UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Ash-Shura - Sinhala Translation by Www.islamhouse.com


حمٓ

හා මීම්
Surah Ash-Shura, Verse 1


عٓسٓقٓ

අයින් සීන් කාෆ්
Surah Ash-Shura, Verse 2


كَذَٰلِكَ يُوحِيٓ إِلَيۡكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبۡلِكَ ٱللَّهُ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් ඔබ වෙත හා ඔබට පෙර වූ අය වෙත දේව පණිවිඩ දන්වා සිටිනුයේ එලෙසය
Surah Ash-Shura, Verse 3


لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ ඔහු සතුය. තවද ඔහු අති උත්තරීතරය. සර්වබලධාරීය
Surah Ash-Shura, Verse 4


تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِن فَوۡقِهِنَّۚ وَٱلۡمَلَـٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمۡدِ رَبِّهِمۡ وَيَسۡتَغۡفِرُونَ لِمَن فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ

අහස්, ඒවාට මතුපිටින් පැළී යන්නට තැත් කරයි. තවද මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් සුවිශුද්ධ කරති. තවද මහපොළොවේ සිටින අය වෙනුවෙන් ඔවුහු සමාව ඇයද සිටිති. දැන ගනු නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය
Surah Ash-Shura, Verse 5


وَٱلَّذِينَ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيۡهِمۡ وَمَآ أَنتَ عَلَيۡهِم بِوَكِيلٖ

ඔහුගෙන් තොර ව භාරකරුවන් ලෙස ගත් අය වනාහි අල්ලාහ් ඔවුන් කෙරෙහි අවධානයෙන් බලා සිටින්නාය. තවද ඔබ ඔවුන් වෙත භාරකරුවකු ලෙසින් නොමැත
Surah Ash-Shura, Verse 6


وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ قُرۡءَانًا عَرَبِيّٗا لِّتُنذِرَ أُمَّ ٱلۡقُرَىٰ وَمَنۡ حَوۡلَهَا وَتُنذِرَ يَوۡمَ ٱلۡجَمۡعِ لَا رَيۡبَ فِيهِۚ فَرِيقٞ فِي ٱلۡجَنَّةِ وَفَرِيقٞ فِي ٱلسَّعِيرِ

මව් නගරයට හා ඒ අවට සිටින්නන් හට ඔබ අවවාද කරනු පිණිසද එහි කිසිදු සැකයක් නැති එක්රැස් කරන දිනය ගැන ඔබ අවවාද කරනු පිණිස ද අපි ඔබ වෙත අරාබි බසින් වූ පාරායනයක් දන්වා සිටියේ එලෙසය. (එදින) පිරිසක් ස්වර්ගයෙහිය. තවත් පිරිසක් ඇවිළෙන (නිරා) ගින්නෙහිය
Surah Ash-Shura, Verse 7


وَلَوۡ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَلَٰكِن يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّـٰلِمُونَ مَا لَهُم مِّن وَلِيّٖ وَلَا نَصِيرٍ

තවද අල්ලාහ් අභිමත කළේ නම් ඔවුන් එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද, අපරාධකරුවන්හට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව්කරුවෙකු හෝ නැත
Surah Ash-Shura, Verse 8


أَمِ ٱتَّخَذُواْ مِن دُونِهِۦٓ أَوۡلِيَآءَۖ فَٱللَّهُ هُوَ ٱلۡوَلِيُّ وَهُوَ يُحۡيِ ٱلۡمَوۡتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

එසේ නැතහොත් ඔහු හැර සෙසු අය භාරකරුවන් ලෙස ගත්තෝ ද? අල්ලාහ් වන ඔහුමය භාරකරු, තවද ඔහු මළවුනට ජීවය දෙයි. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය
Surah Ash-Shura, Verse 9


وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ

නුඹලා එහි කවර දෙයක් සම්බන්ධයෙන් මතභේද ඇති කරගත්තේ ද එහි තීන්දුව අල්ලාහ් වෙතය. එයයි මාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතම මම යොමු වෙමි
Surah Ash-Shura, Verse 10


فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ

(ඔහු) අහස් හා මහපොළොවේ නිර්මාපකයාය. නුඹලා තුළින්ම නුඹලා සඳහා වූ ජෝඩු ද එමෙන්ම ගොවිපළ සතුන් අතුරින් ජෝඩු ද ඔහු ඇති කළේය. එහි නුඹලා ව ඔහු බිහි කරයි. ඔහු මෙන් කිසිවෙක් නැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය
Surah Ash-Shura, Verse 11


لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

අහස් හා මහපොළොවේ යතුරු ඔහු සතුය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කරයි. තවද ඔහු සීමා ද කරයි. නියත වශයෙන්ම ඔහු සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah Ash-Shura, Verse 12


۞شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ

කවර දෙයක් පිළිබඳ ව ඔහු නූහ්ට උපදෙස් දුන්නේ ද එය නුඹලාට ඔහු දහම්ගත කළේය. ඔබ වෙත දන්වා සිටි දෑ ද ඉබ්‍රාහීම් වෙත ද මූසා වෙත ද ඊසා වෙත ද අපි කවර දෙයක් උපදෙස් දුන්නේ ද එය ද දහම්ගත කළෙමු. මන්ද නුඹලා දහම ඍජු ලෙස ස්ථාපිත කොට එහි නුඹලා වෙන් ව නොයෑම සඳහාය. ඔබ කවර දෙයක් වෙත ඔවුන් ඇරයුම් කරන්නේ ද එය ආදේශකයින්ට බැරූරැම් විය. තමන් අභිමත කරන අය අල්ලාහ් ඔහු වෙත (දූතයන් වශයෙන්) තෝරා ගනී. තවද (පසුතැවිලි වී) හැරෙන අයට ඔහු වෙතට ඔහු මග පෙන්වයි
Surah Ash-Shura, Verse 13


وَمَا تَفَرَّقُوٓاْ إِلَّا مِنۢ بَعۡدِ مَا جَآءَهُمُ ٱلۡعِلۡمُ بَغۡيَۢا بَيۡنَهُمۡۚ وَلَوۡلَا كَلِمَةٞ سَبَقَتۡ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى لَّقُضِيَ بَيۡنَهُمۡۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُواْ ٱلۡكِتَٰبَ مِنۢ بَعۡدِهِمۡ لَفِي شَكّٖ مِّنۡهُ مُرِيبٖ

ඔවුන් වෙත ඥානය පැමිණීමෙන් පසු ව ඔවුන් අතර තිබූ ඊර්ෂ්‍යාව (ක්‍රෝධය) හේතුවෙන් මිස ඔවුහු වෙන් ව නොගියෝය. ඔබේ පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් නියමිත කාලයක් දක්වා පෙරටු නොවූයේ නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද ඔවුන්ගෙන් පසු ව දේව ග්‍රන්ථය උරුම කරනු ලැබූ අය ඒ පිළිබඳ ව සැකයෙහි දෙගිඩියාවෙන් සිටියි
Surah Ash-Shura, Verse 14


فَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ

එහෙයින් (නබිවරය) ඔබ ඒ (දේව විශ්වාසය) වෙත ඇරයුම් කරනු. තවද ඔබ අණ කරනු ලැබූ සේම ස්ථාවර ව සිටිනු. ඔවුන්ගේ ආශාවන් ඔබ අනුගමනය නොකරනු. ‘දේව ග්‍රන්ථයෙන් අල්ලාහ් පහළ කළ දෑ පිළිබඳ ව මම විශ්වාස කර ඇත්තෙමි. තවද නුඹලා අතර යුක්තිගරුක ව කටයුතු කිරීමට මම අණ කරනු ලැබුවෙමි. අල්ලාහ් අපගේ පරමාධිපතිය. තවද නුඹලාගේද පරමාධිපතිය. අපට අපගේ ක්‍රියාවන්. තවද නුඹලාට නුඹලාගේ ක්‍රියාවන්. මෙහි අප අතර හා නුඹලා අතර කිසිදු තර්කයක් නැත. අල්ලාහ් අප එක්රැස් කරයි. තවද නැවත යොමු කරනු ලබන ස්ථානය ඔහු වෙතමය.’ යැයි පවසනු
Surah Ash-Shura, Verse 15


وَٱلَّذِينَ يُحَآجُّونَ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ٱسۡتُجِيبَ لَهُۥ حُجَّتُهُمۡ دَاحِضَةٌ عِندَ رَبِّهِمۡ وَعَلَيۡهِمۡ غَضَبٞ وَلَهُمۡ عَذَابٞ شَدِيدٌ

ඔහුට පිළිතුරු දෙනු ලැබුවායින් පසු අල්ලාහ් විෂයයෙහි වාද කරන්නෝ වනාහි ඔවුන්ගේ වාදය ඔවුන්ගේ පරමාධිපති අබියස නිෂ්ඵලය. තවද ඔවුන් වෙත කෝපය ඇත. තවද ඔවුනට දැඩි දඬුවමක් ද ඇත
Surah Ash-Shura, Verse 16


ٱللَّهُ ٱلَّذِيٓ أَنزَلَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ وَٱلۡمِيزَانَۗ وَمَا يُدۡرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٞ

සත්‍යයෙන් යුතු ව දේව ග්‍රන්ථය හා තුලාව පහළ කළේ අල්ලාහ්ය. අවසන් හෝරාව සමීපයෙන් විය හැකි යැයි නුඹ ව දැනුවත් කරනුයේ කුමක් ද
Surah Ash-Shura, Verse 17


يَسۡتَعۡجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِهَاۖ وَٱلَّذِينَ ءَامَنُواْ مُشۡفِقُونَ مِنۡهَا وَيَعۡلَمُونَ أَنَّهَا ٱلۡحَقُّۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِي ٱلسَّاعَةِ لَفِي ضَلَٰلِۭ بَعِيدٍ

ඒ (අවසන් හෝරාව) පිළිබඳ විශ්වාස නොකරන්නෝ එය ඉක්මණින් පතති. තවද විශ්වාස කරන්නෝ ඒ ගැන බිය වන්නෝ වෙති. නියත වශයෙන්ම එය සැබෑවක් යැයි ඔවුහු දනිති. දැන ගනු. නියත වශයෙන්ම අවසන් හෝරාව පිළිබඳ තර්ක කරන්නෝ අන්ත මුළාවෙහිය
Surah Ash-Shura, Verse 18


ٱللَّهُ لَطِيفُۢ بِعِبَادِهِۦ يَرۡزُقُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡقَوِيُّ ٱلۡعَزِيزُ

අල්ලාහ් තම ගැත්තන්හට මෛත්‍රිය. ඔහු අභිමත කරන අයට පෝෂණය පිරිනමයි. තවද ඔහු සර්ව ශක්තිය ඇති සර්ව බලධාරියාණන්ය
Surah Ash-Shura, Verse 19


مَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلۡأٓخِرَةِ نَزِدۡ لَهُۥ فِي حَرۡثِهِۦۖ وَمَن كَانَ يُرِيدُ حَرۡثَ ٱلدُّنۡيَا نُؤۡتِهِۦ مِنۡهَا وَمَا لَهُۥ فِي ٱلۡأٓخِرَةِ مِن نَّصِيبٍ

කවරෙකු මතු ලොවෙහි ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුගේ ඵලදාවෙහි වර්ධනය ඇති කරමු. තවද කවරෙකු මෙලොව ඵලදාව අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔහුට එයින් පිරිනමන්නෙමු. නමුත් මතු ලොවෙහි ඔහුට කිසිදු කොටසක් නැත
Surah Ash-Shura, Verse 20


أَمۡ لَهُمۡ شُرَكَـٰٓؤُاْ شَرَعُواْ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمۡ يَأۡذَنۢ بِهِ ٱللَّهُۚ وَلَوۡلَا كَلِمَةُ ٱلۡفَصۡلِ لَقُضِيَ بَيۡنَهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

අල්ලාහ් කවර දෙයක් සම්බන්ධයෙන් අනුමැතිය නොදුන්නේ ද එවන් දෙයක් ඔවුන් සඳහා දහම්ගත කළ හවුල්කරුවෝ ඔවුනට වෙත් ද? තවද පැහැදිලි ප්‍රකාශය නොවී නම් ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම අපරාධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවමක් ඇත
Surah Ash-Shura, Verse 21


تَرَى ٱلظَّـٰلِمِينَ مُشۡفِقِينَ مِمَّا كَسَبُواْ وَهُوَ وَاقِعُۢ بِهِمۡۗ وَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي رَوۡضَاتِ ٱلۡجَنَّاتِۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ

අපරාධකරුවන් තමන් ඉපැයූ දෑ පිළිබඳ බියෙන් පසුවන්නන් ලෙස ඔබ දකින්නෙහිය. තවද එය ඔවුනට සිදුවන්නකි. තවද දෙවියන් විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුහු ස්වර්ග උයන් වලය. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් අභිමත කරන දෑ ඔවුනට ඇත. එයයි අතිමහත් භාග්‍යය
Surah Ash-Shura, Verse 22


ذَٰلِكَ ٱلَّذِي يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِۗ قُل لَّآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ أَجۡرًا إِلَّا ٱلۡمَوَدَّةَ فِي ٱلۡقُرۡبَىٰۗ وَمَن يَقۡتَرِفۡ حَسَنَةٗ نَّزِدۡ لَهُۥ فِيهَا حُسۡنًاۚ إِنَّ ٱللَّهَ غَفُورٞ شَكُورٌ

එය විශ්වාස කොට යහකම් කළ තම ගැත්තන්හට අල්ලාහ් ශුභාරංචි දන්වා සිටී දෑය. “සමීප ඥාතීත්වය තුළ ආදරය දැක්වීමට මිස ඒ වෙනුවෙන් කිසිදු කුලියක් මම නොඉල්ලමි” යැයි (නබිවරය) ඔබ පවසනු. තවද කවරෙකු යහපතක් උපයන්නේ ද අපි ඔහුට එහි යහකම වර්ධනය කරමු. නියත වශයෙන්ම අල්ලාහ් අතික්ෂමාශීලීය. ගුණගරුකය
Surah Ash-Shura, Verse 23


أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗاۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخۡتِمۡ عَلَىٰ قَلۡبِكَۗ وَيَمۡحُ ٱللَّهُ ٱلۡبَٰطِلَ وَيُحِقُّ ٱلۡحَقَّ بِكَلِمَٰتِهِۦٓۚ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

එසේ නැතහොත් “ඔහු (නබිවරයා) අල්ලාහ් වෙත බොරුවක් ගෙතුවේ යැ”යි ඔවුහු පවසන්නෝද? එහෙයින් අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔබේ හදවත මත ඔහු මුද්‍රා තබයි. තවද අල්ලාහ් අසත්‍යය මකා දමයි. තවද ඔහුගේ වදන් තුළින් සත්‍යය තහවුරු කරයි. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය
Surah Ash-Shura, Verse 24


وَهُوَ ٱلَّذِي يَقۡبَلُ ٱلتَّوۡبَةَ عَنۡ عِبَادِهِۦ وَيَعۡفُواْ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعۡلَمُ مَا تَفۡعَلُونَ

තවද ඔහු තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නාය. තවද ඔහු පාපකම් වලට සමාව දෙයි. තවද නුඹලා සිදු කරන දෑ ඔහු දනී
Surah Ash-Shura, Verse 25


وَيَسۡتَجِيبُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضۡلِهِۦۚ وَٱلۡكَٰفِرُونَ لَهُمۡ عَذَابٞ شَدِيدٞ

විශ්වාස කොට යහකම් සිදු කළවුන් ඔහු පිළිගනී. තවද ඔහුගේ භාග්‍යයෙන් ඔහු ඔවුනට අධික කරයි. තවද ප්‍රතික්ෂේපකයෝ වන ඔවුනට දැඩි දඬුවමක් ඇත
Surah Ash-Shura, Verse 26


۞وَلَوۡ بَسَطَ ٱللَّهُ ٱلرِّزۡقَ لِعِبَادِهِۦ لَبَغَوۡاْ فِي ٱلۡأَرۡضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٖ مَّا يَشَآءُۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرُۢ بَصِيرٞ

තවද අල්ලාහ් තම ගැත්තන්හට පෝෂණ සම්පත් විස්තීරණ කළේ නම් මහපොළොවෙහි ඔවුහු සීමාව ඉක්මවා යනු ඇත. නමුත් ඔහු අභිමත කරන ප්‍රමාණයක් පහළ කරනු ඇත. නියත වශයෙන්ම ඔහු තම ගැත්තන් පිළිබඳ ව අභිඥානවන්තය. සර්ව නිරීක්ෂකය
Surah Ash-Shura, Verse 27


وَهُوَ ٱلَّذِي يُنَزِّلُ ٱلۡغَيۡثَ مِنۢ بَعۡدِ مَا قَنَطُواْ وَيَنشُرُ رَحۡمَتَهُۥۚ وَهُوَ ٱلۡوَلِيُّ ٱلۡحَمِيدُ

ඔවුන් (මිනිසුන්) බලාපොරොත්තු සුන් කර ගත් පසු වර්ෂාව පහළ කරනුයේ ඔහුය. තවද ඔහුගේ කරුණාව ඔහු පතුරුවයි. තවද ප්‍රශංසාලාභී භාරකරු ඔහුය
Surah Ash-Shura, Verse 28


وَمِنۡ ءَايَٰتِهِۦ خَلۡقُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٖۚ وَهُوَ عَلَىٰ جَمۡعِهِمۡ إِذَا يَشَآءُ قَدِيرٞ

අහස් හා මහපොළොව මැවීමත් ඒ දෙක තුළ ජීවීන් විසිරුවා හැර තිබීමත් ඔහුගේ සංඥා අතුරිනි. තවද ඔහු අභිමත කරන විට ඔවුන් රැස් කිරීමට ශක්තිය ඇත්තාය
Surah Ash-Shura, Verse 29


وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٖ فَبِمَا كَسَبَتۡ أَيۡدِيكُمۡ وَيَعۡفُواْ عَن كَثِيرٖ

යම් දුර්භාග්‍යයක් නුඹලාට ඇති වූයේ ද එය නුඹලාගේ අත් ඉපැයූ දෑ හේතුවෙනි. තවද ඔහු බොහෝ දෑට සමාව දෙයි
Surah Ash-Shura, Verse 30


وَمَآ أَنتُم بِمُعۡجِزِينَ فِي ٱلۡأَرۡضِۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

තවද නුඹලා මහපොළොවේ අබිබවා යන්නන් නොවේ. තවද අල්ලාහ්ගෙන් තොර ව නුඹලාට කිසිදු ආරක්ෂකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නැත
Surah Ash-Shura, Verse 31


وَمِنۡ ءَايَٰتِهِ ٱلۡجَوَارِ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ

තවද මහා කඳු මෙන් මුහුදෙහි ගමන් කරන යාත්‍රාද ඔහුගේ සංඥා අතුරිනි
Surah Ash-Shura, Verse 32


إِن يَشَأۡ يُسۡكِنِ ٱلرِّيحَ فَيَظۡلَلۡنَ رَوَاكِدَ عَلَىٰ ظَهۡرِهِۦٓۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّكُلِّ صَبَّارٖ شَكُورٍ

ඔහු අභිමත කරන්නේ නම් සුළඟ නවතාලයි. එවිට ඒ මතු පිට ඒවා නිසංසල බවට පත් වනු ඇත. නියත වශයෙන්ම ගුණගරුක ඉවසිලිවන්ත සියල්ලන් හට එහි සංඥා ඇත
Surah Ash-Shura, Verse 33


أَوۡ يُوبِقۡهُنَّ بِمَا كَسَبُواْ وَيَعۡفُ عَن كَثِيرٖ

එසේ නැතහොත් ඔවුන් (පාපතරයින්) උපයා ගත් දෑ හේතුවෙන් ඔහු ඒවා විනාශ කර දමනු ඇත. ඔහු බෙහෝ දෑට සමාව දෙයි
Surah Ash-Shura, Verse 34


وَيَعۡلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِيٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٖ

තවද අපගේ වදන් සම්බන්ධයෙන් තර්ක කරන්නන් ගැන ඔහු දනී. ඔවුනට කිසිදු මිදීමක් නැත
Surah Ash-Shura, Verse 35


فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ

එහෙයින් නුඹලාට යමක් දෙනු ලැබුවේ නම් එය මෙලොව ජීවිතයේ භුක්ති විඳීමකි. නමුත් අල්ලාහ් අබියස ඇති දෑ දෙවියන් විශ්වාස කළවුනට ශ්‍රේෂ්ඨය. තවද එය සදා පවතින්නකි. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපති වෙත සියල්ල භාර කරති
Surah Ash-Shura, Verse 36


وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَـٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ

තවද ඔවුන් වනාහි බරපතළ පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකි සිටින්නන් වෙති. තවද ඔවුන් කෝප වූ විට සමාව දෙන්නෝ ඔවුහුමය
Surah Ash-Shura, Verse 37


وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට පිළිතුරු දුන් අය වෙති. තවද සලාතය විධිමත් ව ඉටු කළ අය වෙති. තවද ඔවුන්ගේ කරුණු ඔවුන් අතර සාකච්ඡා අනුවය. තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති
Surah Ash-Shura, Verse 38


وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلۡبَغۡيُ هُمۡ يَنتَصِرُونَ

තවද ඔවුන් වනාහි ඔවුනට අපරාධ ඇති වූ විට ඔවුහු (සාධාරණ ලෙසින්) උදව් ලබන්නෝ වෙති
Surah Ash-Shura, Verse 39


وَجَزَـٰٓؤُاْ سَيِّئَةٖ سَيِّئَةٞ مِّثۡلُهَاۖ فَمَنۡ عَفَا وَأَصۡلَحَ فَأَجۡرُهُۥ عَلَى ٱللَّهِۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّـٰلِمِينَ

අයහපතට ප්‍රතිවිපාකය ඒ හා සමාන අයහපතකි. එහෙයින් කවරෙකු සමාව දී හැඩගැසෙන්නේද එවිට ඔහුගේ ප්‍රතිඵලය අල්ලාහ් වෙතය. නියත වශයෙන්ම ඔහු අපරාධකරුවන් ප්‍රිය නොකරයි
Surah Ash-Shura, Verse 40


وَلَمَنِ ٱنتَصَرَ بَعۡدَ ظُلۡمِهِۦ فَأُوْلَـٰٓئِكَ مَا عَلَيۡهِم مِّن سَبِيلٍ

තවද කවරෙකු තමාට සිදු වූ අපරාධයෙන් පසු ව උදව් ලැබුවේ ද එවිට ඔවුනට එරෙහි ව කිසිදු මාර්ගයන් නැත්තෝ ඔවුහුමය
Surah Ash-Shura, Verse 41


إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظۡلِمُونَ ٱلنَّاسَ وَيَبۡغُونَ فِي ٱلۡأَرۡضِ بِغَيۡرِ ٱلۡحَقِّۚ أُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

