Surah As-Saaffat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
وَٱلصَّـٰٓفَّـٰتِ صَفّٗا
පෙළ ගැසී සිටින්නන් මත සත්තකින්ම
Surah As-Saaffat, Verse 1
فَٱلزَّـٰجِرَٰتِ زَجۡرٗا
(නපුර) ඉතා දැඩි ලෙස එළවාගෙන යන්නන් මත සත්තකින්ම
Surah As-Saaffat, Verse 2
فَٱلتَّـٰلِيَٰتِ ذِكۡرًا
(දෙවියන්ගේ) ධර්මය සමුදීරණය කරන්නන් මත සත්තකින්ම
Surah As-Saaffat, Verse 3
إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ
නියත වශයෙන්ම ඔබගේ දෙවියන් එකම එක්කෙනෙකි
Surah As-Saaffat, Verse 4
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ
අහස්ද, භූමියද, ඒවා මධ්‍යයෙහි ඇති දැයද උත්පාදනය කර, පෝෂණය කරන්නා, පහත දිසා (වන් හා ඉහළ දිසා) වන්හි දෙවියන්ය
Surah As-Saaffat, Verse 5
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ
නියත වශයෙන්ම ඔබගේ (දෙවියන් වන) අපි (මෙම භූමියට ඉතාමත් ළඟින්) පහතින් ඇති අහසෙහි බැබළෙන තාරකාවන් මගින් අලංකාරවත් කර තබා ඇත්තෙමු
Surah As-Saaffat, Verse 6
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ
(එය අලංකාරවත් ලෙස තිඛෙණ අතර) නපුරන් වන සියලූම ෂෙයිතාන්වරුන්ටද බාධකයක් වශයෙන්ද (ඇත්තේය)
Surah As-Saaffat, Verse 7
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ
ශ්‍රේෂ්ඨ (උත්තරීතර ඉහළ සභාවේ) වදන් (ෂෙයිතාන්වරුන්ට) සවන් දීමට නොහැක
Surah As-Saaffat, Verse 8
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ
(මන්දයත් එයට ළඟා වන සෑම කෙනෙකුටම) විවිධ දිශාවන්ගෙන් (ගින්නෙන්) පහර දෙනු ලැබ, එළවා දමනු ලබන්නාහ. ඔවුන්ට ස්ථීර වූ දඬුවම් ඇත
Surah As-Saaffat, Verse 9
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ
(යම්කිසි විදිහකින් වැරදීමකින් හෝ යම් වදනක්) හොරෙන් ඇසීමට ළං වුවහොත් එවෙලේම ඔහුව ගිණි පුපුරු වීසි වන ගින්න මගින් එළවනු ලැබේ
Surah As-Saaffat, Verse 10
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ
(නබියේ!) උත්පාදනයන්ගෙන් ඉතාමත් ශක්තිවන්තයින් ඔවුන්ද? නැතහොත් අපි උත්පාදනය කර ඇති දැය (වන අහස්, භූමිය, තාරකාවන් ආදී) දැයද? (යයි ප්‍රතික්ෂේප කරන්නන් වන) මොවුන්ගෙන් විමසනු. නියත වශයෙන්ම අපි ඔවුන්ව (ලැජ්ජයි) ඇලෙන සුළු කිරිමැටියෙන්ම උත්පාදනය කර ඇත්තෙමු
Surah As-Saaffat, Verse 11
بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ
(නබියේ!) ඔබ (අල්ලාහ්ගේ ප්‍රාතිහාර්යයන් දැක) විමතියට පත් වන්නෙහිය. ඔවුන් නම්, (එය) සමච්චල් කරන්නෙහුය
Surah As-Saaffat, Verse 12
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ
තවද ඔවුන්ට හොඳ ඔවදන් පවසනු ලැබූවා වුවද, එය ඔවුන් අවධානය කරන්නේ නැත
Surah As-Saaffat, Verse 13
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ
කුමන සාධකයක් දුටුවා වුවද, ඔවුන් සමච්චල් කරන්නාහ
Surah As-Saaffat, Verse 14
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ
තවද “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයිද පවසන්නාහ
Surah As-Saaffat, Verse 15
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
“අපි මරණයට පත් වී (දිරා ගොස්) පස් බවටද, ඇට බවටද පත් වූ පසු, ඇත්තෙන්ම අපි නැගිටිටවනු ලබන්නෙමුද?” (යයිද)
Surah As-Saaffat, Verse 16
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
“(එසේම) අපගේ මුතුන් මිත්තන්ද නැගිටවනු ලබන්නෙහුද?” යයිද- (සමච්චලයෙන් පවසන්නාහ)
Surah As-Saaffat, Verse 17
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ
එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඇත්තය. (නැගිටවනු ලබන්නෙහුය). ඒ අතර ඔබ දීනවූ අය බවටද සිටින්නෙහුය”
Surah As-Saaffat, Verse 18
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ
එකම එක තිගැස්සෙන සුළු ශබ්දයක් පමණක්ම (ඇති වනු ඇත). එවෙලේම ඔවුන් (නැගිට අන්ද මන්ද වී) ඇහැරෙන්නාහ
Surah As-Saaffat, Verse 19
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ
“අපි ඇසුවෙමු! මෙය ඵලවිපාක දෙන දවස වූවා නොවෙද!” යයිද ඔවුන් පවසනු ඇත
Surah As-Saaffat, Verse 20
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
(එයට ඔවුන්ට) “ඔබ බොරු කරමින් සිටි විනිශ්චය දිනය අදයි” (යයි කියනු ලැබේ)
Surah As-Saaffat, Verse 21
۞ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ
“අපරාධ කළ අයවද, ඔවුන්ගේ සහකාරියන්වද
Surah As-Saaffat, Verse 22
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ
අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දැයද, ඒකරාශී කර, ඔවුන්ව නිරයේ මාර්ගයෙහි ඇදගෙන යනු” (යයිද)
Surah As-Saaffat, Verse 23
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ
“(එහි) ඔවුන්ව නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන්ගෙන් (ප්‍රශ්න ගණනය) කරනු ලැබිය යුතුව ඇත්තේය” (යයිද කියනු ලැබේ)
Surah As-Saaffat, Verse 24
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ
“ඔබට කුමක් සිදු වූයේද? (ලොවෙහි ඔබ කෙනෙකුට කෙනෙකු උදව් කරමින් සිටි අන්දමට මෙහිදී) ඔබ කුමක් නිසා කෙනෙකුට කෙනෙකු උදව් කර නොගත්තේද?” (යයිද විමසනු ලැබේ)
Surah As-Saaffat, Verse 25
بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ
එහෙත් එදින ඔවුන්ගේ හිස බිමට නවා ගත් අය වශයෙන්ම සිටිනු ඇත
Surah As-Saaffat, Verse 26
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනා සමග තර්ක කිරීමට ඉදිරිපත් වී
Surah As-Saaffat, Verse 27
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ
(සමහරෙක් තමන්ගේ ප්‍රධානීන්ට) “නියත වශයෙන්ම ඔබ අප වෙත බලෙන්ම පැමිණ, (ඔබට අවනත වන මෙන් අපට බල) කළෙහුය” යයි පවසනු ඇත
Surah As-Saaffat, Verse 28
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ
එයට ඔවුන් (එම ප්‍රධානීන්) එසේ නොව. (අපි ඔබව වළක්වා ගත්තේ නැත). ඔබම විශ්වාස කළේ නැත
Surah As-Saaffat, Verse 29
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ
“අපට ඔබ කෙරෙහි කිසිම බලයක් තිබුනේ නැත. එහෙත් ඔබම අපරාධ කරන ජනතාවක් බවට සිටියෙහුය”
Surah As-Saaffat, Verse 30
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ
“එබැවින් (දඬුවම ගැන වූ) අපගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය කර හැරියේය. නියත වශයෙන්ම අපි (සියල්ලන්ම දඬුවම) විඳිය යුතු අයයි”
Surah As-Saaffat, Verse 31
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ
“(එසේය!) ඔබව අපි මාර්ගය වැරද යාමට සැලැස්සුවෙමු. මන්දයත් නියත වශයෙන්ම අපිත් දුර්මාර්ගයෙහිම සිටියෙමු” යයි පවසනු ඇත
Surah As-Saaffat, Verse 32
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
එබැවින් නියත වශයෙන්ම ඔවුන් (සියල්ලන්ම) එදින දඬුවමේ හවුල්කරුවන් වශයෙන් සිටිනු ඇත
Surah As-Saaffat, Verse 33
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
නියත වශයෙන්ම අපි වැරදිකරුවන්ව මේ අන්දමටම කටයුතු කරවන්නෙමු
Surah As-Saaffat, Verse 34
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ
”අල්ලාහ් හැර, (ඔබට) වෙන කිසිම හිමියෙකු නැත! (ඔහුවම ඔබ නමදිනු)” යයි ඔවුන්ට පවසනු ලැබුවහොත්; නියත වශයෙන්ම ඔවුන් උඞඟූ වී
Surah As-Saaffat, Verse 35
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ
“කිමෙක්ද! අපි පිස්සු හැදුනු කවියෙකු වෙනුවෙන් ඇත්තෙන්ම අපගේ දෙවිවරුන්ව අපි අත්හැර දමන්නෙමුද?”යි ඔවුන් පවසන්නාහ
Surah As-Saaffat, Verse 36
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ
“(ඔහු පිස්සෙකු) නොව. ඔහු සත්‍යයම ගෙන ආවේය. (තමන්ට පෙර පැමිණි) නබිවරුන්වද, ඔහු සත්‍ය කර තැබුවේය
Surah As-Saaffat, Verse 37
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ
(මේ සියල්ල ඔබ බොරු කර හැරියෙහුය. එබැවින්) නියත වශයෙන්ම ඔබ වේදනා ගෙන දෙන දඬුවම ම විඳිය යුතුව ඇත්තේය”
Surah As-Saaffat, Verse 38
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
“ඔබ කරමින් සිටි දැයට මිස, ඔබට ඵලවිපාක දෙනු ලැබුවේ නැත” (යයිද කියනු ලැබේ)
Surah As-Saaffat, Verse 39
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් කළවම් නොවුන හොඳ හිත ඇති අල්ලාහ්ගේ වහලූන් නම්
Surah As-Saaffat, Verse 40
أُوْلَـٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ
ඔවුන්ට (උසස් වූ) ආහාරයක් පිළියෙල කරනු ලැබ ඇත්තේය
Surah As-Saaffat, Verse 41
فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ
එය (ඉතාමත් රසවත්) පලතුරු වර්ගයි. තවද ඔවුන්වම ගෞරව කරනු ලබන්නාහ
Surah As-Saaffat, Verse 42
فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ
සැපත ලබා දෙන ස්වර්ගයන්හි (ඇති) සිංහාසණයන්හි
Surah As-Saaffat, Verse 43
عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
කෙනෙකු අනිත් කෙනාට මුහුණ ලා වාඩි වී (ඉතාමත් සතුටු සාමීචියේ යෙදී) සිටින්නාහ
Surah As-Saaffat, Verse 44
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ
(ඉතාමමත් පැහැදිලි) උල්පත්හි පානයන්ගෙන් පිරි කුසලාන ඔවුන් වටා කැරකෙමින් ගෙන එනු ලබනු ඇත
Surah As-Saaffat, Verse 45
بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّـٰرِبِينَ
(එය) ඉතාමත් ස්වේත වර්ණයෙන්ද, පානය කරන්නන්ට ඉතාමත් රසයක් ගෙන දෙන්නක් වශයෙන්ද, තිඛෙණු ඇත
Surah As-Saaffat, Verse 46
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ
එහි මතක්ද නැත. එමගින් ඔවුන්ට බීමත් ගතියක්ද ඇති නොවේ
Surah As-Saaffat, Verse 47
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ
ඔවුන් වෙත බිම බලා ගත් (ඉතාමත් යටත් පහත්) බැල්මෙන් යුතු (හුරුල්ඊන් නමැති) නිර්මල කන්‍යාවන්ද සිටිනු ඇත
Surah As-Saaffat, Verse 48
كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ
ඔවුන් (අත්තටු වල) සඟවන ලද (ගිනි කුකුලන්ගේ ලා කහ පැහැයෙන් යුත්) බිත්තර මෙන් වන්නාහ
Surah As-Saaffat, Verse 49
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
ඔවුන්ගෙන් කෙනෙකු අන් අයට “(මෙලොවදී සිදු වූ දැය ගැන ඉතාමත් සතුටින්) කතා කරමින් සිටින්නාහ
Surah As-Saaffat, Verse 50
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ
ඔවුන්ගෙන් කෙනෙකු මෙසේ පවසනු ඇත: “(මෙලොවදී) නියත වශයෙන්ම මට එක් මිතුරෙකු සිටියේය
Surah As-Saaffat, Verse 51
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ
ඔහු (මට) ‘නියත වශයෙන්ම ඔබ මෙය විශ්වාස කරන්නෙහිද
Surah As-Saaffat, Verse 52
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
කිමෙක්ද! අපි මරණයට පත් වී (දිරාපත්ව) ඇට කටු හා පස් බවට පත් වූ පසු (නැගිට්ටවනු ලබන්නෙමුද?) නියත වශයෙන්ම (අපගේ අපරාධයන්ට සරිලන) ඵලවිපාක දෙනු ලබන්නෙමුද?”යි (සමච්චලයෙන් මෙන්) පවසමින් සිටියේය
Surah As-Saaffat, Verse 53
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ
“(එබැවින් ඔහුව) ඔබ බලන්නට කැමති වන්නෙහුද?”යි පවසා
Surah As-Saaffat, Verse 54
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ
ඔහුව එබී බලා ඔහු නිරය මධ්‍යයේ සිටිනු දැක
Surah As-Saaffat, Verse 55
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ
(ඔහුට) “අල්ලාහ් මත සත්තකින්ම! ඔබ මාව විනාශ කර දමන්නටම අදහස් කළෙහිය”
Surah As-Saaffat, Verse 56
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ
“මගේ දෙවියන්ගේ දයාව මා හට (ලැබී) නොතිබුණේ නම්, මමත් (නිරයට) ගෙන එනු ලබන්නනගෙන් කෙනෙකු වශයෙන් සිටින්නට ඉඩ තිබුණි”
Surah As-Saaffat, Verse 57
أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ
“(තවත් වරක්ද) අපි මරණයට පත් වන්නෙමුද?”
Surah As-Saaffat, Verse 58
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
“(නැවතත් පණ ලැබී ඇති) අපට කළින් මරණයට වඩා වෙන කිසිවක් නැත. (මින් පසු අපි කිසිදාක මැරෙන්නේම නැත. ස්වර්ගයෙහි සිටින) අපි දඬුවමට ඇතුළු කරනු ලබන්නේද නැත” යයි පවසනු ඇත
Surah As-Saaffat, Verse 59
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
“නියත වශයෙන්ම මෙයම ඉමහත් වූ භාග්‍යයක් වන්නේය”
Surah As-Saaffat, Verse 60
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ
“යම්කිසි හොඳක් කළ හැකි අය සියල්ලන්ම මෙවැනි (භාග්‍යය අත් කර ගැනීම) සඳහා මහන්සි විය යුතුය”
Surah As-Saaffat, Verse 61
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ
(අල්ලාහ්ගේ සන්නිධානයෙන් ලැඛෙණ) මෙය උසස් වූ (භෝජණ) සංග්‍රහයද? නැතහොත් (නිරයෙහි ඇති) සක්කුම් නමැති (තිත්ත දුගඳ වෑහෙණ) ගසද
Surah As-Saaffat, Verse 62
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّـٰلِمِينَ
(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි මෙම අපරාධකාරයින්ට එක් පිරික්සුමක් බවටම පත් කර ඇත්තෙමු
Surah As-Saaffat, Verse 63
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ
ඇත්තෙන්ම එය නිරයෙහි යට මට්ටමේ සිට ඉකුත් වන ගසකි
Surah As-Saaffat, Verse 64
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
එහි අතු නයින්ගේ පෙනය මෙන් ඇත්තේය
Surah As-Saaffat, Verse 65
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
නියත වශයෙන්ම ඔවුන් (තමන්ගේ කුස-ගින්නේ දරුණුභාවය නිසා) එයද අනුභව කරන්නාහ. එමගින් ඔවුන්ගේ කුස පුරවා ගන්නාහ. (නමුත් ඔවුන්ගේ කුස-ගින්න නිවෙන්නේ නැත)
Surah As-Saaffat, Verse 66
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ
පසුව, නියත වශයෙන්ම උතුරණ සැරව මිශ්‍ර (ලෝදිය) එහිදී ඔවුන්ට (පානයක් වශයෙන්) දෙනු ලැබේ
Surah As-Saaffat, Verse 67
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ
පසුවත් ඔවුන් යන තැන නියත වශයෙන්ම නිරයයි
Surah As-Saaffat, Verse 68
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ
මොවුන් තමන්ගේ මුතුන් මිත්තන්ව ඇත්තෙන්ම දුර්මාර්ගිකයින් වශයෙන්ම දුටුවහ
Surah As-Saaffat, Verse 69
فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ
(එසේ තිබියදී) ඔවුන්ගේ පා සටහන්ම අනුගමනය කරමින් දිව්වාහ
Surah As-Saaffat, Verse 70
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ
මොවුන්ට පෙරද, පෙර විසූ අයගෙන් බොහොමයක් දෙනා නියත වශයෙන්ම (මේ අන්දමටම) මාර්ගය වැරද ගියහ
Surah As-Saaffat, Verse 71
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ
නියත වශයෙන්ම අපි ඔවුන්ටද බිය ගන්වා අනතුරු අඟවන (අපගේ) දූතයින්ව යැව්වෙමු
Surah As-Saaffat, Verse 72
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
එබැවින් බිය ගන්වා අනතුරු අඟවන ලද මොවුන්ගේ අවසානය කෙසේ වූයේද යන්න (නබියේ!) ඔබ බලනු
Surah As-Saaffat, Verse 73
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
පරිශුද්ධ වූ අදහස් ඇති අල්ලාහ්ගේ වහලූන් මිස, (අන් අය සියල්ලන්ම අපගේ දඬුවමට ලක් වන්නාහ)
Surah As-Saaffat, Verse 74
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ
නූහ් (නබි උදව් උපකාර ඉල්ලා ප්‍රාර්ථනා කර) අපව ආරාධනා කළේය. අපිම (ප්‍රාර්ථනාවන්ට) පිළිතුරු දෙන්නන්ගෙන් ඉතාමත් උසස්වන්තයෙකි
Surah As-Saaffat, Verse 75
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
එබැවින් ඔහුවද, ඔහුගේ පවුලේ උදවියද ඉමහත් වූ අමාරුකමෙන් බේරා ගත්තෙමු
Surah As-Saaffat, Verse 76
وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ
ඔවුන්ගේ දරුවන්වම (මහා ජල ගැල්මෙන් බේරී පසු කලකදී සැමදා) ස්ථීර වන සේ පත් කළෙමු
Surah As-Saaffat, Verse 77
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමයද) පසු පැමිණෙන්නන්ගෙන් ස්ථීර වීමට සැලැස්සුවෙමු
Surah As-Saaffat, Verse 78
سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ
“ශාන්තිය හා සමාදානයද ලෝකයන් කොහේ වුවද, නූහුට අත් වේවා!” (යයි කියනු ලැබීය)
Surah As-Saaffat, Verse 79
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු
Surah As-Saaffat, Verse 80
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
(මන්දයත් ඔහු) විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය
Surah As-Saaffat, Verse 81
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
(එබැවින් ඔහුවද, ඔහුව අනුගමනය කළ අයවද හැර) අන් අයව (මහා ජල ගැල්මෙහි) අපි ගිල්වා දැමුවෙමු
Surah As-Saaffat, Verse 82
۞وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ
නියත වශයෙන්ම ඉබ්රාහීම්ද, නුහ් (නබි)ගේ (මාර්ගය අනුගමනය කරන) සමූහයින්ගෙන් කෙනෙකි
Surah As-Saaffat, Verse 83
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ
ඔහු (අවංක) පරිශුද්ධ සිතකින් යුතුව තම දෙවියන් වෙත පැමිණි අවස්ථාවේදී
Surah As-Saaffat, Verse 84
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ
ඔහු තම පියාටද, තම ජනතාවටද “ඔබ කුමක් නම් නමදින්නෙහුද?”යි විමසා
Surah As-Saaffat, Verse 85
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ
“ඔබ අල්ලාහ් හැර, බොරු දෙවිවරුන්වම කැමති වන්නෙහුද
Surah As-Saaffat, Verse 86
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
(එසේ නම්) ලෝකවාසීන්ව උත්පාදනය කර, පෝෂණය කරමින් සිටින දෙවියන් ගැන ඔබගේ අදහස කුමක්ද?”යි (විමසුවේය)
Surah As-Saaffat, Verse 87
فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ
පසුව තාරකාවන් දෙස බලා
Surah As-Saaffat, Verse 88
فَقَالَ إِنِّي سَقِيمٞ
“නියත වශයෙන්ම මා රෝගාතුරව සිටින්නෙමි” යයි පැවසූ වහාම
Surah As-Saaffat, Verse 89
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ
ඔවුන් ඔහුව අත්හැර දමා (අළුත් අවුරුදු උත්සවය සැමරීමට) ගියහ
Surah As-Saaffat, Verse 90
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ
පසුව ඔහු කෝවිල තුළට ගියේය. එහි (පිළිරූ වලට විවිධ වර්ගයේ ආහාර පූජා කර තිබීම දැක), ඔවුන්ගේ පිළිරූවලට “ඔබ (මේවා) කුමක් නිසා නොකන්නේද
Surah As-Saaffat, Verse 91
مَا لَكُمۡ لَا تَنطِقُونَ
ඔබට කුමක් නම් (සිදු වී ඇත්ද?) ඔබ කුමක් නිසා කතා නොකරන්නේද?”යි විමසා
Surah As-Saaffat, Verse 92
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ
(පිළිතුරු නොලැබුණෙන්) ඒවාට වැරෙන් පහර දී (කුඩු කර දමා පිටතට) යන්න ගියේය
Surah As-Saaffat, Verse 93
فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ
(අළුත් අවුරුදු සමරන්නට ගිය අය, ආපසු පැමිණීමෙන් පසු මෙය දුටු වහාම), ඉබ්රාහීම් වෙත දිවැවිත් (ඒ ගැන විමසූ විට)
Surah As-Saaffat, Verse 94
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ
ඔහු (ඔවුන්ට “ඔබගේ අත්වලින්) ඔබ විසින්ම අඹන ලද දැය, ඔබ නමදින්නෙහුද
Surah As-Saaffat, Verse 95
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ
ඔබත්, ඔබ අඹන ලද දැයත් අල්ලාහ්ම උත්පාදනය කළේය” යයි කීවේය
Surah As-Saaffat, Verse 96
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ
(එයට ඔවුන් පිළිතුරු දීමට මගක් නොමැතිව කෝපයට පත් වී) “මොහු වෙනුවෙන් විශාල (ගිනි) වළක් නිර්මාණය කර, එම ගින්නෙහි ඔහුව වීසි කර දමනු” යයි පැවසූහ
Surah As-Saaffat, Verse 97
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ
(මෙසේ) ඔවුන් ඔහුට හානියක් කිරීමට අදහස් කළහ. එහෙත් අපි ඔවුන්වම අවමන් කර හැරියෙමු
Surah As-Saaffat, Verse 98
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ
(පසුව, ඉබ්රාහීම් එම රට අත්හැර දමා පිටමං වී) “නියත වශයෙන්ම මා මගේ දෙවියන් වෙතම යන්නෙමි. ඔහු ඉතා ඉක්මනින් මා හට ඍජු මාර්ගය පෙන්වනු ඇත” (යයි කියා)
Surah As-Saaffat, Verse 99
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّـٰلِحِينَ
“මගේ දෙවියනේ! හොඳ අයගෙන් (කෙනෙකුව) ඔබ මා හට (දරුවෙකු වශයෙන්) ලබා දෙනු මැනව!” යයි කීවේය
Surah As-Saaffat, Verse 100
فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ
එමගින් ඉතාමත් ඉවසිලිවන්ත (ඉස්මායීල් නමැති) පුතෙකු මගින් ඔහුට සුභාරංචි දුන්නෙමු
Surah As-Saaffat, Verse 101
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَـٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ
(ඔහුගේ එම පුතා) ඔහු සමග පා ගමනින් ඇවිදිය හැකි වයස අත් වූ විට, ඔහු (තම පුතාට) “මගේ දයාබර පුතුනේ! ඇත්තෙන්ම මා ඔබව (මගේ අතින්) ඛෙල්ල කපා බිලි දෙන බවට, මා (මගේ) සිහිනෙන් දුටුවෙමි. (මේ ගැන) ඔබ කුමන අදහසක් දරන්නෙහිද?”යි විමසුවේය. එයට ඔහු “මගේ (දයාබර) පියාණෙනි! ඔබට දෙන ලද නියෝගයට අනුවම ඔබ කරනු. අල්ලාහ් අදහස් කළහොත් (එය විඳ දරාගෙන) ස්ථීර වශයෙන් සිටින්නෙකු බවට, ඔබ මාව දකින්නෙහිය” යයි පැවසුවේය
Surah As-Saaffat, Verse 102
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ
එබැවින් ඒ දෙදෙනාම (දෙවියන්ගේ නියෝගයට) සම්පූර්ණයෙන්ම අවනත වී (ඉබ්රාහීම් වන) ඔහු (ඉස්මායීල් වන) ඔහුව (ඛෙල්ල කපා බිලි දීමට) මුනින් අතට බිම හෙළුවේය
Surah As-Saaffat, Verse 103
وَنَٰدَيۡنَٰهُ أَن يَـٰٓإِبۡرَٰهِيمُ
ඒ අවස්ථාවේදී අපි ඔහුව අඞගසා මෙසේ පැවසුවෙමු: “ඕ ඉබ්රාහීම්
Surah As-Saaffat, Verse 104
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
ඇත්තෙන්ම ඔබ, (ඔබගේ) සිහිනය සැබෑ කර තැබුවෙහිය. නියත වශයෙන්ම හොඳක් කරන අයට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු”
Surah As-Saaffat, Verse 105
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَـٰٓؤُاْ ٱلۡمُبِينُ
“නියත වශයෙන්ම මෙය පැහැදිලි ඉමහත් පිරික්සුමක් වන්නේය” (යයිද කීවෙමු)
Surah As-Saaffat, Verse 106
وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ
එබැවින් (ඔහු වෙනුවට එක් නාඹර එළුවෙකු බිලි දෙන්නට සලස්වා) ඉමහත් වූ පරිත්‍යාගය මගින් ඔහුව නිදහස් කළෙමු
Surah As-Saaffat, Verse 107
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු
Surah As-Saaffat, Verse 108
سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ
(එබැවින් ලොවෙහි ඇති සියල්ලන්ම) “ඉබ්රාහීම්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ)
Surah As-Saaffat, Verse 109
كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
මේ අන්දමටම හොඳක් කරන්නන්ට අපි ඵලවිපාක දෙන්නෙමු
Surah As-Saaffat, Verse 110
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔහු ඉතාමත් විශ්වාසවන්ත අපගේ වහලෙකු වශයෙන්ම සිටියේය
Surah As-Saaffat, Verse 111
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ
(මින් පසුව) හොඳ වහලූන්ගෙන් කෙනෙකු වශයෙන් සිටි ඉස්හාක් නබිව ඔහුට (තවත් පුතෙකු වශයෙන් දෙන බවට) සුභාරංචි දුන්නෙමු
Surah As-Saaffat, Verse 112
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ
ඔහු කෙරෙහිද, ඉස්මායීල් කෙරෙහිද, අපි අපගේ භාග්‍යයන් පහළ කළෙමු. ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ගෙන් හොඳ අයද සිටින්නාහ. ප්‍රසිද්ධියේ තමන්ට තමන්ම නපුර කර ගත් (නපුරු) අයද සිටින්නාහ
Surah As-Saaffat, Verse 113
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
නියත වශයෙන්ම අපි මූසා කෙරෙහිද, හාරූන් කෙරෙහිද දයාව පහළ කළෙමු
Surah As-Saaffat, Verse 114
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
ඒ දෙදෙනාවම ඔවුන්ගේ ජනතාවද, ඉමහත් වූ විපතකින් බේරා ගෙන ඔවුන්ට උදව් කළෙමු
Surah As-Saaffat, Verse 115
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
එබැවින් (තමන්ගේ සතුරන් මත) ඔවුන්ම ජයග්‍රහණය කළහ
Surah As-Saaffat, Verse 116
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ
ඒ දෙදෙනාට (සත්‍යය) පැහැදිලි කරන ධර්මයද අපි දුන්නෙමු
Surah As-Saaffat, Verse 117
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
ඒ දෙදෙනාවම ඍජු මාර්ගයෙහිද අපි ඇතුළු කළෙමු
Surah As-Saaffat, Verse 118
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ
ඒ දෙදෙනා වෙනුවෙන් (ඒ දෙදෙනාගේ කීර්ති නාමයන්) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කළෙමු
Surah As-Saaffat, Verse 119
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
(එබැවින් ලෝකවාසීන්) මූසාටද, හාරූන්ටද ශාන්තිය හා සමාදානය අත් වේවා! (යයි පවසන්නාහ)
Surah As-Saaffat, Verse 120
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි හොඳක් කරන්නන්ට මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු
Surah As-Saaffat, Verse 121
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඒ දෙදෙනාම විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් වූහ
Surah As-Saaffat, Verse 122
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
නියත වශයෙන්ම ඉල්යාස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි
Surah As-Saaffat, Verse 123
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ
ඔහු තම ජනතාවට “ඔබ (අල්ලාහ්ට) බිය විය යුතු නොවේද?”යි පැවසූ අවස්ථාවේදී
Surah As-Saaffat, Verse 124
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ
“උත්පාදකයින්ගෙන් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයාව ප්‍රතික්ෂේප කර, බඅල් (නමැති) පිළිරුව නමදින්නෙහුද
Surah As-Saaffat, Verse 125
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
අල්ලාහ්ම ඔබගේ දෙවියන් හා පෙර ඉකුත්ව ගිය ඔබගේ මුතුන් මිත්තන්ගේ දෙවියන්ද වන්නේය” (යයි පැවසුවේය)
Surah As-Saaffat, Verse 126
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ
එහෙත් ඔවුන් ඔහුව බොරුකාරයා කර හැරියහ. එබැවින් නියත වශයෙන්ම ඔවුන් (පරලොවදී අප වෙත දඬුවම සඳහා) ගෙන එනු ලබන්නාහ
Surah As-Saaffat, Verse 127
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
අල්ලාහ්ගේ පරිශුද්ධ වූ වහලූන්ව හැර. (හොඳ වහලූන්ට හොඳ පරිත්‍යාගයන් ඇත)
Surah As-Saaffat, Verse 128
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
ඔහු වෙනුවෙන් (ඔහුගේ කීර්ති නාමය) පසු පැමිණෙන්නන්ගෙන්ද ස්ථීරවත් කරන්නෙමු
Surah As-Saaffat, Verse 129
سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ
(එබැවින් ලෝකවාසීන්) “ඉල්යාස්ට ශාන්තිය හා සමාදානය අත් වේවා!” (යයි පවසන්නාහ)
Surah As-Saaffat, Verse 130
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම හොඳක් කරන්නන්ට අපි මේ අන්දමටම ඵලවිපාක දෙන්නෙමු
Surah As-Saaffat, Verse 131
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
ඇත්තෙන්ම ඔහු විශ්වාසය තැබූ අපගේ වහලූන්ගෙන් (කෙනෙකු වශයෙන්ම) සිටියේය
Surah As-Saaffat, Verse 132
وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ
නියත වශයෙන්ම ලුත්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි
Surah As-Saaffat, Verse 133
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
ඔහුවද, ඔහුගේ පවුලේ උදවිය ආදී සියල්ලන්වම බේරා ගත්තෙමු
Surah As-Saaffat, Verse 134
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
(එහෙත් ඔහුගේ) නාකි (බිරිඳ) හැර. ඇය (එම පාපතරයන් සමග) රැඳී සිටියාය
Surah As-Saaffat, Verse 135
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
(ඇය සමග පාපයන් කළ) අන් අයවද අපි විනාශ කර දැමුවෙමු
Surah As-Saaffat, Verse 136
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ
එබැවින් (මක්කාවාසීනී! ඔබ ෂාම් රටට වෙළෙඳාමට යන විට හා එන විට) උදේ හෝ සවස හෝ නියත වශයෙන්ම ඔබ (විනාශ වී ගිය) ඔවුන්ගේ (නගරය) හරහා ගමන් කරන්නෙහුය
Surah As-Saaffat, Verse 137
وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ
(මෙමගින් ඔබ) හොඳ දැනුමක් අත් කර ගත යුතු නොවේද
Surah As-Saaffat, Verse 138
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
නියත වශයෙන්ම යුනුස්ද (අපගේ) දූතයින්ගෙන් කෙනෙකි
Surah As-Saaffat, Verse 139
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
(ජනයාගෙන්) පිරි නැව දෙසට ඔහු (බේරී) දිව ගිය අවස්ථාවේදී (එහි නැග ගත්තේය)
Surah As-Saaffat, Verse 140
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ
ඔවුන් (ඒ නැවේ සිටි අය අතර) කුසපත් ඇදි අවස්ථාවේදී මොහු (මුහුදට) වීසි කර දැමිය යුතු කෙනෙකු බවට පත් වූවේය
Surah As-Saaffat, Verse 141
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ
(එසේ ඔවුන් මොහුව වීසි කළ විට), මාළුවෙකු ඔහුව ගිල දැමුවේය. ඒ අවස්ථාවේදී ඔහු (තමන්ට තමන්ම) නින්දා කර ගනිමින් සිටියේය
Surah As-Saaffat, Verse 142
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ
ඇත්තෙන්ම ඔහු (අපව) සුවිශුද්ධ කරමින්ම නොසිටියා නම්
Surah As-Saaffat, Verse 143
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
(පරලොවදී ඔහුව) නැගිට්ටවනු ලබන දින (පැමිණෙන) තුරු ඔහු උගේ කුසෙහි රැඳී සිටින්නට ඉඩ තිබුණි
Surah As-Saaffat, Verse 144
۞فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ
(ඔහු සුවිශුද්ධ කරමින් සිටි හේතුවෙන්) එළිමහන් භූමියක (මාළුවාගේ බඩෙන්) ඔහුව අපි එළියට හෙළන්නට සැලැස්සුවෙමු. ඒ අවස්ථාවේදී ඔහු නම්, ඉතාමත් වෙහෙසට පත්ව සිටියේය
Surah As-Saaffat, Verse 145
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ
එබැවින් ඔහු (ට සෙවණ ලබා දීම) සඳහා ලබු වැළක් වැවෙන්නට සැලැස්සුවෙමු
Surah As-Saaffat, Verse 146
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ
පසුව අපි ඔහුව සියක් දහසක්, නැතහොත් ඊටත් වඩා වැඩි සංඛ්‍යාවක් මිනිසුන් වෙත (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු
Surah As-Saaffat, Verse 147
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
ඔවුන් (සියල්ලන්ම) විශ්වාස කළහ. එබැවින් අපිත් ඔවුන්ව එක් (දීර්ඝ) කාලයක් දක්වා සුවසේ ජීවත් වීමට සැලැස්සුවෙමු
Surah As-Saaffat, Verse 148
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ
(නබියේ!) ඔබ ඔවුන්ගෙන් විමසනු: (ඔවුන් පිළිකුල් කරන ගැහැණු දරුවන්ව ඔබගේ දෙවියන්ටද, ඔවුන්ට පිරිමි දරුවන්වද, (මනක්කල්පිත කරන්නෙහුද)
Surah As-Saaffat, Verse 149
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَـٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ
නැතහොත් අපි මලායිකාවරුන්ව ගැහැනුන් වශයෙන් නිර්මාණය කළාය (යයි කියනවා නොවෙද?) ඔවුන් එය බලාගෙන සිටියෙහුද
Surah As-Saaffat, Verse 150
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ
නියත වශයෙන්ම ඔවුන් බොරුවට මනක්කල්පිත කර ගොතා පවසන්නක් යන්න ඔබ දැන ගනු (මැනව)
Surah As-Saaffat, Verse 151
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
“අල්ලාහ් (දරුවන්) ප්‍රසූත කළේය” යයි පැවසීම නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින්ය
Surah As-Saaffat, Verse 152
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ
(එයිනුත්) පිරිමි (දරුවන්ට) වඩා ගැහැනු (දරුවන්වද, ඔහු තෝරා ගත්තේ)
Surah As-Saaffat, Verse 153
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
(මෙසේ පැවසීමට) ඔබට කුමන (සාධාරණයක් නම් ඇත්තේද?) කුමක් නිසා ඔබ මෙසේ (බොරු) කියන්නෙහුද
Surah As-Saaffat, Verse 154
أَفَلَا تَذَكَّرُونَ
ඔබ (මෙය අවධානය කර) සිතා බැලිය යුතු නොවේද
Surah As-Saaffat, Verse 155
أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ
නැතහොත් ඔබට (මේ වෙනුවෙන් යම්කිසි) පැහැදිලි සාක්ෂීන් මොකුත් ඇත්තේද
Surah As-Saaffat, Verse 156
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
(එසේ) ඔබ (පැවසීමෙහි) ඇත්ත කියන්නන් වශයෙන් සිටින්නෙහු නම්, (එයට) ඔබගේ ධර්ම (සාධකයක්) ගෙන එනු
Surah As-Saaffat, Verse 157
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ
(නබියේ!) මොවුන් ඔහුටත්, ජින්වරුන්ටත් අතරේ ඥාති බන්ධනයක් ගැන මනක්කල්පිත කරන්නාහ. නමුත් ජින්වරුන් නම්, (තමන් වැරදි කළහොත් දඬුවම සඳහා) නියත වශයෙන්ම (අල්ලාහ් වෙත) ගෙන එනු ලබන්නාහ යයි ඔවුන් දැනගෙන සිටින්නාහ
Surah As-Saaffat, Verse 158
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
ඔවුන් පවසන මෙම වර්ණාවන්ගෙන් අල්ලාහ් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි
Surah As-Saaffat, Verse 159
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
පිරිසිදු සිතුවිල්ලෙන් පිරි අල්ලාහ්ගේ වහලූන් හැර, (අන් අය දඬුවම සඳහා දෙවියන් ඉදිරියට පමුණුවනු ලබන්නාහ)
Surah As-Saaffat, Verse 160
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ
(නබියේ! ඔබ මෙසේ පවසනු): “නියත වශයෙන්ම ඔබත්, ඔබ නමදින (ජින්වරුන් වන) මේවාද
Surah As-Saaffat, Verse 161
مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ
(එකට එක්කාසු වූවද, කිසිවෙකුත් අල්ලාහ් වන) ඔහුට එරෙහිව ඔබව කළඹා දැමිය නොහැකිය
Surah As-Saaffat, Verse 162
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ
නිරයට යා හැකි අය හැර”
Surah As-Saaffat, Verse 163
وَمَامِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
(මලායිකාවරුන් මෙසේ පවසන්නාහ): “අපගෙන් සෑම කෙනෙකුටම නියමිත තැනක් ඇත
Surah As-Saaffat, Verse 164
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
නියත වශයෙන්ම අපි (නියෝගය ඉටු කිරීමට අල්ලාහ්ගේ අණ බලාපොරොත්තුවෙන්) කණ්ඩායම් (වශයෙන්) පෙළ ගැසී සිටින්නෙමු
Surah As-Saaffat, Verse 165
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
නියත වශයෙන්ම අපි (ඔහුව) ප්‍රශංසා කර, සුවි ශුද්ධ කරමින්ම සිටින්නෙමු”
Surah As-Saaffat, Verse 166
وَإِن كَانُواْ لَيَقُولُونَ
(නබියේ! මීට පෙර මක්කාවාසීන් වන) ඔවුන් මෙසේ පවසමින් සිටියහ
Surah As-Saaffat, Verse 167
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
“පෙර විසූ අයගෙන් (දෙවියන්ව) මතක් කරන යම්කිසි ධර්මයක් අපි ලබා තිබුනේ නම්
Surah As-Saaffat, Verse 168
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නියත වශයෙන්ම අපි අල්ලාහ්ගේ ශුද්ධ වූ වහලූන් බවට පත්ව සිට ඇත්තෙමු” (යයි පැවසූහ)
Surah As-Saaffat, Verse 169
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ
(එහෙත් මෙසේ පවසමින් සිටි මොවුන් වෙත මෙම ධර්මය පැමිණි විට), එය මොවුන් ප්‍රතික්ෂේප කරන්නාහ. ඉතාමත් ඉක්මනින් (මෙහි ඵලවිපාක) මොවුන් දැන ගනු ඇත
Surah As-Saaffat, Verse 170
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
(අපගේ) දුතයින් වන අපගේ වහලූන්ට කලින්ම අපගේ පොරොන්දුව නියත වශයෙන්ම ඇති වී ගියේය
Surah As-Saaffat, Verse 171
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
ඔවුන්ට උදව් කරනු ලැබීම නියතයි
Surah As-Saaffat, Verse 172
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
අපගේ යුද සේනාවන් (වන විශ්වාසවන්තයින්ම) ජයග්‍රහණය කරන්නාහ
Surah As-Saaffat, Verse 173
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
එබැවින් (නබියේ!) ටික කලක් දක්වා ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමා සිටිනු
Surah As-Saaffat, Verse 174
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
(ඔවුන් කෙසේ නම් දඬුවමට ලක් වන්නාහ යන්න දැන ගැනීමට) ඔවුන්ව බලාගෙන සිටිනු. ඉතා ඉක්මනින් ඔවුන්ද (එය) දැක ගනු ඇත
Surah As-Saaffat, Verse 175
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
(කිමෙක්ද!) අපගේ දඬුවම වෙනුවෙන්ද මොවුන් මෙතරම් ඉක්මන් වන්නේ
Surah As-Saaffat, Verse 176
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
(අපගේ දඬුවම) ඔවුන් මධ්‍යයට පහළ වන විට, බිය ගන්වා අනතුරු අඟවන ලද ඔවුන්ගේ අලූයම් කාලය ඉතාමත් නපුරු වනු ඇත
Surah As-Saaffat, Verse 177
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
(නබියේ!) ඔවුන්ව ඔබ ටික කලක් ප්‍රතික්ෂේප කර දමා සිටිනු
Surah As-Saaffat, Verse 178
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
(ඔවුන්ට දඬුවම පැමිණීම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔවුන්ද (එය) නියත වශයෙන්ම දකිනු ඇත
Surah As-Saaffat, Verse 179
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
ඔවුන්ගේ (වැරදි) වර්ණනාවන්ගෙන් ගෞරවණීය ඔබගේ දෙවියන් ඉතාමත් පරිශුද්ධවන්තයෙකි
Surah As-Saaffat, Verse 180
وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ
(ඔහු විසින්) යවන ලද දූතයින් (සියල්ලන්) කෙරෙහිම (ඔහුගේ) ශාන්තිය හා සමාදානය අත් වේවා
Surah As-Saaffat, Verse 181
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
සියලූ ප්‍රශංසා ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, පරිපාලනය කරන්නා වූ අල්ලාහ්ටම අයිති දැයයි
Surah As-Saaffat, Verse 182