Surah Sad - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
صٓۚ وَٱلۡقُرۡءَانِ ذِي ٱلذِّكۡرِ
සාද්. (හොඳ ඔවදනින් හා) මතක් කිරීම් වලින් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම! (මෙය අප විසින් පහළ කරන ලදී)
Surah Sad, Verse 1
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي عِزَّةٖ وَشِقَاقٖ
නමුත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් ඉමහත් වූ ක්‍රෝධයෙහිද, වෛරයෙහිද, (ගැලී) සිටින්නාහ
Surah Sad, Verse 2
كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّن قَرۡنٖ فَنَادَواْ وَّلَاتَ حِينَ مَنَاصٖ
මොවුන්ට පෙර (මේ අන්දමට සිටි) බොහොමයක් සමුහයන්ව අපි විනාශ කර ඇත්තෙමු. (දඬුවම පැමිණි අවස්ථාවේදී) ඔවුන් (සියල්ලන්ම උදව් උපකාර පතා) කෑ ගැසූහ. (එය දඬුවමෙන්) බේරෙන්නට හැකි කාලයක් වශයෙන් තිබුනේ නැත
Surah Sad, Verse 3
وَعَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡۖ وَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا سَٰحِرٞ كَذَّابٌ
(ඔවුන්ට) බිය ගන්වා අනතුරු ඇඟවිය හැකි දූතයෙකු (වන ඔබ) ඔවුන්ගේ (වාර්ගියන්)ගෙන්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුන් පුදුමයට පත් වී “මොහු බොරු කියන සූනියම්කාරයෙකි” යයි (ඔබ ගැන) මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ
Surah Sad, Verse 4
أَجَعَلَ ٱلۡأٓلِهَةَ إِلَٰهٗا وَٰحِدًاۖ إِنَّ هَٰذَا لَشَيۡءٌ عُجَابٞ
“කිමෙක්ද! මොහු (අපගේ) දෙවිවරුන් සියල්ල (ප්‍රතික්ෂේප කර දමා, නැමදුමට යුත්තා) එකම එක දෙවියෙකු බවට පත් කළෙහිද? ඇත්තෙන්ම මෙය එක් පුදුමාකාර කාරණාවකි” (යයි කියා)
Surah Sad, Verse 5
وَٱنطَلَقَ ٱلۡمَلَأُ مِنۡهُمۡ أَنِ ٱمۡشُواْ وَٱصۡبِرُواْ عَلَىٰٓ ءَالِهَتِكُمۡۖ إِنَّ هَٰذَا لَشَيۡءٞ يُرَادُ
ඔවුන්ගෙන් වූ ප්‍රධානීන් (අනිත් අයට “මොහුගෙන්) ඔබ ඈත් වී යනු. ඔබගේ දෙවිවරුන්ගෙන් ඔබ ස්ථීරව සිටිනු. (ඔබගේ දෙවිවරුන්ව අත්හැර දමන මෙන් පවසන) මෙම කාරණාව නියත වශයෙන්ම (ඔබට එරෙහිව වූ) අදහසක් වන්නේය” යයි (පවසමින්ම) ගියහ
Surah Sad, Verse 6
مَا سَمِعۡنَا بِهَٰذَا فِي ٱلۡمِلَّةِ ٱلۡأٓخِرَةِ إِنۡ هَٰذَآ إِلَّا ٱخۡتِلَٰقٌ
“පෙර විසූ සමූහයන්ගෙන්ද, මෙය අපට ආරංචි වී නැත. මෙය (මොහුගේ) නිර්මාණයක්ම මිස, වෙන කිසිවක් නොව”
Surah Sad, Verse 7
أَءُنزِلَ عَلَيۡهِ ٱلذِّكۡرُ مِنۢ بَيۡنِنَاۚ بَلۡ هُمۡ فِي شَكّٖ مِّن ذِكۡرِيۚ بَل لَّمَّا يَذُوقُواْ عَذَابِ
“අපගෙන් මොහුගේ නාමයෙන් (පමණක්)ද (ධර්ම) ඔවදන් පහළ කරනු ලැබුවේ?” යයිද (පැවසූහ). එසේ නොව. ඇත්තෙන්ම මොවුන් මගේ (ධර්මයෙහි) මතක් කිරීම ගැනම ඉමහත් වූ සැකයෙහි සිටින්නාහ. එසේය! මේ දක්වා ඔවුන් (මගේ) දඬුවම විඳ බැලූවේම නැත
Surah Sad, Verse 8
أَمۡ عِندَهُمۡ خَزَآئِنُ رَحۡمَةِ رَبِّكَ ٱلۡعَزِيزِ ٱلۡوَهَّابِ
(ධර්මෝපදේශයන් තමන් වෙත පහළ කළ යුතුය යයි මොවුන් පැවසීමට, සියල්ලන්ට) වඩා ඉමහත් වූ විශාල දානපතියා වන ඔබගේ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් පිරි නිධන් ඔවුන් වෙතම ඇත්තේද
Surah Sad, Verse 9
أَمۡ لَهُم مُّلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ فَلۡيَرۡتَقُواْ فِي ٱلۡأَسۡبَٰبِ
නැතහොත් අහස්හිද, භූමියෙහිද, මේවායේ මධ්‍යයෙහි ඇති දැයෙහිද රාජ්‍යය ඔවුන්ගේද? එසේ නම්, (දෙවියන් සමග යුද්ධ කිරීම සඳහා) ඔවුන් ඉනිමං තබා ඉහළට නැගිය යුතුය
Surah Sad, Verse 10
جُندٞ مَّا هُنَالِكَ مَهۡزُومٞ مِّنَ ٱلۡأَحۡزَابِ
මෙහි ඇති (මොවුන්ගේ) මිතුරු හමුදාවන් (විශාල සංඛ්‍යාවකින් වුවද, අන් අය මෙන්) පරාජය කරනු ලැබූ සමුහයක් බවටම පත් වන්නාහ
Surah Sad, Verse 11
كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَعَادٞ وَفِرۡعَوۡنُ ذُو ٱلۡأَوۡتَادِ
(මේ අන්දමටම) මොවුන්ට පෙර විසූ නූහුගේ ජනතාවද, ආද්ගේ ජනතාවද, (ආඩම්බරකාර) සේනාධිපති ෆිර්අව්න් ද, (අපගේ දූතයින්ව) බොරුකාරයින් කළහ
Surah Sad, Verse 12
وَثَمُودُ وَقَوۡمُ لُوطٖ وَأَصۡحَٰبُ لۡـَٔيۡكَةِۚ أُوْلَـٰٓئِكَ ٱلۡأَحۡزَابُ
(ඒ අන්දමටම) සමූද් ද, ලුත්ගේ ජනතාවද, (මදියාන්)වාසීන්ද, (බොරුකාරයින් කළහ). මොවුන්ම (පරාජය කරනු ලැබූ) එම සමූහයන්ය
Surah Sad, Verse 13
إِن كُلٌّ إِلَّا كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ عِقَابِ
මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයින් නොකර සිටියේ නැත. (එබැවින් ඔවුන්ට මගේ) දඬුවම නියම වී ගියේය
Surah Sad, Verse 14
وَمَا يَنظُرُ هَـٰٓؤُلَآءِ إِلَّا صَيۡحَةٗ وَٰحِدَةٗ مَّا لَهَا مِن فَوَاقٖ
එබැවින් (අරාබිවරුන් වන) මොවුන්ද (තමන්ව විනාශ කර දැමිය හැකි) එකම එක ශබ්දයක් මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වූයේ නැත. එය පැමිණීමෙහි පමාවක්ද නොවනු ඇත
Surah Sad, Verse 15
وَقَالُواْ رَبَّنَا عَجِّل لَّنَا قِطَّنَا قَبۡلَ يَوۡمِ ٱلۡحِسَابِ
“(ප්‍රශ්න) ගණනය කරන දින පැමිණීමට පෙරම, අපගේ දෙවියනේ! අපගේ (දඬුවමේ) කොටස අපට ලබා දී නිරාකරණය කර හරිනු!” යයි මොවුන් (සමච්චලයෙන්) විමසන්නාහ
Surah Sad, Verse 16
ٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَٱذۡكُرۡ عَبۡدَنَا دَاوُۥدَ ذَا ٱلۡأَيۡدِۖ إِنَّهُۥٓ أَوَّابٌ
(නබියේ!) මොවුන් පවසන දැය ගැන ඉවසිල්ලෙන් යුතුව විඳ දරාගෙන සිටිනු. තවද ඉතාමත් ශක්තිවන්තයෙකු වන අපගේ වහලා දාවූද්ව සිතා බලනු. නියත වශයෙන්ම ඔහු (කුමන අමාරුකමකදී වුවද, අප) දෙසටම හැරී සිටියේය
Surah Sad, Verse 17
إِنَّا سَخَّرۡنَا ٱلۡجِبَالَ مَعَهُۥ يُسَبِّحۡنَ بِٱلۡعَشِيِّ وَٱلۡإِشۡرَاقِ
නියත වශයෙන්ම අපි ඔහුට කඳු වසඟ කර දී තිබුනෙමු. උදේ සවස ඒවා ඔහු සමග එක්කාසු වී දික්ර් කිරීම (දෝංකාර) කරමින් සිටියහ
Surah Sad, Verse 18
وَٱلطَّيۡرَ مَحۡشُورَةٗۖ كُلّٞ لَّهُۥٓ أَوَّابٞ
තවද (දෙවියන්ව සුවිශුද්ධ කරමින් ගායනා කිරීමෙහි) ඔහුව වටකර ගත් පක්ෂීන්වද, (ඔහුට වසඟ කර දුන්නෙමු)
Surah Sad, Verse 19
وَشَدَدۡنَا مُلۡكَهُۥ وَءَاتَيۡنَٰهُ ٱلۡحِكۡمَةَ وَفَصۡلَ ٱلۡخِطَابِ
ඒවා සියල්ල (ඔහු සමග දෙවියන්ව සුවි ශුද්ධ කරමින් ගායනා කිරීමට) ඔහු දෙසම බැලූවේය. ඔහුගේ රාජ්‍ය පාලනය අපි ශක්තිමත් කර, ඔහුට ඥානයද, ආරවුල් විසඳීමේ ශක්තියද ලබා දුන්නෙමු
Surah Sad, Verse 20
۞وَهَلۡ أَتَىٰكَ نَبَؤُاْ ٱلۡخَصۡمِ إِذۡ تَسَوَّرُواْ ٱلۡمِحۡرَابَ
(නබියේ!) එම ආරවුල්කරුවන්ගේ පුවත ඔබට ලැබී ඇත්තේද? (ඔහු නමදිමින් සිටි) මඩමේ ඇති කාමරයේ බිත්තිය ඔවුන් පසු කර (පැමිණ)
Surah Sad, Verse 21
إِذۡ دَخَلُواْ عَلَىٰ دَاوُۥدَ فَفَزِعَ مِنۡهُمۡۖ قَالُواْ لَا تَخَفۡۖ خَصۡمَانِ بَغَىٰ بَعۡضُنَا عَلَىٰ بَعۡضٖ فَٱحۡكُم بَيۡنَنَا بِٱلۡحَقِّ وَلَا تُشۡطِطۡ وَٱهۡدِنَآ إِلَىٰ سَوَآءِ ٱلصِّرَٰطِ
දාවූද් වෙත ඇතුළු වූ විට, ඔහු ඔවුන් ගැන (බිය වී) තිගැස්සුනේය. එයට ඔහු “(ඕ දාවූද්!) ඔබ බිය නොවනු. (අප දෙදෙනාම) එක පක්ෂයේ මිනිසුන්ය. අපගෙන් කෙනෙකු අනිත් කෙනා කෙරෙහි අපරාධයක් කර ඇත්තේය. අප අතරේ ඔබ සාධාරණ ලෙස තීන්දුවක් දෙනු. (එහි) වැරැද්දක් ඇති නොකරනු. අපව ඍජු මාර්ගයෙහි ඇතුළු කරනු”
Surah Sad, Verse 22
إِنَّ هَٰذَآ أَخِي لَهُۥ تِسۡعٞ وَتِسۡعُونَ نَعۡجَةٗ وَلِيَ نَعۡجَةٞ وَٰحِدَةٞ فَقَالَ أَكۡفِلۡنِيهَا وَعَزَّنِي فِي ٱلۡخِطَابِ
“නියත වශයෙන්ම මොහු මගේ සහෝදරයෙකි. ඔහු අත එළුවන් අනූ නව දෙනෙකු සිටින්නේය. මා වෙත එකම එක එළුවෙකු සිටින්නේය. (එසේ තිබියදී) ඔහු එයද (තමන්ට) ලබා දිය යුතුය යයි කියමින් තර්ක විතර්ක කර මගෙන් ජය අත් කර ගත්තේය” යයි පැවසුවේය
Surah Sad, Verse 23
قَالَ لَقَدۡ ظَلَمَكَ بِسُؤَالِ نَعۡجَتِكَ إِلَىٰ نِعَاجِهِۦۖ وَإِنَّ كَثِيرٗا مِّنَ ٱلۡخُلَطَآءِ لَيَبۡغِي بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٍ إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَقَلِيلٞ مَّا هُمۡۗ وَظَنَّ دَاوُۥدُ أَنَّمَا فَتَنَّـٰهُ فَٱسۡتَغۡفَرَ رَبَّهُۥ وَخَرَّۤ رَاكِعٗاۤ وَأَنَابَ۩
(එයට) දාවූද් “ඔබගේ එළුවා ඔහු තමන්ගේ එළුවන් සමග එක්කාසු කර හරින මෙන් ඉල්ලා සිටීම, නියත වශයෙන්ම ඔහු ඔබ කෙරෙහි කරන අපරාධයකි. නියත වශයෙන්ම යහළුවන්ගෙන් වැඩි දෙනෙකු ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට වංචා කරන්නාහ. විශ්වාසය තැබූ දැහැමි ක්‍රියාවන් කරන අය හැර. (විශ්වාසවන්තයින් එසේ කරන්නේ නැත. වංචා නොකරන) මෙවැන්නන් ඉතාමත් අල්පයකි” යයි පැවසුවේය. (මේ අතර) දාවූද් වන ඔහු, නියත වශයෙන්ම අපිම ඔහුව පිරික්සුමට ලක් කර හැරියෙමු යයි සිතා, තම දෙවියන් වෙත (තමන්ගේ වැරැද්දට) සමාව දෙන මෙන් ඉල්ලා, නැවී බිම වැටී (සුජූද් කර නැමද, තම දෙවියන්ගෙන්) ප්‍රාර්ථනා කළේය
Surah Sad, Verse 24
فَغَفَرۡنَا لَهُۥ ذَٰلِكَۖ وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
එබැවින් (සාධාරණය ඉල්ලා පැමිණි අය විසින්, තම නැමදුමෙහි යම් වැරැද්දක් සිදු වී, තමන් වැරැද්දක් කළාය යයි) එය (ඔහු අදහස් කිරීම ගැන) අපි සමාව දුන්නෙමු. නියත වශයෙන්ම ඔහුට අපගේ සන්නිධානයෙහි (ඉතාමත්) සමීපස්ත (උසස්) පදවියද, අලංකාරවත් වාසස්ථානද ඇත
Surah Sad, Verse 25
يَٰدَاوُۥدُ إِنَّا جَعَلۡنَٰكَ خَلِيفَةٗ فِي ٱلۡأَرۡضِ فَٱحۡكُم بَيۡنَ ٱلنَّاسِ بِٱلۡحَقِّ وَلَا تَتَّبِعِ ٱلۡهَوَىٰ فَيُضِلَّكَ عَن سَبِيلِ ٱللَّهِۚ إِنَّ ٱلَّذِينَ يَضِلُّونَ عَن سَبِيلِ ٱللَّهِ لَهُمۡ عَذَابٞ شَدِيدُۢ بِمَا نَسُواْ يَوۡمَ ٱلۡحِسَابِ
(එබැවින් අපි ඔහුට) “ඕ දාවූද්! නියත වශයෙන්ම අපි ඔබව භූමියෙහි (අපගේ) නියෝජිතයා වශයෙන් පත් කළෙමු. එබැවින් ඔබ මිනිසුන් අතරේ සාධාරණ වශයෙන් තීන්දු ලබා දෙනු. මනසෙහි වූ ආශාවන් අනුගමනය නොකරනු. (අනුගමනය කළහොත් එය) ඔබව අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යාමට සැලැස්වෙනු ඇත. නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් වැරද යන්නෝද, ඔවුන් (ප්‍රශ්න) ගණනය කරන දින අමතක වීමේ හේතුවෙන් ඔවුන්ට නියත වශයෙන්ම දරුණු දඬුවම් ඇත” (යයි කීවෙමු)
