Surah Al-Humaza - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَيۡلٞ لِّكُلِّ هُمَزَةٖ لُّمَزَةٍ
ඕපාදූප කියමින් අඩු ලූහුඬුකම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලන්ටම විනාශයයි
Surah Al-Humaza, Verse 1
ٱلَّذِي جَمَعَ مَالٗا وَعَدَّدَهُۥ
වස්තුව එක්රැස් කර, එය (හොඳ මාර්ගයෙහි වියදම් නොකර එසේ) අදහස් කරමින්ම සිටින්නාහ
Surah Al-Humaza, Verse 2
يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ
මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිඛෙන්නට සලස්වනු ඇතැයි අදහස් කරමින් සිටින්නේය
Surah Al-Humaza, Verse 3
كَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ
එසේ නොව. (නියත වශයෙන්ම ඔහු මරණයට පත් වන්නේය). නියත වශයෙන් හුතමා (නමැති නිරයෙහිද) වීසි කරනු ලබන්නේය
Surah Al-Humaza, Verse 4
وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ
(නබියේ!) හුතමා (යනු) කිමෙක්දැයි ඔබ දන්නෙහිද
Surah Al-Humaza, Verse 5
نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ
(එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි
Surah Al-Humaza, Verse 6
ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ
(එය ශරීරයෙහි වැදුනු වහාම) හෘදයෙහි පණිනු ඇත
Surah Al-Humaza, Verse 7
إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٞ
(එහි) ෙදාරටුද වසා දමනු ලැබේ
Surah Al-Humaza, Verse 8
فِي عَمَدٖ مُّمَدَّدَةِۭ
(නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බඳිනු ලැබේ
Surah Al-Humaza, Verse 9