Surah Sad - Sinhala Translation by Www.islamhouse.com
صٓۚ وَٱلۡقُرۡءَانِ ذِي ٱلذِّكۡرِ
සාද්, උපදෙස් සහිත අල් කුර්ආනය මත දිවුරමින්
Surah Sad, Verse 1
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ
නමුත් ප්‍රතික්ෂේප කළවුන් ගර්වයෙහි හා මතභේදයෙහිම සිටිති
Surah Sad, Verse 2
كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ
ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? එවිට ඔවුහු විලාප නැගුවෝය. (එය) පලා යන අවස්ථාවක් නොවීය
Surah Sad, Verse 3
وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ
ඔවුන් අතුරින්ම අවවාද කරන්නෙකු ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. මොහු මහා බොරුකාර හූනියම්කරුවකු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසීය
Surah Sad, Verse 4
أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ
දෙවිවරුන් එක් දෙවියකු බවට ඔහු පත් කළේ ද? නියත වශයෙන්ම මෙය පුදුම සහගත කරුණකි. (යැයි ඔවුහු විමසූහ)
Surah Sad, Verse 5
وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ
ඔවුන් අතර සිටි ප්‍රධානීහු “නුඹලා යනු. නුඹලාගේ දෙවිවරුන් මත ස්ථීර ව රැඳී සිටිනු. නියත වශයෙන්ම මෙය (අපගෙන්) අපේක්ෂා කරනු ලබන කරුණකි යැයි (පවසමින්) ගමන් කළහ
Surah Sad, Verse 6
مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ
අවසාන පිළිවෙත් තුළ මේ ගැන අප අසා නැත්තෙමු. මෙය ප්‍රබන්ධිත බොරුවක් මිස නැත.”
Surah Sad, Verse 7
أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ
“අප අතුරින් මෙම උපදෙස පහළ කරනු ලැබුවේ මොහු වෙත ද?” (යැයි ප්‍රතික්ෂේප කළවුන් විමසීය.) එසේ නොව ඔවුන් මාගේ උපදෙස ගැන සැකයෙහි වෙති. මක්නිසාද යත් ඔවුන් (මෙතෙක්) මාගේ දඬුවම විඳ නැත
Surah Sad, Verse 8
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ
එසේ නැතහොත් පරිත්‍යාගශීලී සර්වබලධාරී ඔබේ පරමාධිපතිගේ දයාවේ නිධන් ඔවුන් අබියස තිබේ ද
Surah Sad, Verse 9
أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ
එසේ නැතිනම් අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද ආධිපත්‍යය ඔවුන් සතු ද? එසේ නම් ඔවුහු (භෞතික) සාධකයන්හි නැග යත්වා
Surah Sad, Verse 10
جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ
මෙහි ඇති සේනාව ද පරාජයට පත් කරනු ලබන ඒකාබද්ධ සේනාවන් අතුරිනි
Surah Sad, Verse 11
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ
ඔවුනට පෙර නූහ්ගේ ජනයා ද ආද් සමූහයා ද රිටි සහිත ෆිර්අවුන් ද (දූතයින්ව) බොරු කළහ
Surah Sad, Verse 12
وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَـٰٓئِكَ ٱلۡأَحۡزَابُ
(එසේම) සමූද් ජනයා ද ලූත්ගේ ජනයා ද අයිකාවාසීන් ද බොරු කොළෝය. ඔවුහුමය (පරාජයට පත්කරනු ලැබූ) එම සේනා වනුයේ
Surah Sad, Verse 13
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ
(ඔවුන්) සියල්ල දහම් දූතයින් බොරු කළා මිස නැත. එහෙයින් මාගේ දඬුවම නියම විය
Surah Sad, Verse 14
وَمَا يَنظُرُ هَـٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ
එක් හඬක් මිස මොවුහු බලාපොරොත්තු නොවූහ. එයට කිසිදු හැරීබැලීමක් (හෝ ප්‍රමාදවීමක්) නැත
Surah Sad, Verse 15
وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ
අපගේ පරමාධිපතියාණෙනි! විනිශ්චය දිනට පෙර අපගේ කොටස අපහට ඉක්මන් කරනු මැනව! යැයි ඔවුහු පැවසූහ
Surah Sad, Verse 16
ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ
ඔවුන් පවසන දෑ මත ඔබ ඉවසා සිටිනු. තවද බලවත් අයකු වූ අපගේ ගැත්තා දාවූද් පිළිබඳ මෙනෙහි කරනු. නියත වශයෙන්ම ඔහු ( සමාව අයදිමින් අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකු විය
Surah Sad, Verse 17
إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ
ඔහු සමග සවස් කාලයේ සහ උදෑසන (අල්ලාහ්ගේ නාමය) සුවිශුද්ධ කරන කඳු ද
Surah Sad, Verse 18
وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ
(රංචු වශයෙන්) රැස් කරනු ලබන පක්ෂීන් ද අපි වසඟ කර දුනිමු. සියල්ල ඔහු වෙත නැවැත හැරී යති
Surah Sad, Verse 19
وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ
තවද අපි ඔහුගේ රාජ්‍යය බලවත් කළෙමු. තවද අපි ඔහුට ප්‍රඥාව හා (තීරණාත්මකව) කතා කිරීමේ පැහැදිලිතාව පිරිනැමුවෙමු
Surah Sad, Verse 20
۞وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ
ඔවුහු නැමදුම් ස්ථානය වෙත (බිත්තියෙන්) නැග පැමිණි අවස්ථාවේ එම වාදයේ පුවත ඔබ වෙත පැමිණියේ ද
Surah Sad, Verse 21
إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ
දාවූද් වෙත ඔවුහු පිවිසුණු විට ඔවුන් දැක ඔහු තැති ගත්තේය. “ඔබ බිය නොවනු. අපි නඩු සම්බන්ධයෙන් පාර්ශ්ව දෙකකින් සමන්විතයි. අපගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් සිදු කොට ඇත. එහෙයින් ඔබ යුක්ති ගරුක ව අප අතර තීන්දු දෙනු. තවද ඔබ අපක්ෂපාතී නොවනු. තවද අපව ඍජු මාර්ගය වෙත යොමු කරනු” යැයි ඔවුහු පැවසූහ
Surah Sad, Verse 22
إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ
“නියත වශයෙන්ම මොහු මාගේ සහෝදරයාය. ඔහුට බැටළු දෙනුන් අනූ නව දෙනෙකු ඇත. තවද මට එක් බැටළු දෙනකු පමණක් ඇත. තවද ‘එය ද මට පවරන්නැ’යි ඔහු පවසා සිටියි. කතාවෙහි ඔහු මා අබිබවා ගොස් ඇත
Surah Sad, Verse 23
قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّـٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩
දාවුද් මෙසේ පිළිතුරු දුන්නේය. ඔබේ බැටළු දෙන ඔහුගේ බැටළු දෙනුන් සමග එක් කරන මෙන් ඉල්ලා සිටීමෙන් ඔහු ඔබට අසාධාරණයක් කර ඇත. එකට එකතුවී ජීවත්වන ජනයාගෙන් බහුතරයක් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට අසාධාරණකම් කරති. නමුත් විශ්වාස කොට යහකම් කළවුන් හැර.” තවද ඔවුහු ස්වල්ප දෙනෙකි. (මෙසේ ප්‍රකාශ කරමින් සිටිනා අතර) සැබැවින්ම අපි ඔහු පරීක්ෂාවට ලක් කොට ඇතැයි දාවූද් වටහා ගත්තේය. එහෙයින් ඔහු ඔහුගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටියේය. තවද (සජදා කරමින්) නැමී බිම වැතිරුණේය. තවද ඔහු (පශ්චාතාපවී අල්ලාහ් වෙත) හැරුණේය
Surah Sad, Verse 24
فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
එහෙයින් අපි ඔහුට ඒ සඳහා සමාව දුනිමු. නියත වශයෙන්ම අප අබියස ඔහු වෙනුවෙන් සමීපතාවක් සහ අලංකාර හැරී පැමිණෙන තැනක් ඇත
Surah Sad, Verse 25
يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ
අහෝ දාවූද්! අපි ඔබ මහපොළොවේ නියෝජිතයකු බවට පත් කළෙමු. එහෙයින් ඔබ ජනයා අතර යුක්තිගරුක ව තීන්දු දෙනු. තවද ආශාවන් අනුගමනය නොකරනු. එවිට එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔබ නොමග යවනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ්ගේ මාර්ගයෙන් නොමග ගියවුන් වන ඔවුනට විනිශ්චය දිනය ඔවුන් අමතක කළ බැවින් දැඩි දඬුවමක් ඇත
Surah Sad, Verse 26
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ
අප විසින් මෙම අහස හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද නිෂ්ඵලයක් ලෙසින් මවා නැත. එය දෙවියන් ප්‍රතික්ෂේප කළවුන්ගේ සිතුවිල්ලයි. එහෙයින් දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට (නිරා) ගින්නෙන් වූ විනාශය අත්වේවා