Surah Sad, Verse 26
وَمَا خَلَقۡنَا ٱلسَّمَآءَ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا بَٰطِلٗاۚ ذَٰلِكَ ظَنُّ ٱلَّذِينَ كَفَرُواْۚ فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِنَ ٱلنَّارِ
අහස්ද, භූමියද, මේවා මධ්‍යයෙහි ඇති දැයද, නිකරුණේ අපි උත්පාදනය කළේ නැත. මෙය (නිකරුණේ යන්න) ප්‍රතික්ෂේප කරන්නන්ගේ සිතුවිල්ලකි. ප්‍රතික්ෂේප කරන මොවුන්ට විනාශයයි. මොවුන්ට (නිරා) ගින්නම ලැඛෙනු ඇත
Surah Sad, Verse 27
أَمۡ نَجۡعَلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ كَٱلۡمُفۡسِدِينَ فِي ٱلۡأَرۡضِ أَمۡ نَجۡعَلُ ٱلۡمُتَّقِينَ كَٱلۡفُجَّارِ
විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නන්ව භූමියෙහි නපුර කරන්නන් මෙන් අපි පත් කරන්නෙමුද? නැතහොත් භය භක්තිකයින්ව (බිය නොවී වැරදි කරන) පාපතරයන් මෙන් අපි පත් කරන්නෙමුද
Surah Sad, Verse 28
كِتَٰبٌ أَنزَلۡنَٰهُ إِلَيۡكَ مُبَٰرَكٞ لِّيَدَّبَّرُوٓاْ ءَايَٰتِهِۦ وَلِيَتَذَكَّرَ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
(නබියේ!) ඔවුන් මෙහි ආයාවන් අවධානය කර පරිශීලනය කිරීම සඳහාද, (එමගින්) බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද, ඉතාමත් භාග්‍යය ලත් මෙම ධර්මය අපිම ඔබ කෙරෙහි පහළ කළෙමු
Surah Sad, Verse 29
وَوَهَبۡنَا لِدَاوُۥدَ سُلَيۡمَٰنَۚ نِعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٌ
දාවූද්ට, සුලෙයිමාන්ව (පුතෙකු වශයෙන්) අපි ලබා දුන්නෙමු. (ඔහු) ඉතාමත් හොඳ වහලෙකි. ඇත්තෙන්ම ඔහු (සෑම කාරණාවකදීම අපවම) බලා සිටියේය
Surah Sad, Verse 30
إِذۡ عُرِضَ عَلَيۡهِ بِٱلۡعَشِيِّ ٱلصَّـٰفِنَٰتُ ٱلۡجِيَادُ
(යුද්ධය සඳහා පිළියෙල කර තිබුනු) උසස් අශ්වයින් (දිනක්) සැන්දෑ කාලයේදී, ඔහු ඉදිරියට ගෙන එනු ලැබූ අවස්ථාවේදී, (ඒවා දෙසම බලා සිටීම නිසා සූර්යයා අස්ථමයට ගොස් ඔහුගේ නැමදුම් කාලය වැරදී ගියේය. එයට ඔහු)
Surah Sad, Verse 31
فَقَالَ إِنِّيٓ أَحۡبَبۡتُ حُبَّ ٱلۡخَيۡرِ عَن ذِكۡرِ رَبِّي حَتَّىٰ تَوَارَتۡ بِٱلۡحِجَابِ
“නියත වශයෙන්ම මා (සූර්යයා) තිරය තුළ සැඟවී යන තුරු මගේ දෙවියන්ව මතක් කිරිමෙන් මෙම හොඳ වස්තූන් මත අධික වශයෙන් ආදරය තැබුවෙමි”
Surah Sad, Verse 32
رُدُّوهَا عَلَيَّۖ فَطَفِقَ مَسۡحَۢا بِٱلسُّوقِ وَٱلۡأَعۡنَاقِ
යයි පවසා, “මා වෙත ඒවා රැගෙන එනු” පසුව ඒවායේ පසු පාදයන්ද, ඛෙල්ලද, (අත්වලින්) පිරි මදිමින් සිටියේය
Surah Sad, Verse 33
وَلَقَدۡ فَتَنَّا سُلَيۡمَٰنَ وَأَلۡقَيۡنَا عَلَىٰ كُرۡسِيِّهِۦ جَسَدٗا ثُمَّ أَنَابَ
නියත වශයෙන්ම අපි සුලෙයිමාන්ව (වෙනත් ආකාරයකටද) පිරික්සුමට ලක් කර, ඔහුගේ සිංහාසනයෙහි එක් අත් පා නැති මළ සිරුරක් වීසි කළෙමු. එවෙලේම ඔහු (අප දෙසට) හැරුනේය
Surah Sad, Verse 34
قَالَ رَبِّ ٱغۡفِرۡ لِي وَهَبۡ لِي مُلۡكٗا لَّا يَنۢبَغِي لِأَحَدٖ مِّنۢ بَعۡدِيٓۖ إِنَّكَ أَنتَ ٱلۡوَهَّابُ
එබැවින් ඔහු “මගේ දෙවියනේ! මගේ වැරදිවලට සමාව දෙනු (මැනව!) මගෙන් පසු කිසිවෙකුත් අත් කර ගත නොහැකි එක් රාජ්‍යයක් මා හට ඔබ පහළ කරනු (මැනව!) නියත වශයෙන්ම ඔබම ඉමහත් දානපතියා” යයි ප්‍රාර්ථනා කළේය
Surah Sad, Verse 35
فَسَخَّرۡنَا لَهُ ٱلرِّيحَ تَجۡرِي بِأَمۡرِهِۦ رُخَآءً حَيۡثُ أَصَابَ
එබැවින් (ඔහු කැමති වූ රාජ්‍යය ලබා දී) සුළඟද ඔහුට වසඟ කර දුන්නෙමු. එය ඔහුගේ නියෝගයට අනුව ඔහු යා යුතු සෑම තැනකටම ඉතාමත් ලෙහෙසියෙන්ම (ඔහුව උසුලාගෙන) යමින් තිබුණි
Surah Sad, Verse 36
وَٱلشَّيَٰطِينَ كُلَّ بَنَّآءٖ وَغَوَّاصٖ
තවද ෂෙයිතාන්වරුන්ගෙන් වූ පිළිම අඹන්නන්, මුතු කිමිදෙන්නන් ආදී සියල්ලන්වද
Surah Sad, Verse 37
وَءَاخَرِينَ مُقَرَّنِينَ فِي ٱلۡأَصۡفَادِ
දම්වැල් වලින් එකට බැඳ තිබුනු වෙනත් බොහොමයක් දෙනාවද, (අපි ඔහුට වසඟ කර දී තිබුණෙමු)
Surah Sad, Verse 38
هَٰذَا عَطَآؤُنَا فَٱمۡنُنۡ أَوۡ أَمۡسِكۡ بِغَيۡرِ حِسَابٖ
(පසුව ඔහුට) “මේවා සියල්ල අපගේ වරප්‍රසාදයන් වන්නේය. එබැවින් (මේවා දානමාන වශයෙන් දී) ස්තූති කරනු. නැතහොත් (ඒවා ඔබ වෙතම) රඳවා තබා ගනු. (එය ඔබගේ කැමැත්තට අනුව ඇති කාරණාවකි. ඔබ දුන්නෙහිද, නැද්ද යන්න ඔබගෙන්) ගණන් හිලව් විමසනු ලබන්නේ නැත” (යයිද)
Surah Sad, Verse 39
وَإِنَّ لَهُۥ عِندَنَا لَزُلۡفَىٰ وَحُسۡنَ مَـَٔابٖ
නියත වශයෙන්ම ඔහුට අපගේ සන්නිධානයෙහි (ඉතාමත්) සමීපස්ත (උසස්) පදවීන්ද, අලංකාරවත් වාසස්ථානද ඇත
Surah Sad, Verse 40
وَٱذۡكُرۡ عَبۡدَنَآ أَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلشَّيۡطَٰنُ بِنُصۡبٖ وَعَذَابٍ
(නබියේ!) අපගේ වහලා අයියූබ් ව සිතා බලනු. ඔහු තම දෙවියන්ව ආරාධනා කර (ප්‍රාර්ථනා කළ) අවස්ථාවේදී “නියත වශයෙන්ම මා හට ෂෙයිතාන් දුක් කරදර හා වේදනාව ගෙන දුන්නේය” (යයි පැවසුවේය)
Surah Sad, Verse 41
ٱرۡكُضۡ بِرِجۡلِكَۖ هَٰذَا مُغۡتَسَلُۢ بَارِدٞ وَشَرَابٞ
(එයට අපි) “ඔබගේ කකුලෙන් (භූමියට) තට්ටු කරනු” (යයි කීවෙමු. ඔහු තට්ටු කළ විට, එහි උල්පතක් ඉකුත් වී ජලය ගලා බසින්නට විය. එවිට ඔහුට) “මෙන්න ශීතවත් නාන තැනක්. (මෙයම ඔබගේ) පානය වන්නේය” (යයි කීවෙමු. එමගින් ඔහුගේ අසනීපයන් සුව වී ගියේය)
Surah Sad, Verse 42
وَوَهَبۡنَا لَهُۥٓ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنَّا وَذِكۡرَىٰ لِأُوْلِي ٱلۡأَلۡبَٰبِ
පසුව අපගේ වරප්‍රසාදයන් වශයෙන්ද, බුද්ධිමතුන් හොඳ වැටහීමක් ලබා ගැනීම සඳහාද, (වෙන් වී තිබුනු) ඔහුගේ පවුලේ උදවියද, ඔහු සමග ඔහු වැනි අයවද ලබා දුන්නෙමු
Surah Sad, Verse 43
وَخُذۡ بِيَدِكَ ضِغۡثٗا فَٱضۡرِب بِّهِۦ وَلَا تَحۡنَثۡۗ إِنَّا وَجَدۡنَٰهُ صَابِرٗاۚ نِّعۡمَ ٱلۡعَبۡدُ إِنَّهُۥٓ أَوَّابٞ
(තණ කොළ) මිටක් අතට ගෙන එමගින් (ඔබගේ බිරිඳට) ගසනු. ඔබ, (ඔබගේ) දරුවන්ව කඩා බිඳ නොදමනු” (යයි කීවෙමු). නියත වශයෙන්ම අපි ඔහුව ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන්ම දුටුවෙමු. (ඔහු ඉතාමත්) හොඳ වහලෙකි. නියත වශයෙන්ම ඔහු (සෑම කාරණාවකදීම අප දෙස) බලා සිටින්නෙකු වශයෙන්ම සිටියේය
Surah Sad, Verse 44
وَٱذۡكُرۡ عِبَٰدَنَآ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ أُوْلِي ٱلۡأَيۡدِي وَٱلۡأَبۡصَٰرِ
(නබියේ!) බලසම්පන්නකමද, අභ්‍යන්තර මනසෙන් වූ දූරදර්ශීභාවයෙන්ද යුක්තව සිටි අපගේ වහලූන් වන ඉබ්රාහීම්, ඉස්හාක්, යාකූබ්වද සිතා බලනු
Surah Sad, Verse 45
إِنَّآ أَخۡلَصۡنَٰهُم بِخَالِصَةٖ ذِكۡرَى ٱلدَّارِ
අපි ඔවුන්ව විශේෂ (වූ එක් කාරණාවක්) සඳහාද, (පරලොව) නිවස (සෑම විටම) මෙනෙහි කිරීම සඳහාද නියත වශයෙන්ම තෝරා ගත්තෙමු
Surah Sad, Verse 46
وَإِنَّهُمۡ عِندَنَا لَمِنَ ٱلۡمُصۡطَفَيۡنَ ٱلۡأَخۡيَارِ
නියත වශයෙන්ම ඔවුන් අපගේ සන්නිධානයෙන් තෝරා ගනු ලැබූ හොඳ වහලූන්ගෙන් වූ අය වශයෙන්ම සිටියහ
Surah Sad, Verse 47
وَٱذۡكُرۡ إِسۡمَٰعِيلَ وَٱلۡيَسَعَ وَذَا ٱلۡكِفۡلِۖ وَكُلّٞ مِّنَ ٱلۡأَخۡيَارِ
(නබියේ!) ඉස්මායිල්, අල්යසඋ, දුල්කිෆ්ලි ආදී මොවුන්වද සිතා බලනු. (මොවුන්) සියල්ලන්ම හොඳ වහලූන්ගෙන් වූ අයයි
Surah Sad, Verse 48
هَٰذَا ذِكۡرٞۚ وَإِنَّ لِلۡمُتَّقِينَ لَحُسۡنَ مَـَٔابٖ
(ඉහත සඳහන්) මේවා සියල්ල (විශ්වාසවන්තයින්ට) හොඳ ඔවදන් වන්නේය. නියත වශයෙන්ම (මෙවැනි) භය භක්තිකයින්ට අලංකාරවත් වාසස්ථානයන් ඇත
Surah Sad, Verse 49
جَنَّـٰتِ عَدۡنٖ مُّفَتَّحَةٗ لَّهُمُ ٱلۡأَبۡوَٰبُ
(එය) ස්ථීරවත් ස්වර්ගයන්හි ඇත්තේය. ඔවුන් වෙනුවෙන් (එවායේ) ෙදාරටු (සෑම වෙලාවෙහිම) විවෘත කරනු ලැබ ඇත්තේය
Surah Sad, Verse 50
مُتَّكِـِٔينَ فِيهَا يَدۡعُونَ فِيهَا بِفَٰكِهَةٖ كَثِيرَةٖ وَشَرَابٖ
එහි (ඇති කොට්ට මත) හාන්සි වී සිටිමින්ම බොහෝ පලතුරු වර්ගද, (මිහිරි) පානයන්ද ඉල්ලා (ගෙන අනුභව කරමින්ද, පානය) කරමින්ද සිටින්නාහ
Surah Sad, Verse 51
۞وَعِندَهُمۡ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ أَتۡرَابٌ
ඔවුන් වෙත පහතට බැල්ම හෙළමින් සිටින සම වයසේ කන්‍යාවන් බොහොමයක්ද සිටිනු ඇත
Surah Sad, Verse 52
هَٰذَا مَا تُوعَدُونَ لِيَوۡمِ ٱلۡحِسَابِ
(ඔවුන්ව ප්‍රශ්න) ගණනය කරන දිනදී ඔබට (ලබා දෙනවා යයි) පොරොන්දු දෙනු ලැබූ දැය මේවාය
Surah Sad, Verse 53
إِنَّ هَٰذَا لَرِزۡقُنَا مَا لَهُۥ مِن نَّفَادٍ
නියත වශයෙන්ම මේවා අපගේ වරප්‍රසාදයන් වන්නේය. මෙයට අවසානයක්ම නැත” (යයි කියනු ලැබේ)
Surah Sad, Verse 54
هَٰذَاۚ وَإِنَّ لِلطَّـٰغِينَ لَشَرَّ مَـَٔابٖ
මෙයයි (හොඳ අයගේ අවසානය). නමුත් නියත වශයෙන්ම නපුරු අයට ඉතාමත් නපුරු රැෙඳන ස්ථානයක් (බලාපොරොත්තුවෙන්) ඇත්තේය
Surah Sad, Verse 55
جَهَنَّمَ يَصۡلَوۡنَهَا فَبِئۡسَ ٱلۡمِهَادُ
(එය) නිරයයි. එහි ඔවුන් ඇතුළු වනු ඇත. (එය) රැෙඳන ස්ථානයන්ගෙන් ඉතාමත් නපුරුය. එයයි (නපුරු අයගේ අවසානය)
Surah Sad, Verse 56
هَٰذَا فَلۡيَذُوقُوهُ حَمِيمٞ وَغَسَّاقٞ
එබැවින් උතුරන සැරව මිශ්‍ර (ලෝදිය) ඔවුන් රස බලත්වා
Surah Sad, Verse 57
وَءَاخَرُ مِن شَكۡلِهِۦٓ أَزۡوَٰجٌ
මෙවැනි (දුකෙන් පිරි) විවිධ වර්ගයේ වෙනත් දඬුවම්ද ඇත
Surah Sad, Verse 58
هَٰذَا فَوۡجٞ مُّقۡتَحِمٞ مَّعَكُمۡ لَا مَرۡحَبَۢا بِهِمۡۚ إِنَّهُمۡ صَالُواْ ٱلنَّارِ
(මොවුන්ගේ ප්‍රධානීන්ට) “මෙම සමුහයද ඔබ සමග (නිරයෙහි) තල්ලූ කර දමනු ලබන්නාහ” (යයි කියනු ලැබේ)
Surah Sad, Verse 59
قَالُواْ بَلۡ أَنتُمۡ لَا مَرۡحَبَۢا بِكُمۡۖ أَنتُمۡ قَدَّمۡتُمُوهُ لَنَاۖ فَبِئۡسَ ٱلۡقَرَارُ
(එයට ඔවුන්) “මෙය ඔවුන්ට ශුභ ගමනක් නොවනු ඇත. නියත වශයෙන්ම මොවුන් නිරයට යන්නන්ය!” (යයි පවසන්නාහ). එයට ඔවුන් (එම ප්‍රධානීන් පසුපසින් පැමිණ ඔවුන්ට “අපට) නොව. ඔබටයි ශුභ ගමනක් නොවන්නේ. ඔබයි අපට මෙය සොයා දුන්නේ. (එබැවින් අප දෙපාර්ශවයේම) රැෙඳන ස්ථානය ඉතාමත් නපුරුය” යයි පවසන්නාහ
Surah Sad, Verse 60
قَالُواْ رَبَّنَا مَن قَدَّمَ لَنَا هَٰذَا فَزِدۡهُ عَذَابٗا ضِعۡفٗا فِي ٱلنَّارِ
තවද “අපගේ දෙවියනේ! කවුරුන් මෙය අපට සොයා තැබුවේද, ඔහුට නිරයෙහි දඬුවම දෙගුණයකින් වැඩි කරනු” යයි ප්‍රාර්ථනා කරනු ඇත
Surah Sad, Verse 61
وَقَالُواْ مَا لَنَا لَا نَرَىٰ رِجَالٗا كُنَّا نَعُدُّهُم مِّنَ ٱلۡأَشۡرَارِ
තවද “ඉතාමත් නපුරු මිනිසුන් යයි (ලොවෙහි) අදහස් කරමින් සිටියෙමු නොවෙද; ඇයි ඔවුන්ව (නිරයෙහි) දක්නට නැත්තේ?” යයි කෙනෙකු කෙනෙකුගෙන් විමසනු ඇත
Surah Sad, Verse 62
أَتَّخَذۡنَٰهُمۡ سِخۡرِيًّا أَمۡ زَاغَتۡ عَنۡهُمُ ٱلۡأَبۡصَٰرُ
අපි ඔවුන්ව සමච්චල් කරමින් සිටියෙමු නොවෙද; (ඔවුන් මෙහි සිටියදී) ඔවුන්ව නොදැක සිටින සේ අපගේ ඇස් දුර්වල වී ගියේදෝ!” (යයිද පවසනු ඇත)
Surah Sad, Verse 63
إِنَّ ذَٰلِكَ لَحَقّٞ تَخَاصُمُ أَهۡلِ ٱلنَّارِ
මෙසේ නිරාවාසීන් තර්ක කරමින් සිටීම නියතයි යන්න සත්‍යයකි
Surah Sad, Verse 64
قُلۡ إِنَّمَآ أَنَا۠ مُنذِرٞۖ وَمَا مِنۡ إِلَٰهٍ إِلَّا ٱللَّهُ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّارُ
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මා (ඔබට මේ ගැන) බිය ගන්වා අනුතුරු අඟවන්නෙකි. (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන එකම අල්ලාහ්ව මිස, (නැමදුමට යුතු) වෙන කිසිම හිමියෙකු (ඇත්තේම) නැත
Surah Sad, Verse 65
رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا ٱلۡعَزِيزُ ٱلۡغَفَّـٰرُ
(ඔහුම) අහස් හා භූමිය ආදී මේවාටද, මේවා අතර ඇති දැය (සියල්ලට)ද, දෙවියන්ය. (සියල්ලට) බලසම්පන්න-යෙකු හා ඉතාමත් ක්ෂමාවන්තයෙකි”
Surah Sad, Verse 66
قُلۡ هُوَ نَبَؤٌاْ عَظِيمٌ
(නබියේ! තවද) ඔබ මෙසේ පවසනු: “(ඔබට මා ගෙනහැර දක්වන) මෙය ඉතාමත් උසස් කාරණාවකි
Surah Sad, Verse 67
أَنتُمۡ عَنۡهُ مُعۡرِضُونَ
(නමුත්) ඔබ නම්, එය ප්‍රතික්ෂේප කරන්නෙහුය”
Surah Sad, Verse 68
مَا كَانَ لِيَ مِنۡ عِلۡمِۭ بِٱلۡمَلَإِ ٱلۡأَعۡلَىٰٓ إِذۡ يَخۡتَصِمُونَ
“(දෙවියන් ආදම්ව නිර්මාණය කළ අවස්ථාවේදී) ඉහළ අය (වන මලායිකාවරුන් තමන් තුළ) තර්ක කර ගත් දැය කිසිවක් මා දන්නේ නැත
Surah Sad, Verse 69
إِن يُوحَىٰٓ إِلَيَّ إِلَّآ أَنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ
මා හට වහී මගින් දැනුම් දෙන ලද දැය නම්, නියත වශයෙන්ම මා ප්‍රසිද්ධියේ බිය ගන්වා අනතුරු අඟවන්නෙකි යන්නය” (යයි පවසනු මැනව)
Surah Sad, Verse 70
إِذۡ قَالَ رَبُّكَ لِلۡمَلَـٰٓئِكَةِ إِنِّي خَٰلِقُۢ بَشَرٗا مِّن طِينٖ
ඔබගේ දෙවියන් මලායිකාවරුන්ට “මා මිනිසාව කිරි මැටියෙන් නිර්මාණය කරන්නට යන්නෙමි” යයි පැවසූ අවස්ථාවේදී
Surah Sad, Verse 71
فَإِذَا سَوَّيۡتُهُۥ وَنَفَخۡتُ فِيهِ مِن رُّوحِي فَقَعُواْ لَهُۥ سَٰجِدِينَ
“මා ඔහුව නිර්මාණය කර, ඔහු තුළට (මා උත්පාදනය කළ) මගේ පණද ඇතුළු කළහොත්, ඔහුට ඔබ සුජූද් කරනු” (යයිද පැවසුවේය)
Surah Sad, Verse 72
فَسَجَدَ ٱلۡمَلَـٰٓئِكَةُ كُلُّهُمۡ أَجۡمَعُونَ
ඒ අවස්ථාවේදී මලායිකාවරුන් සියල්ලන්ම සුජූද් කළහ
Surah Sad, Verse 73
إِلَّآ إِبۡلِيسَ ٱسۡتَكۡبَرَ وَكَانَ مِنَ ٱلۡكَٰفِرِينَ
ඉබ්ලීස් හැර. ඔහු උඞඟූ වී (අපගේ නියෝගය) ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් කෙනෙකු බවට පත් වූවේය
Surah Sad, Verse 74
قَالَ يَـٰٓإِبۡلِيسُ مَا مَنَعَكَ أَن تَسۡجُدَ لِمَا خَلَقۡتُ بِيَدَيَّۖ أَسۡتَكۡبَرۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡعَالِينَ
(එයට දෙවියන්) “ඕ ඉබ්ලීස්! මම ම මගේ අත්වලින් කළ දැයට ඔබ සුජූද් නොකර සිටීමට ඔබව වළක්වා හැරියේ කුමක්ද? උඞඟූ වී ගියෙහිද? නැතහොත් ඔබ උසස් පදවීන්ගෙන් යුත් අයගෙන් (කෙනෙකු) බවට පත් වූවෙහිද?”යි කීවේය
Surah Sad, Verse 75
قَالَ أَنَا۠ خَيۡرٞ مِّنۡهُ خَلَقۡتَنِي مِن نَّارٖ وَخَلَقۡتَهُۥ مِن طِينٖ
එයට ඔහු “ඔහුට වඩා මම ම උසස් කෙනෙකි. මාව ඔබම ගින්දරෙන් උත්පාදනය කළෙහිය. ඔහුව (ලැජ්ජාවකි) කිරි මැටියෙන් උත්පාදනය කළෙහිය” යයි කීවේය
Surah Sad, Verse 76
قَالَ فَٱخۡرُجۡ مِنۡهَا فَإِنَّكَ رَجِيمٞ
(එයට දෙවියන් “එසේ නම්), ඔබ මෙතැනින් පිටමං වනු. නියත වශයෙන්ම ඔබ එළවනු ලැබූවෙහිය
Surah Sad, Verse 77
وَإِنَّ عَلَيۡكَ لَعۡنَتِيٓ إِلَىٰ يَوۡمِ ٱلدِّينِ
විනිශ්චය දින දක්වා මගේ ශාපය ඔබ කෙරෙහි නියත වශයෙන්ම ස්ථීරව තිඛෙනු ඇත”
Surah Sad, Verse 78
قَالَ رَبِّ فَأَنظِرۡنِيٓ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ
එයට ඔහු “මගේ දෙවියනේ! (මරණයට පත් වූවන්) නැගිට්ටවනු ලබන දින දක්වා ඔබ මට කාල අවකාශයක් දෙනු” යයි කීවේය
Surah Sad, Verse 79
قَالَ فَإِنَّكَ مِنَ ٱلۡمُنظَرِينَ
එයට දෙවියන් “නියත වශයෙන්ම ඔබට කාල අවකාශය දෙනු ලැබීය
Surah Sad, Verse 80
إِلَىٰ يَوۡمِ ٱلۡوَقۡتِ ٱلۡمَعۡلُومِ
නියමිත කාලයේ දින දක්වා (ඔබගේ වාරයයි)” යයි පැවසුවේය
Surah Sad, Verse 81
قَالَ فَبِعِزَّتِكَ لَأُغۡوِيَنَّهُمۡ أَجۡمَعِينَ
එයට ඔහු “ඔබගේ ශ්‍රේෂ්ඨත්වය මත සත්තකින්ම! මා (මිනිසුන් වන) ඔවුන් සියල්ලන්වම මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි
Surah Sad, Verse 82
إِلَّا عِبَادَكَ مِنۡهُمُ ٱلۡمُخۡلَصِينَ
(එහෙත්) ඔවුන්ගෙන් පරිශුද්ධ මනසින් යුත් ඔබගේ වහලූන් හැර” යයි කීවේය
Surah Sad, Verse 83
قَالَ فَٱلۡحَقُّ وَٱلۡحَقَّ أَقُولُ
එයට දෙවියන් “එය සත්‍යයයි! මා පවසන සත්‍යය කුමක්දයත්
Surah Sad, Verse 84
لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنكَ وَمِمَّن تَبِعَكَ مِنۡهُمۡ أَجۡمَعِينَ
නියත වශයෙන්ම ඔබවත්, ඔවුන්ගෙන් ඔබව අනුගමනය කරන සියල්ලන් මගින් නිරය පුරවන්නෙමි” යයි කීවේය
Surah Sad, Verse 85
قُلۡ مَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٖ وَمَآ أَنَا۠ مِنَ ٱلۡمُتَكَلِّفِينَ
(එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: (මිනිසුනේ!) මෙයට (මෙම ධර්මය සමුදීරණය කර පෙන්වීම සඳහා) මා ඔබ වෙත කිසිම කුලියක් ඉල්ලූවේ නැත. තවද (ඔබ නොඉසිළිය යුතු යම්කිසි බරක් ඔබ මත) පටවන්නන්ගෙන් කෙනෙකු බවට මා නැත
Surah Sad, Verse 86
إِنۡ هُوَ إِلَّا ذِكۡرٞ لِّلۡعَٰلَمِينَ
ලොව සියල්ලටම මෙය එක් හොඳ ඔවදනක් මිස, වෙන කිසිවක් නොව
Surah Sad, Verse 87
وَلَتَعۡلَمُنَّ نَبَأَهُۥ بَعۡدَ حِينِۭ
නියත වශයෙන්ම ටික කලකට පසු ඔබ මෙහි සත්‍යය නියත වශයෙන්ම දැන ගන්නෙහුය
Surah Sad, Verse 88