UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Adh-Dhariyat - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


وَٱلذَّـٰرِيَٰتِ ذَرۡوٗا

(මුහුදු ජලය වාශ්ප වශයෙන්) විසුරුවා හරින සුළි සුළං මතද
Surah Adh-Dhariyat, Verse 1


فَٱلۡحَٰمِلَٰتِ وِقۡرٗا

(එම ජල-වාශ්ප) උසුළන වලාකුළු මතද
Surah Adh-Dhariyat, Verse 2


فَٱلۡجَٰرِيَٰتِ يُسۡرٗا

(විවිධ ප්‍රදේශයන්ටද එය) පහසුවෙන් දරාගෙන යන වලාකුළු මතද
Surah Adh-Dhariyat, Verse 3


فَٱلۡمُقَسِّمَٰتِ أَمۡرًا

එය (භූමියෙහි විවිධ ප්‍රදේශයන්හි) ඛෙදා වෙන්කර හරින දැය මතද සත්තකින්ම
Surah Adh-Dhariyat, Verse 4


إِنَّمَا تُوعَدُونَ لَصَادِقٞ

(ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක දෙනු ලබන්නේය යයි) ඔබට දෙනු ලැබූ පොරොන්දුව නියත වශයෙන්ම සත්‍යයකි
Surah Adh-Dhariyat, Verse 5


وَإِنَّ ٱلدِّينَ لَوَٰقِعٞ

නියත වශයෙන්ම (ක්‍රියාවන්ට සරිලන) ඵලවිපාක අනිවාර්යයෙන්ම දෙනු ලැබේ
Surah Adh-Dhariyat, Verse 6


وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡحُبُكِ

(තාරකාවන්ගේ) මාර්ගයන්ගෙන් යුත් අහස මත සත්තකින්ම
Surah Adh-Dhariyat, Verse 7


إِنَّكُمۡ لَفِي قَوۡلٖ مُّخۡتَلِفٖ

නියත වශයෙන්ම ඔබ (දිව්රුමෙහි) වෙනස්කම් ඇති කරමින් කතා කරන්නෙහුය
Surah Adh-Dhariyat, Verse 8


يُؤۡفَكُ عَنۡهُ مَنۡ أُفِكَ

(දැනටමත් අල්ලාහ්ගේ සිතුවිල්ලට අනුව) හරවනු ලැබූ අයම දිව්රුමෙන් ඈතට හරවනු ලබන්නේය
Surah Adh-Dhariyat, Verse 9


قُتِلَ ٱلۡخَرَّـٰصُونَ

බොරු කියන්නන් විනාශම වන්නාහ
Surah Adh-Dhariyat, Verse 10


ٱلَّذِينَ هُمۡ فِي غَمۡرَةٖ سَاهُونَ

ඔවුන් (තමන්ගේ) මෝඩකම නිසා (විනිශ්චය දිනය) අමතක කර දැමූහ
Surah Adh-Dhariyat, Verse 11


يَسۡـَٔلُونَ أَيَّانَ يَوۡمُ ٱلدِّينِ

“ඵලවිපාක දෙන දිනය කවදා එන්නේද?”යි ඔවුන් (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ
Surah Adh-Dhariyat, Verse 12


يَوۡمَ هُمۡ عَلَى ٱلنَّارِ يُفۡتَنُونَ

(එදින) ඔවුන්ව ගින්නෙන් දවා වද දෙන දිනයයි
Surah Adh-Dhariyat, Verse 13


ذُوقُواْ فِتۡنَتَكُمۡ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَسۡتَعۡجِلُونَ

(ඔවුන්ට) “ඔබගේ පිරික්සුම විඳ බලනු. (කවදා එන්නේදයි) ඔබ ඉක්මන් වෙමින් සිටින්නෙහුද, එය මෙයයි” (යයිද කියනු ලැබේ)
Surah Adh-Dhariyat, Verse 14


إِنَّ ٱلۡمُتَّقِينَ فِي جَنَّـٰتٖ وَعُيُونٍ

නියත වශයෙන්ම භය භක්තිකයින් ස්වර්ගයන්හිද, දිය දහරා වලද සිටිනු ඇත
Surah Adh-Dhariyat, Verse 15


ءَاخِذِينَ مَآ ءَاتَىٰهُمۡ رَبُّهُمۡۚ إِنَّهُمۡ كَانُواْ قَبۡلَ ذَٰلِكَ مُحۡسِنِينَ

ඔවුන් තමන්ගේ දෙවියන් ඔවුන්ට දෙන දැය (තෘප්තියෙන් යුතුව) ලබා ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් මීට පෙර පින් ඇති දැය කරන්නන් වශයෙන්ම සිටියහ
Surah Adh-Dhariyat, Verse 16


كَانُواْ قَلِيلٗا مِّنَ ٱلَّيۡلِ مَا يَهۡجَعُونَ

ඔවුන් රාත්‍රී කාලයන්හි ඉතාමත් සුළු (කාලයක්) මිස, නිදා ගන්නේ නැත
Surah Adh-Dhariyat, Verse 17


وَبِٱلۡأَسۡحَارِ هُمۡ يَسۡتَغۡفِرُونَ

ඔවුන් අළුයම් කාලයෙහි (නැගිට දෙවියන් නමැද, තමන්ගේ දෙවියන් වෙතින්) සමාව ඉල්ලමින් සිටිනු ඇත
Surah Adh-Dhariyat, Verse 18


وَفِيٓ أَمۡوَٰلِهِمۡ حَقّٞ لِّلسَّآئِلِ وَٱلۡمَحۡرُومِ

ඔවුන්ගේ වස්තූවෙන් (කට ඇර හිඟමන්) ඉල්ලන්ටද, නොඉල්ලන්ටද පංගුවක් ඇත. (සියල්ලන්ටම දානමාන කරනු ඇත)
Surah Adh-Dhariyat, Verse 19


وَفِي ٱلۡأَرۡضِ ءَايَٰتٞ لِّلۡمُوقِنِينَ

ස්ථීර (වශයෙන් විශ්වාස) කළ අයට භූමියෙහි (බොහෝ) සාධකයන් ඇත්තේය
Surah Adh-Dhariyat, Verse 20


وَفِيٓ أَنفُسِكُمۡۚ أَفَلَا تُبۡصِرُونَ

ඔබ ඇතුළුවද (බොහෝ සාධකයන් ඇත. ඒවා) ඔබ අවධානය කර බැලිය යුතු නොවේද
Surah Adh-Dhariyat, Verse 21


وَفِي ٱلسَّمَآءِ رِزۡقُكُمۡ وَمَا تُوعَدُونَ

ඔබගේ ආහාරද, (තවද) ඔබට පොරොන්දු දෙන ලද දැයද අහසෙහි ඇත්තේය
Surah Adh-Dhariyat, Verse 22


فَوَرَبِّ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِ إِنَّهُۥ لَحَقّٞ مِّثۡلَ مَآ أَنَّكُمۡ تَنطِقُونَ

අහස් හා භූමියෙහි දෙවියන් මත සත්තකින්ම! (ඔබගේ වදන්) ඔබම පවසන්නෙහුය යන්නෙහි (සැකයක් නොමැතිව) ඇත්තාක් මෙන් නියත වශයෙන්ම මෙය (මෙම කුර්ආනයෙහි ඇති සියල්ල) සත්‍යය වන්නේය
Surah Adh-Dhariyat, Verse 23


هَلۡ أَتَىٰكَ حَدِيثُ ضَيۡفِ إِبۡرَٰهِيمَ ٱلۡمُكۡرَمِينَ

(නබියේ!) ඉබ්රාහීම්ගේ ඉතාමත් ගෞරවයෙන් පිරි අමුත්තන්ගේ පුවත ඔබට ළඟා වී ඇත්තේද
Surah Adh-Dhariyat, Verse 24


إِذۡ دَخَلُواْ عَلَيۡهِ فَقَالُواْ سَلَٰمٗاۖ قَالَ سَلَٰمٞ قَوۡمٞ مُّنكَرُونَ

ඔවුන් ඔහු වෙත පැමිණි අවස්ථාවේදී (ඔහුට “අස්සලාමු අලෙයිකුම් - ඔබට) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පැවසූහ. එයට (ඉබ්රාහීම් “ඔබටත්) ශාන්තිය හා සමාදානය අත් වේවා!” යයි පවසා, ‘(මොවුන් අපි) නාඳුණන ජනතාවක් වශයෙන් සිටින්නේය!’ (යයි තම මනස තුළින් සිතා ගනිමින්)
Surah Adh-Dhariyat, Verse 25


فَرَاغَ إِلَىٰٓ أَهۡلِهِۦ فَجَآءَ بِعِجۡلٖ سَمِينٖ

ඉක්මනින්ම තම නිවැසියන් වෙත ගොස් තරබාරු වසු පැටවෙකුගේ (බදින ලද) මස් ටිකක් ගෙනැවිත්, එය ඔවුන් ඉදිරියේ තැබුවේය
Surah Adh-Dhariyat, Verse 26


فَقَرَّبَهُۥٓ إِلَيۡهِمۡ قَالَ أَلَا تَأۡكُلُونَ

(එය ඔවුන් අනුභව කළේ නැත. එබැවින් ඔවුන්ට) “ඔබ අනුභව කරන්නේ නැද්ද?”යි විමසුවේය
Surah Adh-Dhariyat, Verse 27


فَأَوۡجَسَ مِنۡهُمۡ خِيفَةٗۖ قَالُواْ لَا تَخَفۡۖ وَبَشَّرُوهُ بِغُلَٰمٍ عَلِيمٖ

(පසුවත් අනුභව නොකරමින් සිටිනු දුටු) මොහුට ඔවුන් ගැන බියක් ඇති විය. (මෙය දැන ගත් ඔවුන් “ඕ ඉබ්රාහීම්!) ඔබ බිය නොවනු” යයි පවසා, (ඉස්හාක් නමැති) ඉතාමත් ඥානයෙන් යුත් පුතෙකුගෙන් ඔහුට සුභාරංචි පැවසූහ
Surah Adh-Dhariyat, Verse 28


فَأَقۡبَلَتِ ٱمۡرَأَتُهُۥ فِي صَرَّةٖ فَصَكَّتۡ وَجۡهَهَا وَقَالَتۡ عَجُوزٌ عَقِيمٞ

(මෙයට සවන් දුන්) ඔහුගේ බිරිඳ (සාරා) ශබ්ද නගා (සිනාසෙමින්) ඔවුන් ඉදිරියට පැමිණ තම මුහුණෙහි (කම්මුල්) පහරවල් ගසා ගනිමින් “(මා නම් කිසිවක් කර කියා ගත නොහැකි) නාකි ගැහැනියකි. (එයිනුත්) වඳ ගැහැනියකි. (කෙසේ නම් මා හට දරුවෙකු ලැඛෙන්නේද?)”යි පැවසුවාය
Surah Adh-Dhariyat, Verse 29


قَالُواْ كَذَٰلِكِ قَالَ رَبُّكِۖ إِنَّهُۥ هُوَ ٱلۡحَكِيمُ ٱلۡعَلِيمُ

එයට ඔවුන් “මේ අන්දමටම ඔබගේ දෙවියන් පවසන්නේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ඥානවන්තයෙකු හා (සියල්ල) හොඳින් දන්නෙකුද වන්නේය” යයි පැවසූහ
Surah Adh-Dhariyat, Verse 30


۞قَالَ فَمَا خَطۡبُكُمۡ أَيُّهَا ٱلۡمُرۡسَلُونَ

(පසුව ඉබ්රාහීම් මලායිකාවරුන්ට) “දූතයිනි! ඔබගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ මෙහි පැමිණියෙහුද?)”යි විමසුවේය
Surah Adh-Dhariyat, Verse 31


قَالُوٓاْ إِنَّآ أُرۡسِلۡنَآ إِلَىٰ قَوۡمٖ مُّجۡرِمِينَ

එයට ඔවුන් මෙසේ පැවසූහ: “නියත වශයෙන්ම අපි (ඉමහත්) වැරදි කරන (ලුත්ගේ) ජනයා වෙත යවනු ලැබ ඇත්තෙමු
Surah Adh-Dhariyat, Verse 32


لِنُرۡسِلَ عَلَيۡهِمۡ حِجَارَةٗ مِّن طِينٖ

අපි ඔවුන් කෙරෙහි මැටියෙන් තනා (පුළුස්සන) ලද ගල් කැට වීසි කිරීම සඳහා (යවනු ලැබ ඇත්තෙමු)”
Surah Adh-Dhariyat, Verse 33


مُّسَوَّمَةً عِندَ رَبِّكَ لِلۡمُسۡرِفِينَ

“එය ඔබගේ දෙවියන් වෙතම සීමාව ඉක්මවූ අයගේ (නාමයන් ලියනු ලැබ), සළකුණු කරන ලද ගල්” (යයිද පැවසූහ)
Surah Adh-Dhariyat, Verse 34


فَأَخۡرَجۡنَا مَن كَانَ فِيهَا مِنَ ٱلۡمُؤۡمِنِينَ

එබැවින් (ඔවුන් දැන ගැනීමට පෙරම එම රටේ සිටි) විශ්වාසය තැබූවන්ව එයින් අපි පිටත් කර හැරියෙමු”
Surah Adh-Dhariyat, Verse 35


فَمَا وَجَدۡنَا فِيهَا غَيۡرَ بَيۡتٖ مِّنَ ٱلۡمُسۡلِمِينَ

එහෙත් එහි (ලුත්ගේ) එක් නිවැසියෙකු හැර
Surah Adh-Dhariyat, Verse 36


وَتَرَكۡنَا فِيهَآ ءَايَةٗ لِّلَّذِينَ يَخَافُونَ ٱلۡعَذَابَ ٱلۡأَلِيمَ

(දෙවියන්ට අවනත වූ) මුස්ලිම් කිසිවෙකුත් අපි දුටුවේ නැත. වේදනා ගෙන දෙන දඬුවමට බිය වන්නන්ට එහි එක් පාඩමක් අපි අත්හැර තිබුණි
Surah Adh-Dhariyat, Verse 37


وَفِي مُوسَىٰٓ إِذۡ أَرۡسَلۡنَٰهُ إِلَىٰ فِرۡعَوۡنَ بِسُلۡطَٰنٖ مُّبِينٖ

මූසාගේ (ඉතිහාසයෙහි)ද (එක් පාඩමක්) ඇත්තේය. පැහැදිලි ප්‍රාතිහාර්යයක් සමග ෆිර්අව්න් වෙත ඔහුව අපි යැවූ අවස්ථාවේදී
Surah Adh-Dhariyat, Verse 38


فَتَوَلَّىٰ بِرُكۡنِهِۦ وَقَالَ سَٰحِرٌ أَوۡ مَجۡنُونٞ

ඔහු තමන්ගේ ප්‍රධානීන් සමග (ඔහුව) ප්‍රතික්ෂේප කර, “(මොහු එක්තරා) සූනියම්කාරයෙකි. නැතහොත් පිස්සෙකි” යයි පැවසුවේය
Surah Adh-Dhariyat, Verse 39


فَأَخَذۡنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذۡنَٰهُمۡ فِي ٱلۡيَمِّ وَهُوَ مُلِيمٞ

එබැවින් ඔහුවද, ඔහුගේ සේනාවන්ද, අපි අල්ලා මුහුදෙහි වීසි කර දැමුවෙමු. ඔහු (සැමදා) අවමානයට ලක් වූවේය
Surah Adh-Dhariyat, Verse 40


وَفِي عَادٍ إِذۡ أَرۡسَلۡنَا عَلَيۡهِمُ ٱلرِّيحَ ٱلۡعَقِيمَ

ආද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). ඔවුන් වෙත අපි විනාශකාරී සුළඟක් යැවූ අවස්ථාවේදී
Surah Adh-Dhariyat, Verse 41


مَا تَذَرُ مِن شَيۡءٍ أَتَتۡ عَلَيۡهِ إِلَّا جَعَلَتۡهُ كَٱلرَّمِيمِ

එය වැදුනු සියල්ල දූවිළි (බවට පත් කර විසිරී) නොයා හැරියේ නැත
Surah Adh-Dhariyat, Verse 42


وَفِي ثَمُودَ إِذۡ قِيلَ لَهُمۡ تَمَتَّعُواْ حَتَّىٰ حِينٖ

සමූද් (නමැති ජනයා)ගෙන්ද (එක් පාඩමක් ඇත). “ඔබ එක් කාලයක් දක්වා සුවසේ ජීවත්ව සිටිනු” යයි ඔවුන්ට කියනු ලැබීමට
Surah Adh-Dhariyat, Verse 43


