Surah Al-Mumtahana Verse 1 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Mumtahanaيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَتَّخِذُواْ عَدُوِّي وَعَدُوَّكُمۡ أَوۡلِيَآءَ تُلۡقُونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَقَدۡ كَفَرُواْ بِمَا جَآءَكُم مِّنَ ٱلۡحَقِّ يُخۡرِجُونَ ٱلرَّسُولَ وَإِيَّاكُمۡ أَن تُؤۡمِنُواْ بِٱللَّهِ رَبِّكُمۡ إِن كُنتُمۡ خَرَجۡتُمۡ جِهَٰدٗا فِي سَبِيلِي وَٱبۡتِغَآءَ مَرۡضَاتِيۚ تُسِرُّونَ إِلَيۡهِم بِٱلۡمَوَدَّةِ وَأَنَا۠ أَعۡلَمُ بِمَآ أَخۡفَيۡتُمۡ وَمَآ أَعۡلَنتُمۡۚ وَمَن يَفۡعَلۡهُ مِنكُمۡ فَقَدۡ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ
විශ්වාසවන්තයිනි! මටත් ඔබටත් විරුද්ධවාදියෙකු වශයෙන් සිටින්නන්ව ඔබ ප්‍රිය කරන්නන් බවට පත් කරගෙන, ප්‍රියමනාප කමින් (රහසින් ලිපි ගනුදෙනු කර) ඔවුන් සමග සම්බන්ධකම් නොපවත්වනු. (මන්දයත්) ඔවුන් නම්, ඔබ වෙත පැමිණි සත්‍ය (ධර්මය) නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කර දැමූහ. ඔබ, ඔබගේ දෙවියන් වන අල්ලාහ්ව විශ්වාස කළාය යන්න සඳහා ඔබවත්, (අපගේ) දූතයාවත්, (ඔබගේ නිවෙස්වලින්) පිටමං කළහ. (විශ්වාසවන්තයිනි! ඔබ) මගේ සොම්නස කැමති වී මගේ මාර්ගයෙහි යුද්ධ කිරීමට ඇත්තෙන්ම ඔබ (ඔබගේ නිවෙස්වලින්) පිට වූවෙහු නම්, ඔවුන් සමග ඔබ රහසින් සම්බන්ධකම් පවත්වමින් සිටින්නෙහුද? ඔබ (ඔබගේ මනසෙහි) සඟවා ගත් දැයද, (ඊට වෙනස්ව) එළිදරව් කරන දැයද, මා හොඳින් දන්නෙමි. මෙසේ ඔබගෙන් කවුරුන් හෝ කළහොත් නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය