Surah Ya-Seen - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
يسٓ
යා. සීන්
Surah Ya-Seen, Verse 1
وَٱلۡقُرۡءَانِ ٱلۡحَكِيمِ
සම්පුර්ණයෙන්ම ඥානයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම
Surah Ya-Seen, Verse 2
إِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
(නබියේ!) නියත වශයෙන්ම ඔබ අපගේ දූතයින්ගෙන් කෙනෙකි
Surah Ya-Seen, Verse 3
عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ
(ඔබ) ඍජු මාර්ගයෙහි සිටින්නෙහිය
Surah Ya-Seen, Verse 4
تَنزِيلَ ٱلۡعَزِيزِ ٱلرَّحِيمِ
(මෙය සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා කරුණාවන්තයෙකු විසින් පහළ කර ඇත්තේය
Surah Ya-Seen, Verse 5
لِتُنذِرَ قَوۡمٗا مَّآ أُنذِرَ ءَابَآؤُهُمۡ فَهُمۡ غَٰفِلُونَ
(යම්කිසි දූතයෙකු විසින්) තමන්ගේ මුතුන් මිත්තන්ට අනතුරු ඇඟවීම නොකරන ලද බැවින් (පරලොව ගැන) සම්පුර්ණයෙන්ම දුකක් නැතිව සිටින (අරාබිවරුන් වන මෙම) ජනතාවට බිය ගන්වා අනතුරු අඟවනු මැනව
Surah Ya-Seen, Verse 6
لَقَدۡ حَقَّ ٱلۡقَوۡلُ عَلَىٰٓ أَكۡثَرِهِمۡ فَهُمۡ لَا يُؤۡمِنُونَ
නියත වශයෙන්ම මොවුන්ගෙන් වැඩි දෙනෙකු කෙරෙහි (ඔවුන් නිරාවාසීන්ය යයි දෙවියන්ගේ) පොරොන්දුව සත්‍යය වී ගියේය. එබැවින් ඔවුන් විශ්වාස කරන්නේම නැත
Surah Ya-Seen, Verse 7
إِنَّا جَعَلۡنَا فِيٓ أَعۡنَٰقِهِمۡ أَغۡلَٰلٗا فَهِيَ إِلَى ٱلۡأَذۡقَانِ فَهُم مُّقۡمَحُونَ
නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ඛෙල්ලෙහි නිකට දක්වා දම්වැල් විළංගු දැම්මෙමු. එබැවින් ඔවුන්ගේ හිස් (නැවීමට නොහැකි වන සේ) කෙළින් වී ගියේය
Surah Ya-Seen, Verse 8
وَجَعَلۡنَا مِنۢ بَيۡنِ أَيۡدِيهِمۡ سَدّٗا وَمِنۡ خَلۡفِهِمۡ سَدّٗا فَأَغۡشَيۡنَٰهُمۡ فَهُمۡ لَا يُبۡصِرُونَ
ඔවුන් ඉදිරියෙන් බාධකයක්ද, පසුපසින් බාධකයක්ද වශයෙන් ඇති කර අපි ඔවුන්ව වසා දැමුවෙමු. එබැවින් ඔවුන්ට (කිසිවක්) බැලීමට නොහැකිය
Surah Ya-Seen, Verse 9
وَسَوَآءٌ عَلَيۡهِمۡ ءَأَنذَرۡتَهُمۡ أَمۡ لَمۡ تُنذِرۡهُمۡ لَا يُؤۡمِنُونَ
ඔවුන්ට ඔබ බිය ගන්වා අනතුරු ඇඟවීමද, අනතුරු නොඅඟවා සිටීමද, එක සමානය! ඔවුන් විශ්වාස කරන්නේම නැත
Surah Ya-Seen, Verse 10
إِنَّمَا تُنذِرُ مَنِ ٱتَّبَعَ ٱلذِّكۡرَ وَخَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِۖ فَبَشِّرۡهُ بِمَغۡفِرَةٖ وَأَجۡرٖ كَرِيمٍ
ඔබ බිය ගන්වා අනතුරු අඟවන්නේ, කවුරුන් හොඳ ඔවදන් අනුගමනය කර, රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කරන්නෝද, ඔවුන්ටය. එබැවින් මෙවැන්නන්ට සමාව මගින්ද, ගෞරවණීය ඵලවිපාක මගින්ද, ඔබ ශුභාරංචි දෙනු මැනව
Surah Ya-Seen, Verse 11
إِنَّا نَحۡنُ نُحۡيِ ٱلۡمَوۡتَىٰ وَنَكۡتُبُ مَا قَدَّمُواْ وَءَاثَٰرَهُمۡۚ وَكُلَّ شَيۡءٍ أَحۡصَيۡنَٰهُ فِيٓ إِمَامٖ مُّبِينٖ
නියත වශයෙන්ම අපිම මරණයට පත් වූවන්ව (පරලොවදී) පණ දී නැගිට්ටවන්නෙමු. ඔවුන් කරමින් යැවූ දැයද, ඔවුන් අත්හැර දමා ගිය දැයද, අපි ලියන්නෙමු. මේවා සෑම දැයක්ම (ලව්හුල් මව්ෆූල් නමැති) පැහැදිලි පිටුවෙහි සටහන් කර තබා ඇත්තෙමු
Surah Ya-Seen, Verse 12
وَٱضۡرِبۡ لَهُم مَّثَلًا أَصۡحَٰبَ ٱلۡقَرۡيَةِ إِذۡ جَآءَهَا ٱلۡمُرۡسَلُونَ
(නබියේ!) අපගේ දූතයින් පැමිණි එක් රටවැසියන්ව ඔවුන්ට උදාහරණයක් වශයෙන් පවසනු. අපි ඔවුන් වෙත (යහ්යා, ඊසා, ආදී) දූතයින් දෙදෙනෙකු යැවූ අවස්ථාවේදී ඒ දෙදෙනාවම ඔවුන් බොරුකාරයින් කළහ. එබැවින් (ෂමඌන් නමැති) තුන්වැනි දූතයා මගින් (ඒ දෙදෙනාටම) උදව් කළෙමු
Surah Ya-Seen, Verse 13
إِذۡ أَرۡسَلۡنَآ إِلَيۡهِمُ ٱثۡنَيۡنِ فَكَذَّبُوهُمَا فَعَزَّزۡنَا بِثَالِثٖ فَقَالُوٓاْ إِنَّآ إِلَيۡكُم مُّرۡسَلُونَ
එබැවින් මොවුන් (තිදෙනාම ඔවුන්ට) “ඇත්තෙන්ම අපි ඔබ වෙත යවන ලද (දෙවියන්ගේ) දූතයින් වන්නෙමු” යයි පැවසූහ
Surah Ya-Seen, Verse 14
قَالُواْ مَآ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا وَمَآ أَنزَلَ ٱلرَّحۡمَٰنُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا تَكۡذِبُونَ
එයට ඔවුන් “ඔබ අප වැනි මිනිසුන්ම (මිස, දෙවියන්ගේ දූතයින් නොව). රහ්මාන් (ඔබ කෙරෙහි) යම්කිසිවක් පහළ කළේ නැත. ඔබ බොරු කියන්නන්ම මිස, වෙන කිසිවෙකු නොව” යයි පැවසූහ
Surah Ya-Seen, Verse 15
قَالُواْ رَبُّنَا يَعۡلَمُ إِنَّآ إِلَيۡكُمۡ لَمُرۡسَلُونَ
එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබ වෙත යවන ලද දූතයින්ම යන්න අපගේ දෙවියන්ම හොඳින් දන්නේය” යයි පැවසූ අතර
Surah Ya-Seen, Verse 16
وَمَا عَلَيۡنَآ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ
“අපගේ දූත මෙහෙවර ප්‍රසිද්ධියේම ගෙනහැර දැක්වීම මිස, (ඔබට බල කිරීම) අප කෙරෙහි යුතුකමක් නොව” යයිද පැවසූහ
Surah Ya-Seen, Verse 17
قَالُوٓاْ إِنَّا تَطَيَّرۡنَا بِكُمۡۖ لَئِن لَّمۡ تَنتَهُواْ لَنَرۡجُمَنَّكُمۡ وَلَيَمَسَّنَّكُم مِّنَّا عَذَابٌ أَلِيمٞ
එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔබලාගේ පැමිණීම දුර්නිමිත්තක් වශයෙන්ම ගණන් ගන්නෙමු. ඔබ (මෙයින්) ඈත් නොවුවහොත් නියත වශයෙන්ම ඔබට ගල් ගසා මරා දමන්නෙමු. තවද අපගේ වේදනා ගෙන දෙන දඬුවමද ඔබව අල්ලා ගනු ඇත” යයි පැවසූහ
Surah Ya-Seen, Verse 18
قَالُواْ طَـٰٓئِرُكُم مَّعَكُمۡ أَئِن ذُكِّرۡتُمۚ بَلۡ أَنتُمۡ قَوۡمٞ مُّسۡرِفُونَ
එයට (අපගේ දුතයින්) “ඔබගේ දුර්නිමිති ඔබ වෙතම ඇත්තේය. ඔබට හොඳ බුද්ධිය ලබා දීම නිසාද (අපව දුර්නිමිති යයි පවසන්නේ?) ඔබම සීමාව ඉක්මවා ගිය ජනයා” යයි පැවසූහ
Surah Ya-Seen, Verse 19
وَجَآءَ مِنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ رَجُلٞ يَسۡعَىٰ قَالَ يَٰقَوۡمِ ٱتَّبِعُواْ ٱلۡمُرۡسَلِينَ
(මේ අතර) එම නගරයේ කඩමණ්ඩියේ සිටි (හබීබුන් නජ්ජාර් නමැති) මිනිසෙකු දිවැවිත් (එම නගරවාසීන්ට) මෙසේ පැවසීය: “මගේ ජනතාවෙනි! ඔබ මෙම දූතයින්ව (අනිවාර්යයෙන්ම) අනුගමනය කරනු
Surah Ya-Seen, Verse 20
ٱتَّبِعُواْ مَن لَّا يَسۡـَٔلُكُمۡ أَجۡرٗا وَهُم مُّهۡتَدُونَ
ඔබගෙන් කිසිම කුලියක් නොඉල්ලු (මොවුන් ඍජු මාර්ගය දේශනා කරන්නන් පමණක් නොව) මොවුන්ම (දෙවියන් විසින්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු ලැබූවන්ය
Surah Ya-Seen, Verse 21
وَمَالِيَ لَآ أَعۡبُدُ ٱلَّذِي فَطَرَنِي وَإِلَيۡهِ تُرۡجَعُونَ
“මාව උත්පාදනය කළ අයව මා නොනැමද සිටීමට මට කුමක් නම් (සිදු වී ඇත්ද? විනිශ්චය සඳහා) ඔහු වෙතම ඔබව ආපසු ගෙන එනු ලබන්නෙහුය”
Surah Ya-Seen, Verse 22
ءَأَتَّخِذُ مِن دُونِهِۦٓ ءَالِهَةً إِن يُرِدۡنِ ٱلرَّحۡمَٰنُ بِضُرّٖ لَّا تُغۡنِ عَنِّي شَفَٰعَتُهُمۡ شَيۡـٔٗا وَلَا يُنقِذُونِ
“ඔහු හැර, (වෙන කිසිවක්) මා දෙවියන් වශයෙන් ඇර ගන්නෙමිද? රහ්මාන් මට යම්කිසි විපතක් කිරීමට අදහස් කළහොත් මේවායේ මැදිහත් වීම (එහි) කිසිවක් මගෙන් වළක්වා නොහරිනු ඇත. (එයින්) මාව මේවා විසින් බේරා ගැනීමටද නොහැක”
Surah Ya-Seen, Verse 23
إِنِّيٓ إِذٗا لَّفِي ضَلَٰلٖ مُّبِينٍ
“(ඔහු කෙනෙකුවම මා නොනැමදුවහොත්) එවිට, නියත වශයෙන්ම මා ප්‍රකට දුර්මාර්ගයෙහි යන්නෙමි”
Surah Ya-Seen, Verse 24
إِنِّيٓ ءَامَنتُ بِرَبِّكُمۡ فَٱسۡمَعُونِ
“නියත වශයෙන්ම මා ඔබව උත්පාදනය කර, පෝෂණය කරන්නාවම විශ්වාස කර ඇත්තෙමි. (වෙන කිසිවෙකුත් නොව). එබැවින් ඔබ මා හට සවන් දෙනු” (යයි පැවසුවේය)
Surah Ya-Seen, Verse 25
قِيلَ ٱدۡخُلِ ٱلۡجَنَّةَۖ قَالَ يَٰلَيۡتَ قَوۡمِي يَعۡلَمُونَ
(එහෙත් ජනයා ඔහුගේ හොඳ දේශනාවන්ට කණ් නොදී ඔහුව ඝාතනය කර දැමූහ. එබැවින් දෙවියන්ගේ සන්නිධානයෙන් ඔහුට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු මැනව!” යයි කියනු ලැබීය. (ස්වර්ගයට ඇතුළු වූ) ඔහු “මගේ ජනතාව දැන ගත යුතු නොවේද?”
Surah Ya-Seen, Verse 26
بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ ٱلۡمُكۡرَمِينَ
“මගේ දෙවියන් මට සමාව දී ඉතාමත් ගෞරවණීය අයගෙන් කෙනෙකු බවට මාව පත් කිරීම ගැන” යයි පැවසුවේය
Surah Ya-Seen, Verse 27
۞وَمَآ أَنزَلۡنَا عَلَىٰ قَوۡمِهِۦ مِنۢ بَعۡدِهِۦ مِن جُندٖ مِّنَ ٱلسَّمَآءِ وَمَا كُنَّا مُنزِلِينَ
එයට (ඔහුව ඝාතනය කළ) පසු ඔහුගේ ජනතාව (විනාශ කර දැමීමට ඔවුන්ට) අහසින් යම්කිසි සේනාවක් අපි පහළ කළේ නැත. එසේ පහළ කිරීමට අපට අවශ්‍යතාවයක් (ඇති වූවේද) නැත
Surah Ya-Seen, Verse 28
إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ خَٰمِدُونَ
එකම එක ශබ්දයක්ම ඇති විය! එවෙලේම ඔවුන් (සියල්ලන්ම මිය ගොස් විනාශ වී සියල්ල) අළු බවට පත් වූහ
Surah Ya-Seen, Verse 29
يَٰحَسۡرَةً عَلَى ٱلۡعِبَادِۚ مَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ
(අහෝ! මගේ වහලූනි! මගේ) වහලූන් ගැන වූ ශෝකයයි! ඔවුන් වෙත (අපගේ) කුමන දූතයෙකු පැමිණියා වුවද, ඔවුන් ඔහුව සමච්චල් නොකර සිටියේ නැත
Surah Ya-Seen, Verse 30
أَلَمۡ يَرَوۡاْ كَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّنَ ٱلۡقُرُونِ أَنَّهُمۡ إِلَيۡهِمۡ لَا يَرۡجِعُونَ
ඔවුන්ට පෙර කොපමණදෝ සමූහයන්ව අපි විනාශ කර දැමුවෙමු යන්න ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? (විනාශ වී ගිය) ඔවුන්, නියත වශයෙන්ම ඔවුන් වෙත ආපසු එන්නේම නැත
Surah Ya-Seen, Verse 31
وَإِن كُلّٞ لَّمَّا جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ
ඔවුන් සියල්ලන්ම අප වෙතම ඒකරාශී කර, ගෙන එනු ලබන්නෙහුය
Surah Ya-Seen, Verse 32
وَءَايَةٞ لَّهُمُ ٱلۡأَرۡضُ ٱلۡمَيۡتَةُ أَحۡيَيۡنَٰهَا وَأَخۡرَجۡنَا مِنۡهَا حَبّٗا فَمِنۡهُ يَأۡكُلُونَ
මරණයට පත් වී වැටී සිටින (ඔවුන් වාසය කළ) භූමියද මොවුන්ට එක් සාධකයක් වන්නේය. එය අපිම (වර්ෂාව මගින්) පණ දී එයින් ධාන්‍ය ඉකුත් කරන්නෙමු. එයින්ම මොවුන් අනුභව කරන්නාහ
Surah Ya-Seen, Verse 33
وَجَعَلۡنَا فِيهَا جَنَّـٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ وَفَجَّرۡنَا فِيهَا مِنَ ٱلۡعُيُونِ
තවද එහි අපි ඉඳි, මිදි, උයන් වතු නිර්මාණය කර, එහි උල්පත් උතුරා දිය දහරා ගලා බසින්නට සලස්වන්නෙමු
Surah Ya-Seen, Verse 34
لِيَأۡكُلُواْ مِن ثَمَرِهِۦ وَمَا عَمِلَتۡهُ أَيۡدِيهِمۡۚ أَفَلَا يَشۡكُرُونَ
මොවුන්ගේ අනුභවය ස`දහා ඒවායේ පලතුරු (වර්ග) යන් (අපි උත්පාදනය කරනවා මිස), ඔවුන්ගේ අත් මෙය කරන්නේ නැත. (මෙයට පවා) මොවුන් කෘතඥ වන්නේ නැද්ද
Surah Ya-Seen, Verse 35
سُبۡحَٰنَ ٱلَّذِي خَلَقَ ٱلۡأَزۡوَٰجَ كُلَّهَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ وَمِنۡ أَنفُسِهِمۡ وَمِمَّا لَا يَعۡلَمُونَ
භූමිය වැඩෙන්නට සලස්වන (පැලෑටි, ගස් කොලන්) සියල්ලද, මොවුන්වද, ජෝඩු ජෝඩු වශයෙන් උත්පාදනය කර, මොවුන් (මේ දක්වා) නොදත් (අනිත්) දැයද, උත්පාදනය කරන්නා ඉතාමත් පරිශුද්ධවන්තයෙකි
Surah Ya-Seen, Verse 36
وَءَايَةٞ لَّهُمُ ٱلَّيۡلُ نَسۡلَخُ مِنۡهُ ٱلنَّهَارَ فَإِذَا هُم مُّظۡلِمُونَ
රාත්‍රියද මොවුන්ට එක් සාධකයකි. එයින්ම අපි දහවල ඉකුත් කරන්නෙමු. එසේ නොමැති නම් මොවුන් අන්ධකාරයෙහි ගිලී යනු ඇත
Surah Ya-Seen, Verse 37
وَٱلشَّمۡسُ تَجۡرِي لِمُسۡتَقَرّٖ لَّهَاۚ ذَٰلِكَ تَقۡدِيرُ ٱلۡعَزِيزِ ٱلۡعَلِيمِ
තමන්ගේ සීමාව තුළ (නොවැරදී) ගමන් කරන සූර්යයාද, (එක් සාධකයකි)
Surah Ya-Seen, Verse 38
وَٱلۡقَمَرَ قَدَّرۡنَٰهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَٱلۡعُرۡجُونِ ٱلۡقَدِيمِ
මේවා (සියල්ල) හොඳින් දන්නෙකු හා බලසම්පන්නයා විසින් නියම කරන ලද දැයයි. (වියළී නැවී ගිය) පරණ ඉඳි අත්තක් මෙන් (තිබී පූරණ සඳක් වශයෙන්) පත් වන තුරු, චන්ද්‍රයාට අපි හැඩරූ ගණනාවක් ඇති කර ඇත්තෙමු
Surah Ya-Seen, Verse 39
لَا ٱلشَّمۡسُ يَنۢبَغِي لَهَآ أَن تُدۡرِكَ ٱلۡقَمَرَ وَلَا ٱلَّيۡلُ سَابِقُ ٱلنَّهَارِۚ وَكُلّٞ فِي فَلَكٖ يَسۡبَحُونَ
සූර්යයා චන්ද්‍රයාට ළඟා විය නොහැක. රාත්‍රිය දහවල පසු කරන්නට නොහැක. (මෙසේම ග්‍රහයන්ද, තාරකාවන්ද) සෑම එකක්ම (තමන්ගේ) සීමා වටයන් තුළ පිහිනා යන්නේය
Surah Ya-Seen, Verse 40
وَءَايَةٞ لَّهُمۡ أَنَّا حَمَلۡنَا ذُرِّيَّتَهُمۡ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
නැව බොහොමයක් මිනිස් සංහතියන් ඔසවාගෙන යාමට අපි සැලැස්වීමද නියත වශයෙන්ම ඔවුන්ට එක් සාධකයක් වන්නේය
Surah Ya-Seen, Verse 41
وَخَلَقۡنَا لَهُم مِّن مِّثۡلِهِۦ مَا يَرۡكَبُونَ
ඔවුන් නැග යාමට එවැනි (රුවල් නැව් ආදී) දැයද අපි ඔවුන් වෙනුවෙන් උත්පාදනය කර ඇත්තෙමු
Surah Ya-Seen, Verse 42
وَإِن نَّشَأۡ نُغۡرِقۡهُمۡ فَلَا صَرِيخَ لَهُمۡ وَلَا هُمۡ يُنقَذُونَ
අපි කැමති වුවහොත් ඔවුන්ව (මුහුදෙහි) ගිල්වා දමන්නෙමු. ඒ අතර (ආරක්ෂාව පතා ශබ්ද නගන) ඔවුන්ව බේරා ගැනීමට කිසිවෙකුත් නොසිටිනු ඇත. ඔවුන්ව බේරා ගනු නොලබන්නාහ
Surah Ya-Seen, Verse 43
إِلَّا رَحۡمَةٗ مِّنَّا وَمَتَٰعًا إِلَىٰ حِينٖ
(එහෙත්) අපගේ දයාවෙන් ටික කලක් ඔවුන්ට සැප සම්පත් විඳින්නට (අත්හැර දැමුවොත් මිස)
Surah Ya-Seen, Verse 44
وَإِذَا قِيلَ لَهُمُ ٱتَّقُواْ مَا بَيۡنَ أَيۡدِيكُمۡ وَمَا خَلۡفَكُمۡ لَعَلَّكُمۡ تُرۡحَمُونَ
“(දෙවියන්ගේ) කරුණාව, දයාව ඔබ අත් කර ගැනීමට ඔබ පසුපසින්ද, ඔබ ඉදිරියෙන්ද ඇති දැය (වන මෙලොව, පරලොව දඬුවම්) වලට ඔබ බිය වනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් (එය ඔවුන් ගණන් ගන්නේ නැත)
Surah Ya-Seen, Verse 45
وَمَا تَأۡتِيهِم مِّنۡ ءَايَةٖ مِّنۡ ءَايَٰتِ رَبِّهِمۡ إِلَّا كَانُواْ عَنۡهَا مُعۡرِضِينَ
තවද ඔවුන්ගේ දෙවියන්ගේ සාධකයන්ගෙන් කුමන සාධකයක් ඔවුන් වෙත පැමිණියා වුවද, එය ඔවුන් ප්‍රතික්ෂේප නොකර සිටින්නේ නැත
Surah Ya-Seen, Verse 46
وَإِذَا قِيلَ لَهُمۡ أَنفِقُواْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَنُطۡعِمُ مَن لَّوۡ يَشَآءُ ٱللَّهُ أَطۡعَمَهُۥٓ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ مُّبِينٖ
“අල්ලාහ් ඔබට ලබා දුන් දැයෙන් (දුප්පතුන්ට) දානමාන කරනු” යයි ඔවුන්ට කියනු ලැබුවහොත් “අල්ලාහ් අදහස් කළහොත් ඔහුම ආහාර ලබා දිය යුතු අයට අපට ආහාර දිය හැකිද? ඔබ ප්‍රකට දුර්මාර්ගයෙහි මිස, වෙන කිසිවක් නැත” යයි විශ්වාසවන්තයින්ට මෙම ප්‍රතික්ෂේප කරන්නන් (සමච්චලයෙන්) පවසන්නාහ
Surah Ya-Seen, Verse 47
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ
තවද “ඇත්තෙන්ම ඔබ ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (අපට ඒවි යයි ඔබ පවසන දඬුවම ගැන) එම පොරොන්දුව කවදා නම් එන්නේද?” යයිද (සමච්චලයෙන්) විමසන්නාහ
Surah Ya-Seen, Verse 48
مَا يَنظُرُونَ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ تَأۡخُذُهُمۡ وَهُمۡ يَخِصِّمُونَ
එකම එක ශබ්දයකට මිස, (වෙන කිසිවක් ගැන) ඔවුන් බලාපොරොත්තුවෙන් සිටියේ නැත! (මේ ගැන සමච්චලයෙන්) ඔවුන් තර්ක කරමින් සිටින විටදීම (එය) ඔවුන්ව අල්ලා ගනු ඇත
Surah Ya-Seen, Verse 49
فَلَا يَسۡتَطِيعُونَ تَوۡصِيَةٗ وَلَآ إِلَىٰٓ أَهۡلِهِمۡ يَرۡجِعُونَ
ඒ අවස්ථාවේදී ඔවුන් අන්තිම කැමැත්ත කීමට හෝ නැතහොත් තමන්ගේ පවුලේ උදවිය වෙත යන්නට හෝ නොහැකි වනු ඇත. (ඒ අතර විනාශ වී යනු ඇත)
Surah Ya-Seen, Verse 50
وَنُفِخَ فِي ٱلصُّورِ فَإِذَا هُم مِّنَ ٱلۡأَجۡدَاثِ إِلَىٰ رَبِّهِمۡ يَنسِلُونَ
(අනිත් වතාවේදී කවදා) සූර් (නමැති හොරණෑව) පිඹිනු ලබන්නේද, එවෙලේම ඔවුන් සොහොන් වලින් ඉකුත් වී තමන්ගේ දෙවියන් වෙත (ඉතාමත්) වේගයෙන් දිව එන්නාහ
Surah Ya-Seen, Verse 51
قَالُواْ يَٰوَيۡلَنَا مَنۢ بَعَثَنَا مِن مَّرۡقَدِنَاۜۗ هَٰذَا مَا وَعَدَ ٱلرَّحۡمَٰنُ وَصَدَقَ ٱلۡمُرۡسَلُونَ
(තවද) “අපගේ ශෝකයයි! අපව, අපගේ (සොහොන් වන) නිදන ස්ථානයන්ගෙන් නැගිට්ටෙව්වේ කවරෙක්ද?”යි විමසනු ඇත. (එයට මලායිකාවරුන් ඔවුන්ට) “රහ්මාන් (ඔබට) දුන් පොරොන්දුවද, නබිවරුන් (ඔබට) සත්‍යය යයි ගෙනහැර දැක්වූවේද මෙයයි” (යයි පවසන්නාහ)
Surah Ya-Seen, Verse 52
إِن كَانَتۡ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ فَإِذَا هُمۡ جَمِيعٞ لَّدَيۡنَا مُحۡضَرُونَ
එය එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) නොතිඛෙණු ඇත. ඒ අතර ඔවුන් සියල්ලන්ම අප වෙත ඒකරාශී කර, ගෙන එනු ලබන්නාහ
Surah Ya-Seen, Verse 53
فَٱلۡيَوۡمَ لَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗا وَلَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
තවද එදිනදී කිසිම ආත්මයකට (එයගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) කිසිම අපරාධයක් කරනු නොලබන්නාහ. ඔබ කළ දැය මිස, ඔබට ඵලවිපාක දෙනු නොලැබේ
Surah Ya-Seen, Verse 54
إِنَّ أَصۡحَٰبَ ٱلۡجَنَّةِ ٱلۡيَوۡمَ فِي شُغُلٖ فَٰكِهُونَ
එදිනදී නියත වශයෙන්ම ස්වර්ගවාසීන් සතුටින් පිරී ඉතිරී සිටින්නාහ
Surah Ya-Seen, Verse 55
هُمۡ وَأَزۡوَٰجُهُمۡ فِي ظِلَٰلٍ عَلَى ٱلۡأَرَآئِكِ مُتَّكِـُٔونَ
ඔවුන්ද, ඔවුන්ගේ භාර්යයාවන්ද, සෙවනෙහි ඇති යහනාවන්හි (ඉතාමත් සතුටින්) හාන්සි වී (වාඩි වී) සිටින්නාහ
Surah Ya-Seen, Verse 56
لَهُمۡ فِيهَا فَٰكِهَةٞ وَلَهُم مَّا يَدَّعُونَ
එහි ඔවුන්ට (විවිධ) පලතුරු වර්ග සමග ඔවුන් ඉල්ලන සියල්ල ලැඛෙනු ඇත
Surah Ya-Seen, Verse 57
سَلَٰمٞ قَوۡلٗا مِّن رَّبّٖ رَّحِيمٖ
(ඔවුන්ට) අසමසම අනුකම්පාවෙන් යුතු දෙවියන් විසින් “ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි කියනු ලැබේ
Surah Ya-Seen, Verse 58
وَٱمۡتَٰزُواْ ٱلۡيَوۡمَ أَيُّهَا ٱلۡمُجۡرِمُونَ
(අනිත් පාපතරයන්ට) “වැරදිකරුවනි! අද දින ඔබ (හොඳ අයගෙන්) වෙන් වී සිටිනු” (යයි කියනු ලැබේ)
Surah Ya-Seen, Verse 59
۞أَلَمۡ أَعۡهَدۡ إِلَيۡكُمۡ يَٰبَنِيٓ ءَادَمَ أَن لَّا تَعۡبُدُواْ ٱلشَّيۡطَٰنَۖ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ
“ආදම්ගේ පරම්පරාවේ දරුවෙනි! ඔබ ෂෙයිතාන්ව නොනැමදිය යුතුය. නියත වශයෙන්ම ඔහු ඔබට ප්‍රකට සතුරෙකි යයි මා ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?”
Surah Ya-Seen, Verse 60
وَأَنِ ٱعۡبُدُونِيۚ هَٰذَا صِرَٰطٞ مُّسۡتَقِيمٞ
“ඔබ මාවම නැමදිය යුතුය. මෙයයි ඍජු මාර්ගය’(යයිද මා ඔබ වෙතින් ස්ථීර වූ පොරෙරොන්දුවක් ලබා ගත්තේ නැද්ද?)”
Surah Ya-Seen, Verse 61
وَلَقَدۡ أَضَلَّ مِنكُمۡ جِبِلّٗا كَثِيرًاۖ أَفَلَمۡ تَكُونُواْ تَعۡقِلُونَ
“(එසේ තිබියදී) ඔහු ඔබගෙන් විශාල සංඛ්‍යාවක්, නියත වශයෙන්ම මාර්ගය වැරද යැව්වේය. මෙය ඔබ දැන ගත්තේ නැද්ද?”
Surah Ya-Seen, Verse 62
هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي كُنتُمۡ تُوعَدُونَ
“ඔබට පොරොන්දු දෙන ලද නිරය මෙයයි”
Surah Ya-Seen, Verse 63
ٱصۡلَوۡهَا ٱلۡيَوۡمَ بِمَا كُنتُمۡ تَكۡفُرُونَ
“(මෙය) ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් අද දින මෙහි ඔබ ඇතුළු වනු” (යයිද පවසන්නෙමු)
Surah Ya-Seen, Verse 64
ٱلۡيَوۡمَ نَخۡتِمُ عَلَىٰٓ أَفۡوَٰهِهِمۡ وَتُكَلِّمُنَآ أَيۡدِيهِمۡ وَتَشۡهَدُ أَرۡجُلُهُم بِمَا كَانُواْ يَكۡسِبُونَ
එදින අපි ඔවුන්ගේ කටෙහි මුද්‍රා තබා හරින්නෙමු. ඔවුන්ගේ අත් අප වෙත කතා කරනු ඇත. ඔවුන් කරමින් සිටි (පාපතර) කාරණාවන් ගැන ඔවුන්ගේ කකුල්ද සාක්ෂි කියනු ඇත
Surah Ya-Seen, Verse 65
وَلَوۡ نَشَآءُ لَطَمَسۡنَا عَلَىٰٓ أَعۡيُنِهِمۡ فَٱسۡتَبَقُواْ ٱلصِّرَٰطَ فَأَنَّىٰ يُبۡصِرُونَ
අපි අදහස් කර තිබුණේ නම් ඔවුන්ගේ ඇස් පෙනීම නැති කර ඇත්තෙමු. (ඒ අතර ඔවුන් බේරී යාමට) මාර්ගයක් සොයා දුවන්නේ නම්, කුමක් නම් බැලිය හැකිද
Surah Ya-Seen, Verse 66
وَلَوۡ نَشَآءُ لَمَسَخۡنَٰهُمۡ عَلَىٰ مَكَانَتِهِمۡ فَمَا ٱسۡتَطَٰعُواْ مُضِيّٗا وَلَا يَرۡجِعُونَ
අපි අදහස් කර තිබුණේ නම්, ඔවුන්ගේ රුව වෙනස් කර, ඔවුන් සිටි ස්ථානයේම සිටින සේ (ගලක් වශයෙන් හෝ නොන්ඩියෙක් වශයෙන් හෝ) කර ඇත්තෙමු. ඒ අතර ඔවුන් විසින් ඉදිරියට යාමටද නොහැකි වන්නට ඉඩ තිබුණි. පසුපසට යාමටද ඉඩ නොතිබිණි
Surah Ya-Seen, Verse 67
وَمَن نُّعَمِّرۡهُ نُنَكِّسۡهُ فِي ٱلۡخَلۡقِۚ أَفَلَا يَعۡقِلُونَ
අපි කවුරුන්ට හෝ දීර්ඝ ජීවිතයක් ලබා දුන්නේ නම්, ඔහුගේ තත්වය උඩ යටිකුරු කර, (කුඩා දරුවෙකු මෙන් පත් කර) හරින්නෙමි. (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද
Surah Ya-Seen, Verse 68
وَمَا عَلَّمۡنَٰهُ ٱلشِّعۡرَ وَمَا يَنۢبَغِي لَهُۥٓۚ إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ وَقُرۡءَانٞ مُّبِينٞ
(අපගේ දූතයා වන) ඔහුට අපි කවි (නිර්මාණය කිරීමට) ඉගැන්වූවේ නැත. එය ඔහුට සුදුසු දැයක්ද නොව. මෙය හොඳ ඔවදන්ද (හොඳ, නරක) පැහැදිලි කර දිය හැකි කුර්ආනයක්ම මිස, වෙන කිසිවක් නොව
Surah Ya-Seen, Verse 69
لِّيُنذِرَ مَن كَانَ حَيّٗا وَيَحِقَّ ٱلۡقَوۡلُ عَلَى ٱلۡكَٰفِرِينَ
(තවද මෙය) පණ පිටින් සිටින්නන්ට බිය ගන්වා අනතුරු අඟවා, (මරණයට පත් වූවන් මෙන්) ප්‍රතික්ෂේප කරන්නන් වෙත (දඬුවම ගැන වූ) පොරොන්දුව ස්ථීර කරන්නේය
Surah Ya-Seen, Verse 70
أَوَلَمۡ يَرَوۡاْ أَنَّا خَلَقۡنَا لَهُم مِّمَّا عَمِلَتۡ أَيۡدِينَآ أَنۡعَٰمٗا فَهُمۡ لَهَا مَٰلِكُونَ
අපගේ අතින්ම නිර්මාණය කළ දැයෙන් ඔවුන් අයිතිවාසිකම් දැරිය හැකි (එළු, ගව, ඔටුවන් වැනි) සතුන්ද ඔවුන් වෙනුවෙන් අපිම උත්පාදනය කළෙමු යන්න ඔවුන් දුටුවේ නැද්ද
Surah Ya-Seen, Verse 71
وَذَلَّلۡنَٰهَا لَهُمۡ فَمِنۡهَا رَكُوبُهُمۡ وَمِنۡهَا يَأۡكُلُونَ
ඒවා ඔවුන්ට යටත් පහත් වන සේ අපි පත් කළෙමු. ඒවායෙන් ඔවුන් (වාහන වශයෙන්) නැග ගත හැකි දැයද ඇත්තේය. ඔවුන් ආහාරයට ගත හැකි දැයද ඒවායේ ඇත්තේය
Surah Ya-Seen, Verse 72
وَلَهُمۡ فِيهَا مَنَٰفِعُ وَمَشَارِبُۚ أَفَلَا يَشۡكُرُونَ
ඔවුන්ට පානය කළ හැකි (කිරි වැනි) දැයද, තවත් බොහෝ ප්‍රයෝජනයන්ද ඒවායෙන් ඇත්තේය. (මේවා සියල්ලට) ඔවුන් කෘතඥ විය යුතු නොවේද
Surah Ya-Seen, Verse 73
وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لَّعَلَّهُمۡ يُنصَرُونَ
එහෙත් අල්ලාහ් නොවන දැයෙන්ම තමන්ට උදව් ලැබේවි යයි ඒවා ඔවුන් දෙවිවරුන් වශයෙන් බාර ගන්නාහ
Surah Ya-Seen, Verse 74
لَا يَسۡتَطِيعُونَ نَصۡرَهُمۡ وَهُمۡ لَهُمۡ جُندٞ مُّحۡضَرُونَ
ඒවා විසින් ඔවුන්ට උදව් කළ නොහැක. එහෙත් ඒවා මොවුන්ට (එරෙහිව) සේනාවක් වශයෙන් ගෙන එනු ලැබේ
Surah Ya-Seen, Verse 75
فَلَا يَحۡزُنكَ قَوۡلُهُمۡۘ إِنَّا نَعۡلَمُ مَا يُسِرُّونَ وَمَا يُعۡلِنُونَ
(නබියේ! ඔබ ගැන ‘ඔබ බොරුකාරයෙකි’ යයිද) ඔවුන්ගේ කියමන ඔබව කණගාටුවට ලක් කළ යුතු නැත. නියත වශයෙන්ම අපි ඔවුන් (තමන්ගේ මනසෙහි) සඟවා ගන්නා දැයද, (ඊට වෙනස්ව තමන්ගේ මුවින්) ඔවුන් එළිදරව් කරන දැයද හොඳින් දන්නෙමු
Surah Ya-Seen, Verse 76
أَوَلَمۡ يَرَ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن نُّطۡفَةٖ فَإِذَا هُوَ خَصِيمٞ مُّبِينٞ
නියත වශයෙන්ම අපි මිනිසාව එක් ඉනිද්‍රිය බිඳකින් උත්පාදනය කළෙමු යන්න ඔවුන් අවධානය කළේ නැද්ද? එසේ තිබියදී ඔහු ප්‍රකට සතුරෙකු බවට පත් වී (අපට වෙනස්කම් කිරීමට ඉදිරිපත්) වන්නේය
Surah Ya-Seen, Verse 77
وَضَرَبَ لَنَا مَثَلٗا وَنَسِيَ خَلۡقَهُۥۖ قَالَ مَن يُحۡيِ ٱلۡعِظَٰمَ وَهِيَ رَمِيمٞ
ඔහු තමන්ගේ උත්පාදනය (තමන්ව කෙසේ නිර්මාණය කරනු ලැබුවේද) යන්න අමතක කර දමා, එක් උදාහරණයක් අප වෙත ගෙනහැර දක්වන්නේය. “දිරා පත්ව පස් බවට පත් වූ (මෙම) ඇටසැකිළ්ලට පණ දෙන්නේ කවරෙක්ද?”යි ඔහු විමසනුනේය
Surah Ya-Seen, Verse 78
قُلۡ يُحۡيِيهَا ٱلَّذِيٓ أَنشَأَهَآ أَوَّلَ مَرَّةٖۖ وَهُوَ بِكُلِّ خَلۡقٍ عَلِيمٌ
(නබියේ! එයට) ඔබ මෙසේ පවසනු: “පළමු වරට එය උත්පාදනය කළේ කවරෙක්ද, ඔහුම මෙයටද පණ දෙන්නේය. ඔහු නම් සියලූ ආකාරයටම උත්පාදනය කිරීමට ඉතාමත් දන්නෙකි
Surah Ya-Seen, Verse 79
ٱلَّذِي جَعَلَ لَكُم مِّنَ ٱلشَّجَرِ ٱلۡأَخۡضَرِ نَارٗا فَإِذَآ أَنتُم مِّنۡهُ تُوقِدُونَ
“අමු ගසකින් ඔබට ගින්දර නිපදවන්නාද ඔහුය. පසුව එමගින් ඔබ (ඔබට අවශ්‍යය ගින්දර) මොළවා ගන්නෙහුය”
Surah Ya-Seen, Verse 80
أَوَلَيۡسَ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِقَٰدِرٍ عَلَىٰٓ أَن يَخۡلُقَ مِثۡلَهُمۚ بَلَىٰ وَهُوَ ٱلۡخَلَّـٰقُ ٱلۡعَلِيمُ
“අහස්ද භූමියද උත්පාදනය කළ අය, ඔවුන් වැනි අයව උත්පාදනය කිරීමට ශක්තියක් නොමැත්තෙකුද? එසේය! නියත වශයෙන්ම ඔහුම (සියලූ ආකාරයෙන්ම) උත්පාදනය කිරීමට හොඳින් දන්නෙකි”
Surah Ya-Seen, Verse 81
إِنَّمَآ أَمۡرُهُۥٓ إِذَآ أَرَادَ شَيۡـًٔا أَن يَقُولَ لَهُۥ كُن فَيَكُونُ
කිමෙක්ද! ඔහුගේ බලසම්පන්නකමද! ඔහු යම්කිසි වස්තුවක් (උත්පාදනය කිරීමට) අදහස් කළහොත් ඔහු අණ කරන්නේ, “වනු!” යයි පැවසීම පමණකි. (එපමණයි ප්‍රමාදය). එවෙලේම එය සිදු වන්නේය
Surah Ya-Seen, Verse 82
فَسُبۡحَٰنَ ٱلَّذِي بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَإِلَيۡهِ تُرۡجَعُونَ
සියල්ලෙහි බලය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු වෙතම ආපසු ගෙන එනු ලබන්නෙහුය
Surah Ya-Seen, Verse 83