فَعَتَوۡاْ عَنۡ أَمۡرِ رَبِّهِمۡ فَأَخَذَتۡهُمُ ٱلصَّـٰعِقَةُ وَهُمۡ يَنظُرُونَ

ඔවුන් තමන්ගේ දෙවියන්ගේ නියෝගයන් කඩ කළහ. එබැවින් ඔවුන් (තමන්ව විනාශ කර දැමීමට පැමිණි වලාකුළ) බලාගෙන සිටියදීම, ඔවුන්ව එක් හෙණ හඞක් අල්ලා ගත්තේය
Surah Adh-Dhariyat, Verse 44


فَمَا ٱسۡتَطَٰعُواْ مِن قِيَامٖ وَمَا كَانُواْ مُنتَصِرِينَ

එබැවින් ඔවුන්ට සිට ගැනීමටද නොහැකි විය. (වාඩි වීමටද නොහැකි විය). අපගෙන් පළි ගැනීමටද නොහැකි විය. (සිටි අන්දමටම විනාශ වී ගියහ)
Surah Adh-Dhariyat, Verse 45


وَقَوۡمَ نُوحٖ مِّن قَبۡلُۖ إِنَّهُمۡ كَانُواْ قَوۡمٗا فَٰسِقِينَ

(මොවුන් සියල්ලන්ටම) කළින් (මරණයට පත් වූ) නූහුගේ ජනයාවද (විනාශ කර දැමුවෙමු). නියත වශයෙන්ම ඔවුන්ද පාපයන් කරන ජනතාවක් වශයෙන්ම සිටියහ
Surah Adh-Dhariyat, Verse 46


وَٱلسَّمَآءَ بَنَيۡنَٰهَا بِأَيۡيْدٖ وَإِنَّا لَمُوسِعُونَ

(කිසිවෙකුගේ උදව්වක් නොමැතිව) අපගේ ශක්තිය මගින්ම අහස නිර්මාණය කළෙමු. නියත වශයෙන්ම අපි (එය ඔවුන්ගේ බුද්ධියට හසු නොවන සේ) අති විශාලවත් අන්දමටම තබා ඇත්තෙමු
Surah Adh-Dhariyat, Verse 47


وَٱلۡأَرۡضَ فَرَشۡنَٰهَا فَنِعۡمَ ٱلۡمَٰهِدُونَ

තවද භූමිය අපි (විශාලවත් අන්දමට) දිග හැරියෙමු. ඉතාමත් උසස් අන්දමට දිග හරින්නා (අපිමය)
Surah Adh-Dhariyat, Verse 48


وَمِن كُلِّ شَيۡءٍ خَلَقۡنَا زَوۡجَيۡنِ لَعَلَّكُمۡ تَذَكَّرُونَ

සෑම වස්තුවක්ම (පිරිමින්, ගැහැනුන්ගෙන් වූ) ජෝඩු ජෝඩු වශයෙන්ම අපි උත්පාදනය කර ඇත්තෙමු. (මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගනු මැනව
Surah Adh-Dhariyat, Verse 49


فَفِرُّوٓاْ إِلَى ٱللَّهِۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

එබැවින් (පාපයන්ගෙන් ඈත් වී) අල්ලාහ් දෙසට ඔබ ඉක්මනින් දිව යනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට පැහැදිලි අන්දමටම බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි
Surah Adh-Dhariyat, Verse 50


وَلَا تَجۡعَلُواْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَۖ إِنِّي لَكُم مِّنۡهُ نَذِيرٞ مُّبِينٞ

(නැමදුම සඳහා) අල්ලාහ් සමග වෙන කිසිම (ව්‍යාජ) දෙවියෙකු එක්කාසු නොකරනු. නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබට (මේ ගැනද) පැහැදිලිව බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන් සිටින්නෙමි
Surah Adh-Dhariyat, Verse 51


كَذَٰلِكَ مَآ أَتَى ٱلَّذِينَ مِن قَبۡلِهِم مِّن رَّسُولٍ إِلَّا قَالُواْ سَاحِرٌ أَوۡ مَجۡنُونٌ

මේ අන්දමටම ඔවුන්ට පෙර විසූ අයද (ඔවුන් වෙත) කුමන දූතයෙකු පැමිණියා වුවද, (ඔහුට) ‘සූනියම්කාරයා’ නැතහොත් ‘පිස්සෙකු’ යයි ඔවුන් නොකියා සිටියේ නැත
Surah Adh-Dhariyat, Verse 52


أَتَوَاصَوۡاْ بِهِۦۚ بَلۡ هُمۡ قَوۡمٞ طَاغُونَ

මෙසේ (කියන අන්දමටම) ඔවුන් තමන් තුළ (පරම්පරාවෙන්ම) කෙනෙකුට කෙනෙකු දේශනා කරමින් පැමිණියාක් මෙන්ය! නොඑසේය! ඔවුන් (ස්වභාවෙන්ම) අපරාධකාර ජනතාවක් වශයෙන් සිටින්නාහ
Surah Adh-Dhariyat, Verse 53


فَتَوَلَّ عَنۡهُمۡ فَمَآ أَنتَ بِمَلُومٖ

(නබියේ!) ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර දමනු. (ඔවුන් ප්‍රතික්ෂේප කිරීම ගැන) ඔබව නින්දා කරනු නොලබන්නෙහිය
Surah Adh-Dhariyat, Verse 54


وَذَكِّرۡ فَإِنَّ ٱلذِّكۡرَىٰ تَنفَعُ ٱلۡمُؤۡمِنِينَ

(නබියේ!) ඔබ හොඳ ඔවදන් දෙනු (මැනව!). මන්දයත් නියත වශයෙන්ම හොඳ ඔවදන් විශ්වාසවන්තයින්ට ප්‍රයෝජනවත් වනු ඇත
Surah Adh-Dhariyat, Verse 55


وَمَا خَلَقۡتُ ٱلۡجِنَّ وَٱلۡإِنسَ إِلَّا لِيَعۡبُدُونِ

(මට අවනත වී මාව) නැමදීමට මිස ජින්වරුන්වද, මිනිසුන්වද මා උත්පාදනය කළේ නැත
Surah Adh-Dhariyat, Verse 56


مَآ أُرِيدُ مِنۡهُم مِّن رِّزۡقٖ وَمَآ أُرِيدُ أَن يُطۡعِمُونِ

ඔවුන් වෙතින් මා කිසිම වස්තුවක් කැමති වූයේ නැත. තවද (මට) ආහාර ලබා දෙමින් සිටින මෙන්ද කැමති වූයේ නැත
Surah Adh-Dhariyat, Verse 57


إِنَّ ٱللَّهَ هُوَ ٱلرَّزَّاقُ ذُو ٱلۡقُوَّةِ ٱلۡمَتِينُ

(නබියේ! ඔබ මෙසේ පවසනු): නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්ටම) අහාර ලබා දෙන්නෙකු හා සසළ කළ නොහැකි බලසම්පන්නයෙකුද වන්නේය
Surah Adh-Dhariyat, Verse 58


فَإِنَّ لِلَّذِينَ ظَلَمُواْ ذَنُوبٗا مِّثۡلَ ذَنُوبِ أَصۡحَٰبِهِمۡ فَلَا يَسۡتَعۡجِلُونِ

මෙම අපරාධකාරයින්ගේ මිතුරන්ට තිබූ (පින් පව් මැන බැලිය හැකි) තරාදි පඩිය මෙන්ම, නියත වශයෙන්ම මොවුන්ටද තරාදි පඩි ඇත. (ඒවා පිරුණු වහාම දඬුවම මගින් මොවුන්ව අල්ලා ගන්නෙමු). එබැවින් ඔවුන්ට (දඬුවම සඳහා මා වෙත) ඉක්මන් නොවනු
Surah Adh-Dhariyat, Verse 59


فَوَيۡلٞ لِّلَّذِينَ كَفَرُواْ مِن يَوۡمِهِمُ ٱلَّذِي يُوعَدُونَ

(විනිශ්චය සඳහා පාපතරයන් වන) ඔවුන්ට පොරොන්දු වන ලද ඔවුන්ගේ දිනදී මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට විනාශයයි
Surah Adh-Dhariyat, Verse 60


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 50
>> Surah 52

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai