Surah As-Saaffat - Sinhala Translation by Www.islamhouse.com
وَٱلصَّـٰٓفَّـٰتِ صَفّٗا
පෙළින් පෙළට පෙළ ගැසී සිටින්නන්(මලක්වරු)මත දිවුරමින්
Surah As-Saaffat, Verse 1
فَٱلزَّـٰجِرَٰتِ زَجۡرٗا
තවද පසුපසින් මෙහෙයවා යන්නන් (මලක්වරු) මත දිවුරමින්
Surah As-Saaffat, Verse 2
فَٱلتَّـٰلِيَٰتِ ذِكۡرًا
තවද (අල්ලාහ්ගේ) දේව වදන් පාරායනය කරන්නන් මත දිවුරමින්
Surah As-Saaffat, Verse 3
إِنَّ إِلَٰهَكُمۡ لَوَٰحِدٞ
නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය
Surah As-Saaffat, Verse 4
رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا وَرَبُّ ٱلۡمَشَٰرِقِ
අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිරවල්හි ද හිමිපාණන්ය
Surah As-Saaffat, Verse 5
إِنَّا زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِزِينَةٍ ٱلۡكَوَاكِبِ
නියත වශයෙන්ම සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් අලංකාරවත් කළෙමු
Surah As-Saaffat, Verse 6
وَحِفۡظٗا مِّن كُلِّ شَيۡطَٰنٖ مَّارِدٖ
තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි
Surah As-Saaffat, Verse 7
لَّا يَسَّمَّعُونَ إِلَى ٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰ وَيُقۡذَفُونَ مِن كُلِّ جَانِبٖ
උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති
Surah As-Saaffat, Verse 8
دُحُورٗاۖ وَلَهُمۡ عَذَابٞ وَاصِبٌ
(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත
Surah As-Saaffat, Verse 9
إِلَّا مَنۡ خَطِفَ ٱلۡخَطۡفَةَ فَأَتۡبَعَهُۥ شِهَابٞ ثَاقِبٞ
(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි
Surah As-Saaffat, Verse 10
فَٱسۡتَفۡتِهِمۡ أَهُمۡ أَشَدُّ خَلۡقًا أَم مَّنۡ خَلَقۡنَآۚ إِنَّا خَلَقۡنَٰهُم مِّن طِينٖ لَّازِبِۭ
“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු
Surah As-Saaffat, Verse 11
بَلۡ عَجِبۡتَ وَيَسۡخَرُونَ
නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති
Surah As-Saaffat, Verse 12
وَإِذَا ذُكِّرُواْ لَا يَذۡكُرُونَ
තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති
Surah As-Saaffat, Verse 13
وَإِذَا رَأَوۡاْ ءَايَةٗ يَسۡتَسۡخِرُونَ
තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති
Surah As-Saaffat, Verse 14
وَقَالُوٓاْ إِنۡ هَٰذَآ إِلَّا سِحۡرٞ مُّبِينٌ
තවද ඔවුහු මෙසේ පවසා සිටියහ. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”
Surah As-Saaffat, Verse 15
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ
“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”
Surah As-Saaffat, Verse 16
أَوَءَابَآؤُنَا ٱلۡأَوَّلُونَ
“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”
Surah As-Saaffat, Verse 17
قُلۡ نَعَمۡ وَأَنتُمۡ دَٰخِرُونَ
“එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි ඔබ පවසනු
Surah As-Saaffat, Verse 18
فَإِنَّمَا هِيَ زَجۡرَةٞ وَٰحِدَةٞ فَإِذَا هُمۡ يَنظُرُونَ
නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති
Surah As-Saaffat, Verse 19
وَقَالُواْ يَٰوَيۡلَنَا هَٰذَا يَوۡمُ ٱلدِّينِ
තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති
Surah As-Saaffat, Verse 20
هَٰذَا يَوۡمُ ٱلۡفَصۡلِ ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ
“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ)
Surah As-Saaffat, Verse 21
۞ٱحۡشُرُواْ ٱلَّذِينَ ظَلَمُواْ وَأَزۡوَٰجَهُمۡ وَمَا كَانُواْ يَعۡبُدُونَ
අපරාධ කළවුන් හා ඔවුන්ගේ ජොඩු ද (අල්ලාහ්ගෙන් තොර ව) ඔවුන් ගැතිකම් කරමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරනු
Surah As-Saaffat, Verse 22
مِن دُونِ ٱللَّهِ فَٱهۡدُوهُمۡ إِلَىٰ صِرَٰطِ ٱلۡجَحِيمِ
(අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු
Surah As-Saaffat, Verse 23
وَقِفُوهُمۡۖ إِنَّهُم مَّسۡـُٔولُونَ
තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය
Surah As-Saaffat, Verse 24
مَا لَكُمۡ لَا تَنَاصَرُونَ
නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් කර නොගන්නෙහුය
Surah As-Saaffat, Verse 25
بَلۡ هُمُ ٱلۡيَوۡمَ مُسۡتَسۡلِمُونَ
එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය
Surah As-Saaffat, Verse 26
وَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති
Surah As-Saaffat, Verse 27
قَالُوٓاْ إِنَّكُمۡ كُنتُمۡ تَأۡتُونَنَا عَنِ ٱلۡيَمِينِ
නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියහ
Surah As-Saaffat, Verse 28
قَالُواْ بَل لَّمۡ تَكُونُواْ مُؤۡمِنِينَ
“එසේ නොව නුඹලා දෙවියන් විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියහ
Surah As-Saaffat, Verse 29
وَمَا كَانَ لَنَا عَلَيۡكُم مِّن سُلۡطَٰنِۭۖ بَلۡ كُنتُمۡ قَوۡمٗا طَٰغِينَ
නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ
Surah As-Saaffat, Verse 30
فَحَقَّ عَلَيۡنَا قَوۡلُ رَبِّنَآۖ إِنَّا لَذَآئِقُونَ
එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු
Surah As-Saaffat, Verse 31
فَأَغۡوَيۡنَٰكُمۡ إِنَّا كُنَّا غَٰوِينَ
එහෙයින් අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු
Surah As-Saaffat, Verse 32
فَإِنَّهُمۡ يَوۡمَئِذٖ فِي ٱلۡعَذَابِ مُشۡتَرِكُونَ
එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති
Surah As-Saaffat, Verse 33
إِنَّا كَذَٰلِكَ نَفۡعَلُ بِٱلۡمُجۡرِمِينَ
නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය
Surah As-Saaffat, Verse 34
إِنَّهُمۡ كَانُوٓاْ إِذَا قِيلَ لَهُمۡ لَآ إِلَٰهَ إِلَّا ٱللَّهُ يَسۡتَكۡبِرُونَ
“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියහ
Surah As-Saaffat, Verse 35
وَيَقُولُونَ أَئِنَّا لَتَارِكُوٓاْ ءَالِهَتِنَا لِشَاعِرٖ مَّجۡنُونِۭ
තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති
Surah As-Saaffat, Verse 36
بَلۡ جَآءَ بِٱلۡحَقِّ وَصَدَّقَ ٱلۡمُرۡسَلِينَ
නමුත් ඔහු (මුහම්මද්) සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) දහම් දූතයින් සත්‍යය කළේය
Surah As-Saaffat, Verse 37
إِنَّكُمۡ لَذَآئِقُواْ ٱلۡعَذَابِ ٱلۡأَلِيمِ
නියත වශයෙන්ම (අෂිශ්ට ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය
Surah As-Saaffat, Verse 38
وَمَا تُجۡزَوۡنَ إِلَّا مَا كُنتُمۡ تَعۡمَلُونَ
නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල දෙනු නොලබනු ඇත
Surah As-Saaffat, Verse 39
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර
Surah As-Saaffat, Verse 40
أُوْلَـٰٓئِكَ لَهُمۡ رِزۡقٞ مَّعۡلُومٞ
තමන්ට නියම කරන ලද පෝෂණය ඇත්තෝ ඔවුහුමය
Surah As-Saaffat, Verse 41
فَوَٰكِهُ وَهُم مُّكۡرَمُونَ
පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය
Surah As-Saaffat, Verse 42
فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ
(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි (සිටිති)
Surah As-Saaffat, Verse 43
عَلَىٰ سُرُرٖ مُّتَقَٰبِلِينَ
යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති
Surah As-Saaffat, Verse 44
يُطَافُ عَلَيۡهِم بِكَأۡسٖ مِّن مَّعِينِۭ
(සුරා)උල්පතින් වූ කුසලාන (ජලබඳුන්) ඔවුන් වටා යවනු ලැබේ
Surah As-Saaffat, Verse 45
بَيۡضَآءَ لَذَّةٖ لِّلشَّـٰرِبِينَ
එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය
Surah As-Saaffat, Verse 46
لَا فِيهَا غَوۡلٞ وَلَا هُمۡ عَنۡهَا يُنزَفُونَ
එහි (සිහිවිකල් වන ආකාරයේ) උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් (මෙලොව මත්පැන් පානය මෙන් නොව) මත් බවට පත් කරනු ලබන්නෝ නොවෙති
Surah As-Saaffat, Verse 47
وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ عِينٞ
තවද දමිත බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති
Surah As-Saaffat, Verse 48
كَأَنَّهُنَّ بَيۡضٞ مَّكۡنُونٞ
නියත වශයෙන්ම ඔවුන් (ලලනාවෝ) සඟවා තබනු ලැබූ බිත්තර මෙනි
Surah As-Saaffat, Verse 49
فَأَقۡبَلَ بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖ يَتَسَآءَلُونَ
ඔවුන් (සුවර්ග වැසියන්) එකිනෙකා (මෙලොව කටයුතු කළ ආකාරය) විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත
Surah As-Saaffat, Verse 50
قَالَ قَآئِلٞ مِّنۡهُمۡ إِنِّي كَانَ لِي قَرِينٞ
නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතුරින් ප්‍රකාශකයකු පවසනු ඇත
Surah As-Saaffat, Verse 51
يَقُولُ أَءِنَّكَ لَمِنَ ٱلۡمُصَدِّقِينَ
නියත වශයෙන්ම ඔබ සත්‍ය කරන්නන් අතුරින් දැ?යි ඔහු විමසයි
Surah As-Saaffat, Verse 52
أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَدِينُونَ
අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප විමසනු ලබන්නේ දැ?(යි ද ඔහු විමසයි)
Surah As-Saaffat, Verse 53
قَالَ هَلۡ أَنتُم مُّطَّلِعُونَ
නුඹලා එබී බැලිය යුත්තෝ දැයි ඔහු විමසයි
Surah As-Saaffat, Verse 54
فَٱطَّلَعَ فَرَءَاهُ فِي سَوَآءِ ٱلۡجَحِيمِ
එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත
Surah As-Saaffat, Verse 55
قَالَ تَٱللَّهِ إِن كِدتَّ لَتُرۡدِينِ
අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවැසුවේය
Surah As-Saaffat, Verse 56
وَلَوۡلَا نِعۡمَةُ رَبِّي لَكُنتُ مِنَ ٱلۡمُحۡضَرِينَ
මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතුරින් වෙමි
Surah As-Saaffat, Verse 57
أَفَمَا نَحۡنُ بِمَيِّتِينَ
එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද
Surah As-Saaffat, Verse 58
إِلَّا مَوۡتَتَنَا ٱلۡأُولَىٰ وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ
අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු
Surah As-Saaffat, Verse 59
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ
නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය
Surah As-Saaffat, Verse 60
لِمِثۡلِ هَٰذَا فَلۡيَعۡمَلِ ٱلۡعَٰمِلُونَ
මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා
Surah As-Saaffat, Verse 61
أَذَٰلِكَ خَيۡرٞ نُّزُلًا أَمۡ شَجَرَةُ ٱلزَّقُّومِ
සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද
Surah As-Saaffat, Verse 62
إِنَّا جَعَلۡنَٰهَا فِتۡنَةٗ لِّلظَّـٰلِمِينَ
නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු
Surah As-Saaffat, Verse 63
إِنَّهَا شَجَرَةٞ تَخۡرُجُ فِيٓ أَصۡلِ ٱلۡجَحِيمِ
නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි
Surah As-Saaffat, Verse 64
طَلۡعُهَا كَأَنَّهُۥ رُءُوسُ ٱلشَّيَٰطِينِ
එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි
Surah As-Saaffat, Verse 65
فَإِنَّهُمۡ لَأٓكِلُونَ مِنۡهَا فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ
එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කරන්නෝ වෙති. එවිට ඔවුහු එයින් කුසවල් පුරවාගන්නෝ වෙති
Surah As-Saaffat, Verse 66
ثُمَّ إِنَّ لَهُمۡ عَلَيۡهَا لَشَوۡبٗا مِّنۡ حَمِيمٖ
පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි (zසක්කූම් නම් කටු ගසින් අනුභව කළ පසු) ලෝ දියෙන් යුත් පානයක් ඇත
Surah As-Saaffat, Verse 67
ثُمَّ إِنَّ مَرۡجِعَهُمۡ لَإِلَى ٱلۡجَحِيمِ
පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය
Surah As-Saaffat, Verse 68
إِنَّهُمۡ أَلۡفَوۡاْ ءَابَآءَهُمۡ ضَآلِّينَ
නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය
Surah As-Saaffat, Verse 69
فَهُمۡ عَلَىٰٓ ءَاثَٰرِهِمۡ يُهۡرَعُونَ
එහෙත් ඔවුහු ඔවුන්ගේ සලකුණු මත යන්නට යුහුසුළු වෙති
Surah As-Saaffat, Verse 70
وَلَقَدۡ ضَلَّ قَبۡلَهُمۡ أَكۡثَرُ ٱلۡأَوَّلِينَ
ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය
Surah As-Saaffat, Verse 71
وَلَقَدۡ أَرۡسَلۡنَا فِيهِم مُّنذِرِينَ
තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු
Surah As-Saaffat, Verse 72
فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُنذَرِينَ
අවවාද කරනු ලැබූ (නමුත් ඒවා ඉවත දැමු)වන්ගේ අවසානය කෙසේ වූයේ දැයි මැනවින් බලනු
Surah As-Saaffat, Verse 73
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය)
Surah As-Saaffat, Verse 74
وَلَقَدۡ نَادَىٰنَا نُوحٞ فَلَنِعۡمَ ٱلۡمُجِيبُونَ
තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු
Surah As-Saaffat, Verse 75
وَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු
Surah As-Saaffat, Verse 76
وَجَعَلۡنَا ذُرِّيَّتَهُۥ هُمُ ٱلۡبَاقِينَ
තවද අපි ඔහුගේ පරපුර ඉතිරිවූවන් බවට පත් කළෙමු
Surah As-Saaffat, Verse 77
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද පසු පැමිණි පරපුර අතර ඔහුගේ (පැසසුම) පැතිරෙන්නට සැලැස්සුවෙමු
Surah As-Saaffat, Verse 78
سَلَٰمٌ عَلَىٰ نُوحٖ فِي ٱلۡعَٰلَمِينَ
ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා
Surah As-Saaffat, Verse 79
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
Surah As-Saaffat, Verse 80
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය
Surah As-Saaffat, Verse 81
ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ
පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු
Surah As-Saaffat, Verse 82
۞وَإِنَّ مِن شِيعَتِهِۦ لَإِبۡرَٰهِيمَ
තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්‍රාහීම්
Surah As-Saaffat, Verse 83
إِذۡ جَآءَ رَبَّهُۥ بِقَلۡبٖ سَلِيمٍ
සන්සුන් හදවතකින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු
Surah As-Saaffat, Verse 84
إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَاذَا تَعۡبُدُونَ
‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු
Surah As-Saaffat, Verse 85
أَئِفۡكًا ءَالِهَةٗ دُونَ ٱللَّهِ تُرِيدُونَ
“අල්ලාහ් හැර ව්‍යාජ දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”
Surah As-Saaffat, Verse 86
فَمَا ظَنُّكُم بِرَبِّ ٱلۡعَٰلَمِينَ
“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”
Surah As-Saaffat, Verse 87
فَنَظَرَ نَظۡرَةٗ فِي ٱلنُّجُومِ
එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා අතර මනා බැල්මකින් අධීක්ෂණයෙන් බැලුවේය
Surah As-Saaffat, Verse 88
فَقَالَ إِنِّي سَقِيمٞ
එවිට (ඔවුන්ගේ උත්සවයට සහභාගි වීම වළක්වනු පිණිස) ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය
Surah As-Saaffat, Verse 89
فَتَوَلَّوۡاْ عَنۡهُ مُدۡبِرِينَ
එවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහය) පිටුපාන්නන් ලෙසින් ඔහු වෙතින් හැරී ගියෝය
Surah As-Saaffat, Verse 90
فَرَاغَ إِلَىٰٓ ءَالِهَتِهِمۡ فَقَالَ أَلَا تَأۡكُلُونَ
පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නේ කුමක් නිසාද?” යැයි විමසා සිටියේය
Surah As-Saaffat, Verse 91
مَا لَكُمۡ لَا تَنطِقُونَ
“නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?“
Surah As-Saaffat, Verse 92
فَرَاغَ عَلَيۡهِمۡ ضَرۡبَۢا بِٱلۡيَمِينِ
පසු ව ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය
Surah As-Saaffat, Verse 93
فَأَقۡبَلُوٓاْ إِلَيۡهِ يَزِفُّونَ
ඔවුහු (ඉබ්රාහීම් වෙත) වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට පැමිණියෝය
Surah As-Saaffat, Verse 94
قَالَ أَتَعۡبُدُونَ مَا تَنۡحِتُونَ
“නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය
Surah As-Saaffat, Verse 95
وَٱللَّهُ خَلَقَكُمۡ وَمَا تَعۡمَلُونَ
“තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මැව්වේය.“
Surah As-Saaffat, Verse 96
قَالُواْ ٱبۡنُواْ لَهُۥ بُنۡيَٰنٗا فَأَلۡقُوهُ فِي ٱلۡجَحِيمِ
“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ
Surah As-Saaffat, Verse 97
فَأَرَادُواْ بِهِۦ كَيۡدٗا فَجَعَلۡنَٰهُمُ ٱلۡأَسۡفَلِينَ
එවිට ඔවුහු ඔහුට (ඉබ්‍රාහීම් ට) කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු
Surah As-Saaffat, Verse 98
وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهۡدِينِ
“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” (ගින්නෙන් මිදුනු) ඔහු පැවසුවේය
Surah As-Saaffat, Verse 99
رَبِّ هَبۡ لِي مِنَ ٱلصَّـٰلِحِينَ
මාගේ පරමාධිපතියාණෙනි! මා හට දැහැමියන් අතුරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්‍රාහීම් පැවසුවේය)
Surah As-Saaffat, Verse 100
فَبَشَّرۡنَٰهُ بِغُلَٰمٍ حَلِيمٖ
එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දුන්නෙමු
Surah As-Saaffat, Verse 101
فَلَمَّا بَلَغَ مَعَهُ ٱلسَّعۡيَ قَالَ يَٰبُنَيَّ إِنِّيٓ أَرَىٰ فِي ٱلۡمَنَامِ أَنِّيٓ أَذۡبَحُكَ فَٱنظُرۡ مَاذَا تَرَىٰۚ قَالَ يَـٰٓأَبَتِ ٱفۡعَلۡ مَا تُؤۡمَرُۖ سَتَجِدُنِيٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّـٰبِرِينَ
ඔහු (ඉබ්රාහීම්) සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණෙනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය
Surah As-Saaffat, Verse 102
فَلَمَّآ أَسۡلَمَا وَتَلَّهُۥ لِلۡجَبِينِ
පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්‍රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය
Surah As-Saaffat, Verse 103
وَنَٰدَيۡنَٰهُ أَن يَـٰٓإِبۡرَٰهِيمُ
තවද ‘අහෝ ඉබ්‍රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු
Surah As-Saaffat, Verse 104
قَدۡ صَدَّقۡتَ ٱلرُّءۡيَآۚ إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ
Surah As-Saaffat, Verse 105
إِنَّ هَٰذَا لَهُوَ ٱلۡبَلَـٰٓؤُاْ ٱلۡمُبِينُ
නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය
Surah As-Saaffat, Verse 106
وَفَدَيۡنَٰهُ بِذِبۡحٍ عَظِيمٖ
මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු
Surah As-Saaffat, Verse 107
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු
Surah As-Saaffat, Verse 108
سَلَٰمٌ عَلَىٰٓ إِبۡرَٰهِيمَ
“ඉබ්‍රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”
Surah As-Saaffat, Verse 109
كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
Surah As-Saaffat, Verse 110
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය
Surah As-Saaffat, Verse 111
وَبَشَّرۡنَٰهُ بِإِسۡحَٰقَ نَبِيّٗا مِّنَ ٱلصَّـٰلِحِينَ
තවද අපි දැහැමියන් අතුරින් නබිවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු
Surah As-Saaffat, Verse 112
وَبَٰرَكۡنَا عَلَيۡهِ وَعَلَىٰٓ إِسۡحَٰقَۚ وَمِن ذُرِّيَّتِهِمَا مُحۡسِنٞ وَظَالِمٞ لِّنَفۡسِهِۦ مُبِينٞ
තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය
Surah As-Saaffat, Verse 113
وَلَقَدۡ مَنَنَّا عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු
Surah As-Saaffat, Verse 114
وَنَجَّيۡنَٰهُمَا وَقَوۡمَهُمَا مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ
තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු
Surah As-Saaffat, Verse 115
وَنَصَرۡنَٰهُمۡ فَكَانُواْ هُمُ ٱلۡغَٰلِبِينَ
තවද අපි ඔවුනට (මූසා,හාරූන් හා ඔවුන්ගේ සමාජයට) උදව් කළෙමු. එහෙයින් ඔවුහු අබිබවා යන්නන් වූහ
Surah As-Saaffat, Verse 116
وَءَاتَيۡنَٰهُمَا ٱلۡكِتَٰبَ ٱلۡمُسۡتَبِينَ
තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු
Surah As-Saaffat, Verse 117
وَهَدَيۡنَٰهُمَا ٱلصِّرَٰطَ ٱلۡمُسۡتَقِيمَ
තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට (මූසා සහ හාරූන්) මග පෙන්වූයෙමු
Surah As-Saaffat, Verse 118
وَتَرَكۡنَا عَلَيۡهِمَا فِي ٱلۡأٓخِرِينَ
තවද සෙස්සන් අතර ඔවුන් දෙදෙනා(ගේ පැසසුම) අපි පැතිරෙන්නට සැළැස්සුවෙමු
Surah As-Saaffat, Verse 119
سَلَٰمٌ عَلَىٰ مُوسَىٰ وَهَٰرُونَ
තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා
Surah As-Saaffat, Verse 120
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය
Surah As-Saaffat, Verse 121
إِنَّهُمَا مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙති
Surah As-Saaffat, Verse 122
وَإِنَّ إِلۡيَاسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම ඉල්යාස් දහම් දූතයින් අතුරිනි
Surah As-Saaffat, Verse 123
إِذۡ قَالَ لِقَوۡمِهِۦٓ أَلَا تَتَّقُونَ
“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු
Surah As-Saaffat, Verse 124
أَتَدۡعُونَ بَعۡلٗا وَتَذَرُونَ أَحۡسَنَ ٱلۡخَٰلِقِينَ
“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටතයා අතහැර දමා නුඹලා (බඅල් නම්) වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද
Surah As-Saaffat, Verse 125
ٱللَّهَ رَبَّكُمۡ وَرَبَّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ
ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය
Surah As-Saaffat, Verse 126
فَكَذَّبُوهُ فَإِنَّهُمۡ لَمُحۡضَرُونَ
නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වූහ
Surah As-Saaffat, Verse 127
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර ( අවංක ගැත්තන්ට යහපත් ප්‍රතිඵල ලබා දෙනු ලැබේ)
Surah As-Saaffat, Verse 128
وَتَرَكۡنَا عَلَيۡهِ فِي ٱلۡأٓخِرِينَ
තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු
Surah As-Saaffat, Verse 129
سَلَٰمٌ عَلَىٰٓ إِلۡ يَاسِينَ
ඉල්යාස් වෙත ශාන්තිය අත්වේවා
Surah As-Saaffat, Verse 130
إِنَّا كَذَٰلِكَ نَجۡزِي ٱلۡمُحۡسِنِينَ
නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය
Surah As-Saaffat, Verse 131
إِنَّهُۥ مِنۡ عِبَادِنَا ٱلۡمُؤۡمِنِينَ
නියත වශයෙන්ම ඔහු (ඉල්යාස්) දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙයි
Surah As-Saaffat, Verse 132
وَإِنَّ لُوطٗا لَّمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම ලූත් දහම් දූතයින් අතුරිනි
Surah As-Saaffat, Verse 133
إِذۡ نَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥٓ أَجۡمَعِينَ
ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු
Surah As-Saaffat, Verse 134
إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ
ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය)
Surah As-Saaffat, Verse 135
ثُمَّ دَمَّرۡنَا ٱلۡأٓخَرِينَ
පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු
Surah As-Saaffat, Verse 136
وَإِنَّكُمۡ لَتَمُرُّونَ عَلَيۡهِم مُّصۡبِحِينَ
තවද නියත වශයෙන්ම නුඹලා (මක්කාපුර වැසියෙනි) උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය
Surah As-Saaffat, Verse 137
وَبِٱلَّيۡلِۚ أَفَلَا تَعۡقِلُونَ
රාත්‍රියෙහි ද (ඔවුන්ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන පසුකර ගමන් ගන්නෙහුය) එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද
Surah As-Saaffat, Verse 138
وَإِنَّ يُونُسَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ
තවද නියත වශයෙන්ම යූනුස් දහම් දූතයින් අතුරිනි
Surah As-Saaffat, Verse 139
إِذۡ أَبَقَ إِلَى ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ
පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු
Surah As-Saaffat, Verse 140
فَسَاهَمَ فَكَانَ مِنَ ٱلۡمُدۡحَضِينَ
එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය
Surah As-Saaffat, Verse 141
فَٱلۡتَقَمَهُ ٱلۡحُوتُ وَهُوَ مُلِيمٞ
පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය
Surah As-Saaffat, Verse 142
فَلَوۡلَآ أَنَّهُۥ كَانَ مِنَ ٱلۡمُسَبِّحِينَ
නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතුරින් කෙනෙකු නොවී නම්
Surah As-Saaffat, Verse 143
لَلَبِثَ فِي بَطۡنِهِۦٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි
Surah As-Saaffat, Verse 144
۞فَنَبَذۡنَٰهُ بِٱلۡعَرَآءِ وَهُوَ سَقِيمٞ
එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු
Surah As-Saaffat, Verse 145
وَأَنۢبَتۡنَا عَلَيۡهِ شَجَرَةٗ مِّن يَقۡطِينٖ
තවද අපි ඒ මත වැල් වලින් යුත් (ලබු වැනි) ගසක් හට ගැන්වූයෙමු
Surah As-Saaffat, Verse 146
وَأَرۡسَلۡنَٰهُ إِلَىٰ مِاْئَةِ أَلۡفٍ أَوۡ يَزِيدُونَ
තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත දහම් දූතයකු ලෙස එව්වෙමු
Surah As-Saaffat, Verse 147
فَـَٔامَنُواْ فَمَتَّعۡنَٰهُمۡ إِلَىٰ حِينٖ
එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු
Surah As-Saaffat, Verse 148
فَٱسۡتَفۡتِهِمۡ أَلِرَبِّكَ ٱلۡبَنَاتُ وَلَهُمُ ٱلۡبَنُونَ
නබිවරය ( අල්ලාහ්ට සමාන තබන ) ඔවුන්ගෙන් පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් දැයි ඔබ කරුණු විමසනු
Surah As-Saaffat, Verse 149
أَمۡ خَلَقۡنَا ٱلۡمَلَـٰٓئِكَةَ إِنَٰثٗا وَهُمۡ شَٰهِدُونَ
එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද
Surah As-Saaffat, Verse 150
أَلَآ إِنَّهُم مِّنۡ إِفۡكِهِمۡ لَيَقُولُونَ
දැනගනු. නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ
Surah As-Saaffat, Verse 151
وَلَدَ ٱللَّهُ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ
අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය
Surah As-Saaffat, Verse 152
أَصۡطَفَى ٱلۡبَنَاتِ عَلَى ٱلۡبَنِينَ
ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද
Surah As-Saaffat, Verse 153
مَا لَكُمۡ كَيۡفَ تَحۡكُمُونَ
නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද
Surah As-Saaffat, Verse 154
أَفَلَا تَذَكَّرُونَ
නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද
Surah As-Saaffat, Verse 155
أَمۡ لَكُمۡ سُلۡطَٰنٞ مُّبِينٞ
නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද
Surah As-Saaffat, Verse 156
فَأۡتُواْ بِكِتَٰبِكُمۡ إِن كُنتُمۡ صَٰدِقِينَ
එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ (බල සහිත) පුස්තකය ගෙන එනු
Surah As-Saaffat, Verse 157
وَجَعَلُواْ بَيۡنَهُۥ وَبَيۡنَ ٱلۡجِنَّةِ نَسَبٗاۚ وَلَقَدۡ عَلِمَتِ ٱلۡجِنَّةُ إِنَّهُمۡ لَمُحۡضَرُونَ
තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය
Surah As-Saaffat, Verse 158
سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ
ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය
Surah As-Saaffat, Verse 159
إِلَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර (සියලු දෙනා දඬුවමට ලක්වෙති)
Surah As-Saaffat, Verse 160
فَإِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ
එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ
Surah As-Saaffat, Verse 161
مَآ أَنتُمۡ عَلَيۡهِ بِفَٰتِنِينَ
ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස (ආදේශ කරන්නන් වන) නුඹලා නැත
Surah As-Saaffat, Verse 162
إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ
නිරා ගින්නට පිවිසීමට කළින් නියම කරනු ලැබුවන් හැර (අල්ලාහ්ගේ යහපත් ගැත්තන් නිරයට නොපිවිසෙති)
Surah As-Saaffat, Verse 163
وَمَامِنَّآ إِلَّا لَهُۥ مَقَامٞ مَّعۡلُومٞ
නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත
Surah As-Saaffat, Verse 164
وَإِنَّا لَنَحۡنُ ٱلصَّآفُّونَ
තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ
Surah As-Saaffat, Verse 165
وَإِنَّا لَنَحۡنُ ٱلۡمُسَبِّحُونَ
තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ
Surah As-Saaffat, Verse 166
وَإِن كَانُواْ لَيَقُولُونَ
(මෙසේ) ඔවුහු පවසමින් සිටියෝය
Surah As-Saaffat, Verse 167
لَوۡ أَنَّ عِندَنَا ذِكۡرٗا مِّنَ ٱلۡأَوَّلِينَ
(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්
Surah As-Saaffat, Verse 168
لَكُنَّا عِبَادَ ٱللَّهِ ٱلۡمُخۡلَصِينَ
සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය)
Surah As-Saaffat, Verse 169
فَكَفَرُواْ بِهِۦۖ فَسَوۡفَ يَعۡلَمُونَ
නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත
Surah As-Saaffat, Verse 170
وَلَقَدۡ سَبَقَتۡ كَلِمَتُنَا لِعِبَادِنَا ٱلۡمُرۡسَلِينَ
දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය
Surah As-Saaffat, Verse 171
إِنَّهُمۡ لَهُمُ ٱلۡمَنصُورُونَ
නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ
Surah As-Saaffat, Verse 172
وَإِنَّ جُندَنَا لَهُمُ ٱلۡغَٰلِبُونَ
තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ
Surah As-Saaffat, Verse 173
فَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
එහෙයින් ඔබ (රසූල්වරයාණෙනි) මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු
Surah As-Saaffat, Verse 174
وَأَبۡصِرۡهُمۡ فَسَوۡفَ يُبۡصِرُونَ
තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන් (ඔවුන්ගේ දඬුවම) මතු දකිනු ඇත
Surah As-Saaffat, Verse 175
أَفَبِعَذَابِنَا يَسۡتَعۡجِلُونَ
එහෙයින් අපගේ දඬුවම ද ඔවුන් (ආදේශ කරන්නන්) ඉක්මණින් පතනුයේ
Surah As-Saaffat, Verse 176
فَإِذَا نَزَلَ بِسَاحَتِهِمۡ فَسَآءَ صَبَاحُ ٱلۡمُنذَرِينَ
පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය
Surah As-Saaffat, Verse 177
وَتَوَلَّ عَنۡهُمۡ حَتَّىٰ حِينٖ
මද කලක් දක්වා ඔවුන්ගෙන් ඔබ ඉවත් ව සිටිනු
Surah As-Saaffat, Verse 178
وَأَبۡصِرۡ فَسَوۡفَ يُبۡصِرُونَ
තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන්(ගේ දඬුවම) මතු දකිනු ඇත
Surah As-Saaffat, Verse 179
سُبۡحَٰنَ رَبِّكَ رَبِّ ٱلۡعِزَّةِ عَمَّا يَصِفُونَ
ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය
Surah As-Saaffat, Verse 180
وَسَلَٰمٌ عَلَى ٱلۡمُرۡسَلِينَ
සියලුම දහම් දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා
Surah As-Saaffat, Verse 181
وَٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ
ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය
Surah As-Saaffat, Verse 182