නියත වශයෙන්ම ක්‍රියාමාර්ගය (ගත යුතුව) ඇත්තේ ජනයාට අපරාධ කරමින් යුක්තියෙන් තොර ව මහපොළොවේ සීමාව ඉක්මවා කටයුතු කරන්නන්ට එරෙහිව පමණය. වේදනීය දඬුවමක් තමන්ට ඇත්තෝ ඔවුහුමය
Surah Ash-Shura, Verse 42


وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنۡ عَزۡمِ ٱلۡأُمُورِ

තවද කවරෙකු ඉවසා සමාව දුන්නේ ද නියත වශයෙන්ම එය ස්ථාවර ක්‍රියාවන් අතුරිනි
Surah Ash-Shura, Verse 43


وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِيّٖ مِّنۢ بَعۡدِهِۦۗ وَتَرَى ٱلظَّـٰلِمِينَ لَمَّا رَأَوُاْ ٱلۡعَذَابَ يَقُولُونَ هَلۡ إِلَىٰ مَرَدّٖ مِّن سَبِيلٖ

තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට (අල්ලාහ් වන) ඔහුගෙන් පසු ව කිසිදු භාරකරුවකු ඔහුට නැත. අපරාධකරුවන් දඬුවම දුටු කල්හි ‘මිදීමට මගක් ඇත්දැ?’යි විමසා සිටිනු ඔබ දකිනු ඇත
Surah Ash-Shura, Verse 44


وَتَرَىٰهُمۡ يُعۡرَضُونَ عَلَيۡهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرۡفٍ خَفِيّٖۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ ٱلۡخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ وَأَهۡلِيهِمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۗ أَلَآ إِنَّ ٱلظَّـٰلِمِينَ فِي عَذَابٖ مُّقِيمٖ

තවද ඒ වෙත ඔවුන් ඉදිරිපත් කරනු ලබන විට, අවමානයෙන් යුතු ව හොර ඇසින් බලමින් ඔවුන් බියෙන් සිටිනු ඔබ දකිනු ඇත. “නියත වශයෙන්ම අලාභවන්තයින් වනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන් හා තම පවුලට අලාභහානි කර ගත්තවුන්ය“ යැයි විශ්වාස කළවුන් පවසන්නෝය. දැන ගනු. නියත වශයෙන්ම අපරාධකරුවන් ස්ථීර දඬුවමෙහි වෙති
Surah Ash-Shura, Verse 45


وَمَا كَانَ لَهُم مِّنۡ أَوۡلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ

තවද අල්ලාහ්ගෙන් තොර ව ඔවුනට උදව් කරන ආරක්ෂකයින් කිසිවෙකු ඔවුනට නොමැත. තවද අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේ ද එවිට කිසිදු මගක් ඔහුට නැත
Surah Ash-Shura, Verse 46


ٱسۡتَجِيبُواْ لِرَبِّكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِۚ مَا لَكُم مِّن مَّلۡجَإٖ يَوۡمَئِذٖ وَمَا لَكُم مِّن نَّكِيرٖ

අල්ලාහ් වෙතින් එයට නැවත හැරීමක් නැති දිනයක් පැමිණීමට පෙර නුඹලාගේ පරමාධිපතිට නුඹලා ප්‍රතිචාර දෙනු. එදින කිසිදු සරණාගත ස්ථානයන් නුඹලාට නැත. තවද (නුඹලාගේ පාපයන්) ප්‍රතිශේධනය කිරිමට නුඹලාට අවකාශය නැත
Surah Ash-Shura, Verse 47


فَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ

එහෙයින් ඔවුන් පිටුපෑවේ නම් එවිට (දැන ගනු) ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි ඔබව යැව්වේ නැත. (පණිවිඩය) දන්වා සිටීම හැර වෙනෙකක් ඔබ වෙත පැවරී නැත. තවද නියත වශයෙන්ම අපි මිනිසාට අපගෙන් වූ ආශිර්වාදයක් භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ඒ පිළිබඳ සතුටු විය. නමුත් ඔවුනට ඔවුන්ගේ දෑත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඇති වන්නේ නම් එවිට නියත වශයෙන්ම මිනිසා ගුණමකුය
Surah Ash-Shura, Verse 48


لِّلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ يَخۡلُقُ مَا يَشَآءُۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثٗا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ

අහස් හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු අභිමත කරන දෑ මවනු ඇත. තවද ඔහු අභිමත කරන අයට ගැහැනු දරුවන් පිරිනමනු ඇත. තවද ඔහු අභිමත කරන අයට පිරිමි දරුවන් පිරිනමනු ඇත
Surah Ash-Shura, Verse 49


أَوۡ يُزَوِّجُهُمۡ ذُكۡرَانٗا وَإِنَٰثٗاۖ وَيَجۡعَلُ مَن يَشَآءُ عَقِيمًاۚ إِنَّهُۥ عَلِيمٞ قَدِيرٞ

එසේ නැතහොත් ඔවුනට පිරිමි හා ගැහැනු දරුවන් වශයෙන් යුගල ලෙස පිරිනමයි. තවද ඔහු අභිමත කරන අය වඳ බවට පත් කරයි. නියත වශයෙන්ම ඔහු සර්ව ඥානීය. සර්ව ශක්තිය ඇත්තාය
Surah Ash-Shura, Verse 50


۞وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحۡيًا أَوۡ مِن وَرَآيِٕ حِجَابٍ أَوۡ يُرۡسِلَ رَسُولٗا فَيُوحِيَ بِإِذۡنِهِۦ مَا يَشَآءُۚ إِنَّهُۥ عَلِيٌّ حَكِيمٞ

දේව පණිවිඩයක් වශයෙන් හෝ තිරයක් පිටුපසින් සිට හෝ දූතයකු යවා තමන් අභිමත කරන දෑ තම නියෝගයෙන් ඔහු දන්වා සිටීමෙන් මිස හෝ අල්ලාහ් තමන් සමග කතා කරන්නට කිසිදු මිනිසෙකු සුදුසු නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් උත්තරීතරය මහා ප්‍රඥාවන්තය
Surah Ash-Shura, Verse 51


وَكَذَٰلِكَ أَوۡحَيۡنَآ إِلَيۡكَ رُوحٗا مِّنۡ أَمۡرِنَاۚ مَا كُنتَ تَدۡرِي مَا ٱلۡكِتَٰبُ وَلَا ٱلۡإِيمَٰنُ وَلَٰكِن جَعَلۡنَٰهُ نُورٗا نَّهۡدِي بِهِۦ مَن نَّشَآءُ مِنۡ عِبَادِنَاۚ وَإِنَّكَ لَتَهۡدِيٓ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

තවද එලෙස අපි අපගේ නියෝගයෙන් වූ ආත්මයක් ඔබ වෙත වහී වශයෙන් එව්වෙමු. දේව ග්‍රන්ථය කුමක්ද යන්න හෝ දේව විශ්වාසය කුමක්ද යන්න ගැන ඔබ දැන සිටියේ නැත. නමුත් අපගේ ගැත්තන් අතුරින් අප අභිමත කරන අයට එමගින් අපි මග පෙන්වන ආලෝකයක් බවට අපි එය ඇති කළෙමු. තවද නියත වශයෙන්ම ඔබ ඍජු මාර්ගය වෙත මග පෙන්වන්නෙහිය
Surah Ash-Shura, Verse 52


صِرَٰطِ ٱللَّهِ ٱلَّذِي لَهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلۡأُمُورُ

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ තමන් සතු වූ අල්ලාහ්ගේ මාර්ගය වේ. දැන ගනු සියලු කරුණු යොමු වනුයේ අල්ලාහ් වෙතය
Surah Ash-Shura, Verse 53


Author: Www.islamhouse.com


<< Surah 41
>> Surah 43

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai