Surah Al-Araf Verse 27 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Arafيَٰبَنِيٓ ءَادَمَ لَا يَفۡتِنَنَّكُمُ ٱلشَّيۡطَٰنُ كَمَآ أَخۡرَجَ أَبَوَيۡكُم مِّنَ ٱلۡجَنَّةِ يَنزِعُ عَنۡهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوۡءَٰتِهِمَآۚ إِنَّهُۥ يَرَىٰكُمۡ هُوَ وَقَبِيلُهُۥ مِنۡ حَيۡثُ لَا تَرَوۡنَهُمۡۗ إِنَّا جَعَلۡنَا ٱلشَّيَٰطِينَ أَوۡلِيَآءَ لِلَّذِينَ لَا يُؤۡمِنُونَ
ආදම්ගේ දරුවනි! ෂෙයිතාන් ඔබගේ දෙමව්පියන්ව (ඔවුන් ඉතාමත් සැප පහසුවෙන් වාසය කළ) උයනෙන් පිටමං කර (දුක් කරදර වලට ඇතුළු කළ) ආකාරයටම, ඔබවත් දුක් ගැහැට වලටඇතුළු නොකෙරෙත්වා!ඔවුන්ගේ රහස් ස්ථානයන් ඔවුන්ට පෙන්වීම පිණිස ඔහු ඔවුන්ගේ ඇඳුම් ගලවා දැමුවේය. නියත වශයෙන්ම ඔහුද, ඔහුගේ වාර්ගිකයින්ද, ඔබ ඔවුන්ව දැක ගැනීමට නොහැකි වන සේ (සැඟවී සිටිමින්) ඔබව (මාර්ගය වැරද යාමට සැලැස්වීමට අවස්ථාවක්) බලමින් සිටින්නාහ. නියත වශයෙන්ම විශ්වාසය නොතැබූවන්ටම එම ෂෙයිතාන්වරුන්ව අපි මිතුරන් බවට පත් කර ඇත්තෙමු