුරුකම ඇති කර ගත්තවුන් අතර සෙනෙහස ඇති කරවීමට අල්ලාහ්ට පුළුවන. තවද අල්ලාහ් සර්ව ශක්තිය ඇත්තාය. තවද අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය
Surah Al-Mumtahana, Verse 7


لَّا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ لَمۡ يُقَٰتِلُوكُمۡ فِي ٱلدِّينِ وَلَمۡ يُخۡرِجُوكُم مِّن دِيَٰرِكُمۡ أَن تَبَرُّوهُمۡ وَتُقۡسِطُوٓاْ إِلَيۡهِمۡۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُقۡسِطِينَ

දහම සම්බන්ධව නුඹලා සමග සටන් නොවදින, තවද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා ව පිටුවහල් නොකරන අය සමග යහ අයුරින් කටයුතු කිරීමටත් ඔවුන් වෙත සාධාරණීය අයුරින් කටයුතු කිරීමටත් අල්ලාහ් නුඹලා නොවැළැක්වීය. සාධාරණීය ලෙසින් කටුයුතු කරන්නන්හට නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරයි
Surah Al-Mumtahana, Verse 8


إِنَّمَا يَنۡهَىٰكُمُ ٱللَّهُ عَنِ ٱلَّذِينَ قَٰتَلُوكُمۡ فِي ٱلدِّينِ وَأَخۡرَجُوكُم مِّن دِيَٰرِكُمۡ وَظَٰهَرُواْ عَلَىٰٓ إِخۡرَاجِكُمۡ أَن تَوَلَّوۡهُمۡۚ وَمَن يَتَوَلَّهُمۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ

නියත වශයෙන්ම අල්ලාහ් වළක්වනුයේ දහම සම්බන්ධව නුඹලා සමග සටන් වැද නුඹලාගේ නිවෙස් වලින් නුඹලා පිටුවහල් කොට නුඹලා ව පිටුවහල් කිරීමට උරදුන් අයගෙනි. තවද නුඹලා ඔවුන් මිතුරන් ලෙස ගැනීමත්ය. තවද කවරෙකු ඔවුන් මිතුරන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ
Surah Al-Mumtahana, Verse 9


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا جَآءَكُمُ ٱلۡمُؤۡمِنَٰتُ مُهَٰجِرَٰتٖ فَٱمۡتَحِنُوهُنَّۖ ٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِهِنَّۖ فَإِنۡ عَلِمۡتُمُوهُنَّ مُؤۡمِنَٰتٖ فَلَا تَرۡجِعُوهُنَّ إِلَى ٱلۡكُفَّارِۖ لَا هُنَّ حِلّٞ لَّهُمۡ وَلَا هُمۡ يَحِلُّونَ لَهُنَّۖ وَءَاتُوهُم مَّآ أَنفَقُواْۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ أَن تَنكِحُوهُنَّ إِذَآ ءَاتَيۡتُمُوهُنَّ أُجُورَهُنَّۚ وَلَا تُمۡسِكُواْ بِعِصَمِ ٱلۡكَوَافِرِ وَسۡـَٔلُواْ مَآ أَنفَقۡتُمۡ وَلۡيَسۡـَٔلُواْ مَآ أَنفَقُواْۚ ذَٰلِكُمۡ حُكۡمُ ٱللَّهِ يَحۡكُمُ بَيۡنَكُمۡۖ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ

අහෝ විශ්වාස කළවුනි! විශ්වාසවන්ත කාන්තාවන් (උපන් දේශයෙන්) නික්මවූවන් ලෙස නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔවුන්(ගේ විශ්වාසය) පරීක්ෂා කර බලනු. ඔවුන්ගේ විශ්වාසය පිළිබඳ (සත්‍ය තත්වය) මැනවින් දන්නා අල්ලාහ්ය. ඔවුන් දේව විශ්වාසවන්ත කාන්තාවන් බව නුඹලා හඳුනා ගත්තේ නම් එවිට දේව ප්‍රතික්ෂේපකයින් වෙත නුඹලා ඔවුන් හරවා නොයවනු. මොවුන් ඔවුනට අනුමත නොවේ. තවද ඔවුහු මොවුනට අනුමත නොවෙති. ඔවුන් වියදම් කළ දෑ ඔවුනට නුඹලා ගෙවනු. මොවුන්ට හිමි විවාහ ත්‍යාග මුදල නුඹලා මොවුනට පිරිනැමූ විට නුඹලා මොවුන් විවාහ කර ගැනීම නුඹලා කෙරෙහි වරදක් නැත. තවද දේව ප්‍රතික්ෂේපිත කාන්තාවන් සමග වූ විවාහ බන්ධනය පවත්වාගෙන නොයනු. නුඹලා ඔවුනට (මහර් වශයෙන්) වියදම් කළ දෑ නුඹලා නැවත ඉල්ලා ගනු. (දේව ප්‍රතික්ෂේප කරන්නන් වන) ඔවුහු ද ඔවුන් වියදම් කළ දෑ ඉල්ලා ගනිත්වා! එය අල්ලාහ්ගේ තීන්දුවයි. ඔහු නුඹලා අතර තීන්දු දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. මහා ප්‍රඥාවන්තය
Surah Al-Mumtahana, Verse 10


وَإِن فَاتَكُمۡ شَيۡءٞ مِّنۡ أَزۡوَٰجِكُمۡ إِلَى ٱلۡكُفَّارِ فَعَاقَبۡتُمۡ فَـَٔاتُواْ ٱلَّذِينَ ذَهَبَتۡ أَزۡوَٰجُهُم مِّثۡلَ مَآ أَنفَقُواْۚ وَٱتَّقُواْ ٱللَّهَ ٱلَّذِيٓ أَنتُم بِهِۦ مُؤۡمِنُونَ

තවද, නුඹලාගේ බිරියන් අතුරින් කිසිවෙක් (ආගමෙන් ඉවත්ව) නුඹලා හැර දමා දේව ප්‍රතික්ෂේපකයින් වෙත ගියේ නම් පසුව (යුද්ධයකදී) නුඹලා ජය ගත්තෙහු නම් (නුඹලාගේ) බිරියන් හැර දමා ගිය ඔවුනට ඔවුන් වියදම් කළ හා සමාන දෙයක් ලබා දෙනු. තවද නුඹලා කවර අයකු විශ්වාස කරන්නන් ලෙස සිටින්නෝද එවන් අල්ලාහ්ට බිය බැතිමත් වනු
Surah Al-Mumtahana, Verse 11


يَـٰٓأَيُّهَا ٱلنَّبِيُّ إِذَا جَآءَكَ ٱلۡمُؤۡمِنَٰتُ يُبَايِعۡنَكَ عَلَىٰٓ أَن لَّا يُشۡرِكۡنَ بِٱللَّهِ شَيۡـٔٗا وَلَا يَسۡرِقۡنَ وَلَا يَزۡنِينَ وَلَا يَقۡتُلۡنَ أَوۡلَٰدَهُنَّ وَلَا يَأۡتِينَ بِبُهۡتَٰنٖ يَفۡتَرِينَهُۥ بَيۡنَ أَيۡدِيهِنَّ وَأَرۡجُلِهِنَّ وَلَا يَعۡصِينَكَ فِي مَعۡرُوفٖ فَبَايِعۡهُنَّ وَٱسۡتَغۡفِرۡ لَهُنَّ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

අහෝ නබිවරය! දෙවියන් විශ්වාස කරන කාන්තාවෝ නුඹට ප්‍රතිඥා දෙන්නට නුඹ වෙත පැමිණ, ඔවුන් අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන බවටත්, ඔවුන් සොරකම් නොකරන බවටත්, ඔවුන් කාම අපචාරයේ නිරත නොවන බවටත්, ඔවුන් තම දරුවන් ඝාතනය නොකරන බවටත්, ඔවුන්ගේ අත් හා ඔවුන්ගේ පාද අතර ඔවුන් කවර කරුණක් ගෙතුවේ ද එවන් අවලාදයක් ඔවුන් නොගෙනන බවටත්, යහපත් කටයුතු වලදී ඔවුන් නුඹට පිටු නොපාන බවට ප්‍රතිඥා දුන් විට එය පිළිගනු. තවද නුඹ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලනු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. මහා කරුණාන්විතය
Surah Al-Mumtahana, Verse 12


يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَوَلَّوۡاْ قَوۡمًا غَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ قَدۡ يَئِسُواْ مِنَ ٱلۡأٓخِرَةِ كَمَا يَئِسَ ٱلۡكُفَّارُ مِنۡ أَصۡحَٰبِ ٱلۡقُبُورِ

අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් කවුරුන් වෙත කෝප වූයේද එවන් පිරිසක් නුඹලා මිතුරන් කර නොගනු. මිනී වළවල්හී තබන ලැබුවන් (නැවත නැගිට්ටවනු ලැබීම) ගැන දේව ප්‍රතික්ෂේපකයෝ බලාපොරොත්තු සුන් කර ගත්තාක් මෙන් සැබැවින්ම මොවුන් මතු ලොව පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගෙන ඇත
Surah Al-Mumtahana, Verse 13


Author: Www.islamhouse.com


<< Surah 59
>> Surah 61

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai