Surah At-Tin - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلتِّينِ وَٱلزَّيۡتُونِ
අත්තික්කා මතද, සෙයිතූන් (ඔලිව්) මතද, සත්තකින්ම
Surah At-Tin, Verse 1
وَطُورِ سِينِينَ
සිනායි කන්ද මතද සත්තකින්ම
Surah At-Tin, Verse 2
وَهَٰذَا ٱلۡبَلَدِ ٱلۡأَمِينِ
(මක්කාව වන) ආරක්ෂාව ලබා දෙන මෙම නගරය මතද සත්තකින්ම
Surah At-Tin, Verse 3
لَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ فِيٓ أَحۡسَنِ تَقۡوِيمٖ
නියත වශයෙන්ම අපි මිනිසාව ඉතාමත් අලංකාරවත් හැඩයකට උත්පාදනය කර ඇත්තෙමු
Surah At-Tin, Verse 4
ثُمَّ رَدَدۡنَٰهُ أَسۡفَلَ سَٰفِلِينَ
(ඔහුගේ නපුරු ක්‍රියාවන්හි හේතුවෙන්) පසුව ඔහුව දීනවූවන්ගෙනුත් දීන වූවෙකු බවට අපි පත් කර හරින්නෙමු
Surah At-Tin, Verse 5
إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فَلَهُمۡ أَجۡرٌ غَيۡرُ مَمۡنُونٖ
එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරමින් සිටින්නෝද, ඔවුන් හැර. (ඔවුන් උසස් ගතිගුණයන්ගෙන් යුතුව සිටින අතර) ඔවුන්ට (සදාකල්ම) නොවැළැක්වෙන (හොඳ) ඵලවිපාක ඇත
Surah At-Tin, Verse 6
فَمَا يُكَذِّبُكَ بَعۡدُ بِٱلدِّينِ
මෙම තීන්දුවෙන් පසු (නබියේ!) ඔබව කවුරුන්ට නම් බොරු කළ හැකිද
Surah At-Tin, Verse 7
أَلَيۡسَ ٱللَّهُ بِأَحۡكَمِ ٱلۡحَٰكِمِينَ
විනිශ්චය කරන්නන් සියල්ලගෙන් අල්ලාහ් ඉතාමත් උසස් විනිශ්චයකරුවා නොවෙද
Surah At-Tin, Verse 8