Surah Sad, Verse 27
أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ
දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන්, මහපොළොවේ කලහකාරීන් මෙන් අපි සළකන්නෙමුද? එසේ නැතහොත් බිය බැතිමතුන් දුෂ්ටයින් මෙන් අපි සළකන්නෙමුද
Surah Sad, Verse 28
كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
(මෙය) ඔබ වෙත අපි පහළ කළ භාග්‍යමත් පුස්තකයයි. ඔවුන් එහි වදන් පරිශීලනය කරනු පිණිසත් බුද්ධිමතුන් (හොඳ) උපදෙස් ලැබීම පිණිසත් (අපි එය පහළ කළෙමු)
Surah Sad, Verse 29
وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ
තවද අපි දාවූද්ට සුලයිමාන් ව තිළිණයක් ලෙස පිරිනැමුවෙමු. එම ගැත්තා යහපත් විය. නියත වශයෙන්ම ඔහු ඉමහත් ලෙස (අල්ලාහ් වෙත) නැඹුරු වන්නෙකි
Surah Sad, Verse 30
إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّـٰفِنَٰتُ ٱلۡجِيَادُ
සවස් කාලයෙහි මනාව වැඩුණු අශ්වයින් ඔහු වෙත ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාව සිහිපත් කරනු
Surah Sad, Verse 31
فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ
එවිට “නියත වශයෙන්ම මා තිරය තුළ (ඒවා) සැඟ වී යනතෙක් මාගේ පරමාධිපතිව සිහි කිරීමෙන් තොරව මෙම වස්තුවට (බොහෝ සේ) ඇලුම් කර ඇතැයි මම සිතමි“ යැයි පැවසීය
Surah Sad, Verse 32
رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ
නුඹලා එය මා වෙත නැවත ගෙන එන්නැ යි පවසා ගෙලවල් හා වලලුකරද පිරිමදින්නට පටන් ගත්තේය
Surah Sad, Verse 33
وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ
තවද සැබැවින්ම අපි සුලයිමාන් පරීක්ෂාවට ලක් කළෙමු. තවද අපි ඔහුගේ ආසනය මත (මළ)සිරුරක් හෙළුවෙමු. පසු ව ඔහු නැවත යොමු විය
Surah Sad, Verse 34
قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ
මාගේ පරමාධිපතියාණෙනි! මට ඔබ සමාව දෙනු මැනව! තවද මගෙන් පසු ව කිසිවකුට අයිති නොවන පරිදි රාජ්‍යයක් මට පිරිනමනු මැනව! නියත වශයෙන්ම ඔබ මහා පරිත්‍යාගශීලීය
Surah Sad, Verse 35
فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ
එවිට අපි ඔහුට සුළඟ වසඟ කර දුන්නෙමු. ඔහු සිතූ පරිදි ඔහුගේ අණින් එය පහසුවෙන් හමා යයි
Surah Sad, Verse 36
وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ
තවද ගොඩනැගිලි ඉදි කරන එමෙන්ම කිමිද මුතු ගොඩගන්නා සියලු ෂෙයිතානුවන් හා
Surah Sad, Verse 37
وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ
යදම් තුළ බැඳ දමනු ලැබූ තවත් අය ද (අපි ඔහුට වසඟ කර දුනිමු)
Surah Sad, Verse 38
هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ
මෙය අපගේ ත්‍යාගයයි. එහෙයින් ඔබ කිසිදු විනිශ්චයක් නොවනු අයුරින් උපකාර කරනු, එසේ නැතහොත් රඳවා ගනු
Surah Sad, Verse 39
وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
තවද නියත වශයෙන්ම අප අබියස ඔහුට කිට්ටු සමීපතාවක් හා අලංකාර හැරී පැමිණෙන නවාතැන ඇත
Surah Sad, Verse 40
وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ
තවද අපගේ ගැත්තකු වූ අය්යූබ් ද ඔබ මෙනෙහි කර බලනු. ඔහු තම පරමාධිපති අමතා, “නියත වශයෙන්ම ෂෙයිතාන් උවදුරකින් හා වේදනාවකින් මා ස්පර්ශ කොට ඇත” යැයි පැවසීය
Surah Sad, Verse 41
ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ
අයියූබ් නබි අමතා අපි (අල්ලාහ්) මෙසේ පැවැසුවෙමු) “ඔබේ පාදය ගසනු. මෙය ස්නානය කරනු ලබන සිසිල් ස්ථානයකි. එමෙන්ම පානය කිරීමකි.”
Surah Sad, Verse 42
وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ
තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමග ඔවුන් වැන්නන්වද අපි පිරිනැමුවෙමු
Surah Sad, Verse 43
وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ
තවද ඔබ පිදුරු මිටියක් ඔබේ අතට ගෙන එමගින් ඔබ (ඔබේ බිරියට) ගසනු. තවද ඔබ ප්‍රතිඥා කඩ නොකරනු. නියත වශයෙන්ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන්ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස හැරෙන්නෙකි
Surah Sad, Verse 44
وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්‍රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳ ව ද මෙනෙහි කරනු
Surah Sad, Verse 45
إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ
මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන්ම අපි ඔවුන් විශේෂිත කළෙමු
Surah Sad, Verse 46
وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ
තවද නියත වශයෙන්ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතුරිනි
Surah Sad, Verse 47
وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ
තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ ව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන්ම විශිෂ්ටයින් අතුරිනි
Surah Sad, Verse 48
هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ
මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන්ම බිය බැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත
Surah Sad, Verse 49
جَنَّـٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ
එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදා (ස්වර්ග) උයන් වශයෙනි
Surah Sad, Verse 50
مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ
එහි ඔවුන් හාන්සි ව සිට අධික පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති
Surah Sad, Verse 51
۞وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ
සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති
Surah Sad, Verse 52
هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ
විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි (යැයි කියනු ලැබේ)
Surah Sad, Verse 53
إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ
නියත වශයෙන්ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි
Surah Sad, Verse 54
هَٰذَاۚ وَإِنَّ لِلطَّـٰغِينَ لَشَرَّ مَـَٔابٖ
(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි, තවද නියත වශයෙන්ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත
Surah Sad, Verse 55
جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ
එය නිරයයි. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් එම වාසස්ථානය නපුරු විය
Surah Sad, Verse 56
هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ
මෙය(සීමාව ඉක්මවූවන් සඳහා)ය. එහෙයින් ඔවුහු එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි)
Surah Sad, Verse 57
وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ
ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත
Surah Sad, Verse 58
هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ
මෙය නුඹලා සමග පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන්ම ඔවුන් නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති
Surah Sad, Verse 59
قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ
එසේ නොව, නුඹලාට කිසිදු පිළිගැනීමක් නැත. අප හට එය ඉදිරිපත් කළේ නුඹලාය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි (ඔවුන් පිළිපැද්දවුන් වන) ඔවුහු පවසති
Surah Sad, Verse 60
قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ
අපගේ පරමාධිපතියාණෙනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම දෙගුණයක් කොට අධිකව දෙන්නැයි ඔවුහු පවසති
Surah Sad, Verse 61
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ
නපුරන් අතුරින් යැයි අපි ඔවුන් ගණන් ගනිමින් සිටි මිනිසුන් අපහට දකින්නට නැත්තේ ඇයි දැයි ඔවුහු පවසති
Surah Sad, Verse 62
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ
අපි ඔවුන් සමච්චලයට ගත්තෙමු ද? එසේ නැතහොත් ඔවුන්ගෙන් (අපගේ) බැල්ම ඉවත් වූයේ ද
Surah Sad, Verse 63
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ
නියත වශයෙන්ම එය සැබෑවකි. එය නිරාවාසීන්ගේ වාදයයි
Surah Sad, Verse 64
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
“නියත වශයෙන්ම මම අවවාද කරන්නෙකු පමණි. තවද බල පරාක්‍රම ඒකීය වූ අල්ලාහ් හැර වෙනත් කිසිදු දෙවියකු නැත” යැයි ඔබ (නබිවරය) පවසනු
Surah Sad, Verse 65
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ
“ඔහු සර්ව බලධාරී, අතික්ෂමාශීලී, අහස්හි හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද පරමාධිපතිය.”
Surah Sad, Verse 66
قُلۡ هُوَ نَبَؤٌاْ عَظِيمٌ
“එය මහත් වූ පුවතකි.” යැයි ඔබ පවසනු
Surah Sad, Verse 67
أَنتُمۡ عَنۡهُ مُعۡرِضُونَ
“නුඹලා එය පිටුපාන්නෝය.”
Surah Sad, Verse 68
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ
“ඉහළ ප්‍රධානීන් තර්ක කරන විට ඔවුන් පිළිබඳ කිසිදු දැනුමක් මට නොවීය.”
Surah Sad, Verse 69
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
“නියත වශයෙන්ම මම පැහැදිලි අවවාද කරන්නකු පමණි යැයි මිස මා වෙත හෙළිදරව් කරනු නොලැබීය.”
Surah Sad, Verse 70
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ
නියත වශයෙන්ම මම මැටියෙන් වූ මිනිසෙකු මවන්නෙමි යැයි මලක්වරුන්ට ඔබේ පරමාධිපති පැවසූ අවස්ථාව සිහියට නගනු
Surah Sad, Verse 71
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
පසු ව මම ඔහු නිසි අයුරින් හැඩගස්වා මාගේ ආත්මයෙන් ඔහු තුළ පිඹූ විට නුඹලා ඔහුට සුජූද් (ආචාර) කරන්නන් ලෙස වැටෙනු. (යැයි අල්ලාහ් පැවැසුවේය)
Surah Sad, Verse 72
فَسَجَدَ ٱلۡمَلَـٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
එවිට මලක්වරුන් වන ඔවුන් සියල්ලෝම සුජූද් කළෝය
Surah Sad, Verse 73
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ
නමුත් ඉබ්ලීස් හැර. ඔහු උඩඟු විය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අතුරින් විය
Surah Sad, Verse 74
قَالَ يَـٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ
“අහෝ ඉබ්ලීස්! මාගේ දෑතින් මා මැවූ දෑට ඔබ සුජූද් කිරීමෙන් ඔබ ව වැළැක්වූයේ කුමක් ද? ඔබ උඩඟු වූයෙහි ද එසේ නැතහොත් උසස් අය අතුරින් වූයෙහි දැ”යි ඔහු(අල්ලාහ්) විමසීය
Surah Sad, Verse 75
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ
“මම ඔහුට වඩා ශ්‍රේෂ්ටය. ඔබ මා මවා ඇත්තේ ගින්නෙනි. තවද ඔබ ඔහු මවා ඇත්තේ මැටියෙනි” යැයි ඔහු පැවසීය
Surah Sad, Verse 76
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
“එසේ නම් ඔබ මෙයින් බැහැර වනු. නියත වශයෙන්ම ඔබ පලවා හරිනු ලැබූවෙකි
Surah Sad, Verse 77
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
තවද නියත වශයෙන්ම විනිශ්චය දිනය දක්වා මාගේ ශාපය ඔබට එරෙහි ව පවතී” යැයි ඔහු (අල්ලාහ්) පැවසීය
Surah Sad, Verse 78
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
“මාගේ පරමාධිපතියාණෙනි! එසේ නම් ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය දක්වා මට කල් දෙනු” යැයි ඔහු පැවසීය
Surah Sad, Verse 79
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එසේ නම් කල් දෙනූ ලැබූවන් අතුරින් ඔබ වන්නෙහිය යැයි ඔහු(අල්ලාහ්) පැවසීය
Surah Sad, Verse 80
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
නියමිත වේලාවේ දිනය දක්වා
Surah Sad, Verse 81
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
ඔබේ ගරුත්වයේ නාමයෙන් දිවුරමින්. සැබැවින්ම මම ඔවුන් සියල්ල නොමග යවමි
Surah Sad, Verse 82
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
නමුත් ඔවුන් අතුරින් වූ ඔබේ අවංක ගැත්තන් හැර
Surah Sad, Verse 83
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ
එසේ නම් එය සත්‍යයකි. තවද මම සත්‍යයම පවසමි යැයි ඔහු (අල්ලාහ්) පැවසීය
Surah Sad, Verse 84
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ
ඔබ හා ඔවුන් අතුරින් ඔබ ව අනුගමනය කළ සියලු දෙනාගෙන් මම නිරය පුරවමි
Surah Sad, Verse 85
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ
“ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නුඹලාගෙන් නොඉල්ලමි. තවද මම ස්ව කැමැත්ත පරිදි ප්‍රකාශ කරන්නන් අතුරින් ද නොවෙමි” යැයි (නබිවරය) ඔබ පවසනු
Surah Sad, Verse 86
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
“එය (අල්කුර්ආනය) ලෝවැසියන්ට මෙනෙහි කිරීමක් මිස නැත.”
Surah Sad, Verse 87
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ
“තවද ටික කලකට පසු ව එහි පුවත සැබැවින්ම නුඹලා දැන ගනු ඇත.”
Surah Sad, Verse 88