UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Alaq - Sinhala Translation by Www.islamhouse.com


ٱقۡرَأۡ بِٱسۡمِ رَبِّكَ ٱلَّذِي خَلَقَ

මැවූ නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු
Surah Al-Alaq, Verse 1


خَلَقَ ٱلۡإِنسَٰنَ مِنۡ عَلَقٍ

ඔහු මිනිසා ව ලේ කැටියෙන් මැව්වේය
Surah Al-Alaq, Verse 2


ٱقۡرَأۡ وَرَبُّكَ ٱلۡأَكۡرَمُ

අති ගෞරවනීය නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු
Surah Al-Alaq, Verse 3


ٱلَّذِي عَلَّمَ بِٱلۡقَلَمِ

ඔහු පන්හිඳෙන් (ලිවීමට) ඉගැන්වූයේය
Surah Al-Alaq, Verse 4


عَلَّمَ ٱلۡإِنسَٰنَ مَا لَمۡ يَعۡلَمۡ

ඔහු මිනිසාට තමන් නොදැන සිටි දෑ ඉගැන්වූයේය
Surah Al-Alaq, Verse 5


كَلَّآ إِنَّ ٱلۡإِنسَٰنَ لَيَطۡغَىٰٓ

නොඑසේය, නියත වශයෙන්ම මිනිසා සීමාව ඉක්මවා යන්නේය
Surah Al-Alaq, Verse 6


أَن رَّءَاهُ ٱسۡتَغۡنَىٰٓ

තමන් ස්වාධීන යැයි ඔහු සිතන්නේය
Surah Al-Alaq, Verse 7


إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجۡعَىٰٓ

නියත වශයෙන්ම නැවත හැරී යනුයේ නුඹගේ පරමාධිපති වෙතය
Surah Al-Alaq, Verse 8


أَرَءَيۡتَ ٱلَّذِي يَنۡهَىٰ

ඔහු ව වළක්වන අය ව නුඹ දුටුවෙහිද
Surah Al-Alaq, Verse 9


عَبۡدًا إِذَا صَلَّىٰٓ

ගැත්තා සලාතය ඉටු කරන විට
Surah Al-Alaq, Verse 10


أَرَءَيۡتَ إِن كَانَ عَلَى ٱلۡهُدَىٰٓ

ඔහු යහමඟෙහි සිටීම නුඹ දුටුවෙහිද
Surah Al-Alaq, Verse 11


أَوۡ أَمَرَ بِٱلتَّقۡوَىٰٓ

නැතහොත් බිය බැතිමත්භාවය පිළිබඳ අණ කර සිටීම (නුඹ දුටුවෙහිද)
Surah Al-Alaq, Verse 12


أَرَءَيۡتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ

තවද ඔහු (සත්‍යය) බොරු කර පිටුපෑම නුඹ දුටුවෙහි ද
Surah Al-Alaq, Verse 13


أَلَمۡ يَعۡلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ

නියත වශයෙන්ම අල්ලාහ් දකින්නේ යැයි ඔහු නොදැන සිටියේද
Surah Al-Alaq, Verse 14


كَلَّا لَئِن لَّمۡ يَنتَهِ لَنَسۡفَعَۢا بِٱلنَّاصِيَةِ

නොඑසේය. ඔහු එයින් නොවැළකුණේ නම් අපි ඉදිරි නළල් කෙස් රොදින් (ඔහු ව) ඇදගෙන එන්නෙමු
Surah Al-Alaq, Verse 15


نَاصِيَةٖ كَٰذِبَةٍ خَاطِئَةٖ

එනම් වැරදි කරමින් ද බොරුකරමින් ද සිටි (ඔහුගේ) නළල් කෙස් රොදිනි
Surah Al-Alaq, Verse 16


فَلۡيَدۡعُ نَادِيَهُۥ

එබැවින් ඔහු ඔහුගේ කැඳවුම් කරුවන්(වන උදව්කරුවන්)ව කැඳවත්වා
Surah Al-Alaq, Verse 17


سَنَدۡعُ ٱلزَّبَانِيَةَ

මතුවට අපි ද අපගේ (නිරයේ භාරකාර මලක්වරුන් වන) zසබානියාවරුන් ව කැඳවන්නෙමු
Surah Al-Alaq, Verse 18


كَلَّا لَا تُطِعۡهُ وَٱسۡجُدۡۤ وَٱقۡتَرِب۩

නොඑසේය. නුඹ ඔහුට අවනත නොවනු. නුඹගේ (පරමාධිපතිට) සජදා කරනු. තවද ඔහුට සමීප වෙනු
Surah Al-Alaq, Verse 19


Author: Www.islamhouse.com


<< Surah 95
>> Surah 97

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai