UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Qaf - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ

කාෆ්. (නබියේ!) ගෞරවයෙන් පිරි මෙම කුර්ආනය මත සත්තකින්ම
Surah Qaf, Verse 1


بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ

(ඔබ අප විසින් යවන ලද දූතයෙකි). එහෙත් ඔවුන්ගෙන්ම ඔවුන්ට බියගන්වා අනතුරු අඟවන කෙනෙකු පැමිණීම ගැන ඔවුන් පුදුම වන්නාහ. තවද මෙම ප්‍රතික්ෂේප කරන්නන් මෙය ඉතාමත් පුදුමාකාර කාරණාවක් යයිද පවසන්නාහ
Surah Qaf, Verse 2


أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ

(තවද “මෙම දූතයා පවසන අන්දමට) අපි මැරී (දිරා ගොස්) පස් බවට පත් වීමෙන් පසුව, (පණ දී නැගිට්ටවනු ලබන්නෙමුද)? මෙසේ නැවත පැමිණීම ඉතාමත් (ඈත) එපිටය. (නැවත නැගිටවනු ලබන්නේම නැත” යයිද පවසන්නාහ)
Surah Qaf, Verse 3


قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ

(මරණයට පත් වූ පසු) ඔවුන්ගේ සිරුර පස් (කා දමා) විනාශ වී යනු නියත වශයෙන්ම අපි දනිමු. (එහෙත් අපි කැමති වේලාවන්හි මරණයට පත් ඔවුන්ට, පණ දී නැගිටුවා හරින්නෙමු). තවද (ඔවුන් කළ නපුර සටහන් කර) ආරක්ෂා කර තබා ඇති පුස්තකය අප වෙත ඇත්තේය. (එහි සෑම දැයක්ම ලියා තබා ඇත්තේය)
Surah Qaf, Verse 4


بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ

මෙසේ තිබියදී ඔවුන් වෙත පැමිණි සත්‍යය වූ (ධර්මය) ඔවුන් බොරු කර, ඉමහත් ආරවුලකට ලක් කළහ
Surah Qaf, Verse 5


أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّـٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ

තමන්ට ඉහළින් ඇති අහස ඔවුන් අවධානය කර බැලූවේ නැද්ද? අපි එය කෙසේ නම් (ස්ථීරවත්ව) නිර්මාණය කර, එය (තාරකා මගින්) අලංකාරවත් කර තබා ඇත්තෙමු. එහි කිසිම පිපිරීමක් හෝ නැත. (බිඳීමක්, කැඩීමක්ද නැත)
Surah Qaf, Verse 6


وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ

තවද අපිම භූමිය පුළුල් කර, එහි ස්ථීර වූ කඳුද නිර්මාණය කර අලංකාරවත් පැළෑටි, ගස් කොළන් සියල්ල (පිරිමි, ගැහැනු මගින් වූ) ජෝඩු ජෝඩු වශයෙන් එහි වැඩෙන්නට සැලැස්සුවෙමු
Surah Qaf, Verse 7


تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ

(මෙය අප) දෙසට හැරී සිටින සියලූ වහලූන්ටම හොඳ ඔවදනක් වශයෙන්ද, එක් ඥානාලෝකයක් වශයෙන්ද (ඇත්තේය)
Surah Qaf, Verse 8


وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّـٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ

වලාකුළෙන් ඉතාමත් භාග්‍යයෙන් පිරි වර්ෂාව, අපි වැසීමට සලස්වා එමගින් බොහොමයක් උයන් වතුද, (ගොවියන්) කපා (පාගා) ගන්නා ධාන්‍ය බීජයන්ද පැළවෙන්නට සලස්වන්නෙමු
Surah Qaf, Verse 9


وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ

එක පිට එක (පලතුරු වලින්) පිරි වලූවලින් යුත් උසට වැඩෙන ඉඳි ගස්ද (පැළවෙන්නට සලස්වා)
Surah Qaf, Verse 10


رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ

(එය අපගේ) වහලූන්ට ආහාර බවට පත් කර, එමගින් මැරී ගිය භූමිය අපි පණ ගන්වන්නෙමු. මෙසේම (මරණයට පත් වූවන්ව සොහොන්වලින්) ඉකුත් කිරීමද වන්නේය
Surah Qaf, Verse 11


كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ

(මේ සියල්ල) මොවුන්ට පෙර සිටි නූහුගේ ජනයාද, රස්සු (නමැති අගල්)වාසීන්ද, සමූද් (නමැති ජනයාද) බොරු කළහ
Surah Qaf, Verse 12


وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ

ආද් (නමැති ජනයා)ද, ෆිර්අව්න් ද, ලුත්ගේ සහෝදරයින්ද (බොරු කළහ)
Surah Qaf, Verse 13


وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ

තවද (මද්යන්) වතු වාසීන්ද, (යෙමන් දේශයට අයත් රාජ වංශයේ අය වන) තුබ්බඋ නමැති ජනයාද, ආදී මොවුන් සියල්ලන්ම (අපගේ) දූතයින්ව බොරුකාරයන් කළහ. එබැවින් (ඔවුන්ව විනාශ කර දමන්නෙමු යයි කළින් අපි දැනුම් දී තිබුනු අපගේ දඬුවම ගැන) බියගන්වා අනතුරු ඇඟවීම සත්‍යය වී ගියේය
Surah Qaf, Verse 14


أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ

(උත්පාදනයන් සියල්ල) පළමු වරට උත්පාදනය කිරීමේදී අපි ආයාසයට පත් වූවෙමුද, (මොවුන්ව නැවත වරක් උත්පාදනය කිරීම අමාරුකමක් යයි පැවසීමට)? නැත. අළුතින් (පළමු වරට මොවුන්ව) උත්පාදනය කළේ කවුරුන්ද යන්නෙහිද මොවුන් සැකයෙන් යුතුව සිටින්නාහ
Surah Qaf, Verse 15


وَلَقَدۡ خَلَقۡنَا ٱلۡإِنسَٰنَ وَنَعۡلَمُ مَا تُوَسۡوِسُ بِهِۦ نَفۡسُهُۥۖ وَنَحۡنُ أَقۡرَبُ إِلَيۡهِ مِنۡ حَبۡلِ ٱلۡوَرِيدِ

නියත වශයෙන්ම අපිම මිනිසාව (පළමු වරටද) උත්පාදනය කළෙමු. ඔහුගේ මනසෙහි ඇති වන සිතුවිල්ලද, අපි හොඳින් දනිමු. පිටි ඛෙල්ලේ ඇති පණ නහරයට වඩා අපි ඔහුට ඉතාමත් සමීපයෙන්ම සිටින්නෙමු
Surah Qaf, Verse 16


إِذۡ يَتَلَقَّى ٱلۡمُتَلَقِّيَانِ عَنِ ٱلۡيَمِينِ وَعَنِ ٱلشِّمَالِ قَعِيدٞ

දකුණු පැත්තේ කෙනෙකුද, වම් පැත්තේ කෙනෙකුද වශයෙන් දෙදෙනෙකු සිටිමින් (ඔහුගේ වැඩ කටයුතු) සටහන් කරමින් සිටින්නාහ
Surah Qaf, Verse 17


مَّا يَلۡفِظُ مِن قَوۡلٍ إِلَّا لَدَيۡهِ رَقِيبٌ عَتِيدٞ

(මිනිසා) කුමක් පැවසුවා වුවද, (එය ලිවීමට) බලාපොරො-ත්තුවෙන් සිටින කෙනෙකු, ඔහු වෙත නැත්තේ නොවේ. (ඔහුගේ මුවින් පිටවෙන සෑම වචනයක්ම එවෙලෙ එවෙලේම සටහන් කරනු ලබන්නේය)
Surah Qaf, Verse 18


وَجَآءَتۡ سَكۡرَةُ ٱلۡمَوۡتِ بِٱلۡحَقِّۖ ذَٰلِكَ مَا كُنتَ مِنۡهُ تَحِيدُ

ඇත්තෙන්ම මරණ මංචකයේ වේදනාව පැමිණෙන මොහොතේදී (ඔහුට) “ඔබ බේරී යාමට අදහස් කළේ මෙයයි” (යයි කියනු ලැබේ)
Surah Qaf, Verse 19


وَنُفِخَ فِي ٱلصُّورِۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡوَعِيدِ

කුමන කලකදී හොරණෑව පිඹිනු ලබන්නේද, (එවිට ඔහුට “ඔබට) බියගන්වා අනතුරු අඟවමින් තිබුණු (විනිශ්චය) දිනය මෙයයි” (යයි කියනු ලැබේ)
Surah Qaf, Verse 20


وَجَآءَتۡ كُلُّ نَفۡسٖ مَّعَهَا سَآئِقٞ وَشَهِيدٞ

(එදිනදී) සාක්ෂි ඇතිවද, (තමන්ව) තල්ලූ කරගෙන පැමිණෙන්නා සමගද, සෑම ආත්මයක්ම එනු ඇත
Surah Qaf, Verse 21


لَّقَدۡ كُنتَ فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا فَكَشَفۡنَا عَنكَ غِطَآءَكَ فَبَصَرُكَ ٱلۡيَوۡمَ حَدِيدٞ

(ඔහුට) “නියත වශයෙන්ම ඔබ මේ ගැන නොසැලකිලිමත්ව සිටියෙහිය. ඔබගේ (බැල්ම වසාගෙන සිටි) තිරය ඔබගෙන් අපි පහ කළෙමු. අද දින ඔබගේ බැල්ම ඉතාමත් තියුණුව ඇත්තේය. (එබැවින් ඔබ ප්‍රතික්ෂේප කරමින් සිටි මෙය, ඔබගේ ඇස් ඇර බලනු” යයි කියනු ලැබේ)
Surah Qaf, Verse 22


وَقَالَ قَرِينُهُۥ هَٰذَا مَا لَدَيَّ عَتِيدٌ

(සාක්ෂි කීමට) ඔහු සමග පැමිණි අය, “මෙන්න! (ඔහුගේ සටහන් පොත. ඔහුගේ වැඩ කටයුතු වල සටහන්) මා ළඟ පිළියෙල කර ඇත්තේය” යයි පවසනු ඇත
Surah Qaf, Verse 23


أَلۡقِيَا فِي جَهَنَّمَ كُلَّ كَفَّارٍ عَنِيدٖ

(එවෙලේම ආරක්ෂකයින් දෙදෙනාට) “ඔබ දෙදෙනාම ප්‍රතික්ෂේප කරමින් සිටි (ෂෙයිතාන් ආදී) සෑම අපරාධකාරයෙකුවම නිරයෙහි තල්ලූ කර දමනු” (යයි කියනු ලැබේ)
Surah Qaf, Verse 24


مَّنَّاعٖ لِّلۡخَيۡرِ مُعۡتَدٖ مُّرِيبٍ

“(ඔහු) දැහැමි කාරණාවන් වළක්වාගෙන (මෙදින) සැක කරගෙන (අපරාධ කිරීමෙහි) සීමාව ඉක්වමින්ද සිටියේය
Surah Qaf, Verse 25


ٱلَّذِي جَعَلَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَأَلۡقِيَاهُ فِي ٱلۡعَذَابِ ٱلشَّدِيدِ

“ඔහු අල්ලාහ් සමග වෙනත් දෙවි කෙනෙකුව ඇති කළේය. එබැවින් ඔබ දෙදෙනාම මොහුව දරුණු දඬුවමෙහි ඇද දමනු” (යයිද කියනු ලැබේ)
Surah Qaf, Verse 26


۞قَالَ قَرِينُهُۥ رَبَّنَا مَآ أَطۡغَيۡتُهُۥ وَلَٰكِن كَانَ فِي ضَلَٰلِۭ بَعِيدٖ

(ඒ අවස්ථාවේදී) ඔහුගේ (කිසිදා වෙන් නොවන) යහළුවා (වශයෙන් සිටි ෂෙයිතාන් දෙවියන්ට) “අපගේ දෙවියනේ! මා මොහුව (බල කර) මාර්ගය වැරද යැවුවේ නැත. නමුත් ඔහුම (තමන් විසින්ම) ඉතාමත් ඈත එපිට දුර්මාර්ගයෙහි ගියේය” යයි පවසනු ඇත
Surah Qaf, Verse 27


قَالَ لَا تَخۡتَصِمُواْ لَدَيَّ وَقَدۡ قَدَّمۡتُ إِلَيۡكُم بِٱلۡوَعِيدِ

(එබැවින් දෙවියන් ඔවුන්ට) “මා ඉදිරියේ ඔබ තර්ක කරමින් නොසිටිනු. දැනටමත් (මේ ගැන) ඔබට බියගන්වා අනතුරු අඟවා තිබුනෙමි
Surah Qaf, Verse 28


مَا يُبَدَّلُ ٱلۡقَوۡلُ لَدَيَّ وَمَآ أَنَا۠ بِظَلَّـٰمٖ لِّلۡعَبِيدِ

(මගේ) නියෝගයන් මා ඉදිරියේ වෙනස් කරනු ලබන්නේ නැත. මා මගේ වහලූන්ට (කිසි විටෙකත්) අපරාධ කරන්නෙකු නොව” යයිද පවසනු ඇත
Surah Qaf, Verse 29


يَوۡمَ نَقُولُ لِجَهَنَّمَ هَلِ ٱمۡتَلَأۡتِ وَتَقُولُ هَلۡ مِن مَّزِيدٖ

(තවද) එදිනදී නිරයට “ඔබගේ බඩ පිරී ගියේද?” යයි අපි විමසන්නෙමු. එයට එය “තවත් අධික වශයෙන් මොකුත් ඇත්තේද?”යි විමසනු ඇත
Surah Qaf, Verse 30


وَأُزۡلِفَتِ ٱلۡجَنَّةُ لِلۡمُتَّقِينَ غَيۡرَ بَعِيدٍ

(එදිනදී) භය භක්තිකයින්ට-ඈතින් නොව- ඉතාමත් සමීපයෙන්ම ස්වර්ගය ගෙන එනු ලැබ “මෙයයි ඔබට පොරොන්දු වන ලද්දේ
Surah Qaf, Verse 31


هَٰذَا مَا تُوعَدُونَ لِكُلِّ أَوَّابٍ حَفِيظٖ

(සෑමවිටම දෙවියන්) දෙසටම හැරී සිටිමින් (දෙවියන්ගේ නියෝගයන්ට) අනුකූලව කටයුතු කළ සියල්ලන්ටම මෙය ලැඛෙනු ඇත” යයිද
Surah Qaf, Verse 32


مَّنۡ خَشِيَ ٱلرَّحۡمَٰنَ بِٱلۡغَيۡبِ وَجَآءَ بِقَلۡبٖ مُّنِيبٍ

කවුරුන් රහසින්ද රහ්මාන්ට බිය වී කටයුතු කර, (රහ්මාන් දෙසටම) සම්පූර්ණයෙන්ම හැරුණු මනසින් යුතුව පැමිණෙන්නෝද
Surah Qaf, Verse 33


ٱدۡخُلُوهَا بِسَلَٰمٖۖ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُلُودِ

(ඔවුන්ට) “ශාන්තිය හා සමාදානයෙන් යුතුවද, ඔබ මෙහි ඇතුළු වනු. මෙය සදාජීවන දිනය වන්නේය” යයිද (කියනු ලැබේ)
Surah Qaf, Verse 34


لَهُم مَّا يَشَآءُونَ فِيهَا وَلَدَيۡنَا مَزِيدٞ

ඔවුන් කැමති සියල්ල එහි ඔවුන්ට ලැඛෙනු ඇත. තවද අපගේ සන්නිධානයෙන්ද (ඔවුන් නොඉල්ලු දැයද තවත්) අධික වශයෙන් දෙනු ලැබේ
Surah Qaf, Verse 35


وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَشَدُّ مِنۡهُم بَطۡشٗا فَنَقَّبُواْ فِي ٱلۡبِلَٰدِ هَلۡ مِن مَّحِيصٍ

මොවුන්ටත් වඩා ඉතාමත් ශක්තිවන්තයින් වශයෙන් සිටි කොපමණදෝ සමුහයන්ව මොවුන්ට පෙර අපි විනාශ කර ඇත්තෙමු. ඔවුන් (බේරෙන්නට ආරක්ෂක ස්ථානයක්) රට පුරා සොයා ඇවිද්දාහ. (එහෙත්) ඔවුන්ට රක්ෂණස්ථානයක් තිබුනේද? (නැත. විනාශ වී ගියහ)
Surah Qaf, Verse 36


إِنَّ فِي ذَٰلِكَ لَذِكۡرَىٰ لِمَن كَانَ لَهُۥ قَلۡبٌ أَوۡ أَلۡقَى ٱلسَّمۡعَ وَهُوَ شَهِيدٞ

තවුරුන් හට (පරිශුද්ධ වූ) හෘදය තිබී, ස්ථීර වූ මනසින් යුතුව සවන් දෙන්නේද, ඔහුට නියත වශයෙන්ම මෙහි (හොඳ) පාඩමක් ඇත්තේය
Surah Qaf, Verse 37


وَلَقَدۡ خَلَقۡنَا ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَمَا بَيۡنَهُمَا فِي سِتَّةِ أَيَّامٖ وَمَا مَسَّنَا مِن لُّغُوبٖ

නියත වශයෙන්ම අපිම අහස්ද, භූමියද, එයට මධ්‍යයෙහි ඇති දැයද දින හයකින් උත්පාදනය කළෙමු. (එබැවින්) අපට කිසිම මහන්සියක් හෝ (කම්මැලිකමක් හෝ) ඇති වුවේ නැත
Surah Qaf, Verse 38


فَٱصۡبِرۡ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحۡ بِحَمۡدِ رَبِّكَ قَبۡلَ طُلُوعِ ٱلشَّمۡسِ وَقَبۡلَ ٱلۡغُرُوبِ

(නබියේ!) ඔවුන් (ඔබට ෙදාස්) නැගීම ගැන (දුක් නොවනු). ඔබ (ඉවසිලිමත්ව) විඳ දරාගෙන සිටිනු. තවද සූර්ය උදාවට පෙරද, (එය) අස්ථමයට පෙරද, ඔබගේ දෙවියන්ට ප්‍රශංසා කර, සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Qaf, Verse 39


وَمِنَ ٱلَّيۡلِ فَسَبِّحۡهُ وَأَدۡبَٰرَ ٱلسُّجُودِ

රාත්‍රියෙහි එක් කොටසකද, (සෑම වතාවකදීම) සුජූද් කර (සලාත්) කිරීමෙන් අනතුරුවද ඔහුව සුවිශුද්ධ කරමින් සිටිනු මැනව
Surah Qaf, Verse 40


وَٱسۡتَمِعۡ يَوۡمَ يُنَادِ ٱلۡمُنَادِ مِن مَّكَانٖ قَرِيبٖ

(සොහොන් වලට) සමීපයෙහි (සිටිමින් “මරණයට පත් වූවෙනි! නැගිටිනු!” යයි) ආරාධනා කරන්නන් ආරාධනා කරන දිනයයි
Surah Qaf, Verse 41


يَوۡمَ يَسۡمَعُونَ ٱلصَّيۡحَةَ بِٱلۡحَقِّۚ ذَٰلِكَ يَوۡمُ ٱلۡخُرُوجِ

(මලායිකාවරුන් ඔවුන්ව එළවා දමන) අති විශාල ශබ්දය ඇත්තෙන්ම ඔවුන්ට ඇසෙන දිනයයි. එය (මරණයට පත් වූවන් සොහොන්වලින්) ඉකුත් වන දිනයයි. (නබියේ! මේ ගැන) ඔබ සවන් දෙනු (මැනව)
Surah Qaf, Verse 42


إِنَّا نَحۡنُ نُحۡيِۦ وَنُمِيتُ وَإِلَيۡنَا ٱلۡمَصِيرُ

නියත වශයෙන්ම අපිම පණ දෙන්නෙමු. මරණයටද පත් කරන්නෙමු. අප වෙතම (සියල්ලන්ම) පැමිණිය යුතුව ඇත්තේය
Surah Qaf, Verse 43


يَوۡمَ تَشَقَّقُ ٱلۡأَرۡضُ عَنۡهُمۡ سِرَاعٗاۚ ذَٰلِكَ حَشۡرٌ عَلَيۡنَا يَسِيرٞ

(මරණයට පත් වූවන්ව වසාගෙන සිටින) භූමිය ඉතාමත් තීව්‍ර වශයෙන් (පුපුරා) ඔවුන්ගෙන් ඈත් වන දිනයද (අවධානයෙන් තබා ගනු). එය (විනිශ්චය සඳහා සියල්ලන්වම) ඒකරාශී කරන දිනයයි. (මෙසේ ඒකරාශී කිරීම) අපට ඉතාමත් පහසු දැයකි
Surah Qaf, Verse 44


نَّحۡنُ أَعۡلَمُ بِمَا يَقُولُونَۖ وَمَآ أَنتَ عَلَيۡهِم بِجَبَّارٖۖ فَذَكِّرۡ بِٱلۡقُرۡءَانِ مَن يَخَافُ وَعِيدِ

(නබියේ! ඔබ ගැන) ඔවුන් පවසන දැය අපි හොඳින් දනිමු. ඔබ ඔවුන්ව බල කළ හැකි කෙනෙකු නොව. (අපගේ) දඬුවමට බිය වන්නන්ට මෙම කුර්ආනය මගින් ඔබ හොඳ ඔවදන් දෙනු මැනව
Surah Qaf, Verse 45


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 49
>> Surah 51

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai