UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Mulk - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel


تَبَٰرَكَ ٱلَّذِي بِيَدِهِ ٱلۡمُلۡكُ وَهُوَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ

(මිනිසුනේ! අහස් හා භූමිය ආදියෙහි) රාජ්‍යය කවුරුන් අත ඇත්තේද, ඔහු ඉතාමත් භාග්‍යයෙන් යුත්තෙකි. ඔහු සියලූ දැය කෙරෙහිද බලසම්පන්නයෙකි
Surah Al-Mulk, Verse 1


ٱلَّذِي خَلَقَ ٱلۡمَوۡتَ وَٱلۡحَيَوٰةَ لِيَبۡلُوَكُمۡ أَيُّكُمۡ أَحۡسَنُ عَمَلٗاۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡغَفُورُ

ඔබගෙන් කවුරුන් ක්‍රියාවන්ගෙන් ඉතාමත් අලංකාරවත් කෙනෙකු යන්නෙහි ඔබව පිරික්සනු පිණිසම ඔහු ජීවිතයද මරණයද උත්පාදනය කර ඇත්තේය. ඔහු (සියල්ලන්ටම) බලසම්පන්නයෙකි. ඉතාමත් සමාවෙන් යුත්තයෙකි
Surah Al-Mulk, Verse 2


ٱلَّذِي خَلَقَ سَبۡعَ سَمَٰوَٰتٖ طِبَاقٗاۖ مَّا تَرَىٰ فِي خَلۡقِ ٱلرَّحۡمَٰنِ مِن تَفَٰوُتٖۖ فَٱرۡجِعِ ٱلۡبَصَرَ هَلۡ تَرَىٰ مِن فُطُورٖ

ඔහුම අහස් හතම එක පිට එකක් වශයෙන් නිර්මාණය කර ඇත්තේය. (මිනිසාණෙනි!) රහ්මාන්ගේ උත්පාදනයන්හි ඔබ කිසියම් අඩුපාඩුකමක් නොදකින්නෙහිය. නැවතත් (එය අවධානය කර) බලනු. (එහි) කිසියම් භේදයක් ඔබ දකින්නෙහිද
Surah Al-Mulk, Verse 3


ثُمَّ ٱرۡجِعِ ٱلۡبَصَرَ كَرَّتَيۡنِ يَنقَلِبۡ إِلَيۡكَ ٱلۡبَصَرُ خَاسِئٗا وَهُوَ حَسِيرٞ

(නැවත) නැවතත් දෙවරක් බලනු! (මෙසේ ඔබ කෙතරම් වාර ගණනක් හාර හාරා බැලූවද, කිසිම අඩුපාඩුවක් දකින්නේ නැත). ඔබගේ බැල්මම දුබලව ව්‍යාකූල වී (ඔබ වෙත) ආපසු හැරෙනු ඇත
Surah Al-Mulk, Verse 4


وَلَقَدۡ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنۡيَا بِمَصَٰبِيحَ وَجَعَلۡنَٰهَا رُجُومٗا لِّلشَّيَٰطِينِۖ وَأَعۡتَدۡنَا لَهُمۡ عَذَابَ ٱلسَّعِيرِ

නියත වශයෙන්ම අපි පහතින්ම ඇති අහස පහන් (තාරකා) මගින් (භූමියෙහි සිටින්නන්ට) අලංකාරවත් කර තැබුවෙමු. තවද ඒවා ෂෙයිතාන්වරුන්ට දමා ගසනු ලබන ගල් වශයෙන්ද පත් කළෙමු. තවද ඔවුන්ට නිරා දඬුවමද, අපි පිළියෙල කර තබා ඇත්තෙමු
Surah Al-Mulk, Verse 5


وَلِلَّذِينَ كَفَرُواْ بِرَبِّهِمۡ عَذَابُ جَهَنَّمَۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

(මොවුන් හැර) තවත් කවුරුන් තමන්ගේ දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට නිරා දඬුවම ඇත්තේය. එය ඉතාමත් නපුරු වාසස්ථානයයි
Surah Al-Mulk, Verse 6


إِذَآ أُلۡقُواْ فِيهَا سَمِعُواْ لَهَا شَهِيقٗا وَهِيَ تَفُورُ

එහි ඔවුන්ව (ඔසවා) වීසි කරනු ලබන විට, (බූරුවන්ගේ විශාල ශබ්දයක් මෙන්) එහි උතුරණ ශබ්දය ඇසෙනු ඇති අතර එය ගොරවමින් සිටිනු ඇත
Surah Al-Mulk, Verse 7


تَكَادُ تَمَيَّزُ مِنَ ٱلۡغَيۡظِۖ كُلَّمَآ أُلۡقِيَ فِيهَا فَوۡجٞ سَأَلَهُمۡ خَزَنَتُهَآ أَلَمۡ يَأۡتِكُمۡ نَذِيرٞ

කෝපයෙන් පුපුරා යන්නාක් මෙන් එහි එක් සමූහයක්ව පුළුස්සනු ලබන සෑම විටම, එහි මුරකරුවා ඔවුන්ට “(මෙම දඬුවම ගැන) බියගන්වා අනතුරු අඟවන්නා ඔබ වෙත පැමිණියේ නැද්ද?”යි විමසනු ඇත
Surah Al-Mulk, Verse 8


قَالُواْ بَلَىٰ قَدۡ جَآءَنَا نَذِيرٞ فَكَذَّبۡنَا وَقُلۡنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَيۡءٍ إِنۡ أَنتُمۡ إِلَّا فِي ضَلَٰلٖ كَبِيرٖ

එයට ඔවුන් “ඇත්තය. බියගන්වා අනතුරු අඟවන්නා නියත වශයෙන්ම අප වෙත පැමිණියේය. එහෙත් අපි (ඔහුව) බොරුකාරයා බවට පත් කර, ‘අල්ලාහ් (ඔබ වෙත) කිසිම දැයක් පහළ කර තැබුවේම නැත. ඔබ ඉමහත් දුර්මාර්ගයෙහි මිස, සිටියේ නැත’ යයි (ඔහුට) අපි කීවෙමු” යයි පවසනු ඇත
Surah Al-Mulk, Verse 9


وَقَالُواْ لَوۡ كُنَّا نَسۡمَعُ أَوۡ نَعۡقِلُ مَا كُنَّا فِيٓ أَصۡحَٰبِ ٱلسَّعِيرِ

තවද “(ඔහුගේ වදනට) අපි සවන් දී (ඒවා) අපි සිතා (ඒ අනුව කටයුතු කර) තිබුනේ නම්, අපි නිරාවාසීන්ගෙන් වූ අය බවට පත් වී නැත්තෙමු” යයි පවසා
Surah Al-Mulk, Verse 10


فَٱعۡتَرَفُواْ بِذَنۢبِهِمۡ فَسُحۡقٗا لِّأَصۡحَٰبِ ٱلسَّعِيرِ

ඔවුන් තමන්ගේ පාපය බාර ගනු ඇත. එබැවින් මෙම නිරාවාසීන්ට විනාශයයි
Surah Al-Mulk, Verse 11


إِنَّ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ لَهُم مَّغۡفِرَةٞ وَأَجۡرٞ كَبِيرٞ

නියත වශයෙන්ම කවුරුන් සැඟවී සිටියදී වුවද, තම දෙවියන්ට බිය වන්නෝද, ඔවුන්ට සමාව ඇත. ඉමහත් ඵලවිපාකද ඇත
Surah Al-Mulk, Verse 12


وَأَسِرُّواْ قَوۡلَكُمۡ أَوِ ٱجۡهَرُواْ بِهِۦٓۖ إِنَّهُۥ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ

(මිනිසුනේ!) ඔබ, ඔබගේ වදන් රහසින් පවසනු. නැතහොත් ප්‍රසිද්ධියේ පවසනු. (කුමන අන්දමකට පැවසුවා වුවද, දෙවියන් එය හොඳින් දැන ගන්නේය. මන්දයත්) නියත වශයෙන්ම ඔහු (මිනිසුන්ගේ) හෘදයන්හි ඇති දැයද, හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Mulk, Verse 13


أَلَا يَعۡلَمُ مَنۡ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلۡخَبِيرُ

(සියල්ලම) උත්පාදනය කළ අය, (හෘදයන්හි ඇති දැය) දැන නොගන්නෙහිද? ඔහු නම්, ඇතුළත දයාබරවන්තයෙකු වශයෙන්ද, (සියල්ල ඉතාමත්) ගැඹුරින් දැන ගත හැකි අයෙකු වශයෙන්ද සිටින්නේය
Surah Al-Mulk, Verse 14


هُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلۡأَرۡضَ ذَلُولٗا فَٱمۡشُواْ فِي مَنَاكِبِهَا وَكُلُواْ مِن رِّزۡقِهِۦۖ وَإِلَيۡهِ ٱلنُّشُورُ

ඔහුම ඔබට භූමිය (ඔබ වාසය කිරීමට) සැප පහසු අන්දමට පත් කර තැබුවේය. එබැවින් එහි විවිධ දිසාවන්ට ගොස් ඔහු (ඔබට) ලබා දී ඇති දැය අනුභව කරමින් සිටිනු. (පරලොවදී) ඔහු වෙතම (සියල්ලන්ම) නැගිට යා යුතුව ඇත්තේය
Surah Al-Mulk, Verse 15


ءَأَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يَخۡسِفَ بِكُمُ ٱلۡأَرۡضَ فَإِذَا هِيَ تَمُورُ

අහස්හි සිටින අය, ඔබව භූමියෙහි සිර කර නොදමනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? ඒ අවස්ථාවේදී භූමිය තිගැස්සී වෙව්ළමින් (කම්පා වී) යනු ඇත
Surah Al-Mulk, Verse 16


أَمۡ أَمِنتُم مَّن فِي ٱلسَّمَآءِ أَن يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗاۖ فَسَتَعۡلَمُونَ كَيۡفَ نَذِيرِ

නැතහොත් අහසෙහි සිටින අය, ඔබ කෙරෙහි ගල් වරුසාවක් වසින්නට නොසලස්වනු ඇතැයි ඔබ බිය නොවී සිටින්නෙහුද? එසේ නම්, අනතුරු (අඟවන ලද දඬුවම) කෙසේ තිඛෙණු ඇත්දැයි යන්න නියත වශයෙන්ම ඔබ දැන ගන්නෙහුය
Surah Al-Mulk, Verse 17


وَلَقَدۡ كَذَّبَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَكَيۡفَ كَانَ نَكِيرِ

මොවුන්ට පෙර සිටියවුන්ද, (මොවුන් මෙන්ම අපගේ ආයාවන්) බොරු කර, (ප්‍රතික්ෂේප) කරමින් සිටියහ. නමුත් මගේ (පළි ගැනීමේ) දරුණුකම කෙසේ තිබුනේද
Surah Al-Mulk, Verse 18


أَوَلَمۡ يَرَوۡاْ إِلَى ٱلطَّيۡرِ فَوۡقَهُمۡ صَـٰٓفَّـٰتٖ وَيَقۡبِضۡنَۚ مَا يُمۡسِكُهُنَّ إِلَّا ٱلرَّحۡمَٰنُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءِۭ بَصِيرٌ

අත්තටු විහිදමින්ද, හකුළා ගනිමින්ද, මොවුන්ට ඉහළින් (අහසෙහි කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් පියාඹන) පක්ෂීන්ව මොවුන් අවධානය කළේ නැද්ද? රහ්මාන් හැර, (වෙන කිසිවෙකුත්) ඒවා (අහසෙහි ඔසවා) අල්ලාගෙන සිටියේ නැත! නියත වශයෙන්ම ඔහු සියල්ල අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය
Surah Al-Mulk, Verse 19


أَمَّنۡ هَٰذَا ٱلَّذِي هُوَ جُندٞ لَّكُمۡ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحۡمَٰنِۚ إِنِ ٱلۡكَٰفِرُونَ إِلَّا فِي غُرُورٍ

ඔබට උදව් කළ හැකි මෙම සේනාවන් රහ්මාන් මිස, අන් කවරෙක්ද? මෙම ප්‍රතික්ෂේප කරන්නන් පුහු මෝහණයෙන් මිස, වෙන කිසිවක් නැත
Surah Al-Mulk, Verse 20


أَمَّنۡ هَٰذَا ٱلَّذِي يَرۡزُقُكُمۡ إِنۡ أَمۡسَكَ رِزۡقَهُۥۚ بَل لَّجُّواْ فِي عُتُوّٖ وَنُفُورٍ

(ඔබට ලබා දෙන) තමන්ගේ ආහාරය ඔහු වළක්වා ගතහොත් ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (මෙයද මොවුන් අවධානය කරන්නේ නැත). තවද මොවුන් දුර්මාර්ගයෙහිද, (සත්‍යය) පිළිකුල් කිරීමෙහිම ගැලී සිටින්නාහ
Surah Al-Mulk, Verse 21


أَفَمَن يَمۡشِي مُكِبًّا عَلَىٰ وَجۡهِهِۦٓ أَهۡدَىٰٓ أَمَّن يَمۡشِي سَوِيًّا عَلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ

කිමෙක්ද! මුණින් අතට වැටී යන්නා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෙහිද? නැතහොත් ඍජු මාර්ගයෙහි නියමිත අන්දමට ගමන් කරන්නෙකුද
Surah Al-Mulk, Verse 22


قُلۡ هُوَ ٱلَّذِيٓ أَنشَأَكُمۡ وَجَعَلَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔහුම ඔබව උත්පාදනය කර, ඔබට කණ්ද, ඇස්ද, හෘදයන්ද, දුන්නෙකි. (එසේ තිබියදී ඔහුට) ඔබ කෘතඥ වීම ඉතාමත් අල්පයකි
Surah Al-Mulk, Verse 23


قُلۡ هُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: ඔහුම ඔබව භූමියෙහි (විවිධ ප්‍රදේශයන්හි) විසුරුවා හැර ඇත්තේය. (පරලොවදී) ඔහු වෙතම ඔබ ඒකරාශී කරනු ලබන්නෙහුය
Surah Al-Mulk, Verse 24


وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ

(මෙසේ තිබියදී ඔවුන් විශ්වාසවන්තයින්ට) “ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, (පරලොව ගැන වූ) මෙම පොරොන්දුව කවදා (එන්නේද?)”යි විමසන්නාහ
Surah Al-Mulk, Verse 25


قُلۡ إِنَّمَا ٱلۡعِلۡمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٞ

එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: ‘(එය කවදා එන්නේද යන) ඥානය අල්ලාහ්ගේ සන්නිධානයෙහිම ඇත්තේය. ඇත්තෙන්ම මා (ඒ ගැන) පැහැදිලි ලෙස බියගන්වා අනතුරු අඟවන්නෙකි’
Surah Al-Mulk, Verse 26


فَلَمَّا رَأَوۡهُ زُلۡفَةٗ سِيٓـَٔتۡ وُجُوهُ ٱلَّذِينَ كَفَرُواْ وَقِيلَ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تَدَّعُونَ

(ඔබ බියගැන්වූ) දඬුවම (මොවුන්) දෙසට එනු ඔවුන් දුටුවහොත් එම ප්‍රතික්ෂේප කරන්නන්ගේ මුහුණු කළු වී යනු ඇත. (තවද ඔවුන්ට) “ඔබ (කවදා එන්නේද? කවදා එන්නේද? යි) විමසමින් සිටි දැය මෙයයි” යයි කියනු ලැබේ
Surah Al-Mulk, Verse 27


قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَهۡلَكَنِيَ ٱللَّهُ وَمَن مَّعِيَ أَوۡ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلۡكَٰفِرِينَ مِنۡ عَذَابٍ أَلِيمٖ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මා සමග සිටින්නන්වද, (ඔබ කැමති වන අන්දමට) අල්ලාහ් විනාශ කර දැමුවද, නැතහොත් ඔහු අපට වරප්‍රසාදයන් පහළ කළා වුවද, (එය අපගේ කාරණාවයි). එහෙත් වේදනා ගෙන දෙන දඬුවමෙන් ප්‍රතික්ෂේප කරන්නන්ව බේරා ගන්නා කවරෙක්ද යන්න ඔබ (අවධානය කර) බැලූවෙහුද?”
Surah Al-Mulk, Verse 28


قُلۡ هُوَ ٱلرَّحۡمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيۡهِ تَوَكَّلۡنَاۖ فَسَتَعۡلَمُونَ مَنۡ هُوَ فِي ضَلَٰلٖ مُّبِينٖ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔහුය රහ්මාන්. ඔහුවම අපි විශ්වාස කරන්නෙමු. ඔහු වෙතම අපි විශ්වාසය තබා ඇත්තෙමු. එබැවින් පැහැදිලි දුර්මාර්ගයෙහි සිටින්නන් කවුරුන්ද යන්න ඉතා ඉක්මනින් ඔබ දැන ගන්නෙහුය”
Surah Al-Mulk, Verse 29


قُلۡ أَرَءَيۡتُمۡ إِنۡ أَصۡبَحَ مَآؤُكُمۡ غَوۡرٗا فَمَن يَأۡتِيكُم بِمَآءٖ مَّعِينِۭ

(නැවතත් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබගේ ජලය (හදිසියේම එක් දවසකදී) උදෙන්ම භූමියෙහි සිඳී ගියහොත්, පසුව ජලයෙහි (වෙනත්) උල්පතක් ඔබට ගෙන එන්නා කවුරුන්දැයි අවධානය කළෙහුද?”
Surah Al-Mulk, Verse 30


Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 66
>> Surah 68

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai